දවසට පාඩමක්1 දවස01.01.02 - උපපරමාණුක අංශු(ඉලෙක්ට්‍රෝනය)

01.01.02 – උපපරමාණුක අංශු(ඉලෙක්ට්‍රෝනය)

ඩෝල්ටන්ගේ උපකල්පන වලට අනුව පරමාණුව තවදුරටත් බෙදිය නොහැකි බව පැවසේ.

නමුත් පසුව කල අධ්‍යයනය මගින් පරමාණුව ඊටත් වඩා කුඩා අංශු වලට බෙදිය හැකි බව අනාවරණය විය.

මින් වඩාත් වැදගත් වනුයේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝනයි.

මූලද්‍රව්‍ය පරමාණු ගොඩ නැගී ඇත්තේ මෙම අංශු වර්ග තුනෙනි.

ඉහත අංශු වර්ග තුනම සෑම පරමාණුවකම නැත.

උදා – {}_1^1\mathrm H වල නියුට්‍රෝන නැත.

උපපරමාණුක අංශු අනාවරණය

ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරණ

විද්‍යුත් විච්ඡේදනය පිලිබද ෆැරඩේ නියම භාවිතා කොට සෛද්ධාන්තිකව මූලද්‍රව්‍ය පරමාණුවක් ආශ්‍රිතව තිබිය හැකි කුඩාම විද්‍යුත් ප්‍රමාණය,

\frac{\mathrm F}{\mathrm L}=\;\frac{\mathrm{ෆැරඩේ}\;\mathrm{නියතය}}{\mathrm{ඇඩගාඩ්රෝ}\;\mathrm{අංකය}}\;=\;1.602\times10^{-19}\mathrm C

 

මෙම විද්‍යුත් ප්‍රමාණය විද්‍යුතයේ පරම ඒකකය වන විද්‍යුත් පරමාණුව ලෙස හැදින්වීය.

1891 දී මෙම කුඩා විද්‍යුත් ප්‍රමාණය හැදින්වීමට ස්ටෝනි විසින් ඉලෙක්ට්‍රෝනය යන නම තැබීය.

එබැවින් ස්ටෝනි විසින් ඉලෙක්ට්‍රෝනය පිලිබද පලමුවෙන්ම ප්‍රකාශ කරන ලදි.

කැතෝඩ කිරණ මගින් භෞතිකව පරීක්ෂණාත්මකව ඉදිරිපත් කලේ ජේ.ජේ.තොම්සන් විසිනි.

 

ඉලෙක්ට්‍රෝන හෙවත් කැතෝඩ කිරන අනාවරණය

දෙකෙලවර සවි කල ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර කිලෝ වෝල්ට්(kV)  5 – 10 අතර අධික විභව අන්තරයක් යොදා පීඩනය ක්‍රමයෙන් අඩු කිරීමේදී කැතෝඩය වටා දිලිසීමක් ඇතිවිය.

තවදුරටත් පීඩනය අඩු කරන විට දිලිසුම කැතෝඩයෙන් වෙන්වී ඇනෝඩය දෙසට යයි.

ඇනෝඩය  හා කැතෝඩය අතර අදුරු ප්‍රදේශයක් ඇතිවන බවද විලියම් කෲක්ස් නිරීක්ෂණය කලේය.මෙය කෲක්ස් අදුරු පෙදෙස නම් වේ.

නලය තුල පීඩනය තවදුරටත් අඩු කිරීමේදී පීඩනය රසදිය මිලිමීටර් 0.1-0.01 ත් අතර පමණ වූ විට නලය පුරා මෙම අදුරු ප්‍රදේශය පැතිර යන අතර එවිට කැතෝඩයේ සිට ඉදිරියට කිරණ කදම්බයක් ගමන් කරන ලදි.මේවා නල‍යේ පැති බිත්ති වල වැදීමෙන් ලා කොල පාටට දිලිසුනි.කැතෝඩයෙන් එන බැවින් තොම්සන් විසින් ඒවා කැතෝඩ කිරණ ලෙස හදුන්වන ලදි.

 

කැතෝඩ කිරණ නලය 

  • පරමාණුව හා විද්‍යුතය අතර සම්බන්ධය සෙවීමට මෙය යොදාගනී.
  • කැතෝඩයේ සිට විහිදෙන කිරන කැතෝඩ කිරණ නම් වේ.
  • කැතෝඩ කිරණ යනු ඉලෙක්ට්‍රෝන ධාරාවකි.

මෙම පරීක්ෂණයෙන් පරමාණු තුල ඉලෙක්ට්‍රෝන ඇති බවට තහවුරුවිය.

කැතෝඩ කිරණවල ලක්ෂණ

  • ගුණාත්මක ලක්ෂණ

1.සරල රේඛීයව ගමන් කරයි.

 පැහැදිලි කිරීම – මෙම කිරණ ගමන් කරන මාර්ගයේ තබන ලද කුරුස හැඩැති ලෝහ තහඩුවක තියුණු මායිම් සහිත සෙවනැල්ලක් කැතෝඩයට ප්‍රතිවිරුද්ධ අන්තයේ ඇතිවීමෙන් මෙය පැහැදිලි වේ.

2.චුම්බක ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ උත්ක්‍රමණය වේ.

පැහැදිලි කිරීම – කැතෝඩ කිරන ගමන් කරන මාර්ගය හරහා චුම්බක ක්ෂේත්‍රයක් යෙදු විට N හෝ S ධ්‍රැව වෙත ආකර්ෂණය නොවන අතර චුම්බක ක්ෂේත්‍රයට අභිලම්බ වන ආකාරයට ඍණ අංශු උත්ක්‍රමණය වූ දිශාවට ඇදේ.

 

3.විද්‍යුත් ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ උත්ක්‍රමණය වේ.

පැහැදිලි කිරීම – කැතෝඩ කිරණවල ගමන් මාර්ගයට ලම්බකව විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදූ විට කිරණ ධන තහඩුව වෙත ඇදේ.එනම් ඍණ ආරෝපිතය.

4.කැතෝඩ කිරණ වලට ගම්‍යතාවක් ඇත.

පැහැදිලි කිරීම –  ගම්‍යතාව = ස්කන්ධය × ප්‍රවේගය

කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ ආධාරකයක් මත භ්‍රමණය විය හැකි හබල් පෙති සහිත සැහැල්ලු රෝදයක පෙති මතට කැතෝඩ කිරණ පතිත කරවූ විට රෝදය භ්‍රමණය වේ.එනම් යාන්ත්‍රික බලයක් යෙදීමේ හැකියාවක් කැතෝඩ කිරණවලට ඇත.එම නිසා ගම්‍යතාවක් ඇත.එනම් කැතෝඩ කිරණ අංශුවලට ස්කන්ධයක් හා ප්‍රවේගයක් ඇත.

 

5.ඉලෙක්ට්‍රෝනය හෙවත් කැතෝඩ කිරණය අංශුවක් වේ.

ඉලෙක්ට්‍රෝන වලට අංශුමය හා තරංගමය ගුණ දෙකම දැක්විය හැකිය.

  • අංශු ලෙස හැසිරෙන බවට සාක්ෂි :- ගම්‍යතාවක් තිබීම.
  • තරංග ලෙසට හැසිරෙන බවට සාක්ෂි :- විවර්තනය සහ නිරෝධනය වැනි තරංග වලටම ආවේණික ගුණ පෙන්වයි.

එනම් ඉලෙක්ට්‍රෝන අංශු හා තරංග යන ආකාර දෙකටම හැසිරෙන අතර මෙම ගුණ දෙකම එකවර පෙන්විය හැක.

6.කැතෝඩ කිරණ හෙවත් ඉලෙක්ට්‍රෝන කැතෝඩ පෘෂ්ඨයට ලම්බකව කැතෝඩයෙන් නිකුත් වේ.

අවතල කැතෝඩයක් භාවිතයෙන් අභිසාරි කැතෝඩ කිරණ කදම්බයක් ලැබේ.උත්තල කැතෝඩයක් භාවිතා කලවිට අපසාරි කැතෝඩ කිරණ කදම්බයක් ලැබේ.

7.අවර්ණය.නමුත් වීදුරු මත ගැටීමෙන් ප්‍රතිදීප්තියක් ඇතිවී කොළ පැහැයෙන් දිස්වේ.

8.කැතෝඩ කිරණවලට තුනී තහඩු හරහා ගමන් කල හැක. වායු අයනීකරණය කල හැක.යම් තත්ත්ව යටතේ විකිරණශීලීව හැසිරේ.එබැවින් එක්ස් කිරණ ලබාගත හැක.

9.යම් වස්තුවක ගැටුන විට එහි උෂ්ණත්වය ඉහළ යයි.

10.ඉලෙක්ට්‍රෝනවල ගුණ නලය තුල ඇති වායුව මත රදා නොපවතී.

11.ඉලෙක්ට්‍රෝනයක් ක්ෂේත්‍රයට ලම්බකව වැටුන විට වෘත්තාකාර මාර්ගයක ගමන් කරන අතර ආනතව වැටුණ විට සර්පිලාකාර මාර්ගයක ගමන් කරයි.

12.ඉලෙක්ට්‍රෝනයෙහි ප්‍රවේගය ආලෝකයෙ ප්‍රවේගයට සමාන නැත.එය මෙන් 0.25 – 0.9 අතර ප්‍රමාණයක් ගනියි.

13.ඉලෙක්ට්‍රෝන යනු විද්‍යුත් චුම්බක විකිරණ නොවේ.

ප්‍රමාණාත්මක ලක්ෂණ

1.මිලිකන් විසින් තෙල් බිංදු පරීක්ෂණයෙන් සොයා ගන්නා ලදී. ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය,

\frac{96487\;\times\;(1\mathrm F)}{6.023\;\times\;10^{23}}\;\;\;=1.6027\times10^{-19}\;\mathrm C

2. e/m අනුපාතය,

ජේ. ජේ තොම්සන් විසින් සොයාගන්නා ලදි.

\frac{\mathrm e}{\mathrm m}=1.759\times10^8\;\mathrm{Cg}^{-1}

නලය තුල කුමන ඉලෙක්ට්‍රෝඩය හෝ කුමන වායුව පැවතියද e වල e/m අනුපාතය ගණනය කලවිට ලැබෙනුයේ එකම අනුපාතයකි.එමෙන්ම පරීක්ෂණාත්මකව සොයාගත්  ආරෝපණයද නියත වේ.එනම් සෑම අවස්ථාවකදීම කැතෝඩ කිරණවල අඩංගු වුයේ එකම අංශු වර්ගයක් බවත් ,එය සෑම පදාර්ථයකටම පොදු වු අංශු වර්ගයක් බවත් තොම්සන් නිගමනය කලේය.

තොම්සන්ගේ කැතෝඩ කිරණ නළය

\begin{array}{rcl}\frac{\mathrm e}{\mathrm m}&=&\;1.759\times10^8\;\mathrm C\;\mathrm g^{-1}\;\;\\\mathrm e\;&=&\;1.602\times10^{-19\;}\mathrm C\;\;\\\mathrm m\;&=&\;9.107\times10^{-31}\;\mathrm{kg}\end{array}

වැඩිදුර අධ්‍යනයට ,

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet