අසම්පූර්ණ සටහන්
- සාමාන්‍යයෙන් ව්‍යාපාරයක සෑම ගනුදෙනුවක්ම හර හා බැර වශයෙන් ගිණුම් වල දෙපැත්තේම වාර්තා කිරීම ද්විත්ව සටහන් ක්‍රමයයි.
අසම්පූර්ණ වාර්තා පවත්වාගෙන යාමට හේතු
- ද්විත්ව සටහන් නීතිය පිළිබඳ අවබෝධයක් නොමැති වීම.
- ද්විත්ව සටහන් නීතිය අනුව ගිණුම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම.
- ද්විත්ව සටහන් තැබීම ප්‍රායෝගිකව අපහසු වීම.
- ද්විත්ව සටහන් ක්‍රියාවලිය විධිමත්ව පවත්වාගෙන යාමට උනන්දු නොවීම හා නොසැලකිලිමත්කම.
- වංචා කිරීමේ චේතනාව.
අසම්පූර්ණ සටහන්/ තනි සටහන් තබාගැනීමේ අවාසි
- අසම්පූර්ණ වාර්තා වලින් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කල නොහැකි වීම.
- ද්විත්ව සටහන් ක්‍රමයේදී තබන ලද සටහන් වල නිවැරදිතාවය පරික්ෂා කල හැකි නමුත් තනි සටහන් වලදී එවැනි නිවැරදිතාවයන් පරික්ෂා කල නොහැකිය.
- ව්‍යාපාරයේ සීමිත සම්පත් පාලනය පිළිබඳ මනා අවබෝධයක් නොමැති නිසා වංචා හා දූෂණ සිදුවීමට ඉඩ තිබීම.
- අසම්පූර්ණ වාර්තා මත ගනු ලබන කළමනාකරණ තීරණ නිවැරදි නොවීම.
- ආදායම් බදු වැනි කටයුතු වලදී අසම්පූර්ණ සටහන් පිළිනොගැනීම.
- ව්‍යාපාරයේ එක් එක් කාලපරිච්ඡේදයක් වෙළඳ ප්‍රතිඵල හා මූල්‍ය තත්වය අනෙක් කාලපරිච්ඡේදය සමඟ සැසඳිය නොහැකි වීම.
- විගණන ක්‍රියාවලීන් සඳහා දත්ත ප්‍රමාණවත් නොවීම.
- ව්‍යාපාරයකය ලාභය නිවැරදිව ගණනය කරගත නොහැකි බැවින් කිසියම් අවස්ථාවක ව්‍යාපාරයේ කීර්තිනාමය ගණනය කරගත නොහැකි වීම.
අසම්පූර්ණ සටහන් හා සම්පූර්ණ සටහන් අභ්‍යාස හඳුනා ගැනීමේ පහසු ක්‍රම
අසම්පූර්ණ වාර්තා වලින් මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම
- අසම්පූර්ණ වාර්තා පදනම් කරගනිමින් ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීම සඳහා පහත ප්‍රවේශයන් 2 භාවිතා කරයි.
1. ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය සමඟ අවසාන ප්‍රාග්ධනය සැසදීමෙන් ලාභය හෝ අලාභය සෙවීම. (ශුද්ධ වත්කම් ඇසුරින් ලාභය සෙවීම)
එනම් වසර අවසානයේ පැවති ශුද්ධ වත්කම් (අග හිමිකම) හා වසර මුල පැවති ශුද්ධ වත්කම් (මුල හිමිකම) අතර වෙනස මඟින් කිසියම් කාලපරිච්ඡේදයක ලාභය ගණනය කිරීමයි.
කෙසේ වුවත් කාලපරිච්ඡේදය තුලදී අමතර ප්‍රාග්ධනය යෙදවීමක්ද, ප්‍රාග්ධනයෙන් පසු ආපසු ගැනීමක්ද සිදුවී ඇත්නම් ලාභය හෝ අලාභය ගණනය කරනු ලබන්නේ පහත ආකාරයටය.
උදා : 01
සීමිත ABC ව්‍යාපාරයට අදාලව පහත දත්ත ඔබට සපයා ඇත.
2019.04.01 දිනට ආරම්භක ප්‍රාග්ධනය රු. 200 000යි.
2020.03.31 ප්‍රාග්ධනය රු. 450 000 කි.
කාලපරිච්ඡේදයේ ගැනිලි රු. 50 000ක් වන අතර අතිරේක ප්‍රාග්ධනය යෙදවීම් රු.25 000කි.
ඉහත ව්‍යාපාරයේ ලාභය ගණනය කරන්න.
ශුද්ධ ලාභය = අවසන් දිනට ශුද්ධ වත්කම් – ආරම්භක දිනට ශුද්ධ වත්කම් + ගැනිලි – අමතර ප්‍රාග්ධනය
= 450000 – 200000 + 50000 – 25000
= රු. 275 000/=
2. පවත්නා දත්ත පදනම් කරගෙන අවසාන ගිණුම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගෙන ඒවා ද්විත්ව සටහන් ක්‍රමයට වාර්තා කරමින් ආදායම් ප්‍රකාශනයක්, මූල්‍ය තත්ව ප්‍රකාශයක් පිළියෙල කිරීම.
ව්‍යාපාර ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා අවසන් මූල්‍ය ප්‍රකාශන පිලියෙල කිරීම මෙම ප්‍රවේශයේදී සිදුවේ. එනම් පවතින අසම්පූර්ණ සටහන් සම්පූර්ණ සටහන් බවට පත්කර ආදායම් ප්‍රකාශයත්, මූල්‍ය තත්ව ප්‍රකාශයත් පිළියෙල කිරීමයි. මෙහිදී අවසාන ගිණුම් පිළියෙල කිරීමේ නිශ්චිත ක්‍රමයක් නොමැත. ඒ අනුව අවසාන ගිණුම් සඳහා තොරතුරු සොයාගැනීමේදී බහුලව භාවිතා කරන ක්‍රම කීපයක් පහත දැක්වේ.
ප්‍රාග්ධනය සෙවීම – තත්ව විස්තරය මඟින්
ගැනුම් සෙවීම – ණයහිමි පාලන ගිණුම මඟින්
විකුණුම් සෙවීම – ණයහිමි පාලන ගිණුම මඟින්
වියදම් සෙවීම – වියදම් ගිණුම මඟින්
ආදායම් සෙවීම – ආදායම් ගිණුම මඟින්
ක්ෂය වෙන් කිරීම – වත්කම් ගිණුම මඟින්
ණයගැති ලැබීම් සෙවීම – මුදල් ගිණුම මඟින්