විද්‍යා අංශයජීව විද්‍යාව2.2.1 - සෛලය හා සෛල සංවිධානය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා...

2.2.1 – සෛලය හා සෛල සංවිධානය පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා අන්වීක්ෂවල දායකත්වය

 

ආලෝක අන්වීක්ෂය

  1. සරලතම අන්වීක්ෂය යනු කුමක්ද?
    • තනි විශාලක කාචය

 

2. ආලෝක අන්වීක්ෂය මගින් නිදර්ශකයක ප්‍රතිබිම්බය සෑදෙන අයුරු විස්තර කරන්න.

    • දෘශ්‍ය ආලෝකය නිදර්ශකය තුළින් ගමන් කළ පසු වීදුරු කාච තුළින් ගමන් කරයි.
    • ආලෝකය එම මාර්ගය ඔස්සේ ගමන් කරන විට කාච මගින් වර්තනය කර නිදර්ශකයේ විශාලනය කරන ලද ප්‍රතිබිම්බයක් ඇස වෙත යොමු කරයි.

 

සංයුක්ත ආලෝක අන්වීක්ෂය

3. අන්වීක්ෂවල වැදගත් පරාමිතීන් දෙකක් නම් කරන්න.

    • විශාලනය
    • විභේදන බලය

 

4. විශාලනය යනු කුමක්ද?

    • වස්තුවක ප්‍රතිබිම්බයේ ප්‍රමාණය එම වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතයයි.

 

5. සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලනය කොපමණ ද?

    • නිදර්ශකයේ සත්‍ය ප්‍රමාණය මෙන් 1000 ගුණයක්

 

6. විභේදන බලය යනු කුමක්ද?

    • එකිනෙකින් වෙන් වූ ලක්ෂ්‍ය දෙකක් ලෙස හඳුනා ගත හැකි එම ලක්ෂ්‍ය දෙක අතර ඇති අවම දුරයි. එය නිදර්ශකයේ පැහැදිලි බව පිළිබඳ මිනුමකි.

 

7. ආලෝක අන්වීක්ෂයේ විභේදන බලය කොපමණ ද?

    • මයික්‍රොමීටර 0.2

 

8. සංයුක්ත ආලෝක අන්වීක්ෂය මගින් නිදර්ශකයේ ප්‍රතිබිම්බයක් සාදන අයුරු විස්තර කරන්න.

    • වස්තුව තුළින් පැමිණෙන ආලෝකය පළමුව අවනෙත කාචය තුළින් නිදර්ශකයේ විශාලිත ප්‍රතිබිම්බයක් සාදයි.
    • එම ප්‍රතිබිම්බය දෙවන කාචය මත වස්තුවක් ලෙස ක්‍රියාකරමින් තවදුරටත් ප්‍රතිබිම්බය විශාලනය කරයි.

 

9. සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ සමස්ත විශාලනය සඳහා ප්‍රකාශනයක් ලියන්න.

    • සමස්ත විශාලනය = අවනෙත් කාචයේ විශාලනය × උපනෙත් කාචයේ විශාලනය

 

10. අවනෙත් කාචයේ විශාලනය 50 ද උපනෙත් කාචයේ විශාලනය 15 ද වේ නම්‚ සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ සමස්ත විශාලනය කොපමණ ද?

  •  
    • සමස්ත විශාලනය = 50 × 15

                            = ×750 වාරයක්

 

11. පහත ප්‍රකාශනවල සත්‍ය අසත්‍යතාවය දක්වන්න.

    1. විභේදනය මත අන්වීක්ෂයක විශාලනය සීමා නොවේ.
      • (අසත්‍ය)

 

    ii. අන්වීක්ෂයක සමස්ත විශාලනය එම එක් එක් කාචයේ විශාලනයේ ඵලයකි.

      • (සත්‍ය)

 

    iii. විභේදන බලය තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

      • (සත්‍ය)

 

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය

12. සෛද්ධාන්තිකව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විශාලන බලය කොපමණ ද?

    • 1×108 වාරයක්

 

13. ප්‍රායෝගිකව ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විශාලන බලය කොපමණ ද?

    • 5×105 වාරයක්

 

14. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග දෙක නම් කරන්න.

  •  
    • පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය (SEM)
    • සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය (TEM)

 

සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය

15. මෙම අන්වීක්ෂය භාවිතා කරන අවස්ථාවක් නම් කරන්න.

    • සෙලවල අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනය සඳහා

 

16. මෙහිදී නිදර්ශකයේ ප්‍රතිබිම්බයක් සෑදෙන අයුරු විස්තර කරන්න.

    • යම් ද්‍රව්‍යයක විශේෂයෙන් සකස් කරන ලද තුනී කඩක් හරහා ඉලෙක්ට්‍රෝන කදම්බයක් ගමන් කෙරේ. (ඉතා තුනී නිදර්ශකයක් භාවිතා කෙරේ.)
    • අනෙක් ප්‍රදේශ වලට වඩා සමහර සෛලීය ව්‍යුහ වලට වැඩියෙන් සම්බන්ධ වන බැර ලෝහ මගින් නිදර්ශකය වර්ණ ගන්වයි.
    • නිදර්ශකය තුළින් ගමන් කරන ඉලෙක්ට්‍රෝන රටාව(ප්‍රතිබිම්බය) තිරයක් මතට ප්‍රදර්ශනය කරයි.
    • නිදර්ශකය තුළින් ගමන් කරන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක්, ව්‍යුහ ඝනව වර්ණ ගැන්වී ඇති ප්‍රදේශවල ප්‍රදර්ශනය වේ.

 

පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය

17. මෙහිදී නිදර්ශකයේ ප්‍රතිබිම්බයක් සෑදෙන අයුරු දක්වන්න.

    • සිහින් ඉලෙක්ට්‍රෝන කදම්බයක් නිදර්ශකයේ මතුපිට පෘෂ්ඨය මගින් පරාවර්තනය කරයි.
    • නිරීක්ෂණයට පෙර නිදර්ශකයට වැඩි වශයෙන් රත්‍රන් ආලේප කරයි.
    • මෙම නිදර්ශකය මත පතිත වන ඉලෙක්ට්‍රෝන වලින් වැඩි ප්‍රමාණයක් විසිර යන අතර ඉතිරි ඉලෙක්ට්‍රෝන නිදර්ශකය මගින් අවශෝෂණය කරයි.

 

18. මෙම අන්වීක්ෂය භාවිතා කරන අවස්ථාවක් සඳහන් කරන්න.

    • සෙලීය ව්‍යුහ වල මතුපිට පෘෂ්ඨයේ ත්‍රිමාන පෙනුම නිරීක්ෂණයට

 

19. ආලෝක අන්වීක්ෂය හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අතර වෙනස්කම් වගුගත කරන්න.

ආලෝක අන්වීක්ෂය

ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය

ආලෝක කිරණ නාභිගත කිරීමට වීදුරු කාච භාවිතා කරයි.

ඉලෙක්ට්‍රෝන කදම්බය නාභිගත කිරීමට ප්‍රබල විද්‍යුත් චුම්බක යොදාගනී.

ප්‍රතිබිම්බය කෙළින්ම පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක.

පියවි ඇසින් ප්‍රතිබිම්බය නිරීක්ෂණය කළ නොහැක. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය ඡායාරූප භාවිතා කරයි.

ජීවි නිදර්ශක මෙන්ම අජීවි නිදර්ශක ද නිරීක්ෂණය කළ හැක.

අජීවි නිදර්ශක පමණක් නිරීක්ෂණය කළ හැක.

නිදර්ශකයේ සත්‍ය වර්ණය නිරීක්ෂණය කළ හැක.

නිදර්ශකයේ ස්වාභාවික වර්ණයෙන් නිරීක්ෂණය කළ නොහැක. ඡායාරූප විකසනය කළ යුතුය.

නිදර්ශකය වර්ණ ගැන්වීම සඳහා වර්ණක භාවිතා කරයි.

නිදර්ශකය වර්ණ ගැන්වීම සඳහා බැර ලෝහ භාවිතා කරයි.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet