ව්‍යාපාර පහත පරිදි මුලික වර්ග 02 කට වෙන් කර හඳුනා ගත හැක.
- නිමි භාණ්ඩ මිලට ගෙන අලෙවි කරන ව්‍යාපාර
- භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාර
නිමි භාණ්ඩ මිලට ගෙන අලෙවි කරන ව්‍යාපාර වල විකුණුම් පිරිවැය පහසුවෙන් ගණනය කළ හැකි බැවින් දළ ලාභය ගණනය කිරීම පහසු වේ. නමුත් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාර වල විකුණුම් පිරිවැය ගණනය කිරීම එතරම් පහසු නොවේ. එම ව්‍යාපාර වල විකුණුම් පිරිවැය ගණනය කිරීමට පෙර නිෂ්පාදන පිරිවැය ගණනය කළ යුතුය.
නිෂ්පාදන ආයතනයක ගිණුම් කාලච්ඡේදයක නිෂ්පාදනය සඳහා දරන ලද වියදම් වල එකතුව නිෂ්පාදන පිරිවැය ලෙස හඳුන්වයි.
I. ප්‍රාථමික පිරිවැය
II. නිෂ්පාදන පොදුකාර්ය වියදම්
I. ප්‍රාථමික පිරිවැය
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හදුනා ගත හැකි නිෂ්පාදනය සදහා අනිවාර්යයෙන් දැරිය යුතු පිරිවැය ප්‍රාථමික පිරිවැය ලෙස හඳුන්වයි. එය ඍජු පිරිවැය ලෙස ද හැඳින්වේ.
උදා :
- ඇඟලුම් කම්හලක රෙදි සදහා දරන පිරිවැය – මැෂින් ක්‍රියාකරුවන්ගේ වැටුප්
- ලී බඩු නිෂ්පාදන ආයතන – දැව සදහා දරන වියදම්, වඩු කාර්මිකයන්ගේ වැටුප්
- බේකරි – තිරිගු පිටි සදහා දරන වියදම්, බේකරි නිෂ්පාදකයාගේ වැටුප
ප්‍රාථමික පිරිවැය හෙවත් ඍජු පිරිවැය පහත පරිදි වෙන් කර හඳුනා ගත හැක.
-
-
- ඍජු ද්‍රව්‍ය පිරිවැය
- ඍජු ශ්‍රම පිරිවැය
- ඍජු වෙනත් වියදම්
-
- ඍජු ද්‍රව්‍ය පිරිවැය
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හඳුනා ගත හැකි නිෂ්පාදනයේ යෙදවුම ලෙස භාවිතා කරන ද්‍රව්‍ය සදහා දරන ඍජු ද්‍රව්‍ය පිරිවැය නම් වේ.
උදා :
නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී මූලික පියවරක් ලෙස පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය හෙවත් පාවිච්චි කළ ද්‍රව්‍ය පිරිවැය ගණනය කළ යුතුය. එය පහත පරිදි වේ.
2. ඍජු ශ්‍රම පිරිවැය
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හදුනා ගත හැකි නිෂ්පාදන ක්‍රියාවලිය හා ඍජුවම සම්බන්ධ සේවකයින් සදහා දරන පිරිවැය ඍජු ශ්‍රම පිරිවැය නම් වේ.
උදා :
3. ඍජු වෙනත් වියදම්
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හඳුනා ගත හැකි ඍජු ද්‍රව්‍ය පිරිවැය හා ඍජු ශ්‍රම පිරිවැය නොවන අනෙකුත් ඍජු වියදම් ඍජු වෙනත් වියදම් නම් වේ.
උදා :
-
- නිෂ්පාදනය මත ගෙවන පුරස්කාර
- මෝස්තර සදහා වියදම්
ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය හා ඍජු වෙනත් වියදම් වල එකතුව ප්‍රාථමික පිරිවැය හෙවත් ඍජු පිරිවැය ලෙස හදුන්වයි.
ප්‍රාථමික පිරිවැය පහත පරිදි ප්‍රකාශනයක් මගින් ගණනය කළ හැක.
II. නිෂ්පාදන පොදුකාර්ය වියදම්
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හඳුනා ගත නොහැකි නිෂ්පාදන ක්‍රියාවලිය සදහා පොදුවේ දරන වියදම් නිෂ්පාදන පොදු කාර්ය වියදම් ලෙස හඳුන්වයි. නිෂ්පාදන පොදු කාර්ය වියදම් වර්ග 03 කි.
-
-
- වක්‍ර ද්‍රව්‍ය පිරිවැය
- වක්‍ර ශ්‍රම පිරිවැය
- වක්‍ර වෙනත් වියදම්
-
- වක්‍ර ද්‍රව්‍ය පිරිවැය
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හදුනා ගත නොහැකි නිෂ්පාදන ක්‍රියාවලිය සදහා පොදුවේ භාවිතා කරන ද්‍රව්‍ය සඳහා දරන පිරිවැය වක්‍ර ද්‍රව්‍ය පිරිවැය නම් වේ.
උදා :
2. වක්‍ර ශ්‍රම පිරිවැය
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හදුනා ගත නොහැකි නිෂ්පාදන ක්‍රියාවලිය හා ඍජුවම සම්බන්ධ නොවන සේවකයින් සඳහා දරන පිරිවැය වක්‍ර ශ්‍රම පිරිවැය නම් වේ.
උදා :
3. වක්‍ර වෙනත් වියදම්
නිෂ්පාදන ඒකකයක් සමග ඍජුවම හඳුනා ගත නොහැකි හැකි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය හා වක්‍ර ශ්‍රම පිරිවැයට අයත් නොවන අනෙකුත් වියදම් වක්‍ර වෙනත් වියදම් නම් වේ.
උදා :
-
- කම්හල් විදුලිය
- කම්හල් රක්ෂණය
- යන්ත්‍ර ක්ෂය
- කම්හල් දුරකථන ගාස්තු
- කම්හල් වරිපනම් බදු
- යන්ත්‍ර අලුත්වැඩියා වියදම්
වක්‍ර ද්‍රව්‍ය පිරිවැය, වක්‍ර ශ්‍රම පිරිවැය හා වක්‍ර වෙනත් වියදම් වල එකතුව නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ලෙස හඳුන්වයි.
ඒ අනුව,
ඉහත පිරිවැය වර්ගීකරණය පහත පරිදි ගැලීම් සටහනකින් ඉදිරිපත් කළ හැක.
- ද්‍රව්‍ය පිරිවැය = ඍජු ද්‍රව්‍ය + වක්‍ර ද්‍රව්‍ය
- ශ්‍රම පිරිවැය = ඍජු ශ්‍රමය + වක්‍ර ශ්‍රමය
- වෙනත් පිරිවැය = ඍජු වෙනත් + වක්‍ර වෙනත්
නිෂ්පාදන ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයකට අදාළ මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම සදහා පිළියෙළ කරන ගිණුම නිෂ්පාදන ගිණුම ලෙස හඳුන්වයි. එය නිෂ්පාදන පිරිවැය ලේඛනය ලෙස ද හඳුන්වයි.
…………….. නිෂ්පාදන ව්‍යාපාරය
…………….. දිනෙන් අවසන් මාසය / කාර්තුව / වර්ෂය සඳහා
නිෂ්පාදන ගිණුම
නිෂ්පාදන ව්‍යාපාරයක තොග
නිෂ්පාදන ව්‍යාපාරයක දැකිය හැකි තොග වර්ග 03 කි.
- අමුද්‍රව්‍ය
නිෂ්පාදනයේ යෙදවුම් ලෙස භාවිතා කිරීමට අපේකෂිත නමුත් මෙතෙක් භාවිතා නොකල තොග අමුද්‍රව්‍ය නම් වේ.
උදා :
-
- ලී බඩු නිෂ්පාදන ආයතනයක ලී
- ඇඟලුම් කම්හලක රෙදි
- බේකරියක තිරිඟු පිටි
2. නිමි භාණ්ඩ
නිෂ්පාදන කටයුතු අවසන් වු, විකිණිය හැකි තත්වයේ පවතින භාණ්ඩ නිමි භාණ්ඩ වේ.
උදා :
- ලී බඩු නිෂ්පාදන ආයතනයක වැඩ නිම කළ ගෘහ භාණ්ඩ
- ඇඟලුම් කම්හලක නිමි ඇඳුම්
- බේකරියක පාන්, බනිස්
3. නොනිමි තොග/අර්ධ නිමි තොග/කෙරීගෙන යන වැඩ
නිෂ්පාදනය සදහා භාවිතා කර ඇති නමුත් නිෂ්පාදනය අවසන් නොවු තොග මෙයින් අදහස් වේ. අමුද්‍රව්‍ය සහ නිමි තොග අතර අතරමැදි අවස්ථාව නොනිමි තොගයයි.
නොනිමි තොගය නිෂ්පාදන ගිණුම තුල ගැලපිය යුතුය. නිෂ්පාදන ගිණූම තුල නොනිමි තොගය ගලපන අවස්ථා 2කි.
-
-
- ප්‍රාථමික පිරිවැයට ගැලපීම
- මුළු නිෂ්පාදන පිරිවැයට ගැලපීම
-
ප්‍රාථමික පිරිවැයට නොනිමි තොගය ගැලපීම
නොනිමි තොගය නිෂ්පාදන ක්‍රියාවලියේ මුල් අවස්ථාවේ පවතී නම් හෝ නිෂ්පාදනයට අදාල මූලික පිරිවැය පමණක් දරා ඇත්නම් එම නොනිමි තොගය ප්‍රාථමික පිරිවැයට ගැලපිය යුතුය.
අභ්‍යාසය තුල සෘජුව හෝ වක්‍රව සඳහන් වේ නම් පමණක් නොනිමි තොගය ප්‍රාථමික පිරිවැයට ගලපයි.
නිෂ්පාදන පිරිවැයට නොනිමි තොගය ගැලපීම
නිෂ්පාදන ආයතනයක නොනිමි තොගය නිෂ්පාදන ක්‍රියාවලියේ අවසන් අදියරේ පවතී නම් හෝ මුළු පිරිවැයෙන් වැඩි ප්‍රතිශතයක් දරා ඇත්නම් එම නොනිමි තොගය නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුය. එහිදී නිෂ්පාදන පොදුකාර්ය ගැලපීමෙන් පසු නොනිමි තොගය ගැලපිය යුතුය.
අභ්‍යසය තුල සෘජුව හෝ වක්‍රව නොනිමි තොගය ප්‍රාථමික පිරිවැයට ගලපන ලෙස දී නොමැති නම් එම සෑම අවස්ථාවකදීම නොනිමි තොගය නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුය.
නිෂ්පාදන ගිණුම
විකුණුම් පිරිවැය
ව්‍යාපාරයක ප්‍රධාන ආදායම සහ එකී ආදායම ඉපයීමට දායක වූ සෘජු පිරිවැය අතර වෙනස දළ ලාභය ලෙස හඳුනා ගනී.
භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක ප්‍රධාන ආදායම විකුණුම් වන අතර එකී ආදායම ඉපයීමට දායක වූ සෘජු පිරිවැය විකුණුම් පිරිවැය නම් වේ.
නිමි භාණ්ඩ මිලට ගෙන අලෙවි කරන ව්‍යාපාරවල විකුණුම් පිරිවැය පහත පරිදි ගණනය කල හැකිය.
ඉහත ගැනුම් වලින් අදහස් වන්නේ කාලච්ඡේදයේ ගැනුම් වලට ගෙනඒමේ කුලී , ආපසු යැවුම් , තොග හානි භාණ්ඩ ගැනිලි වැනි අයිතමයන් ගැලපූ පසු අගයයි.
නිෂ්පාදන ව්‍යාපාරයක අමුද්‍රව්‍ය මිලට ගෙන ඒවා නිෂ්පාදනය කර භාණ්ඩ අලෙවිය සිදු කරයි. එබැවින් එවැනි ව්‍යාපාරවල විකුණුම් පිරිවැය ගණනය කිරීමේදී ගැනුම් වෙනුවට භාවිතා කල යුත්තේ කාලච්ඡේදයේ නිෂ්පාදන පිරිවැයයි. එබැවින් එහි විකුණුම් පිරිවැය පහත පරිදි වේ.