දවසට පාඩමක්08 දවස07.02.02 - කාබනික සංයෝගවල IUPAC නාමකරණය II

07.02.02 – කාබනික සංයෝගවල IUPAC නාමකරණය II

පියවර 1 – නාමකරණයට නියමිත කාබනික සංයයෝගයේ අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම සහ කාබනික සංයයෝගයේ නාමය අවසන් වන ආකාරය ඒ අනුව තීරණය කිරීම.

  • නාමකරණය කිරිමට නියමිත කාබනික සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පැවතිය හැක.
  • එවිට එම කාබනික සංයෝගයේ වන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වනුයේ ප්‍රමුඛතා අනුපිළිවෙලෙහි ඉහළින්ම පිහිටන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර එය ප්‍රධාන වන විට නාමය අවසන් විය යුතු ආකාරයට කාබනික සංයෝගයේ නම අවසන් කළ යුතු වේ.
  • ප්‍රමුඛ්‍තාවය වැඩිම ක්‍රියාකාරී කාණ්ඩයේ සිට ප්‍රමුඛ්‍තාවය අඩුම ක්‍රියාකාරී කාණ්ඩය දක්වා සුලබව හමු වන ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛ්‍තා අනුපිළිවල සහ එම එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට අදාළ කාබනික සංයෝගයේ නාමය අවසන් විය යුතු ආකාරය පහත වගුවේ දැක්වේ.

ප්‍රමුඛතා ස්ථානය

කාණ්ඩය

 

සදෘශ යේණියේ නාමය

 

ප්රධාන ක්රියාකාරී කාණ්ඩය වශයෙන්

නාමය

1

කාබොක්සිලික අම්ල

oic acid

2

ඒස්ටර

 

oate

3

අම්ල හේලයිඩ

 

oyl halide

4

ඒමයිඩ

amide

5

නයිට්‍රයිල්

nitrile

6

ඇල්ඩිහයිඩ

al

7

කීටෝන

one

8

ඇල්කොහොල

ol

 

9

ඇමයින

amine

10

ද්විත්ව බන්ධන

ene

11

ත්‍රිත්ව බන්ධන

yne

12

ඇල්කේන

ane

 

උදාහරණ :

දී ඇති කාබනික සංයෝගයේ  යන ක්‍රියාකාරී කාණ්ඩය හා -COCl යන ක්‍රියාකාරී කාණ්ඩය පවතී.  ප්‍රමුඛතා අනුපිළිවෙල දී වඩාත් ඉහළින් පිහිටීම අනුව -COCl කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර නාමය  oyl chloride  ලෙස අවසන් විය යුතුවේ.

දී ඇති කාබනික සංයයෝගයේ -OH (ඇල්කොහොල) යන ක්‍රියාකාරී කාණ්ඩය හා -COOH (කාබොක්සිලික අම්ල) යන ක්‍රියාකාරී කාණ්ඩය පවතී. ප්‍රමුඛ්‍තා අනුපිළිවල දී වඩාත් ඉහළින් පිහිටීම අනුව -COOH කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන අතර නාමය oic acid ලෙස අවසන් විය යුතුය.

 

 

පියවර 2 – ප්‍රධාන කාබන් දාමය හඳුනාගැනීම

  • ඕනෑම සංකීර්ණ කාබනික සංයෝගයක ව්‍යුහය නිර්මාණය වීම සිදුවනුයේ කිසියම් මූලික සැකිල්ලකට ආදේශ කාණ්ඩ සම්බන්ධ වීමෙනි.
  • අදාළ මූලික සැකිල්ල එම කාබනික සංයෝගයේ වන ප්‍රධාන කාබන් දාමය ලෙස සැලකේ.
  • තෝරාගත් කාබනික සංයෝගයක වන කාබන් දාම අතුරින් එකක් ප්‍රධාන කාබන් දාමය බවට පත්වීමට,
    • ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අන්තර්ගත වීම.
    • වැඩිම කාබන් පරමාණු ප්‍රමාණයක් හමුවන අඛණ්ඩව ගත හැකි නොකැඩුණු කාබන් දාමයක් වීම.
    • ද්විත්ව/ ත්‍රිත්ව බන්ධන කොටස් පවතී නම් අනිවාර්යෙන් අන්තර්ගත වීම හා ආදේශ කාණ්ඩ හැකිතාක් උපරිම ප්‍රමාණයක් අන්තර්ගත වීම.

යන අවශ්‍යතා එම කාබන් දාමය විසින් සම්පූර්ණ කළ යුතු වේ.

ප්‍රධාන දාමයේ පවතින කාබන් පරමාණු සංඛ්‍යාව අනුව සංයෝගය නමට යෙදෙන නාම මූලය හා අනුරූප හයිඩ්‍රොකාබනයේ නම පහත වගුවේ දැක්වේ.

කාබන් පරමාණු සංඛ්‍යාව

නාම මූලය

අනුරූප හයිඩ්‍රොකාබනයේ නම

1

Methan ____

Meth

Methane

2

Eth

Ethane

3

Prop

Propane

4

But

Butane

5

Pent

Pentane

6

Hex

Hexane

උදාහරණ :

ඉහත දැක්වෙන සංයෝගයේ කාබන් දාම දෙකක් දක්නට හැකි වුවද, සලකුණු කර ඇති කාබන් දාමය ප්‍රධාන දාමය ලෙස තෝරාගෙන ඇත්තේ වැඩිම කාබන් පරමාණු ප්‍රමාණයක් හමුවන අඛ්‍ණ්ඩව ගත හැකි නොකැඩුණු කාබන් දාමයක් වීම නිසාය.

 

පියවර 3 – ආදේශ කාණ්ඩ හඳුනාගැනීම හා ඒවායේ යෙදී ඇති වාර ගණනට අනුරූප පෙර ඈඳුම් පද්‍ය (prefix) තීරණය කිරීම

නාමකරණය කිරීමට ලැබෙන කාබනික සංයෝග වලදී සුලබව හමු වන ප්‍රධාන ආදේශ කාණ්ඩ කිහිපයක් සහ ඒවා සඳහා භාවිතා කරන නාමයන් පිළිබඳව තොරතුරු සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

වාර ගණන

Prefix

2

di

3

tri

4

tetra

5

penta

6

hexa

7

hepta

8

octa

  • එකම ආදේශ කාණ්ඩයක් කීපවාරයක් යෙදී ඇතිවිට යෙදෙන වාර සංඛ්‍යාව විස්තර කිරීම පිණිස භාවිතා කළ යුතු පෙර ඇඳුම් පදය තීරණය කිරීම තුන්වන පියවරේ දී සිදුවේ.
  • යෙදෙන වාර ගණන ට අනුරූපව භාවිතාවන පෙර ඇඳුම් පද පිළිබඳ සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

උදාහරණ :

 

පියවර 4 – ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම

  • දෙවන පියවරේදී හඳුනාගත් ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම  මේ යටතේ සිදු වේ.
  • ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීමට අදාළව සැලකිල්ලට ගත යුතු මූලික කරුණු 5කි.

I. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට හැකිතාක් අවම අංකයක් ලැබෙන සේ ප්‍රධාන කාබන් දාමය අංකනය කළ යුතු වේ.

උදාහරණ :

II. කුමන අන්තයෙන් දාමය අංකනය කිරීම ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C ට එකම අංකය ලැබේ නම් දාමය තුල ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන පවතින විට ඒවා දරන C පරමාණු වලට අඩු අංකය ලැබෙන අන්තයෙන් දාමය අංකනය කිරීම ආරම්භ කළ යුතු වේ.

 උදාහරණ :

III. කුමන අන්තයෙන් අංකනය ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ C ට එකම අඩුම අංකය ලැබේ නම් හා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයෙන් දෙපසම ද්විත්ව හා ත්‍රිත්ව බන්ධන කොටස් ව්‍යාප්තව පවතී නම් ඒවාට හැකිතාක් අවම අංකයක් ලැබෙන සේ දාමය අංකනය කිරීම කළ යුතු වේ.

උදාහරණ :

IV. ප්‍රධාන දාමයේ කුමන අන්තයෙන් දාමය අංකනය ආරම්භ කළ ද ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ Cට එකම අඩු අංකය ලැබේ නම් හා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට සාපේක්ෂව ප්‍රධාන දාමයේ දෙපසින්ම එකම අඩුම අංකය ලැබෙන සේ ද්විත්ව/ත්‍රිත්ව බන්ධන පවතී නම් ද්විත්ව බන්ධන කොටසට ප්‍රමුඛතාවය ලබා දේ.

උදාහරණ :

V. ප්‍රධාන දාමය අංකනය කිරීම පිණිස පෙර සඳහන් අවස්ථා හතරෙන් එකක් හෝ භාවිතා කළ නොහැකි විට කාබනික සංයෝගයේ වන ආදේශ කාණ්ඩවලට හැකිතාක් අඩුම අංකයක් ලැබෙන ලෙසට ප්‍රධාන කාබන් දාමය අංකනය කළ යුතු වේ.

(මෙහිදී ආදේශ කාණ්ඩ දෙකකට එකම අවම අංකය ලැබේ නම් ප්‍රමුඛතාවය ලබා දෙනුයේ අදාල ආදේශ කාණ්ඩයේ නාමයේ මුල් අකුර ඉංග්‍රීසි හෝඩියේ යෙදෙන අනුපිළිවෙළට වේ.)

උදාහරණ :

  • මෙම ප්‍රධාන දාම අංකන අවස්ථා වලට අදාලව ප්‍රධාන දාමය අංකනය කළ පසු ප්‍රධාන දාමය තුල පවතින්නා වූ කාබන් පරමාණු සංඛ්‍යාවට අනුරූප ව ප්‍රධාන දාමයට හිමි නාම මූලය තීරණය කරයි.

ප්‍රධාන දාමය තුල පවතින්නා වූ කාබන් පරමාණු සංඛ්‍යාව

නාම මූලය

1

meth

2

eth

3

prop

4

but

5

pent

6

hex

7

hept

8

oct

9

non

10

dec

 

පියවර 5 – සම්බන්ධිත ආදේශ කාණ්ඩ නාමකරණය කිරීම.

  • ආදේශ කාණ්ඩ IUPAC නාමකරණයේදී ඒ ඒ ආදේශ කාණ්ඩය අංකනය කළ ප්‍රධාන කාබන් දාමයට සම්බන්ධ වන ස්ථානය හා යෙදී ඇති වාර ගණනට අනුරූප පෙර ඇඳුම් පදය දැක්වීම සිදු කෙරේ.
  • ආදේශ කාණ්ඩ කීපයක් නම් කිරීමට ඇති අවස්ථාවලදී අදාළ ආදේශ කාණ්ඩවල නමෙහි මුල් අකුර ඉංග්‍රීසි හෝඩියෙහි යෙදෙන අනුපිලිවෙලට ප්‍රමුඛතාව ලබාදීම සිදුවේ.

     උදාහරණ :

 

පියවර 6 – ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට සහ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගණනට අනුරූප ලෙස නාමය අවසන් කිරීම.

  • ආදේශ කාණ්ඩ අංකනය කර අවසන් වූ පසු ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගණනට අනුරූප නාම මූලය ලිවීම සිදු කෙරේ.

උදාහරණ :

  • ප්‍රධාන දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට හිමි නාම මූලය ලියූ පසු එම සංයෝගය තුළ ප්‍රමුඛ නොවී ද්විත්ව බන්ධන කොටස් හෝ ත්‍රිත්ව බන්ධන කොටස් පවතී නම් ඒවා අදාල බන්ධනය දරන කාබන් පරමාණු වලින් අඩු අංකය සහිත C හි අංකය සමග පිළිවෙලින් ‘en’ හෝ ‘yn’ ලෙසද,  ප්‍රමුඛ වී ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පවතී නම් ඒවා දරන කාබන් පරමාණු වලින් අඩු C හි අංකය සමඟ ගැළපෙන ලෙස ‘ene’ හෝ ‘yne’  ලෙස දක්වමින් නාමය අවසන් කරනු ලැබේ.

 

  • කෙසේවෙතත් සංයෝගයේ පවතින ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය -COOH, -COO-, -COX, -CONH2, -CN, -CHO වන විට ඒවා සෑම විටම ප්‍රධාන කාබන් දාමයේ  පළමු වන කාබන්ගෙන් සම්බන්ධ වන බැවින් අංකය විශේෂිතව දැක්වීම් සිදු නොකළ යුතු වේ.

    උදාහරණ :

 

විශේෂ කරුණු

  • කාබනික සංයෝගයක නාමය ලිවීමේදී ප්‍රමුඛ නොවී පවතින ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳව විස්තරය හා ප්‍රමුඛ වී පවතින ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පිළිබඳව විස්තරය ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට යෙදෙන නාම මූලයට පෙර සඳහන් කිරීමට ද හැකියාව පවතී.

උදාහරණ :

  • නම් කිරීමට නියමිත කාබනික සංයෝගයක් තුළ ප්‍රමුඛ නොවූ ස්වරූපයෙන් -COH කාණ්ඩයක් ප්‍රධාන දාමයේ කෙළවරක පවතී නම් එය oxo කාණ්ඩයක් ලෙස සලකා නාමකරණය සිදුකළ යුතුය.

  උදාහරණ :

-COH  කාණ්ඩය ප්‍රධාන දාමය මැද පවතින විට,

-COH  කාණ්ඩය ප්‍රධාන දාමය කෙළවරේ පවතින විට,

  • නම් කිරීමට නියමිත කාබනික සංයෝගයක් තුළ ප්‍රමුඛ වන ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන කොටස් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් පවතී නම් ගැලපෙන අඩු අංක සහ යෙදෙන වාර ගණනට අනුරූප පෙර ඈඳුම් පද සහිතව IUPAC නාමය ලියන අතරම ප්‍රධාන දාමයේ කාබන් පරමාණු සංඛ්‍යාවට හිමි නාම මූලයට ‘a’ ප්‍රත්‍ය යෙදීමට සිහි තබාගත යුතුවේ.

උදාහරණ :

  • ද්විත්ව හෝ ත්‍රිත්ව බන්ධන පැවතිය හැකි වෙනත් ස්ථාන නොමැති ස්වරූපයේ කාබනික සංයෝග වල නම් ලිවීමේදී එම බන්ධන පවතින ස්ථානවල අංක සඳහන් කිරීමක් සිදු නොකරයි.

උදාහරණ :

  • එස්ටර නාමකරණයේදී තනි බන්ධනයකින් සම්බන්ධ වී පවතින ඔක්සිජන් පරමාණුව හා බන්ධිත හයිඩ්‍රොකාබන කොටස පළමුව විස්තර කර කෙටි ඉඩක් තබා පසුව කාබනිල් කාබන් පරමාණුව පවතින අන්තය නාමකරණය කරනු ලැබේ.

උදාහරණ :

ඇතැම් සුලබ කාබනික සංයෝගවල සුළු නාම නිනර ගැටළු වල යෙදෙන බැවින් මෙම නම් සඳහාද හුරුවිය යුතුය.

සංයෝගය සාමාන්‍ය නාමය IUPAC නාමය
CH3COOH ඇසිටික් අම්ලය ethanoic acid
CH3CHO ඇසිටැල්ඩිහයිඩ ethanal
CH3COCH3 ඇසිටෝන් propanone
CH3CN ඇසිටොනයිට්‍රයිල් ethanenitrile
C2H2 ඇසිටිලීන් ethyne
CHCl3 ක්ලෝරොෆාම් trichloromethane
HOCH2 CH2OH ඒතිලීන් ග්ලයිකෝල් ethene-1,2-diol
HCHO ෆෝමැල්ඩිහයිඩ methanal
HCOOH ෆෝමික් අම්ලය methanoic acid

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom