රසායන විද්‍යාවදවසට පාඩමක්04.01.00 - පදාර්ථයේ අවස්ථා තුනෙහි හැදින්වීම

04.01.00 – පදාර්ථයේ අවස්ථා තුනෙහි හැදින්වීම

හැදින්වීම

පදාර්ථය යනු අවකාශයක් අත්කර ගන්නා, ස්කන්ධයක් සහිත ඕනෑම දෙයක් වන අතර , එය දැක්විය හැකි හා ඇල්ලීමට හැකි දෙයක් ලෙස මෙන්ම වාතයේ අපට නොපෙනෙන දෙයක් ද විය හැකිය. සංයුති හා ගුණ පදනම් කරගෙන ද්‍රව්‍ය මිශ්‍රණ ,මූල ද්‍රව්‍ය මෙන්ම පරමාණු සහ අණු ආදී විවිධ ආකාර මෙහිදී හඳුනාගත හැකිය. සියලුම ද්‍රව්‍ය ඝන, ද්‍රව, වායු ලෙස මූලික අවස්ථා තුන පැවතිය හැකිය.

ඝන ද්‍රව හා වායු වල ගුණාත්මක සංසන්දනය

ලක්ෂණය ඝන ද්‍රවය වායු
අංශුවල පිහිටීම ඉතා ළඟින් හා තදින් ඇසිරී ඇත. අංශු තරමක් දුරින් නමුත් ආකර්ෂණ බල සහිතව පවතී. අංශු අපරිමිත දුරකින් පවතින අතර සෑම විටම එම දුර ප්‍රමාණය වෙනස් වේ.
ආකර්ෂණ බල ස්ථිර ප්‍රබල ආකර්ෂණ බල ඇත. දුර්වල වෙනස්වෙන සුළු ආකර්ෂණ බල පවතී. වායු අතර  ආකර්ෂණ බල නොගිණිය හැකි තරම් කුඩා ය.
අංශු චලන හැකියාව චලනය ඉතා අඩුයි.චලිතය කම්පන වලට පමණක් සීමා වේ. තම  අක්ෂය වටා භ්‍රමණය වීමට හෝ කිසියම් සංඛ්‍යාතයකින් අංශු චලනය වීමට හැකිය. පවතින උෂ්ණත්වය යටතේ වඩා වේගයෙන් නිදහස්ව චලනය වේ. 
පරිමාව නියත හා නිශ්චිත වේ. එය අඩංගු භාජනයේ හැඩය ගනී. මතුපිට ස්ථරය තිරස්ව පවතී. අඩංගු බදුන පුරා අවකාශයේ විසිරී යයි.
ඝනත්වය පරිමාව සාපේක්ෂව අඩු නිසා ඝනත්වය ඉතා ඉහළය. ඝනයකට වඩා ඝනත්වය අඩුය.නමුත් තරමක් ඉහළ අගයන් ගනී. ඝනත්වය ඉතා අඩුයි.අගයන් පහළය.
සම්පීඩන හැකියාව සම්පීඩනය කිරීම ඉතා දුෂ්කරය. සම්පීඩනය කිරීම ඉතා දුෂ්කරය. ඉතා ඉහළ සම්පීඩන ගුණයක් ඇත.
ප්‍රසාරණ හැකියාව තාපය හමුවේ සුළු වශයෙන් ප්‍රසාරණය විය හැකියි. ඝනයකට වඩා ප්‍රසාරණය හැකියාව ඉහළය. ඉතා විශාලය. උෂ්ණත්වයේ සුළු වෙනසක දී පවා පරිමාවේ විශාල වැඩිවීම්ක් සිදුවේ.  
  • රත් කිරීමෙන් හෝ සිසිලනයෙන් එක් අවස්ථාවක පවතින පදාර්ථය තවත් අවස්ථාවලට පරිවර්තනය කළ හැකිය. උෂ්ණත්වය වැඩි කිරීමේදී අංශුවල චලන වේගය ඉහළ යෑමත් අංශු අතර දුර වැඩි වීමත් කරණ කොටගෙන පදාර්ථවල අවස්ථා වෙනස් වේ. ඒ අනුව උෂ්ණත්වය වැඩි කිරීමේදී ඝන අවස්ථාවේ ඇති ද්‍රව්‍ය ද්‍රව අවස්ථාවටත්, ද්‍රව අවස්ථාවේ ඇති ද්‍රව්‍ය වායු අවස්ථාවටත් පත්වේ. උෂ්ණත්ව අඩු වීමත් සමග සිදු වන්නේ මෙහි විලෝමයයි. පදාර්ථය එහි අවස්ථා අතර අන්තර්පරිවර්තනයට භාජනය කළ හැකි ආකාරය පහත රූපයෙන් පෙන්නුම් කෙරේ.
  • පදාර්ථයේ ප්‍රධාන අවස්ථාවන් තුනෙහි ගුණ විස්තර කරන විට අංශවල සැකසුම හා චලනය මූලික වේ. විශේෂයෙන්ම යම් ද්‍රව්‍යයක ඇති අණු හෝ පරමාණු වල චලනය නිසා හටගන්නා ශක්තිය තාපජ ශක්තිය වන අතර එය ද්‍රව්‍යයේ උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වේ. එමගින් පදාර්ථයේ ඇති අංශුවල මධ්‍යන්‍ය චාලක ශක්තිය මැනෙන බැවින් එය අංශුවල චලනය හෝ  තාපජ චලිතය සඳහා හේතු වේ.
  • අන්තර් අණුක බල මගින් අණු එකිනෙකට ළංව පැවතීමටත්, තාප ශක්තිය මගින් අණු එකිනෙකින් ඈත් වීමටත් පෙළඹෙන අතර මෙම අන්තර් අණුක බල හා තාපජ ශක්තිය අතර සමතුලිතතාවයෙහි  ප්‍රතිඵලයක් ලෙස පදාර්ථය ඒ ඒ අවස්ථාවන්හි පැවතීම දී තීරණය වේ.
  • අන්තර් අණුක ආකර්ෂණ බල ඉතා දුබල වන විට , උෂ්ණත්වය අඩු කිරීමෙන් තාප ශක්තිය අඩු නොකළ හොත් අණු ද්‍රව හෝ ඝන හෝ ලෙස පැවතීමට නොපෙළඹේ. අණු එකිනෙකට ඉතා තදින් ඇති විට සහ අන්තර් අණුක බල උපරිම ව ඇති විට පවා සම්පීඩනය මඟින් පමණක් වායු අවස්ථා ද්‍රව අවස්ථාවට පත් නොවේ. කෙසේ වුවද උෂ්ණත්වය අඩු කිරීම මගින් අණුවල තාපජ ශක්තිය අඩුවන විට වායු ඉතා පහසුවෙන් ද්‍රව කළ හැකිය. මෙම හැසිරීම් පහත රූපයෙන් දැක්වේ.
  • පදාර්ථයේ ප්‍රධාන අවස්ථා 3 කෙරෙහි අන්තර් අණුක බලවල හා තාපජ ශක්තියේ ප්‍රතිවිරුද්ධ බලපෑමේ ස්වභාවය එමගින් අවබෝධ කර ගත හැක.

වායුමය අවස්ථාව

  • ඉතා කුඩා අංශු වලින් යුත් නිර්මාණය වූ , වේගයෙන් චලනය වන අංශු සමූහයකින් යුක්ත පදාර්ථමය අවස්ථාව වායුමය අවස්ථාවයි.

වායුමය අවස්ථාව පහත සදහන් භෞතික ගුණ අනුව විස්තර කෙරේ.

  • වායු ඉතා සම්පීඩ්‍ය වේ.
  • වායු සෑම දිශාවකටම සමාන අයුරින් පීඩනය ඇති කරයි.
  • වායුවලට ඝන හා ද්‍රව වලට වඩා අඩු ඝනත්වයක් ඇත.
  • වායුවල හැඩය හා පරිමාව නිත්‍ය නොවේ. ඒවා අඩංගු භාජනයේ හැඩය හා පරිමාව ගනී.
  • වායු කිසිම යාන්ත්‍රික බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම හා සමානව එකිනෙක සමග මිශ්‍ර වේ.

පරිපූර්ණ වායු හා තාත්වික වායු.

  • ලක්ෂීය ස්කන්ධයන් ලෙස හැසිරෙන එකිනෙක කෙරෙහි ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල නොපෙන්වන එනම් ස්වභාවයේ  නිදහස්ව හැසිරෙන අංශු සමූහයක් පරිපූර්ණ වායු ලෙස හැඳින්වේ .
  • සැලකිය යුතු විශාල පරිමාවක් දරන එකිනෙක කෙරෙහි සෑම විටම ආකර්ෂණ බල හෝ විකර්ෂණ බල පවතින වායු ආකාර තාත්වික වායු ලෙස හැඳින්වෙයි.
  • එනම් පරිපූර්ණ වායු අතාත්විකයි. එය සංකල්පයක් පමණි.

වැඩිදුර අධ්‍යනය සදහා , 

 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom