වර්නියර් කැලිපරය
පිටත හනු
- සිලින්ඩරයක බාහිර විෂ්කම්භය වැනි මිනුමක් ගැනීමට
ඇතුළත හනු
- බීකරයක අභ්‍යන්තර විෂ්කම්භය වැනි මිනුමක් ගැනීමේදී
කූර
- බීකරයක ගැඹුර වැනි මිනුමක් ගැනීමේ දී
මුරිච්චි ඇණය
- කිසියම් මිනුමක් ගැනීමේ දී සර්පණ හනුව අචලව පවත්වා ගැනීමට.
වර්නියර් කැලිපරයෙන් පාඨාංක ලබා ගන්නා ආකාරය
- පාඨාංක ලබා ගත යුතු වස්තුව පළුදු නොවන සේ හනු අතර සිර කර ප්‍රධාන පරිමාණය මගින් කියවා ගත හැකි පරිමාණය ආසන්න මිලි මීටරයට කියවා ගන්න.
- ඉන් පසු ප්‍රධාන පරිමාණය සමඟ සමපාත වන වර්නියර් පරිමාණයේ කොටස් ගණන කියවා ගෙන එය කුඩාම මිනුමෙන් ගුණ කර ප්‍රධාන පරිමාණයට එකතු කරන්න.
පාඨාංකය = ප්‍රධාන පරිමාණයේ කියවීම + (වර්නියරයේ සමපාත කොටස් ගණන x කුඩාම මිණුම)
වර්නියර් පරිමාණයෙන් පාඨාංක ගොඩනැගෙන අයුරු
- XY මැනිය යුතු දිගයි. X ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය හා සමපාත වන පරිදි තබා වර්නියර් පරිමාණය ප්‍රධාන පරිමාණය ඔස්සේ සර්පනය කර Y කෙලවර සමඟ ස්පර්ශ කරනු ලැබේ.
XY දිග= (4.2 + a) cm
- ප්‍රධාන පරිමාණයේ 4.2cm නිවැරදිව මැන ගත හැකි වුවද a දිග නිවැරදිව මැනිය නොහැකිය.
- a දිග නිවැරදිව ගණනය කර එය 4.2cm ට එකතු කිරීමෙන් XY හි නිවැරදි දිග ලැබේ.
a මැන ගැනිම
ඉහත රූපයේ වර්නියර් පරිමාණයේ රේඛාවක් සමඟ ප්‍රධාන පරිමාණයේ රේඛාවක් සමපාත වන ස්ථානය හඳුනා ගන්න. රූපයෙන් පෙනීයන්නේ වර්නියර් පරිමාණයේ 5 කොටස ප්‍රධාන පරිමාණයේ 4.7 රේඛාව සමඟ සමපාත වන බවයි.
- ප්‍රධාන පරිමාණයේ 4.6 රේඛාව හා ව’නියර් පරිමාණයේ 4 රේඛාව අතර වෙනස = 1/10mm
- ප්‍රධාන පරිමාණයේ 4.5 රේඛාව හා ව’නියර් පරිමාණයේ 3 රේඛාව අතර වෙනස = 2/10mm
- ප්‍රධාන පරිමාණයේ 4.4 රේඛාව හා ව’නියර් පරිමාණයේ 2 රේඛාව අතර වෙනස = 3/10mm
- ප්‍රධාන පරිමාණයේ 4.3 රේඛාව හා ව’නියර් පරිමාණයේ 1 රේඛාව අතර වෙනස = 4/10mm
- ප්‍රධාන පරිමාණයේ 4.6 රේඛාව හා ව’නියර් පරිමාණයේ 4 රේඛාව අතර වෙනස = 5/10mm
XY හි නිවැරදි දිග =(4.2+0.05)cm
=4.25cm
වර්නියර් කැලිපරයක මූලාංක දෝෂය
- නිවැරදි වර්නියර් කැලිපරයක බාහිර හනු එකිනෙක ස්පර්ශ වන විට වර්නියර පරිමාණයේ “0” රේඛීය පරිමාණයේ “0” සමග සමපාත විය යුතු ය.
- නමුත් කැලිපරය දිගු කාලයක් භාවිත කිරීමේ දී ඇද වීම , ගෙවී යාම , මළ බැදීම ආදී හේතු නිසා පරිමාණය ඉහත ආකාරයට නො පැවතිය හැකි අතර එය මූලාංක දෝෂයක් ලෙස හඳුන්වයි .
- එම නිසා උපකරණය භාවිතයේ දී මූලාංක දෝෂයක් පවතියි නම් ශෝධනයක් සිදුකර නිවැරදි පාඨාංකය ගැනීමට දැන සිටිය යුතු ය .
ධන මූලාංක දෝෂය (සත්‍යය අගයට වඩා වැඩි අගයක් පෙන්වීම)
- බාහිර හනු එකිනෙකට ස්පර්ශ වන විට වර්නියර් පරිමාණයේ “0” ප්‍රධාන පරිමාණයේ “0” ට ඉදිරියෙන් පවතින අවස්ථාවයි .
- මෙහි දී පෙන්වන පාඨාංකය සත්‍යය අගයට වඩා වැඩි බැවින් දෝෂය ධන (+) වන අතර එම දෝෂය මැන පාඨාංකයක් ලබාගැනීමෙන් පසු එම අගය අඩු කළ යුතු ය .
- එම නිසා මූලාංක ශෝධනය ඍණ (-) වේ .
පහත උදාහරණය දෙස බලන්න.
- හනු වල මල බැඳීම වැනි දේ නිසා ඝනකම වැඩි වී රූපයේ පරිදි වර්නියර් පරිමාණයේ ශුන්‍ය ලකුණ, ප්‍රධාන පරිමාණයේ ශුන්‍ය ලකුණට දකුණු පසින් පිහිටිය හැක. මෙවන් අවස්ථාවක මූලාංක දෝෂය,
- ධන මූලාංක දෝෂය=වර්නියර් පරිමාණයේ සමපාත කොටස් ගණන × කුඩාම මිනුම.
- ඉහත රූපයට අනුව උපකරණයේ මූලාංක දෝෂය 0.3mm වේ.
සෘණ මූලාංක දෝෂය (සත්‍යය අගයට වඩා අඩු අගයක් පෙන්වීම)
- බාහිර හනු එකිනෙකට ස්පර්ශ වනවිට වර්නියර් පරිමාණයේ “0” ප්‍රධාන පරිමාණයේ “0” ට පසුපසින් පවතින අවස්ථාවයි .
- මෙහිදී පෙන්වන පාඨාංකය සත්‍යය අගයට වඩා අඩු බැවින් දෝෂය ධන (-) වන අතර එම දෝෂය මැන , පාඨාංකයක් ලබාගැනීමෙන් පසු එම අගය එකතු කළ යුතුය .
- එමනිසා මූලාංක ශෝධනය ඍණ (+) වේ.
පහත උදාහරණය දෙස බලන්න.
- P,Q හනු ස්පර්ශ වනවිට V හි 0 ලකුණු M හි 0 (ශුන්‍ය) ලකුණට වම් පැත්තෙන් පිහිටයි .
- දැන් V හු 7 වන රේඛාව M හි රේඛාවක් සමග සමපාත වේ .
එහෙත් මුලාංක දෝෂය 0.7 mm නොවේ. (පරිමාණ වල O රේඛා අතර දුරෙහි වෙනස පරීක්ෂා කර බලන්න.)
- V හි රේඛාව M හි O රේඛාව අතර දුර 0.6 mm වේ .
- V හි 0 හා 1 රේඛා අතර දුර 0.9 mm වේ .
- මේ අනුව V හි 0 හා M හි 0 රේඛා අතර දුර 0.9 – 0.6 = 0.3 mm වේ .
- මේ අනුව ශුන්‍ය දෝෂය = 0.3 mm වේ .
- එනම් V හි 0 ලකුණ M හි 0 ලකුණට වම් පැත්තෙන් පිහිටයි නම් M හි රේඛාවක් සමග සමපාත වන V හි රේඛාවේ අංකය V හි ඇති මුළු කොටස් සංඛ්‍යාවෙන් අඩු කොට කුඩාම මිනුමෙන් ගුණ කිරීමෙන් මූලාංක දෝෂය ලැබේ .
video links: