සස්නක සංසද - Learn Steer

මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ මෙම වෙබ් අඩවිය හරහා පහසුවෙන් ළගා විය හැකිවන පරිදි ශ්‍රී ලංකා පාසල් විශය මාලාවට අදාල පාඩම්/ විශය කරුණු (උසස් පෙළ හා සාමාන්‍ය පෙළ) ඇතුළත් කර වැඩිදියුණු කිරීමයි. මේ මගින් ශ්‍රී ලාංකික දරුවන්ට ද්වීතියික පාසල් අධ්‍යාපනයේ සීමාවන් හා බාධක ඉක්මවා යාමට මෙන්ම ඔවුන් අතර ' නිවසේ සිට ඉගෙනීම' යන සංකල්පය ප්‍රවර්ධනය කිරීමට හැකිවේ.

මෙම වෙබ් අඩවියේ සෑම පාඩමක් ම වෙබ් අඩවිය පාදක කරගත් අන්තර්ගතයන්, සවිස්තරාත්මක සටහන්, වීඩියෝ සබැඳි, සහ පාඩමට අදාළ ප්‍රශ්න සහ විසදුම් වලින් සමන්විත වේ. මේ හේතුවෙන් සිසුවෙකුට තමන් ඉගෙන ගැනීමට කැමති පාඩම තෝරාගෙන වෙබ් පිටුවේ එකිනෙකට අන්තර්ක්‍රියාකාරී අන්තර්ගතයන් අනුගමනය කළ හැක. මෙහිදී පැයක කාලයක් තුළ ශිෂ්‍යයෙකුට පාඩමක් අවසන් කිරීමේ හැකියාව ඇත. කිසියම් ශිෂ්‍යයෙකුට යම් දුෂ්කරතාවක් ඇති වුවහොත් ඔහුට/ ඇයට අදාළ පිටුව හරහා දායකයන් සම්බන්ධ කරගැනීමෙන් එම ගැටලුව නිරාකරණය කරගැනීමේ හැකියාවක් ඇත. මීට අමතරව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට නව පාඩම් සංස්කරණයට හෝ පවතින පාඩම් වල අන්තර්ගතය වැඩි දියුණු කිරීමට දායක විය හැකිය.

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

1. ශ්‍රී ලංකා පාසල් විෂය මාලාවෙන් පාඩමක් තෝරන්න

2. පාඩම් සැලැස්මේ දළ සටහනක් සාදා අපට දන්වන්න - ශිෂ්‍යයෙකුට තනි කාල පරිච්ඡේදයක් තුළ (විනාඩි 45 ක් ඇතුළත) පාඩම සම්පූර්ණ කිරීමට හැකි විය යුතුය.

3. පාඩමක සවිස්තරාත්මක සටහනක්, පැහැදිලි කිරීමක්, වීඩියෝ සහ ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් විය යුතුය

4. පාඩම අවසන් වූ පසු අදාළ විෂය සම්බන්ධ විශේෂඥ කණ්ඩායමක් විසින් පාඩම මහජනයාට ලබා දීමට පෙර එහි අන්තර්ගතය සමාලෝචනය කරනු ඇත.

5. පාඩම් අවසානයේ පාඩම සෑදීමට දායකත්වය සැපයූවන් සඳහන් කර ඇත

දායක වන්නේ කෙසේද?

A.අන්තර්ගතයන් වැඩි දියුණු කිරීම හෝ නව පාඩම් සංස්කරණය

B.අධ්‍යාපනික වීඩියෝ හෝ ග්‍රැෆික් සංස්කරණය

C.වෙබ් පාදක වේදිකාව (තොරතුරු තාක්ෂණ ආශ්‍රිත කාර්ය මණ්ඩලය) සංවර්ධනය කිරීම

D. මූල්‍ය දායකත්වය (විශේෂයෙන් සත්කාරකත්වය සහ වෙබ් පිටු සංවර්ධනය සඳහා)

E. ප්‍රචාරණය

හසිත විජේසුන්දර

සභපති,

සස්නක සංසදය

ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ, HNB Finance මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛ ආයතනයක් වන ITC ආයතනයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, ශ්‍රී ලංකා රජයට සහ මුදල් අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමේ කටයුතුත් සිදුකරන අතරම ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතිෂ්ඨාපනය කොට නගාසිටුවීමේ කටයුතු සිදුකරන විද්වතෙකි. මීට අමතරව සස්නක සංසද ආරම්භක සාමාජිකයකු සහ වර්තමානයේ නිස්සරණාධ්‍යාසයෙන් සස්නක සංසදයට නායකත්වය සපයයි.

චින්තක රතනවීර

ව්‍යාපෘති අධීක්ෂක,

Learn Steer ව්‍යාපෘතිය,

සස්නක සංසදය

ආචාර්ය රත්නවීර මහතා න්‍යායාත්මක හා පරිගණක රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකි. ඔහුගේ ආචාර්ය උපාධිය අණු වල අභ්‍යන්තර භ්‍රමණ ක්‍රමවල එන්ට්‍රොපිය තීරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව විය. Instutute of Chemistry Ceylonහි පරිගණක රසායන විද්‍යා පර්යේෂණ පෝෂණය කිරීම සඳහා ඔහු “පරිගණක පර්යේෂණ හා ඉගෙනුම් මධ්‍යස්ථානය” (CRLC) නමින් මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. සස්නක සංසද ආරම්භක සාමාජිකයෙක් වන මෙතුමාගේ අදහසක් මත LearnSteer ව්‍යාපෘතිය ආරම්භ විය. වර්තමානයේ LearnSteer ව්‍යාපෘතියේ අධීක්ෂක ලෙස කටයුතු කරයි.

සචින්ත නිමේෂ්

ප්‍රධාන සම්බන්ධීකාරක,

Learn Steer ව්‍යාපෘතිය,

සස්නක සංසදය

චමරු අමාසර

තාක්ෂණික සම්බන්ධීකාරක,

Learn Steer ව්‍යාපෘතිය,

සස්නක සංසදය

ගාල්ල, මහින්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලබා 2019 උසස්පෙළ විභාග ප්‍රතිපල මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත්වුණු සිසුවෙකි. LearnSteer ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික සම්බන්ධීකාරක ලෙස LearnSteer වෙබ් අඩවිය, Android යෙදුම නිර්මාණය සහ සංවර්ධනය, ආශ්‍රිත තාක්ෂණික යෙදුම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ පාඩම් මාලා සමාලෝචනය මගින් LearnSteer ව්‍යාපෘතියට දායක විය.

ඇතුළු 200කට අධික පිරිසක් ව්‍යාපෘතියට දායක විය...
සම්පුර්ණ විස්තර ළඟදීම ...

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.