05.03.02 එන්ට්‍රොපිය (S)

එන්ට්‍රොපිය (S)

  • පද්ධතියක අඩංගු අංශුවල අහඹු ලෙස චලනය වීමේ හැකියාව හෙවත් පද්ධතියේ අහඹුතාවය පිළිබඳ මිනුමක් ලෙස එන්ට්‍රොපිය හදුන්වයි.
  • එන්ට්‍රොපිය පද්ධතියක අපිළිවෙළ හෙවත් අහඹුතවය වැඩි වීමත් සමඟ අගයෙන් වැඩි වන අවස්ථා ශ්‍රිතයකි.
  • SI   ඒකකය = JK-1
  • එන්ට්‍රොපිය විත්ති ගුණයක් වන අතර, ද්‍රව්‍ය ප්‍රමාණයෙන් බෙදීමෙන් ලැබෙන මවුලික එන්ට්‍රොපිය ඝටනා ගුණයක් වේ .
\boxed{\text{මවුලික එන්ට්‍රොපිය}\;=\;\frac{\text{එන්ට්‍රොපිය}}{\text{ද්‍රව්‍ය ප්‍රමාණය}}}
  • SI ඒකකය = JK-1mol-1
  • සම්මුතියක් වශයෙන් පද්ධතියක එන්ට්‍රොපිය ඉදිරිපත් කෙරෙන්නේ මවුලික එන්ට්‍රොපියක් වශයෙනි.

එන්ට්‍රොපි විපර්යාස (∆S)

  • එන්ට්‍රොපිය අවස්ථා ශ්‍රීතයක් වන බැවින් ඵලවල එන්ට්‍රොපින්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල එන්ට්‍රොපීන්ගේ එකතුව අඩු කළ විට ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි විපර්යාසය ලැබේ .
\boxed{\triangle S\;=\;{\textstyle\sum_{}}S_\text{ඵල}\;-\;{\textstyle\sum_{}}S_\text{ප්‍රතික්‍රියක}\;}
  • සම්මුතියක් වශයෙන් ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය ඉදිරිපත්  කරන්නේ ද සලකන ලද ප්‍රතික්‍රියක හෝ ඵලයක මවුල එකක් සදහා වේ .

සම්මත එන්ට්‍රොපිය (Sᶿ)

  • සම්මත අවස්ථාවේ දී පද්ධතියක් සතු එන්ට්‍රොපියයි.

සම්මත එන්ට්‍රොපි විපර්යාසය (∆Sᶿ)

  • සම්මත අවස්ථාවේ දී සිදුවන ප්‍රතික්‍රියාවක  එන්‍ට්‍රොපි විපර්යාසයයි. ප්‍රතික්‍රියාවක ඵලවල සම්මත එන්ට්‍රොපීන්ගේ එකතුවෙන් ප්‍රතික්‍රියකවල සම්මත එන්ට්‍රොපීන්ගේ  එකතුව අඩු කළ විට ප්‍රතික්‍රියාවේ සම්මත එන්ට්‍රොපි විපර්යාසය ලැබේ.
\boxed{\triangle S^\theta\;=\;{\textstyle\sum_{}}{S^\theta}_\text{ඵල}\;-\;{\textstyle\sum_{}}{S^\theta}_\text{ප්‍රතික්‍රියක}\;}
  • පහත උදාහරණය සලකා බලමු.

X හා Y යනු පිලිවෙලින් ඒකසං‍යුජ සහ ද්වීසං‍යුජ කැටායන සාදන මූලද්‍රව්‍ය 2කි.  25 0C උෂ්ණත්වයේදී ඒවායේ තාප රසායනික දත්ත කිහිපයක් පහත දී ඇත.

රසායනික විශේෂය X(s) Y(s) X+(aq) Y2(aq)
සම්මත මවුලික එන්ට්‍රොපිය / JK-1mol-1 42 27 72 -137
 

                 2X(S)  + Y2+(aq)  →  2X+(aq)  + Y(S) ∆Sᶿ ගණනය කරන්න

                                      ∆Sᶿ  = ∑Sᶿඵල – ∑Sᶿප්‍රතික්‍රියක

                                              =(2 x 72 + 27 ) JK-1mol-1 – (42 x 2 – 137 ) JK-1mol-1            

                                              = 224 JK-1mol-1

විශේෂ කරුණු :

  • පද්ධතියක උෂ්ණත්වය වැඩි කිරීමේදී සෑම විටම එන්ට්‍රොපියහි වැඩිවීමක් සිදු වේ .
  • විලයනය, වාෂ්පීකරණය , ඌර්ධවපාතනය සහ ඝන ද්‍රව්‍යයක් ජලයේ ද්‍රවනය ආදී සියලුම ක්‍රියා වලදී සෑම විටම එන්ට්‍රොපිය වැඩි වීමක් සිදු වේ .
  • ඝනයකට වඩා ද්‍රවයක එන්ට්‍රොපිය වැඩි වන අතර ඝන සහ ද්‍රව දෙකටම වඩා වායුවල එන්ට්‍රොපිය බොහෝ සෙයින් වැඩි වේ .
  • වායුමය අණුවල මවුලික ස්කන්ධය වැඩි වීමේදී එහි එන්ට්‍රොපිය වැඩි වේ .
\begin{array}{l}SO_2\;<\;SO_3\\\\He\;<\;Ne\;<\;Ar\;<\;Kr\\\\CH_3\;<\;C_2H_6\;<\;C_3H_8\end{array}
  • වායුමය අණු සංඛ්‍යාව වැඩි වීමේදී ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපිය සෑම විටම වැඩිවේ. එනම් එවැනි ප්‍රතික්‍රියාවක එන්ට්‍රොපි විපර්යාසය සෑම විට ම ධන අගයක් වේ .
  • කෙල්වින් බින්දුව(0 K) උෂ්ණත්වයේ දී මුලද්‍රව්‍යයක සම්මත එන්ට්‍රොපිය ශුන්‍ය වන බව සැලකෙන අතර එම නිසා සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යක සම්මත එන්ට්‍රොපිය සෑම විට ම ධන අගයක් වේ .
  • ජලීය H+ අයන වල සම්මත එන්ට්‍රොපිය අභිමත වශයෙන් ශුන්‍ය ලෙස සැලකෙන අතර ඊට සාපේක්ෂව අහඹුතාවය වැඩි ජලීය අයනවල එන්ට්‍රොපිය ධන අගයක් ලෙසද ඊට සාපේක්ෂව අහඹුතාවය අඩු ජලීය අයනවල එන්ට්‍රොපිය සෘණ අගයක් ලෙසද සැලකේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom