අ.පො.ස. උසස් පෙළ දීප ව්‍යාප්ත පෙරහුරු පරීක්ෂණය

සස්නක සංසද අප, මුළු දිවයිනම ආවරණය වන පරිදි 2021 උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් ම සංවිධානය කරන පෙරහුරු විභාගයට සියලු කටයුතු මේ වන විටත් සූදානම්. 🤩

ඔබට උසස් පෙළ විභාගයේ අත්දැකීම ඒ ආකාරයෙන්ම ලබා දීමටත්, ආරම්භක දිනයේ සිට උසස් පෙළ විභාග කාලසටහනට සමානව සකස් කරන ලද කාලසටහනට අනුව විභාගය පැවැත්වීමටත් නියමිතයි. ඒ වගේම ඔබේ island rank එක ලබාදීමටත් අප සූදානම්.🤯🔥

🛑ආරම්භය : 2021 නොවැම්බර් 8

🛑 විෂය ධාරා : භෞතීය විද්‍යා හා ජීව විද්‍යා

හෙට උදෑසන සිට ප්‍රශ්න පත්‍ර වලට මේ පිටුවෙන් පිවිසිය හැකියි.

වැඩි විස්තර ලබාගන්න අපේ Telegram channel එකට. WhatsApp Group එකට එකතු වන්න.

පසුගිය වසර දෙකක් පුරාවට ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලාංකීය අධ්‍යාපනික ක්ෂේත්‍රයට එල්ල වූ බලපෑම සුලුපටු නොවේ. පාසල් අධ්‍යාපනය, වාර විභාග ආදී සියලූම අංශයන් මෙමගින් අඩපණ විය. 2021 වර්ෂයේ උසස් පෙළ විභාගය සදහා මුහුන දීමට සිටි ඔබත් ඉන් මහත්සේ පීඩා විදින්නට ඇත. එබැවින් මෙවර උසස්පෙළ විභාගයට මුහුණ දීමට සිටි, රටේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නිසියාකාරව විභාගයකට මුහුණදීමට අවස්ථාවක් නොලැබුණු ඔබට සවියක් වන්නට, සස්නක සංසද විසින් මෙම මාහැගි සද්කාර්‍යයය දියත් කරනු ලබයි.

ඔබ මේ වනතෙක් මේ සදහා ලියාපදිංචි නොවූයේ නම් ලියාපදිංචිවන්න. ඉන්පසු telegram group එක වෙත එකතුවන්න. ඔබ Telegram නොමැතිනම් පමණක් පහත link එක ඔස්සේ whatsapp සමූහ වෙත එකතුවන්න. ඔබ දැනටමත් එම Group එකක් වෙත add වී ඇත්නම් එමගින් ඔබ වෙත ඉදිරි විස්තර ලබා දෙනු ලැබේ.

මෙහිදී උසස්පෙළ පවත්වන ආකාරයෙන්ම භෞතීය විද්‍යා හා ජීව විද්‍යා අංශයෙන් දීප ව්‍යාප්ත විභාගයක් පවත්වන්නට මේ වනවිට සියලුම කටයුතු සූදානම් කොට ඇත. ඒ අනුව එක් එක් විෂයට අදාළ දිනයේදී පහත web site එක ඔස්සේ ඔබට ප්‍රශ්න පත්‍ර වෙත පිලිතුරු ලබාදිය හැකිය.

උසස් පෙළ විභාගයේ ආකාරයටම නියමිත වෙලාවට නියමිත කාල පරාසය තුළ විභාගය පැවැත්වීමට තීරණය කර තිබුණද, පාසල් ආරම්භ වීමත් සමඟ එය සිදු කිරීමට අපහසු බැවින් ඔබට අදාළ දිනය තුළ පහසු වෙලාවක පිළිතුරු සැපයීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළෙමු. විෂය කාලසටහන මෙසේය. ලබා දී ඇති දිනයේ උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා පිළිතුරු ලබාදිය හැකි අතර රාත්‍රී 10ට පෙර පිළිතුරු උඩුගත(Upload) කොට අවසන් කළ යුතුය.

දිනයවිෂය
2021/11/08- සදුදාසංයුක්ත ගණිතය I
2021/11/08- සදුදාජීව විද්‍යාව-I
2021/11/09- අගහරුවාදාජීව විද්‍යාව-II
2021/11/10- බදාදාසංයුක්ත ගණිතය II
2021/11/12-සිකුරාදාභෞතික විද්‍යාව-I
2021/11/15- සදුදාභෞතික විද්‍යාව-II
2021/11/17- බදාදාරසායනික විද්‍යාව-I
2021/11/19- සිකුරාදාරසායනික විද්‍යාව-II

මෙය ඔබගේ අභිවෘද්ධිය උදෙසා අප විසින් සිදුකරනු ලබන බැවින් ඔබ අවංකව නියමිත කාලය තුළ පිළිතුරු සපයනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එලෙස කිරීමේ වාසිය ඔබටමය. මෙහිදී වෛද්‍ය හා ඉංජිනේරු පීඨ සඳහා තේරී පත් වූ සිසුන් විසින් ඔබගේ පිළිතුරු පත් පරීක්ෂා කර බලා නැවත ඔබ වෙත ලැබීමට සලස්වමු. තවද සම්පූර්ණ උත්තර පත්‍රය ද සම්පූර්ණ විභාගය අවසානයේ ලබා දෙනු ලැබේ. තවද ඔබගේ ලකුණු අනුව විභාගය සදහා පෙනී සිටි ප්‍රමාණයෙන් ඔබ හිමිකරගත් ස්ථානය (rank) ලබා දෙනු ලැබේ. මෙම විභාගය සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකෙරේ.

උපදෙස්  (Instructions)

  1. ඔබගේ විභාග අංකය (Index number) ලෙස ඔබගේ දුරකථන අංකය (phone number) භාවිතා කරන්න.  (උදා:- 0712345678)
    • ඔබ ලියාපදිංචි වීමේදී භාවිතා කළ දුරකථන අංකය භාවිතා කරන්න. ඔබට දුරකථන අංකයක් නොමැති නම් මවගේ, පියාගේ හෝ භාරකරුගේ දුරකථන අංකය මේ සදහා භාවිතා කරන්න.
  1. ඔබට පිළිතුරු සැපයීමට ලබාදී ඇති වේලාව තුළ පිළිතුරු සපයා පිළිතුරු පත්‍රය අප වෙත ලැබීමට සලස්වන්න.
    1. බහුවරණ ප්‍රශ්න පත්‍ර-
      • ලබා දී ඇති පැය දෙකක කාලය තුළ අනිවාර්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය. පැය දෙකක කාලය අවසානයේ එය ස්වයංක්‍රීයව පිළිතුරු සැපයීම අවසන් වේ.
    2. රචනා ප්‍රශ්න පත්‍ර-
      • පැය තුනයි විනාඩි දහයක කාලය තුළ අවසන් කර  අප වෙත ලැබීමට සලස්වන්න.
      • පිලිතුරු සැපයීම සදහා තනි රූල් කොළ භාවිතා කරන්න.
      • අත් අකුරු පැහැදිලි විය යුතුය.
      • ව්‍යුහගත රචනා සහ රචනා පිළිතුරු පත්‍ර ආරම්භයේ දී හා සෑම පිටුවකම ඉහළ දකුණුපස කෙළවරින් ඔබගේ විභාග අංකය හා පිටු අංකය පැහැදිලිව අනිවාර්යයෙන් සඳහන් කරන්න.
      • පිළිතුරු ඉදිරිපත් කිරීමේදී පැහැදිලි ඡායාරූප ගෙන ඒවා පිලිවෙලට සකසා pdf ගොනුවක් ලෙස‍ සකස් කර අප වෙත එවිය යුතුයි.
      • Pdf ගොනුව සැකසීම සදහා Camscanner හෝ Adobe scan හෝ සුදුසු scanner app එකක් භාවිතා කරන්න.
      • pdf ගොනුව ඔබගේ විභාග අංකය යොදා rename කරන්න.
      • Pdf ගොනුව අප ඔබට ලබා දෙන ගූගල් පෝරමයේ (google form) අදාල ස්ථානයේ upload කරන්න.
  1. ඔබට පිළිතුරු අප වෙත එවිය හැක්කේ ඒ ඒ විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සදහා අප ඔබට ලබා දී ඇති දිනයේ උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වා පමණි. රාත්‍රී 10ට පෙර පිළිතුරු උඩුගත(Upload) කොට අවසන් කළ යුතුය. ඉන් පසු එවනු ලබන පිළිතුරු පත් භාරගනු නොලැබේ.
  2. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන අවස්ථාවේ කිසි යම් ගැටලුවක් ඇති වුවහොත් වෙබ් පිටුවේ ඇති  Live Chat එක හෝ මෙහි පහත සදහන් කර ඇති ඒ ඒ විෂයට අදාළ දුරකථන අංක වෙත දැනුවත් කරන්න.අවශ්‍ය උපදෙස් ලබාගන්න.
  3. අප විසින් පසුව ලබාදෙන සබැඳිය (link) භාවිතයෙන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබා ගන්නා ආකාරයට ම ඔබගේ ප්‍රතිඵල ලබාගත හැක. (ඒ සඳහා විභාග අංකය භාවිතා කරන්න.

ඔබට ලැබුණු මේ අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.

වැඩිදුර විමසීම් සඳහා

සංයුක්ත ගණිතයජීව විද්‍යාව  
076 974 7344 – මිත්තිකා
070 406 0320 – නවීන්
076 091 2545 – ඊබ්‍රහීම්
077 019 3315 – ශාමිණී
076 660 7846 – ප්‍රමෝද්
070 159 6603 – චේමිණී
074 076 6757 – සෙනාරා
077 950 5556 – ධනුජ
076 667 8273 – දුලක්ෂි
070 498 4426 – මලිති
076 960 3645 – සුචින්ත
076 762 5971 – නිසල්
077 350 8376 – තරුෂිකා
070 360 8242 – චලනි   
භෞතික විද්‍යාවරසායන විද්‍යාව
076 744 6651 – ශවීන්
076 269 8980 – කවිදු
076 614 4321 – මලිත
076 324 9909 – ප්‍රවීන්
071 242 1123 – රූකාන්ත
077 621 2186 – ජනීෂා
076 104 6773 – සචිර    
077 289 2067 – නිරූශි
070 380 8900 – නියුමි
077 638 0882 – සමුද්‍රා
071 207 3314 – ඩිල්ශාන්
071 174 0666 – තත්සර
072 862 6838 – නිපුන්
076 387 3749 – දිනුර්ජ්

Learn-Steer මුල් පිටුව වෙත යන්න.උසස් පෙළ
උසස්පෙළ විද්‍යා අංශයේ සියලුම පාඩම් වලට අවශ්‍ය Notes, Videos සහ තවත් බොහෝ දේ මෙමගින් ලබාගන්න පුලුවන්.

hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom