රසායන විද්‍යාවදවසට පාඩමක්01.03.01 - ඉලෙක්ට්‍රෝන වින්‍යාස

01.03.01 – ඉලෙක්ට්‍රෝන වින්‍යාස

ඉලෙක්ට්‍රෝන පිරීමේ රටාවට අදාල මූලධර්ම සහ නීති

1.පවුලි බහිෂ්කාර මූලධර්මය

මින් පැහැදිලි කරනුයේ යම් කාක්ෂිකයක උපරිම ඉලෙක්ට්‍රෝන 2කට වඩා පැවතිය නොහැකි බවයි. එමෙන්ම ඉලෙක්ට්‍රෝන 2 ක් පවතින කාක්ෂිකවල ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවලට භ්‍රමණය වෙමින් පවතී. ශක්තිය වැඩිවන පිලිවලට කාක්ෂිකයට ඉලෙක්ට්‍රෝන පිරීම සිදු වේ.

පරමාණුවක යම් ඉලෙක්ට්‍රෝනයක් සදහා වන ක්වොන්ටම් අංක කුලකය එයටම අන්‍යය වන බවත් ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංකය පැවතිය නොහැකි බවත් තවදුරටත් මෙයින් පැහැදිලි කෙරේ.

2.හූන්ඩ්ස් නියමය 

උපශක්‍ති මට්ටමක පිහිටි කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී පළමුව සෑම කාක්ෂිකයකටම ඉලෙක්ට්‍රෝන එක බැගින් පිරී දෙවනුව යුගලනය වන බව මෙයින් කියැවේ. 

කාක්ෂිකයක පවතින ඉලෙක්ට්‍රෝන අර්ධ ඊ හිසකින් සමන්විත ඊතලයක් මගින් නිරූපණය කරනු ලැබේ.කාක්ෂිකය තුල ඉලෙක්ට්‍රෝන 2ම පවතියි නම් ඒවා යුගලනය වූ ඉලෙක්ට්‍රෝන ලෙසත් 1 බැගින් පවතියි නම් ඒවා වියුග්ම ඉලෙක්ට්‍රෝන ලෙසත් සැලකේ.

 පූර්ණ පිරීම අර්ධ පිරීම

s කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීමේ රටා,

 p කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීමේ රටා,

      p1 < p2 < p3 < p4 < p5 < p6

             ස්ථායිතාව වැඩි වේ

  • np3 අර්ධ පිරීම වඩා np6 පූර්ණ පිරීම ස්තාථායිතාවයෙන් වැඩිය.
  • np3 අර්ධ පිරීමට වඩා np5 පිරීම ස්ථායිතාවයෙන් අඩුය.

d කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීමේ රටා,

  • d කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීමේදී nd5 nd10 විශේෂ ස්ථායිතාවයක් පෙන්වයි.

3.අවුෆ්බාවූ මූලධර්මය ( ගොඩනැංවීමේ මූලධර්මය )

  • එක් එක් ප්‍රධාන ශක්ති මට්ටම් තුල උපශක්ති මට්ටම්වල අන්තර්ගත වූ කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරෙනුයේ ශක්තිය ක්‍රමානූකූල ලෙස වැඩිවන අනුපිළිවෙලටය. එහිදී උපශක්ති මට්ටම්වල ශක්තිය වැඩිවන අනුපිළිවෙල පහත පරිදිය.
  • ඒ අනුව ශක්තිය වැඩිවන අනුපිළිවෙලට උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරීමේ අනුපිළිවෙල පහත පරිදි වේ.

1s < 2s < 2p < 3s < 3p < 4s < 3d < 4p < 5s < 4d < 5p < 6s < 4f < 5d < 6p < 7s <5f <6d <7p

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය

ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යනුවෙන් අදහස් වන්නේ පරමාණුවක හෝ අයනයක ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ව්‍යාප්ත වී ඇති අකාරයයි. මෙහිදී ප්‍රධාන ශක්ති මට්ටම් ,උපශක්ති මට්ටම් හා කාක්ෂික යන ව්‍යාප්ති ඒකක තුන තුළ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය සලකා බැලේ.මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා දැක්වීම පහත ආකාර වේ.

#

Element

Electron configuration

1

Hydrogen

1s1

2

Helium

1s2

3

Lithium

1s2  2s1

4

Beryllium

1s2s2

5

Boron

1s2s2p1

6

Carbon

1s2s2p2

7

Nitrogen

1s2s2p3

8

Oxygen

1s2s2p4

9

Fluorine

1s2s2p5

10

Neon

1s2s2p6

11

Sodium

1s2s2p6  3s1

12

Magnesium

1s2s2p6  3s2

13

Aluminum

1s2s2p6  3s3p1

14

Silicon

1s2s2p6  3s3p2

15

Phosphorous

1s2s2p6  3s3p3

16

Sulfur

1s2s2p6  3s3p4

17

Chlorine

1s2s2p6  3s3p5

18

Argon

1s2s2p6  3s3p6

19

Potassium

1s2s2p6  3s3p6  4s1

20

Calcium

1s2s2p6  3s3p6  4s2

21

Scandium

1s2s2p6  3s3p6  4s3d1

22

Titanium

1s2s2p6  3s3p6  4s3d2

23

Vanadium

1s2s2p6  3s3p6  4s3d3

24

Chromium

1s2s2p6  3s3p6  4s3d4

 

  • 3d4 පිරීමට වඩා 3d5 පිරීම ස්ථායීතාවයෙන් වැඩි බැවින් 4s වලින් වලින් ඉලෙක්ට්‍රෝනයක් 3d වෙතට සංක්‍රමණය වෙමින් 4s13d5 ස්ථායි වින්‍යාසය ලබා ගනියි.

 

 
  • මෙසේ වීමට නම් අදාල ශක්ති මට්ටම් එකිනෙක ආසන්නයේ තිබිය යුතු අතර ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයට අදාල ශක්තිය අඩු අගයක් විය යුතුය.පහත රූපයේ දැක්වෙන්නේ උපශක්ති මට්ටම් වල විභව ශක්ති වැඩි වීමේ පිලිවලයි.
  • පරමාණුක ක්‍රමාංකය 25 සිට 40 දක්වා මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පහත පරිදි වේ

 

25

Manganese

1s2s2p6  3s3p6  4s2  3d5

26

Iron

1s2s2p6  3s3p6  4s3d6

27

Cobalt

1s2s2p6  3s3p6  4s3d7

28

Nickel

1s2s2p6  3s3p6  4s3d8

29

Copper

1s2s2p6  3s3p6  4s3d10

30

Zinc

1s2s2p6  3s3p6  4s3d10

31

Gallium

1s2s2p6  3s3p6  4s3d4p1

32

Germanium

1s2s2p6  3s3p6  4s3d4p2

33

Arsenic

1s2s2p6  3s3p6  4s3d4p3

34

Selenium

1s2s2p6  3s3p6  4s3d4p4

35

Bromine

1s2s2p6  3s3p6  4s3d4p5

36

Krypton

1s2s2p6  3s3p6  4s3d4p6

37

Rubidium

1s2s2p6  3s3p6  4s3d10 4p5s1

38

Strontium

1s2s2p6  3s3p6  4s3d10 4p5s2

39

Yttrium

1s2s2p6  3s3p6  4s3d10 4p5s4d1

40

Zirconium

1s2s2p6  3s3p6  4s3d10 4p5s4d2

 

 

  • පරමාණුක ක්‍රමාංකය 41ට වැඩි ඇතැම් මූලද්‍රව්‍ය අවුෆ්බාවූ නියමය නොසලකා හරිමින් ස්ථායි වින්‍යාස ද නොසලකා හරිමින් සංකීර්ණ ආකාරයට පිරේ.

                  උදා : 41, 43, 44, 45, 46

උපශක්ති මට්ටම්වල ඉලෙක්ට්‍රෝන සංකේත කිරීම

3d6

3  → ප්‍රධාන ශක්ති මට්ටම   

d  →   උපශක්ති මට්ටම

6  →    එහි වූ ඉලෙක්ට්‍රෝන ගණන

  • 3 වන ප්‍රධාන ශක්ති මට්ටමේ d උප මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් ඇති බව මින් අදහස් කෙරේ.

උදා : යකඩ වල පරමාණුක ක්‍රමාංකය 26කි. එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා සංයූජතා කවචයේ ඉලෙක්ට්‍රෝන නිරූපණය කර වියුග්ම ඉලෙක්ට්‍රෝන ගණන සොයන්න.

  • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය = 1s2 2s22p6 3s23p63d6 4s2
  • පරමාණුක ක්‍රමාංකය = 26

අවසාන ශක්ති මට්ටම = 4s2

  • වියුග්ම ඉලෙක්ට්‍රෝන = 4 

කැටායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම

  • පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ වූ උපශක්ති මට්ටමෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කර අනුරූප කැටායන සාදයි.

උදා :Fe    – 1s2s2p6  3s3p6  3d6  4s2

       Fe2+ – 1s2s2p6  3s3p6  3d5

       Fe3+ – 1s2s2p6  3s3p6  3d5

 

       Cr    – 1s2s2p6  3s3p6  3d6  4s1

       Cr2+ –  1s2s2p6  3s3p6  3d4

       Cr3+ –  1s2s2p6  3s3p6  3d3

 

       Co    – 1s2s2p6  3s3p6  3d6  4s2

       Co2+ –  1s2s2p6  3s3p6  3d7

       Co3+ – 1s2s2p6  3s3p6  3d6

 

       Cu    – 1s2s2p6  3s3p6  3d10  4s1

       Cu+   – 1s2s2p6  3s3p6  3d10

       Cu2+  –  1s2s2p6  3s3p6  3d9

  • මින් ජලීය ද්‍රාවණ වලදී වඩා ස්ථායි වනුයේ Cu2+ වේ. ජලීය ද්‍රාවණයේදී ස්ථායීතාව කෙරෙහි සජලන එන්තැල්පිය බලපායි. අරය අඩු වී ආරෝපණය වැඩි වන විට මෙය වැඩි වේ.
  • ඉලෙක්ට්‍රෝන පිරීමේ ස්ථායිතාව මත අයන වල ස්ථායිතාව කතා කරනුයේ වායුමය අවස්ථාවලදී පමණි.

ඇනායන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම

  • පරමාණුවක අවසාන උපශක්ති මට්ටම පිරෙන තෙක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන සාදයි. මේ අනුව H , He වින්‍යාසය ලබා ගන්නා අතර අනෙක් සෑම අයනයක්ම ns2 np6 නිෂ්ක්‍රිය වායු වින්‍යාසය ලබා ගනියි. එබැවින් H හැර අනෙක් ඇනායන වල බාහිර උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් ඇත.
\begin{array}{l}\mathrm H\;\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^1\\\\\mathrm H^-\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\\\\\mathrm O\;\;\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^4\\\\\mathrm O^{2-}\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^6\\\\\mathrm S\;\;\;\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^6\;\;3\mathrm s^2\;\;3\mathrm p^4\\\\\mathrm S^{2-}\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^6\;\;3\mathrm s^2\;\;3\mathrm p^6\\\\\mathrm N\;\;\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^3\\\\\mathrm P\;\;\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^6\;\;3\mathrm s^2\;\;3\mathrm p^3\\\\\mathrm P^{2-}\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;1\mathrm s^2\;\;2\mathrm s^2\;\;2\mathrm p^6\;\;3\mathrm s^2\;\;3\mathrm p^6\end{array}

 

උදා : x හා y නම් මූලද්‍රව්‍ය  02ක් x2- , Y3- නම් ඇනායන සාදයි.මෙම ඇනායන වල බාහිර උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන nx හා ny ආකාර වේ නම් සත්‍ය වනුයේ,

i)nx = ny = 8        ii)  nx = ny = 8        iii) nx = ny = 6        iv) nx = ny = 6

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet