රසායන විද්‍යාවදවසට පාඩමක්06.02.08 - p ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම

06.02.08 – p ගොනුවේ ද්‍රාවණ හඳුනාගන්න ක්‍රම

01.ඇමෝනියම් ලවණ හඳුනා ගැනීමේ පරීක්ෂණ

  • ඝන ඇමෝනියම් ලවණයට NaOH වැනි ප්‍රබල භෂ්මයක් හෝ Na2CO3 දමා පිටවන වායුව නෙස්ලර් ප්‍රතිකාරකය ට ඇල්ලීම.
  • මෙහිදී රතු ලිට්මස් නිල් කරන වායුව පිට වන අතර එය නෙස්ලර් ප්‍රතිකාරයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු පැහැයට හරවයි.
  • සියලු ඇමෝනියම් ලවණ ප්‍රබල භෂ්ම සමග NH3 පිටකරන අතර NH3 නෙස්ලර් ප්‍රතිකාරකය  කහ දුඹුරු කරයි.
  • NH4+ ලවණයේ ජලීය ද්‍රාවණයට ක්ෂාරයක් දමා නෙස්ලර් ප්‍රතිකාරකය දැමූ විට ද්‍රාවණය කහ දුඹුරු වේ.

02.NO3 හා NO2 හඳුනා ගැනීමේ පරීක්ෂණ

  පරීක්ෂණය NO2වල නිරීක්ෂණය NO3වල නිරීක්ෂණය
1 ඝන ලවණයට ත. H2SO4/HCl දමා රත් කිරීම දුඹුරු පාට(NO2) වායුවක් පිට වේ. වෙනසක් නොවේ
2 ඝන ලවණයට සාන්ද්‍ර H2SO4 දමා රත් කිරීම දුඹුරු පාට(NO2) වායුවක් පිටවේ දුඹුරු පාට(NO2) වායුවක් පිටවේ
3 ලවණ ජලීය ද්‍රාවණයකට Al/Zn සමඟ NaOH දමා රත් කිරීම  නෙස්ලර් ප්‍රතිකාරකයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු කරයි. නෙස්ලර් ප්‍රතිකාරකයකින් පෙඟවූ පෙරහන් කඩදාසියක් කහ දුඹුරු කරයි.

පරීක්ෂණය NO2 වල නිරීක්ෂණය NO3 වල නිරීක්ෂණය
ලවණයේ ජලීය H2SO4 දමා නලයේ බිත්ති දිගේ සෑදූ FeSO4 ද්‍රාවණයක් දැමීම් ද්‍රාවණ දෙක ගැටෙන තැන දුඹුරු වන් වලයක් ඇතිවේ ද්‍රාවණ දෙක ගැටෙන තැන දුඹුරු වන් වලයක් ඇතිවේ(සාන්ද්‍ර H2SO4 යෙදුවොත් පමණක්
ලවණයේ ජලීය ද්‍රාවණයට ආම්ලික KMNO4 දැමීම. දම් පාට අවර්ණ වේ වෙනසක් නොවේ
  • NO3හා  NO2ආම්ලික මාධ්‍යයකදී Al හා ප්‍රතික්‍රියා කර NH3 පිටකරන නිසා නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු කරයි.
  • NO3 හාNO2 සාන්ද්‍ර H­2SO4 මාධ්‍යයකදී Fe2+හා එක්වී NO සාදයි. එය FeSO4 ­­සමඟ එක්වී [Fe(NO)]SO සාදයි. මෙය දුඹුරු පාට අස්ථායී සං‍යෝගයකි. රත්කළ/කැලතුව විට දුඹුරු පාට නැති වී NO වායුව පිටකරයි.

නයිට්‍රයිට හඳුනාගැනීම

නයිට්‍රේට හඳුනාගැනීම

03.S2- හඳුනා ගැනීමෙ ප්‍රතික්‍රියා

සල්ෆයිඩ හඳුනාගැනීම

04.SO32- හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා

 
  • SO32- ජලීය ද්‍රාවණයකට AgNO3(aq) දමා රත් කිරීමේදී, පළමුව සුදු අවක්ෂේපයක් හැදී රත් කළ විට කළු පාට අවක්ශේපක් සෑදේ.
    • SO32-(aq) + 2AgNO3(aq) → Ag2SO3(s) + 2NO3¯(aq)
    • 2Ag2SO3(aq) → 2Ag(s) + Ag2SO4(aq) + SO2(g)
  • SO32- ජලීය ද්‍රාවණයකට Pb(NO3)2/ Pb(CH3COO)2 දමා රත් කිරීම.
  • මුලින් සුදු අවක්ෂේපයක් ඇතිවී රත්කල විටදී සුදු පැහැය එලෙසම තිබේ.
    • SO32-(aq) + Pb(NO3)2(aq) → PbSO3(s) + 2NO3¯(aq)
    • 2PbSO3(aq) + O2(g) → 2PbSO4(aq)
  • මෙම පරික්ෂනය මේ ආකාරයෙන්ම  SO42- සමඟත් සිදූවී මුලින් සුදු පාට අවක්ෂේපය ලබා දී. රත් කල පසුත් ඒ විදියට සුදු අවක්ෂේපය ලෙස පවතී.

05.SO42- හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා

  • SO42- ජලීය ද්‍රාවණයකට BaCl2 හා HCl දැමූ විට සුදු BaSO4 අවක්ෂේපය සෑදේ.
    • H2SO4(aq) + BaCl2(aq) → BaSO4(s) + 2Hcl(s)
  • Ba2+ හි SO32-­/ CO32 – /S2O32- වැනි ලවණ තනුක අම්ල සමඟ දිය වේ.නමුත් SO42- ලවණය එසේ දිය නොවේ.

සල්ෆේට හඳුනාගැනීම

06.S2O32-හඳුනා ගැනීමේ ප්‍රතික්‍රියා

  • ජලීය ද්‍රාවණයකට තනුක අම්ලයක් දැමීමේදී කහ කලිලයක්,අවර්ණ වායුවක් හා ද්‍රාවණයක් ලැබේ.
    • S2O32-(aq) + 2H+(aq) → S(s) + SO2(g) + H2O(l)
  • Ag+ හා Pb2+ සමඟ
    • පරීක්ෂණ දෙක මඟින්ම පළමුව සුදු අවක්ෂේපයක් ලැබේ.  
      • S2O32-(aq) + 2AgNO3(aq) → Ag2S2O3(s) + 2NO3¯(aq) 
      • S2O32-(aq) + Pb(NO3)2(aq) → PbS2O3(s) + 2NO3¯(aq)
  • සෑදෙන Ag2S2O3(s) කාමර උෂ්ණත්වයේදී, වාතයේ ඇති ජල වාෂ්ප සමඟ ප්‍රතික්‍රියා කර Ag2S කළු අවක්ෂේපය සාදයි.

Ag2S2O3(s) + H2O → Ag2S(s) + H2SO4(s)

  • සෑදෙන PbS2O3(s) රත් කිරීමේදී Pb2S කළු සල්ෆයිඩ අවක්ෂේපය සෑදේ.

තයෝසල්ෆේට හඳුනාගැනීම

 

07.හේලයිඩ අයන හඳුනාගැනීමේ ප්‍රතික්‍රියා.

i.ඝන X¯(s) හේල්යිඩ අයනයට සාන්ද්‍ර H2SO4 දමා රත් කිරීම.

(s) + H2SO4(aq) → HF(g) + HSO4(aq)   X  
Cl­¯(s) + H2SO4(aq) → HCl(g) + HSO4¯(aq) X
2Br¯(s) + H2SO4(aq) → 2H2O(l) + Br2(g) SO2(g) දුඹුරු Br2 වායුව පිටවේ
2I¯(s) + H2SO4(aq) → 2H2O(l) + I2(g) SO2(g) දම් I2 වායුව පිටවේ.

ii.Cl2/CCl4 දියර පරික්ෂාව

  • හේලයිඩ වල ජලීය ද්‍රාවණයකට Cl2 දමා කාබනික ස්ථරයට(CCl4) බිංදු 2, 3 ක් දමා කැලතූ පසු කාබනික ස්ථරයේ වර්ණය හේලයිඩ අයන සමඟ වෙනස් වේ.මෙහිදී Cl2 මඟින් හේලයිඩ අයනය විස්ථාපනය කරයි. එම නිසා F¯ සමඟ හා Cl¯ සමඟ කාබනික ස්ථරය අවර්ණ වේ.
  • Br¯ ඇති විට සෑදෙන Br2 නිසා කාබනික ස්ථරය දුඹුරු පැහැ වන අතර,I¯   ඇති විට සෑදෙන I2 නිසා කාබනික ස්ථ‍රය දම් පැහැ වේ. 
    • (aq) + Cl2(g) X
    • 2Cl¯(aq) + Cl2(aq) X
    • 2Br¯(aq) + Cl2(aq) → Br2(aq) + 2Cl¯(aq)
    • 2I¯(aq) + Cl2(aq) → I2(aq) + 2Cl¯(aq)

iii.Ag+ සමඟ

  • AgCl අවක්ෂේපය ඇමෝනියා දැමූ විට දිය වේ. AgBr අවක්ෂේපයය රත් කල විට පමණක් ඇමෝනියා සංකීර්ණය සාදා දිය වේ. AgI අවක්ෂේපයය රත් කළත් දිය නොවේ. පරික්ෂණය ආරම්භ කිරීමට පෙර Ag+ ද්‍රාවණයට HNO3 දමයි.මෙසේ එකතු කරන්නෙ S2- , CN¯ හා PO43- අයනද අවක්ෂේප සාදන නිසායි. නයිට්‍රික්(HNO3) එසේ වීම වළකයි.

iv.Pb2+ සමඟ

  • හේලයිඩ වල ජලීය ද්‍රාවණවලට Pb(NO3)2 හෝ Pb(CH3COO)2 දමා රත් කළවිට සෑදෙන අවක්ෂේපය දියවෙයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.