01.04.05 – චල අන්වීක්ෂය

0
859

චල අන්වීක්ෂය

  • කේශික නලයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීම සඳහා සර්පණ කැලිපරයක් භාවිත කළ නො හැකියි.

හේතුව: කැලිපරයේ ඇතුළු හනු කේශික නලය තුළට ඇතුළු කළ නො හැකි නිසා.

  • රබර් නලයක බාහිර විෂ්කම්භය මැනීමට ද කැලිපරය වැනි උපකරණයක් භාවිතා කළ නො හැකියි.

හේතුව: කැලිපරයේ හනු වලට තද වීමෙන් නලයේ හැඩය වෙනස් වීම නිසා ලැබෙන පාඨාංක දෝෂ සහිත වීම.

  • මෙවැනි මිනුම් වඩා නිවැරදිව හා පහසුවෙන් ලබා ගැනීමට චල අන්වීක්ෂය යොදා ගත හැකියි.
  • මීට අමතරව පරීක්ෂණවල දී දිග ප්‍රමාණ ඉතාමත් ව නිවැරදිව මැන ගැනීමට චල අන්වීක්ෂය බහුලව භාවිතා වේ.

අන්වීක්ෂ කොටස

  • චල අන්වීක්ෂයක ප්‍රධානතම අංගය එහි අන්වීක්ෂයයි.
  • අන්වීක්ෂය නිවැරදි ලෙස සීරුමාරු කර ගත් විට මිනුම ලබාගන්නා කොටස එමගින් වඩා විශාල කර නැරඹිය හැකියි. 
  • ‌පාඨාංක නිවැරදිව හා වඩා පහසුවෙන් ලබා ගැනීමට එය ප්‍රධාන ම හේතුවයි.

හරස් කම්බි යුගල

  • චල අන්වීක්ෂය තුලින් බැලූ විට (රූපයේ දැක්වෙන පරිදි) හරස් කම්බි (එකිනෙකට ලම්භක කම්බි යුගලයක්) දැකිය හැකියි.
  • මෙම හරස් කම්බි භාවිතයෙන් මිනුම ලබා ගන්නා ස්ථානය වඩා නිවැරදිව දර්ශන තලය තුල සකස් කර ගත හැකියි.
  • අන්වීක්ෂයේ අක්ෂය තිරස් හෝ සිරස් වන පරිදි සකස් කර ගත හැකි වන අතරම අන්වීක්ෂය තිරස් හා සිරස් දිශා වලට චලනය කළ හැකියි.
  • එබැවින් තිරස්ව හා තිරස්ව පවතින දිග සඳහා මිනුම් ලබා ගැනීමට මෙම උපකරණය භාවිතා කල හැකියි.

ප්‍රධාන හා වර්නියර් පරිමාණ

  • මෙලෙස අන්වීක්ෂ කොටස තිරස්ව හෝ සිරස්ව චලනය වන දුර ප්‍රමාණ වෙන වෙනම මැන ගැනීමට තිරස්ව හා තිරස්ව සවි කර ඇති ප්‍රධාන හා වර්නියර් පරිමාණ යුගල දෙකක් චල අන්වීක්ෂයේ අඩංගු වේ.
  • සාමාන්‍ය චල අන්වීක්ෂයක ප්‍රධාන පරිමාණ දෙක අර්ධ මිලි මීටර් වලින් ක්‍රමාංකනය කර ඇති අතර ප්‍රධාන පරිමාණ කොටස් 49 ක් සමාන කොටස් 50 කට බෙදීමෙන් වර්නියර් පරිමාණ දෙකම සකස් කරයි.
  • ඒ අනුව, සාමාන්‍ය චල අන්වීක්ෂයක කුඩාම මිනුම=0.5-0.5 x  =0.01 mm
  • කුඩාම මිනුම කුඩා වීම ද මිනුමක නිරවද්‍යතාව වැඩි වීමට හේතු වේ.

උදාහරණ:

  • දැන් චල අන්වීක්ෂයක් භාවිතයෙන් කේශික නලයක අභ්‍යන්තර විෂ්කම්භය මනින ආකාරය සලකා බලමු.
  • චල අන්වීක්ෂය මේසය මත තබා ස්ප්‍රීතු ලෙවලයක් එහි ආධාරකය මත එකිනෙකට ලම්භක දිශා ඔස්සේ තබමින් පාද වශයෙන් ඇති ලෙවල් ඉස්කුරුප්පු යොදා ගෙන චල අන්වීක්ෂය තිරස් කර ගන්න.
  • එහි අන්වීක්ෂය තිරස් පිහිටුමට සකස් කර ගෙන කේශික නලය අන්වීක්ෂය සමඟ එකාක්ෂීයව ඉදිරියෙන් ආධාරකයක රඳවන්න.
  • අන්වීක්ෂය සීරුමාරු කරමින් කේශික නලයේ ඉදිරි පෘෂ්ඨය නාභි ගත කරගන්න. එවිට අන්වීක්ෂය තුලින් බැලූ විට කේශික නලයේ ඉදිරි පෘෂ්ඨය හරස් කම්බි අතරේ රූපයේ දැක්වෙන පරිදි දැක ගත හැකියි.
  • කේශික නලයේ සිරස් විෂ්කම්භය මැනීමට රූපයේ පරිදි අන්වීක්ෂයේ තිරස් හරස් කම්බිය කේශික නලයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ඉහළතම ලක්ෂ්‍යය සමඟ ස්පර්ශ වන පරිදි පිහිටුවා සිරස් පරිමාණයෙන් පාඨාංකය ගන්න. මෙම පාඨාංක දෙකේ අන්තරයෙන් නලයේ සිරස් අභ්‍යන්තර විෂ්කම්භය ලැබේ.
  • කේශික නලයේ තිරස් විෂ්කම්භය මැනීමට පහත රූපවල පරිදි අන්වීක්ෂයේ සිරස් හරස් කම්බිය කේශික නලයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ වම් පස ලක්ෂ්‍යය සමඟත් දෙවනුව දකුණුපස ලක්ෂ්‍යය සමඟත් ස්පර්ශ වන පරිදි පිහිටුවා තිරස් පරිමාණයෙන් පාඨාංක ගන්න. මෙම පාඨාංක දෙකේ අන්තරයෙන් නලයේ තිරස් අභ්‍යන්තර විෂ්කම්භය ලැබේ.
  • චල අන්වීක්ෂයකින් බැලූ විට ලැබෙන ප්‍රතිබිම්බය පාර්ශවික අපවර්තනයට ලක් වී ඇත.
  • මැන ගත් අභ්‍යන්තර විෂ්කම්භ දෙකෙහි (තිරස් හා සිරස්) මධ්‍යන්‍ය අගයෙන් කේශික නලයේ අභ්‍යන්තර විෂ්කම්භය සඳහා සාධාරණ අගයක් ලබා ගත හැකියි.
  • චල අන්වීක්ෂය භාවිතයෙන් රබර් නළයක අභ්‍යන්තර හෝ බාහිර විෂ්කම්භය මැනීමේ දී ද ඉහත සඳහන් පියවර ම අනුගමනය කරයි.
  • මිනුම් ලබාගන්න මුහුණතේ සිදු විය හැකි හැඩයේ වෙනස් වීම මඟ හරවා ගැනීමට රබර් නලය ආධාරකයේ සවි කළ යුත්තේ මිනුම ලබාගන්න මුහුණත ආධාරකයේ සිට සෑහෙන දුර ප්‍රමාණයකින් පවතින පරිදි වේ.

video links:

චල අන්වීක්ෂය භාවිතය

Results

#1. පාසල් විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන චල අන්වීක්ෂයක් මගින් මිනුමක් ලබා ගැනීමේ දී සිදු වන භාගික දෝෂයම ලැබෙන පරිදි මීටර් කෝදුවකින් මිනුමක් ලබා ගන්නා ලදී .මෙම මිනුම් 2 අතර අනුපාතය විය හැක්කේ,

finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.