- ජීව විද්‍යාව යනු කුමක්ද?
- ජීවීන් පිළිබඳ අධ්‍යයනය සඳහා විශේෂ අවධානයක් සහිත විද්‍යාවයි.
- Bios යනු ජීවයයි. Logos යනු අධ්‍යයනයයි.
2.ජීවය යනු කුමක්දැයි අර්ථ දැක්විය හැකිද?
- ජීවය යන සංකල්පය අර්ථ දැක්වීම දුෂ්කර කාර්යයක් වේ.
- ජීවය යනු විශේෂ හා අද්විතීය දෙයකි.
- මෙය භෞතික විද්‍යා නියම සහ රසායනික විද්‍යා නියම භාවිතා කර පැහැදිලි කළ නොහැක.
3. අධ්‍යයනයේ පහසුව සඳහා ජීව විද්‍යාව බෙදා වෙන් කරන ශාඛා මොනවද?

- ශාඛා තුනකට වෙන් කරනු ලබයි.
- එනම්,
- සත්ත්ව විද්‍යාව (සතුන් පිළිබද අධ්‍යයනය)
- උද්භිද විද්‍යාව (ශාක පිළිබද අධ්‍යයනය)
- ක්ෂුද්‍රජීවී විද්‍යාව (ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනය)
4. මෙම ශාඛා යටතේ අධ්‍යයනය කෙරෙන ක්ෂේත්‍ර මොනවාද?

- සෛල විද්‍යාව (සෛල පිළිබඳ අධ්‍යයනය)
- පටක විද්‍යාව (පටක පිළිබඳ අධ්‍යනය)
- ව්‍යුහ විද්‍යාව (දේහයේ දළ ව්‍යුහය පිළිබඳ අධ්‍යනය)
- කායික විද්‍යාව (කෘත්‍ය පිළිබඳ අධ්‍යයනය)
- ජෛව රසායනය (ජෛවීය අණු පිළිබඳ අධ්‍යයනය)
- ප්‍රවේණිය (ආවේණිය පිළිබඳ අධ්‍යයනය)

- පරිසර විද්‍යාව (පරිසරය පිළිබඳ අධ්‍යයනය)
ජීව විද්‍යාව හා බැඳුණු ගැටලු
ජීවීන්ගේ විවිධත්වය පිළිබඳ අවබෝධය
5. පෘථිවිය මත ජීවය බිහි වූයේ මීට වසර කීයකට පමණ පෙර ද?
- වර්ෂ බිලියන 3.5 කට පමණ පෙර.
6. මුලින්ම ඇති වූ ජීවී කොට්ඨාශය කුමක්ද?
- මුලින්ම ඇතිවුයේ විෂමපෝෂී නිර්වායු ප්‍රාග්න්‍යෂ්ටිකයෝ ය.
7. එම ජීවීන්, වර්තමානයේ සිටින ජීවීන් බවට පත් වූයේ කුමක් නිසාද?
8. පෘථිවිය මත කොපමණ ජීවි විශේෂ ප්‍රමාණයක් ජීවත් වනු ඇතිද?
- විද්‍යාඥයන් අනුමාන කරනු ලබන්නේ, ජීවී විශේෂ මිලියන 10-100කටත් වඩා ඇති බවයි.
9. ජීවි හා අජීවි ලෝක අතර කුමන ආකාරයේ සම්බන්ධතාවක් පවති ද?
- ජීවි හා අජීවි ලෝක අතර ගතික සම්බන්ධතාවක් ඇත.
10. පෘථිවිය මත ජෛව විවිධත්වය කෙසේ වෙනස් වේද?
- ශාක, සතුන් හා ක්ෂුද්‍ර ජීවීන්ගේ විශේෂ සංඛ්‍යාව,
- එම විශේෂ තුළ ජාන වල විවිධත්වය,
- කාන්තාර, වැසි වනාන්තර, කොරල් පර වැනි පෘථිවියේ වෙනස් පරිසර පද්ධති. යනාදි මත වෙනස් වේ.
02 මිනිස් සිරුර හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය
11. ජීව විද්‍යාව හැදෑරීමෙන් මිිනිස් සිරුර හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව කෙබඳු අවබෝධයක් ලැබේ ද?
- පටක විද්‍යාව, මානව දේහයේ ව්‍යුහ විද්‍යාව අධ්‍යයනයෙන් ඉන්ද්‍රියන්වල ව්‍යුහය පිළිබඳ දැනුමක් ලැබේ.
- විවිධ ඉන්ද්‍රිය පද්ධති වල කෘත්‍යය, ව්‍යුහ – කෘත්‍ය සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයක් ලැබේ.

03 ස්වාභාවික සම්පත් හා පරිසරය තිරසාර භාවිතය හා කළමනාකරණය
12. ස්වාභාවික සම්පත් යනු කුමක්ද?
- ස්වාභාවික සම්පතක් යනු එදිනෙදා ජීවිතයට හා ආර්ථික සංවර්ධනයට භාවිතාවන, ස්වාභාවිකව හමුවන ද්‍රව්‍ය හා ශක්තීන් වල ප්‍රභව වේ.
13. වර්ථමානයේදී ස්වභාවික සම්පත් වලට කුමක් සිදුවී ඇත?
- මානව ජනගහන වර්ධන ශීඝ්‍රතාව වැඩිවීම නිසා ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය වෙමින් පවතී.
- මේ නිසා ස්වාභාවික සම්පත් ක්ෂීණ වීම ඉතා ඉක්මනටම සිදුවේ.
14. ස්වාභාවික සම්පත් අධිපරිභෝජනය නිසා ඇතිවන පරිසර ගැටලු මොනවාද?
- කාන්තාරකරණය
- පරිසර දූෂණය
- ජෛව විවිධත්ව හානිය

කාන්තාරකරණය

පරිසර දූෂණය
04 තිරසාර ආහාර නිෂ්පාදනය
15. තිරසාර ආහාර නිෂ්පාදනය යනු කුමක්ද?
- මානව ජනගහනයට ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක්, පරිසර සුරක්ෂිත ක්‍රම භාවිතයෙන් නිපදවීමේ ක්‍රියාවලිය.
16. මානවයා ගේ පැවැත්මට තිරසාර ආහාර නිෂ්පාදනය අත්‍යවශ්‍ය වන්නේ ඇයි?
- වර්තමාන මානව ජනගහනය බිලියන 7ක් පමණ වන අතර මෙය ඉදිරි වසර 40ට අඩු කාලයකදී දෙගුණ වීම අපේක්ෂිත බැවින්.
17. තිරසාර ආහාර නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජීවවිද්‍යාත්මක දැනුම පදනම් කරගත් ක්‍රම මොනවාද?
- ඉහළ ඵලදාවක් සහිත ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම
- රෝග වලට ප්‍රතිරෝධී ශාක හා සත්ත්ව ප්‍රභේද නිපදවීම
- පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීම.

05 ශාක ජීවිතය පිළිබඳ අවබෝධය
18. පරිසරය තුළ ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස වැදගත් ස්ථානයක් හිමි වන්නේ කාටද?
19. ශීඝ්‍ර ජනගහන වර්ධනය වීම නිසා ශාක ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීමට ජීවවිද්‍යාව යොදා ගන්නේ කෙසේද?
- ඉහළ ඵලදාවක් සහිත ශාක නිපදවීම.
- රෝග වලට ප්‍රතිරෝධී ශාක නිපදවීම.
06 රෝග හා ඒවාට හේතු පිළිබඳව අවබෝධය
20. වර්තමාන ලෝකයෙහි පවතින අනතුරුදායක බෝ නොවන රෝග කිහිපයක් දක්වන්න.
- පිළිකා – පිළිකා ඇතිවීමට හේතුව තවමත් සම්පූර්ණ ලෙස අවබෝධ කරගෙන නැත.
මෙම රෝගය මරණවලට ප්‍රධාන හේතුවක් වේ.

Lung Cancer

PET scan of a cancer
- හෘදයාබාධ – ලොව පුරා පැතිරෙන බරපතළ සෞඛ්‍ය ගැටලුවකි.
මේ සඳහා හේතුව ද තවම සම්පූර්ණයෙන් හඳුනාගෙන නැත.

- නිධන්ගත වකුගඩු ආබාධ – ශ්‍රී ලංකාවේ නිධන්ගත වකුගඩු රෝගය(CKDu) බරපතළ සෞඛ්‍ය ගැටලුවකි.
මෙම රෝගය වළක්වා ගැනීම, ප්‍රතිකාර ක්‍රම හා සුව කිරීම පිළිබඳ විද්‍යාඥයන්
විසින් මේ වන විට කටයුතු කරමින් සිටී.

21. වර්තමාන ලෝකයෙහි පවතින අනතුරුදායක බෝ වන රෝග කිහිපයක් දක්වන්න.
- AIDS – ලොව පුරා පැතිර යන දරුණු වෛරස් රෝගයකි.

AIDS virus

Dengue virus
07 නෛතික හා සාරධර්ම පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීම
22. මෙහිදී යොදාගනු ලබන ජීව විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් දක්වන්න.
- DNA ඇඟිලි සලකුණු තාක්ෂණය භාවිතා කරයි.
23. DNA ඇඟිලි සලකුණු තාක්ෂණය කුමන අවස්ථාවන්වලදී භාවිතා කරයිද?
- මාතෘත්වය හෝ පීතෘත්වය පරික්ෂා කිරීම.

DNA ඇඟිලි සලකුණු තාක්ෂණය

ජෛව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා
24. ජීවීන් අතර පවතින විවිධත්වය කුමන නිර්ණායක ඔස්සේ දැක්විය හැකිද?
25. එම නිර්ණායක සඳහා උදාහරණ සපයන්න.
- තරම – බැක්ටීරියා(0.25 µm-2 µm) සිට යෝධ රෙඩ්වුඩ්(100 m) ශාකය
- හැඩය – ජීවීන් හැඩය අනුව විවිධාකාර වේ.
උදාහරණ:- සිසිලින්ඩරාකාර (ගැඩවිලා), තර්කු රූපි දේහය (පක්ෂීන්/මත්ස්‍යයන්)
- ආකාරය – ඒක සෛලික(Amoeba), බහු සෛලික (ඕනෑම ශාකයක් හෝ සත්වයෙක්)
- වාසස්ථාන- භෞමික (බල්ලා), ජලජ (මත්ස්‍යයා), වායව (පක්ෂීන්), රුක්වාසී (Loris)
Red wood tree (100m)

Bacteria (0.25µm – 2µm)

තර්කු රූපි දේහය

සිසිලින්ඩරාකාර
ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ
- සරල ජීවියාගේ සිට සංකීර්ණ ජීවියා දක්වා සියලු ජීවීන්ට තම පැවැත්ම සඳහා නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමේ හැකියාවක් තිබේ.
26. ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- අනුවර්තනය
- ප්‍රජනනය
- ආවේණිය හා පරිණාමය
- ක්‍රමවත් බව හා සංවිධානය
- පරිවෘත්තිය
- වර්ධනය හා විකසනය
- උද්දීප්‍යතාව හා සමායෝජනය
27. එම එක් එක් ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න
- ක්‍රමවත් බව හා සංවිධානය :-
- ජෛව විද්‍යාත්මක ක්‍රියාවන්ගේ කාර්යක්ෂමතාව පවත්වාගැනීම සඳහා අණුක මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත.
- පහළ මට්ටම් වල සංරචක, ඉහල මට්ටම් වලදී ක්‍රමවත් රටාවකට සංවිධානය වී ඒවා වඩාත් කාර්යක්ෂම කර ඇත.
- පරිවෘත්තිය :-
- ජීවීන් තුළ සිදුවෙන සියලුම රසායනික ක්‍රියාවල සමස්තය පරිවෘත්තිය වේ.
- ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප්‍රතික්‍රියා ඇතුලත් වේ.

- වර්ධනය හා විකසනය :-
- සියලු ජීවීන් ගේ ජීවිත ආරම්භ වන්නේ තනි සෛලයකින්ය.
- අප්‍රතිවර්ත්‍ය ලෙස වියළි ස්කන්ධයෙහි සිදුවන වැඩිවීම වර්ධනය නම් වේ.
- ජීවියකුගේ ජීවිත කාලය තුළදී සිදුවන සියලු අප්‍රතිවර්ත්‍ය වෙන්ස්වීම් විකසනය ලෙස හැඳින්වේ.
- වර්ධනය ජීවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණයකි

වර්ධනය හා විකසනය
- උද්දීප්‍යතාව හා සමායෝජනය :-
- බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි.
- උද්දීප්‍යතාවේ හා සමායොජනයේ ප්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදුවේ.
- සතුන්ගේ මෙම ක්‍රියාව පේශී, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.


- අනුවර්තනය :-
- ජීවියෙකු ජීවත් වන සුවිශේෂ පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය කායකර්මීය හා චර්යාත්මක වෙනස්වීම්.
- උදාහරණ :- ශුශ්ක ශාක වල ගිලුණු පුටිකා, ඔටුවාගේ පුළුල් ව විහිදුණු පාද.
- ප්‍රජනනය :-
- විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීමට නව ජනිතයන් බිහි කිරීමේ හැකියාවයි.

- ආවේණිය හා පරිණාමය :-
- ජීවීන්ගේ විශේෂිත කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්ෂණ පාලනය කරන ජාන ඔවුන් සතුව ඇත. එම ජාන එක් පරම්පරාවක් සිට අනෙක් පරම්පරාවට ගමන් කිරීම ආවේණියයි.
- ප්‍රවේණික ද්‍රව්‍ය වල සිදුවන විකරණවලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව පරිණාමයයි.

28. අජීවී ද්‍රව්‍ය බහුතරයක් පෙන්වනු ලබන ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද?
- වර්ධනය :- ස්ඵටික වර්ධනය
- චලනය :- තරංග වල චලනය
29. අජීවී වස්තුවක් ජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ සියල්ල පෙන්නුම් කරයිද?
- ලකෂණ සියල්ල පෙන්නුම් නොකරයි.
- නමුත් ජීවීන් සියල්ලම ලාකෂණික ලක්ෂණ සියල්ලම ජීවන චක්‍රයේ කුමන හෝ අවස්ථාවක පෙන්වනු ලබයි.
ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම්
30. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද?
31. සෛලය සමන්විත වන්නේ කුමකින්ද?
- වෙනත් කාබනික අණු වලින් සැකසුනු ඉන්ද්‍රයිකා කිහිපයකින් සමන්විත වේ.
සත්ත්ව සෛලය
32. ජෛව සංවිධානයේ ධූරාවලි මට්ටම් පිලිවෙලින් දක්වන්න.
අණු
ඉන්ද්‍රයිකා
සෛල
පටක
ඉන්ද්‍රිය
ඉන්ද්‍රිය පද්ධති
ජීවීන්
ගහනය
ප්‍රජාව
පරිසර පද්ධති
ජෛව ගෝලය