01.04.04 – ගෝල මානය

0
787

ගෝල මානය

  • ඉස්කුරුප්පු මූලධර්මය භාවිතා වන අනෙක් වැදගත් මිනුම් උපකරණයයි.
  • මෙය ඉතා ඝනකම් හා උත්තල හෝ අවතල පෘෂ්ඨ වල වක්‍රතා අරයන් මැනීම හැකි වන පරිදි සකස් කොට ඇත.

පාද

  • ගෝල මානයේ P,Q,R පාදයන්හි ශීර්ෂ සමපාද ත්‍රිකෝණයක පිහිටයි.

ඉස්කුරුප්පු කොටස

  • ඉස්කුරුප්පුවේ තුඩ P,Q,R තලය වෙත ගෙන ආ විට එහි තුඩ (O), පාදවල ශීර්ෂ වන P,Q,R හි කේන්ද්‍රයේ පිහිටයි.

වෘත්තාකාර පරිමාණය

  • ගෝල මානයේ ඉස්කුරුප්පුව වෘත්තාකාර හිසකට සම්බන්ධය. එය කොටස් 100 කට බෙදා ඇත. ඉස්කුරුප්පුවේ අන්තරාලය 1mm වේ.

සිරස් පරිමාණය

  • ගෝල මානය සිරස් ප්‍රධාන පරිමාණය මැද බිංදු පරිමාණයකි. එයින් ඉහළට හා පහළට මිලි මීටර සලකුණු යොදා ඇත.
  • PQR සමපාද ත්‍රිකෝණයෙන් තැනෙන තලයෙන් ඉහළට හෝ පහළට ඉස්කුරුප්පු තුඩ ගෙන ගිය විට එය ප්‍රධාන පරිමාණයෙන් කියවිය හැක.

කුඩාම මිනුම

  • වෘත්තාකාර පරිමාණයේ සම්පූර්ණ එක් වටයක් කැරකැවීමේදී ඉස්කුරුප්පු තුඩ ඉහලට හෝ පහලට ගමන් කරන දුර ලබා ගන්න.

එම ගමන් කරන දුර වෘත්තාකාර පරිමාණයේ කොටස් ගනනින් බෙදීමෙන් උපකරණයේ කුඩාම මිනුම ලබා ගන්න.

කුඩාම මිනුම= අන්තරාලය / වෘත්තාකාර පරිමාණයේ කොටස් ගණන

මූලාංක දෝෂය සෙවීම

  • ගෝල මානය භාවිතා කර මිනුම් කිරීමට පෙර ගෝලමානයේ පාද (P,Q,R) පවතින තලයට ඉස්කුරුප්පු තුඩ (O) ගෙන ආ යුතුයි.
  • ගෝලමානයේ පාද (P,Q,R) තුනී තල වීදුරු තහඩුවක් මත තබන්න.
  • තල වීදුරු තහඩුව තුලින් පෙනෙන ඉස්කුරුප්පු තුඩෙහි ප්‍රතිබිම්බය (O’ යැයි ගනිමු) හා ඉස්කුරුප්පු තුඩ (O) යන්තමින්  ස්පර්ශ වන තුරු ඉස්කුරුප්පු හිසෙන් අල්ලා පහත් කරන්න.
  • P,Q,R,O එක ම තලයට පැමිණි විට ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ලකුණ වෘත්තාකාර පරිමාණයේ ශුන්‍ය ලකුණ සමග සමපාත විය යුතු ය. එසේ නොවේ නම් මූලාංක දෝෂයක් ඇත.
  • වෘත්තාකාර පරිමාණය සහ සිරස් පරිමාණය ස්පර්ශ වී ඇති වෘත්තාකාර ස්ථානයේ ප්‍රදාන පරිමාණයේ සලකුණේ අගය සහ ප්‍රදාන පරිමාණය මත පිහිටා ඇති වෘත්තාකාර පරිමාණ සලකුණේ අගය කියවා ගැනීමෙන් මුලාංක දෝෂය ගණනය කර ගත හැකිය.
  • මූලාංක දෝෂයක් තිබේ නම්, ඉහත පරිදි එය සොයා පාඨාංකයෙන් අඩු කිරීම හෝ එකතු කිරීම කළ යුතු වේ.

ගෝලමානය භාවිතයෙන් මිනුම් කිරීම

  1. ඝනකම මැනීම

තුනී තල වීදුරු තහඩුවක්/ අන්වීක්ෂ වීදුරු කදාවක්

  1. වක්‍රතා අරය සෙවීම

වක්‍ර වීදුරු තැටියක්/ උත්තල කාචයක්/ අවතල කාචයක්

උදා:

  1. වීදුරු පටියක ඝනකම සෙවීම
  2. ගෝල මානය තල වීදුරු තහඩුව මත තබා PQRO තුඩ එකම තලයකට ගේන්න.
  3. මේ අවස්ථාවාදී සිරස් පරිමාණයේ වෘත්තාකාර පරිමාණයේ ආධාරයෙන් පාඨාංකය ලබා ගන්න.
  4. දැන් O ඉහළට යන පරිදි දන්නා කොටස් ගණනකින් ඉස්කුරුප්පුව කරකවන්න.
  5. දැන් වීදුරු පටිය ඉස්කුරුප්පුව කුඩට යටින් තහඩුව මත තබන්න.
  6. වීදුරු පටිය හා ස්පර්ශ වන තෙක් 0 තුඩ පහළට ගෙනැවිත් නැවත පාඨාංකය කියවා ගන්න.
  7. මෙම පාඨාංක දෙකේ අන්තරයෙන් වීදුරු පටියේ ඝනකම ලැබේ.
  • අන්වීක්ෂ වීදුරු කදාවක ඝනකම මැනීම.
  • අන්වීක්ෂ වීදුරු කදාවේ ඝනකම මැනීම සඳහා දන්නා වට ගණනකින් ඉස්කුරුප්පු තුඩ ඉහලට ගෙන එහි පාඨාංකය ලබා ගන්න.
  • ඉන් පසු ඉස්කුරුප්පු තුඩට යටින් අන්වීක්ෂ වීදුරු කදාව තබා ඒ තුලින් පෙනෙන තුඩෙහි ප්‍රතිබිම්බය සහ යාන්තමින් ස්පර්ශ වන තෙක් ඉස්කුරුප්පු තුඩ පහත් කරන්න.
  • එවිට ප්‍රධාන පරිමාණය දිගේ පහලට ගමන් කරන කොටස් ගනන සහ වෘත්තාකාර පරිමාණයේ කරකැවෙන කොටස් ගණන කියවා එහි පාඨාංකය ගන්න. ඉස්කුරුප්පු තුඩ පළමු අවස්ථාවේ දී ඉහලට ගමන් කර වූ මුළු දුරින්, පහත් කල දුර අඩු කිරීමෙන් (පාඨාංක වෙනසින්) වීදුරු කදාවේ ඝනකම ලබා ගන්න.
  • මේ ආකාරයට වීදුරු කදාවේ ස්ථාන කිහිපයකින් මැන මධ්‍යන්‍ය ගණනය කර ගැනීමෙන් ලැබෙන අගය වීදුරු කදාවේ ඝනකම ලෙස ගන්න.

සටහන : මෙම අවස්ථාවල දී මූලාංක දෝෂයක් සැලකීම අවශ්‍ය නොවේ.

හේතුව: පාඨාංක අතර අන්තරයක් මැනෙන නිසා එනම් ශුන්‍යයේ සිට මැනීම ආරම්භ නො කරන නිසා

ගෝලීය පෘෂ්ඨයක අරය මැනීම

  • PQR සහ O එකම තලයක පිහිටුවා එතැන් සිට දන්නා කොටස් ගණනින් O ඉහළට කරකවන්න.
  • දැන් ගෝල මානය ගෝලීය පෘෂ්ඨය මතුපිට පිහිටුවා එම පෘෂ්ඨය හා ස්පර්ශ වන පරිදි O නැවත පහළට කරකවන්න.

ඉහළට කැරකැවූ කොටස් ගණනින් පහළට කැරකැවූ කොටස් ගණන අඩුකර කුඩාම මිනුමෙන් ගුණ කළ විට h උස ප්‍රමාණය ලැබේ.

  • h හා x හෝ a දන්නා විට r ගණනය කළ හැකි වේ.

එම පාඨාංක (h හා a) පහත පරිදි පරීක්ෂණාත්මකව ලබාගන්න.

  • උත්තල කාචයේ වක්‍රතා අරය සෙවීම සදහා පාඨාංක (h) ලබා ගැනීම.
  • උත්තල කාචයේ වක්‍ර පෘෂ්ඨයේ වක්‍රතා අරය ගණනය කර ගැනීම සඳහා පෙර පරිදි ගෝලමානයේ පාද පවතින තලයට ඉස්කුරුප්පු තුඩ ගෙන එහි පාඨාංකය ගන්න. ගෝලමානයේ පාද උත්තල කාචයේ උත්තල පෘෂ්ඨය මත තබන්න.
  • උත්තල කාචයේ ඉහල පෘෂ්ඨයේ යාන්තමින් ස්පර්ශ වන තුරු ඉස්කුරුප්පු තුඩ ඉහලට කරකවන්න.
  • ප්‍රධාන පරිමාණය දිගේ ඉහලට ගමන් කර ඇති කොටස් ගනන හා වෘත්තාකාර පරිමාණයේ කරකැවී ඇති කොටස් ගණන කුඩාම මිනුමෙන් වැඩි කර ප්‍රදාන පරිමාණයේ පාඨාංකයට එකතු කර අවසාන පාඨාංකය ලබා ගන්න.
  • එම පාඨාංක දෙකේ වෙනසින් ඉස්කුරුප්පු තුඩ ඉහලට චලිත වූ දුර ලබා ගන්න.
  • මේ ආකාරයට කාචය මත ගෝලමානයේ පාද කරකවමින් පාඨාංක ගෙන එහි මධ්‍යන්‍ය පාඨාංකය ලෙස ගන්න.
  • අවතල කාචයේ වක්‍රතා අරය සෙවීම සදහා පාඨාංක (h) ගැනීම.
  • අවතල කාචයේ වක්‍ර පෘෂ්ඨයේ වක්‍රතා අරය ගණනය කර ගැනීම සදහා පෙර පරිදි ගෝලමානයේ පාද පවතින තලයට ඉස්කුරුප්පු තුඩ ගෙන එහි පාඨාංක ලබා ගන්න.
  • අනතුරුව ගෝලමානයේ පාද අවතල කාචයේ අවතල පෘෂ්ඨය මත තබන්න.
  • අවතල කාචයේ පෘෂ්ඨය යාන්තමින් ස්පර්ශ වන තුරු ඉස්කුරුප්පු තුඩ පහලට කරකවන්න.
  • ප්‍රදාන පරිමාණය දිගේ පහලට ගමන් කර ඇති කොටස් ගණන කියවා ගන්න.
  • වෘත්තාකාර පරිමාණයේ පාඨාංකයට එකතු කර පාඨාංකය ලබා ගන්න.
  • එම පාඨාංක දෙකේ වෙනසින් හෝ එකතුවෙන් අවසාන පාඨාංකය ගන්න.
  • මේ අකාරයට කාචය මත ගෝලමානයේ පාද කරකවමින් පාඨාංක කිහිපයක් ගෙන එහි මධ්‍යන්‍ය පාඨාංකය ලෙස ගන්න.

ගෝලමානයේ පාද අතර දුර (a) මැනිම

පළමු ක්‍රමය

  1. ගෝලමානයේ පාද අතර බාහිර පරතරය මැනිම.
  • ගෝලමානයේ පාද අතර බාහිර පරතරය මැනීම සදහා ගෝලමානයේ පාද වර්නියර් කැලිපරයේ බාහිර හනු අතර සිර කර පාඨාංක ගන්න.
  • මේ අකාරයට පාද අතර පරතරය මැනීම ගෝල මානය ඉහලට සහ පහලට චලිත කරමින් පාඨාංක කිහිපයක් ගන්න.
  • මේ අකාරයට පාද 3 අතරම පාඨාංක කිහිපයක් ගෙන ඒවායේ මධ්‍යන්‍ය පාද අතර පරතරය ලෙස ගන්න.

2. ගෝලමානයේ පාද අතර අභ්‍යන්තර පරතරය මැනීම.

  • ගෝලමානයේ පාද අතර අභ්‍යන්තර පරතරය මැන ගැනීමට වර්නියර් කැලිපරයේ අභ්‍යන්තර හනු ගෝලමානයේ පාද හොඳින් ස්පර්ශ වන සේ සකස් කර එහි පාඨාංක ගන්න.
  • මේ ආකාරයට ගෝලමානයේ පාද තුන අතර අභ්‍යන්තර පරතර සඳහා පාඨාංක කිහිපයක් ගෙන ඒවායෙහි මධ්‍යන්‍ය ගෝලමානයේ පාද අතර අභ්‍යන්තර පරතරය ලෙස ගන්න.

3.

  • සත්‍ය වශයෙන් ම ගෝලමානයේ පාද අතර පරතරය වන්නේ ඉහත ලැබුණ මධ්‍යන්‍ය ට වර්නියර් කැලිපරයේ මූලාංක දෝෂය එකතු කිරීමෙන් ලැබුණු අගයයි.

දෙවන ක්‍රමය

  • සුදු කඩදාසියක් ගෙන එය මත ගෝල මානය තබා පාද සලකුණු සිටින සේ තදින් තෙරපන්න.
  • දැන් ගෝල මානය ඉවතට ගෙන පාද තුනෙහිම දිග වෙන වෙනම මීටර් කෝදුවක් අධාරයෙන් මැන ගන්න.
  • එම අගයන්ගේ මධ්‍යන්‍ය ලබාගන්න.

video links:

Results

#1. පහත සඳහන් කවර වගන්ති ගෝල මානය පිළිබඳ ව සත්‍ය වේද ? • ගෝල මානය මගින් උත්තල කාචයක මෙන් ම අවතල කාචයක වක්‍රතා අරය සෙවිය හැක • ගෝල මානය මගින් වක්‍රතා අරය සෙවීමේ දී ඉස්කුරුප්පු තුඩ හා පාදයක් අතර දුර මැනීම අවශ්‍ය වේ . • ගෝලමානයේ මිනුමක් ලෙස ලබන්නේ අචල පාද වල තුඩු පවතින මට්ටමේ සිට ඉස්කුරුප්පු පාදයේ තුඩ සිදු කරන ලද විස්ථාපනයයි.

#2. ගෝලමානයේ පාද අතර දුර a වේ .පාදයක ශීර්ෂයේ සිට ඉස්කුරුප්පුවේ ශීර්ෂයට ඇති කෙටිම දුර වන්නේ ,

#3. ඉස්කුරුප්පු අන්තරාලය 0.5mm වන ගෝල මානයක වටකුරු පරිමාණයේ කොටස් 50ක් වේ . එම ගෝල මානය මගින් ලබා ගත් පාඨාංකය 3.20mm කි . පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ ,

finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.