01.මිනුම්01.02.භෞතික රාශි හා ඒකක01.02.00 - භෞතික රාශි හා ඒකක

01.02.00 – භෞතික රාශි හා ඒකක

භෞතික රාශි

  • පද්ධතියක් සතු යම් ගුණාංගයක් ඍජුවම හෝ වක්‍රාකාරව හෝ මැනිය හැකි නම් එම ගුණාංගය භෞතික රාශියක් ලෙස හැඳින්වේ.
  • සෑම විටම භෞතික රාශියකට විශාලත්වක් පවති. ඇතැම් විට දිශාවක්ද පවතී.
  • මේ අනුව කොටස් 2 කට බෙදිය හැක.

දෛශික රාශි

  • විශාලත්වයක් හා දිශාවක් පවතින දෛශික ආකලන නියමය පිළිපදින භෞතික රාශි

උදා:බලය, ප්‍රවේගය, ත්වරණය

අදිශ රාශි

  • විශාලත්වයක් හා පමණක් පවතින භෞතික රාශි

උදා:දුර වේගය, කාලය, ශක්තිය (ඒකක සහිත)

උදා:වර්තනාංකය, කාර්යක්ෂමතාව, ඝර්ෂණ සංගුණකය (ඒකක රහිත)

  • අර්ථ දක්වීම පදනම් කරගෙන භෞතික රාශීන් පහත පරිදි වර්ගීකරණය කළ හැක.
  1. මූලික භෞතික රාශි.
  2. පරිපුරක භෞතික රාශි.
  3. ව්‍යුත්පන්න භෞතික රාශි.

මූලික භෞතික රාශි

  • වෙනත් භෞතික රාශි භාවිත කර වඩාත් සරලව අර්ථ දැක්විය නොහැකි රාශි මූලික භෞතික රාශීන් ලෙස හඳුන්වයි.
මූලික රාශිය සම්මත ඒකකය සම්මත සංකේතය
ස්කන්ධය කිලෝ ග්‍රෑම් kg
දිග මීටරය  m
කාලය තත්පරය s
තාප ගතික උෂ්ණත්වය කෙල්වින් K
විද්‍යුත් ධාරාව ඇම්පියර් A
ද්‍රව්‍ය ප්‍රමාණය මවුල mol
දීප්ත තීව්‍රතාව කැන්ඩෙලා Cd

පරිපූරක රාශින්

කෝණ මැනීම සඳහා භාවිත කරන රාශි දෙකක් මෙනමින් හඳුන්වයි. මේවා මූලික හෝ ව්‍යුත්පන්න ඝනයට අයත් නොවේ.

  • තල කෝණය –  රේඩියන(rad)
  • ඝන කෝණය  – ස්ට’රේඩියන(sr)

ව්‍යුත්පන්න රාශීන්ගේ ඒකක

  • අනෙක් භෞතික රාශීන් භාවිත කර වඩාත් සරලව අර්ථ දැක්විය හැකි භෞතික රාශීන් ව්‍යුත්පන්න භෞතික රාශීන් වේ.
භෞතික රාශිය ලැබෙන ආකාරය ඒකක
වේගය දුර/කාලය m s-1
ප්‍රවේගය                විස්ථාපනය/කාලය m s-1
ත්වරණය ප්‍රවේග වෙනස/කාලය m s-2
ගම්‍යතාවය ස්කන්ධය × ප්‍රවේගය kg m s-1
බලය      ස්කන්ධය × ත්වරණය N / kg m s-2
කාර්යය බලය × විස්ථාපනය J / kg m2 s-2
ශක්තිය  කරන ලද කාර්යය ප්‍රමාණය J / kg m2 s-2
ක්ෂමතාව              කාර්යය/කාලය W / kg m2 s-3
වර්ගඵලය දිග × පළල m2
පරිමාව  දිග × පළල × උස m3
පීඩනය අභිලම්භ බලය/වර්ගඵලය Pa / kg m-1 s-2
ඝනත්වය ස්කන්ධය/පරිමාව kg m-3
කාර්යක්ෂමතාව  ප්‍රතිදාන ක්ෂමතාව/ප්‍රදාන ක්ෂමතාව ඒකක නැත
සාපේක්ෂ ඝනත්වය වස්තුවේ ඝනත්වය/ජලයේ ඝනත්වය ඒකක නැත
වර්තනාංකය රික්තයේදී ආලෝකයේ ප්‍රවේගය/කිසියම් මාධයකදී ආලෝකයේ ප්‍රවේගය ඒකක නැත
  • ඉහත ඒකක දෙස බැලීමේදී ව්‍යුත්පන්න භෞතික රාශි පහත අවස්ථාවලට වෙන් කළ හැක.
  1. විශේෂ නම් සහිත ඒකක පවතින රාශි.
  2. විශේෂ නම් රහිත ඒකක පවතින රාශි. (kg m-3 /m3  /m2 )
  3. ඒකක නොමැති භෞතික රාශි.
  • භෞතික රාශීන් මැනීම සඳහා විවිධ රටවල පුද්ගලයන් ඒ සඳහා විවිධ ඒකක භාවිත කරනු ලබයි.
  1. cgs ක්‍රමය
  2. FPs ක්‍රමය
  3. mks ක්‍රමය
  • මෙලෙස විවිධ ඒකක වර්ග භාවිත කිරීම වෙනුවට මූලික සම්මතයක් ලෙස SI ඒකක ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙහි දී භෞතික රාශි වර්ගීකරණය කරන්නා සේම ඒකක ද වර්ගීකරණය කරනු ලබයි.

විශේෂ නම් සහිත ව්‍යුත්පන්න ඒකක

රාශිය S.I. ඒකකය සංකේතය
බලය නිව්ටන් N
ශක්තිය ජූලය J
ජවය වොටය W
පීඩනය පැස්කලය Pa
සංඛ්‍යාතය හර්ට්ස් Hz
ධ්වනි තීව්‍රතා මට්ටම ඩෙසිබෙල් dB
චුම්බක ස්‍රාව ඝණත්වය ටෙස්ලාව T
චුම්බක ස්‍රාවය වේබරය Wb
ප්‍රතිරෝධය ඕමය Ω
විද්‍යුත් ආරෝපනය කූලෝමය C
ධාරිතාව ෆැරඩය F
සක්‍රීයතාවය බෙකරල් Bq

 

ගුණාකාර හා උප ගුණාකාර

  • භෞතික විද්‍යාවේදී විවිධ විශාලත්වයන් සහිත රාශීන් ප්‍රායෝගිකව මැනිය යුතු වේ.
  • මෙලෙස විවිධ සංඛ්‍යාවන් වඩා පහසුවෙන් ප්‍රකාශ කිරීම සඳහා මෙවැනි සංකේතයන් භාවිත වේ. ඒවා ගුණාකාර හා උප ගුණාකාර ලෙස කොටස් දෙකකි.

ගුණාකාර

විශාලත්වය 1 ට වඩා විශාල අගයන් ගුණාකාර ලෙස හඳුන්වනු ලබයි.

ගුණාකාරය

සංකේතය

වටිනාකම

කිලෝ

k

103

මෙගා

M

106

ගිගා

G

109

ටෙරා

T

1012

පෙටා

P

1015

එක්සා

E

1018

හෙක්ටෝ

H

102

ඩෙකා

da

101

උප ගුණාකාර

විශාලත්වය 1 ට වඩා වැඩි අගයන් මෙන්ම 1 ට වඩා කුඩා  අගයන් ද ප්‍රායෝගිකව මැනිය යුතු වේ. ඒවා පහසුවෙන් ප්‍රකාශ කිරීම සඳහා උප ගුණාකාර භාවිත කරයි.

උප ගුණාකාරය

සංකේතය

වටිනාකම

මිලි

m

10-3

මයික්‍රෝ

µ

10-6

නැනෝ

N

10-9

පිකෝ

P

10-12

ෆෙම්ටෝ

F

10-15

ඇටෝ

A

10-18

ඩෙසි

D

10-1

සෙන්ටි

c

10-2

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom