01.04.01 – මිනුම් උපකරණවල මූලධර්ම

මිනුම් උපකරණ

භෞතික විද්‍යාවේදී නොයෙකුත් භෞතික රාශීන් ගණනය කිරීම සඳහා අප විසින් භාවිත කරනු ලබන විවිධ මිනුම් මත අදාළ රාශින්ගේ නිරවද්‍යතාවය තීරණය වේ. උදාහරණයක් ලෙස ගෝලයක පරිමාව ගණනය කරන අවස්තාවක අපට ගෝලයේ විෂ්කම්භය මැන ගැනීමට සිදු වේ. මෙහිදී විෂ්කම්භය මැනීමේදී සිදුවන ඉතා කුඩා දෝෂයක් පරිමාව ගණනය කිරීමේදී විශාල දෝෂයක් ඇති කළ හැක.

යම් මිනුමක් ලබා ගැනීමේදී එම මිනුමේ නිරවද්‍යතාවය හේතු කිහිපයක් බලපෑ හැක. මිනුම් ලබාගන්නා පුද්ගලයාගේ හැකියාව, පරිසර තත්ත්ව උදාහරණ වේ. මේ අතර වඩා වැදගත් සාධකය වන්නේ මිනුම් ලබා ගැනීමට භාවිත කරන මිනුම් උපකරණයයි. මිනුමක් ලබා ගැනීමට භාවිත කරන මිනුම් උපකරණය තෝරා ගැනීම ඉතා වැදගත් කරුණක් වන අතර මිනුමේ විශාලත්වය සහ ස්වභාවය මත මෙම තෝරාගැනීම් මුලිකව සිදු කරනු ලබයි.

යාන්ත්‍ර විද්‍යාවේදී බහුලව භාවිත කරන මිනුම් උපකරණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැක.

  1. දිග මනින උපකරණ.
  2. ස්කන්ධය මනින උපකරණ.
  3. කාලය මනින උපකරණ.

තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ වන විට මුලික මිනුම් ලබා ගැනීමෙන් භෞතික රාශි ගණනය කිරීම වෙනුවට සෘජුවම භෞතික රාශි මැන ගත හැකි උපකරණ පවතී.

  • උදා: වේගය මැනීම සිදු කරන්නේ ය්ස්ම් කාලයක් තුල සිදු වූ විස්තාපනය මැනගෙන ඉන්පසුව එම මිනුම් දෙක භාවිත කර වේගය ගණනය කිරීම වුවද මේ වන විට වේගය සෘජුවම මැනිය හැකි වේගමාන නිර්මාණය වී ඇත.

වර්නියර් පරිමාණය

  • මීටර් කෝදුවකින් මැනිය හැකි කුඩාම දිග 1 mm වේ.
  • සාමාන්‍යයෙන් යම් මිනුමක් 0.1mm දක්වා මැන ගැනීමට වර්නියර් පරිමාණය යොදා ගනී.

මෙය පරිමාණ දෙකකින් යුක්ත ය.

  1. ප්‍රධාන පරිමාණය (Main Scale)
  • මිලි මීටර් වලින් ලකුණු කර ඇත.

2. වර්නියර් පරිමාණය (Verniere Scale)

  • ප්‍රධාන පරිමාණය මත දෙපසට චලනය කල හැකි වන පරිදි නිපදවා ඇත.
  • ප්‍රධාන පරිමාණයේ තෝරාගත් කොටස් ගණනක අඩංගු මුළු දිග ප්‍රමාණය නැවත සමාන කොටස් කිහිපයකට බෙදා මෙම පරිමාණය නිර්මාණය කර ඇත.

ප්‍රධාන පරිමාණයේ එක් කොටසක දිග=1mm

වර්නියර් පරිමාණයේ එක් කොටසක දිග=0.9mm

කුඩාම මිනුම

  • ප්‍රධාන පරිමාණයේ එක කුඩා කොටසක හා වර්නියර් පරිමාණයේ එක කුඩා කොටසක් අතර වෙනස

මිනුම් උපකරණ වල පාඨාංක ලබා ගැනීමේදී ඇතිවන දෝෂ

ඒකාංග දෝෂ

  • උපකරණයක පැවතිය හැකි යම් දෝෂ හේතුවෙන් පාඨාංකයට ඇතිවන දෝෂ වේ .

අසම්පාත දෝෂය

  • උපකරණයේ ( මිනුම ලබාගන්නා පරිමාණය සහිත කොටසේ ) ඝනකමක් පැවතීම නිසා ලබාගන්නා පාඨාංකය දෝෂ සහිත එකක් විය හැකියි .
  • එය ඒකාංග දෝෂයක් වන අතර අසම්පාත දෝෂය ලෙස හඳුන්වනු ලබයි .

මූලාංක දෝෂය

  1. මෙය ද ඒකාංග දෝෂයකි.

අහඹු දෝෂ

  • ඒකාංග දෝෂ නිවැරදිව ගණනය කර එම දෝෂ ශෝධනය කළ පසු ඉතිරි වන දෝෂයි.
  • යම් පාඨාංක ගැනීමේ දී ආසන්න අගයකට කියවා ගනු ලැබේ. එවිට ඇති වන දෝෂ ද අහඹු දෝෂ ගණයට වැටේ.

උදා :

  • දෝෂ සහිත මිනුම් වල නිරවද්‍යතාව තහවුරු කිරීම සහ දෝෂ අවම වන ආකාරයට පරාසයක් ලබා දී ඇති වන දෝෂ නිවැරදි කළ හැක .

උදා :

උපරිම දෝෂය ගණනය කළ හැකි ක්‍රම :

භාගික දෝෂය

  • බොහෝ උපකරණ වල උපකරණයේ දෝෂය ලෙස සලකන්නේ උපකරණයේ කුඩාම මිනුමයි .

 

ප්‍රතිශත දෝෂය

  • සාමාන්‍යයෙන් මිනුමක් සුදුසු යැයි පිළි ගැනෙන්නේ මිනුම ලබා ගැනීමේ දී සිදු වන දෝෂ ප්‍රතිශතය 1% ක් හෝ ඊට වඩා අඩු නම් පමණි.
  • ඒ අනුව මීටර් රූලක් සුදුසු වන්නේ 10cm ට වඩා විශාල දිගක් මැනීමට පමණි.

Video links:

මිනුම් උපකරණ හැඳින්වීම/දෝෂ වර්ග/වර්නියර් කැලිපරය භාවිතය හා ඒ ආශ්‍රිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පු ආමානය/ගෝල මානය/පාඩම ආශ්‍රිත ගැටළු
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.