සස්නක සංසද 'සිසුර සාදය' උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහන - 2021

සස්නක සංසද මඟින් සංවිධානය කරන ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන 'සිසුර සාදය' උසස් පෙළ ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය අඛණ්ඩ ව දා හත් වසරක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය දුවා දරුවන් හට සවියක් වෙමින් දිග හැරෙන්නකි. 2020 වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පළමු වරට පෙනී සිට උසස් ප්‍රතිඵල ලබා 2023 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින, ආර්ථිකමය වශයෙන් අත්වැලක් අවැසි, විද්‍යාලයේ, දහම් පාසලේ හෝ ඉන් පරිබාහිර ව විෂය සමගාමී හා විෂය බාහිර කටයුතුවල නිපුණතාවන් සහ නායකත්ව හැකියාවන් සහිත සිසු දරුවන් හට 'සිසුර සාදය - 2021' සඳහා අයදුම් කළ හැකි ය.

විධිමත් තේරීම් ක්‍රියාවලියකට යටත් ව ශිෂ්‍යත්වලාභියෙකු ලෙස තෝරා ගැනෙන සිසු දරුවන් හට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින තෙක් අධ්‍යාපනික අවශ්‍යතා වෙනුවෙන් මාසික ව මූල්‍යමය ප්‍රදානයක් සිදු කරන අතර එයින් ද නො නැවතී විභාග ජයග්‍රහණය අරමුණු කර ගනිමින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථීයන්ගේ ද අධීක්ෂණය යටතේ අභිප්‍රේරණාත්මක සහ අධ්‍යාපනික අත්වැලක් සැපයීම මෙම වැඩසටහනෙහි ස්වභාවයයි. එලෙස ම උසස් පෙළ විභාගයෙන් අනතුරුව සස්නක සංසද ජාලය හරහා ශිෂ්‍යත්වලාභී සිසු දරුවන්ගේ අනාගත සරසවි හා වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවැසි මාර්ගෝපදේශනය ලබා දීම ද වැඩසටහනේ අපේක්ෂාවයි. එලෙස 2004 වර්ෂයේ සිට ක්‍රියාත්මක සිසුර සාදය ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබා අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තලවල සිටින ජීවමාන සාක්ෂ්‍ය බොහොමයි.

https://join.sasnaka.org/sisurasadaya

වෙත පිවිස "සිසුර සාදය 2021" ශිෂ්‍යත්වය සඳහා අයදුම් කරන ලෙසත්, අදාළ ඇමුණුම් 2021 ඔක්තෝබර් මස 15 වන දිනට ප්‍රථම [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන ලෙසත් ඔබට දන්වා සිටිමු.

වැඩිදුර විස්තර සඳහා අමතන්න;

තිසර බණ්ඩාර - 071 776 3561
පවිත්‍රා දුල්මිනී - 071 6973075
සේතිය නිසල් - 077 028 2512

ස්තුතියි!

හසිත විජේසුන්දර
සභාපති - සස්නක සංසද
ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, සමාගම් අධ්‍යක්ෂක
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ආචාර්‍ය චින්තක රත්නවීර
උපදේශක - සිසුර සාදය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රුහුණ විශ්වවිද්‍යාලය

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom