02.01.02 චලිත ප්‍රස්තාර

1. විස්ථාපන කාල ප්‍රස්තාර 

  • වස්තුවක විස්ථාපනය කාලය අනුව වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්තාර වේ.
  • ප්‍රස්තාරයේ අණුක්‍රමණයෙන් ප්‍රවේගය ලැබේ.

2. ප්‍රවේග කාල ප්‍රස්තාර

  • වස්තුවක ප්‍රවේගය කාලය සමග වෙනස් වන ආකාරය දක්වන ප්‍රස්තාරය වේ.
  • ප්‍රස්තාරයේ අණුක්‍රමණයෙන් ත්වරණය ලැබේ.
  • ප්‍රස්තාරයේ යටත් වර්ගඵලයෙන් විස්ථාපනය ලැබේ.

3.ත්වරණ කාල ප්‍රස්තාර

  • වස්තුවක ත්වරණය කාලය සමග වෙනස්වන ආකාරය දක්වන ප්‍රස්තාර වේ.
  • යටත් වර්ගඵලයෙන් අදාළ කාලය තුළ වස්තුවේ ප්‍රවේග වෙනස ලැබේ.

වැදගත්

  • s-t, v-t, a-t ප්‍රස්තාර අදිනු ලබන්නේ රේඛීය චලිත සදහාය. 
  • විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය දෛශික රාශී නිසා ප්‍රස්තාර ඇදීමේදී කිසියම් දිශාවක් (+) ලෙසද ඊට ප්‍රතිවිරුද්ධ දිශාව (-) ලෙසද සැලකිය ‍යුතුය.

(s-t) ප්‍රස්තාර

විස්ථාපන කාල ප්‍රස්තාරවල විස්ථාපනය වැඩිවීගෙන ගොස් අඩුවන අවස්ථාවලදී චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වේ. එමෙන්ම විස්ථාපනය අඩුවීගෙන ගොස් වැඩිවන අවස්ථාවලදී චලිත දිශාව මාරු වේ. 

(v-t) ප්‍රස්තාර

  • මෙම ප්‍රස්තාර වල ප්‍රවේගයේ ලකුණ (+) සිට (-)හෝ (-) සිට (+) ට මාරු වන අවස්ථාවලදී චලිතයේ දිශාව මාරු වේ.
  • ගුරුත්වය යටතේ ඉහළට ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක චලිත ප්‍රස්තාරය අදින්න.
  • ත්වරණ කාල ප්‍රස්තාර වල චලිත දිශාව මාරු වීම හදුනාගත නොහැක.
 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.