විද්‍යා අංශයජීව විද්‍යාව2.1.1 - ජීවි දේහයේ ද්‍රව්‍යමය සංයුතිය පිළිබඳ විමසා බලයි. (I කොටස)

2.1.1 – ජීවි දේහයේ ද්‍රව්‍යමය සංයුතිය පිළිබඳ විමසා බලයි. (I කොටස)

 

ජීවී ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය.

  1. ස්වභාවිකව පවතින මුලද්‍රව්‍ය 92 අතරින් මිනිසාට අත්‍යවශ්‍ය මුලද්‍රව්‍ය ගණන කොපමණද?
    • 25

 

2. ජීවී දේහයෙන් 96% ක්‌ පමණ සෑදී ඇත්තේ කුමන මුලද්‍රව්‍ය වලින්ද?

    • ඔක්සිජන් (O)
    • කාබන් (C)
    • හයිඩ්‍රජන් (H)
    • නයිට්‍රජන් (N)

 

3. ඉතිරි 4% බහුලව අඩංගු වන්නේ කුමන මුලද්‍රව්‍යද?

    • කැල්සියම් (Ca)
    • පොස්පරස් (P)
    • පොටෑසියම් (K)
    • සල්ෆර් (S)

 

4. මිනිස් දේහයක අඩංගු වන අංශු මාත්‍ර මුලද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න.

    • බෝරෝන්, කොබෝල්ට්, කොපර්, ක්‍රෝමියම්, ෆ්ලුවෝරින්, අයඩින්, යකඩ, මොලිබ්ඩිනම්, මැන්ගනීස්, සෙලිනියම්, සිලිකන්, ටින්, වැනේඩියම්, සින්ක්

 

5. ජීවය පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වීමට ප්‍රධාන හේතු දෙක මොනවාද?

    • ජලය ජීවී සෛල වල වැදගත් රසායනික සංඝටකයක් වීම.
    • සියලු ජීවින්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යක් සැපයීම.

 

6. ජල අණුවේ රසායනික ස්වභාවය කෙටියෙන් විස්තර කරන්න.

  •  
    • කුඩා, ධ්‍රැවීය, කෝණික අණුවකි.

 

7. පෘථිවිය මත ජීවය පවත්වා ගැනීමට ජලයේ ප්‍රධාන ගුණ හතර මොනවාද?

    • සංසක්ති හැසිරීම.
    • උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව.
    • හිමායනයේදී සිදුවන ප්‍රසාරණය
    • ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය.

 

8. සංසක්තිය යනු කුමක්ද?

  •  
    • හයිඩ්‍රජන් බන්ධන නිසා ජල අණු ජල අණු අතර ඇති ආකර්ෂණය.

 

9. ආසක්තිය යනු කුමක්ද?

    • ජල අණු හා වෙනත් අණු අතර ඇති වන ආකර්ෂණය

 

10. සංසක්ති හැසිරීම වැදගත් වන අවස්ථා දෙකක් විස්තර කරන්න.

    • පරිවහන මාධ්‍යක් ලෙස ක්‍රියා කළ හැකි වීම සංසක්තිය නිසා ජලය හා ජලයේ ද්‍රාව්‍ය ඛනිජ ලවණ සහ පෝෂක වැනි දියවූ ද්‍රව්‍ය සනාල පටක වන ශෛලම හා ප්ලෝයමය තුළින් ගුරුත්වයට එරෙහිව පරිවහනය වේ. මේ සදහා ජල අණු හා සෛල බිත්ති අතර ඇති ආසක්තියද ආධාර වේ.
    • ඉහල පෘෂ්ඨික ආතතියක් සහිත වීම. එනිසා කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකිය.

        උදා : දිය ලිස්සන්නා

 

11. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමේ හැකියාව වැදගත් වන්නේ කෙසේද?

    • අධික විශිෂ්ට තාපය නිසා පෘථිවිය මත උෂ්ණත්ව උච්චාවචන වලදී ජීවී පද්ධති තුල හා ජල ස්කන්ධ තුල ජලය තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි.
    • අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියෙකු තුල අවම ජල හානියක් සිදු කර වැඩි තාපයක් පිට කළ හැකි වීම. එමගින් දේහ පෘෂ්ඨ සිසිල්ව පවත්වා ගැනීමට ජලය දායක වේ.
    • උදාහරණ ලෙස,
      1. මිනිස් දේහයෙන් ස්වේදය වාෂ්ප වීම
      2. ශාක වල සිදු වන උත්ස්වේදනය.

 

12. හිමායනයේදී සිදු වන ප්‍රසාරණය ජීවය පැවැත්මට වැදගත් වන්නේ කෙසේද?

    • 4°c ට වඩා උෂ්ණත්වය අඩු වන විට ජලය අයිස් බවට පත් වීම ඇරඹේ. අයිස් ජලයට වඩා ඝනත්වයෙන් අඩු නිසා ජල ස්කන්ධ වල මතුපිට පෘෂ්ඨයේ අයිස් පාවේ. මෙය ධ්‍රැව ප්‍රදේශ වල ජලජ ජීවින්ට නොනැසී පැවැත්මට වැදගත් වේ.

 

13. ජලයේ දිය වන අණු වර්ග වන්නේ මොනවාද?

    • ධ්‍රැවීය අණු, නිර්ධ්‍රැවීය අයනික සංයෝග, ධ්‍රැවීය සහ අයනික සංයෝග

 

14. ජලය හොඳ ද්‍රාවකයක් වීමට වැදගත් වන්නේ ජලයේ කුමන ලක්ෂණයද?

    • ජලයේ ධ්‍රැවීයතාව

 

කාබෝහයිඩ්‍රේට

15. පෘථිවියේ සුලබම කාබනික සංයෝග කාණ්ඩය කුමක්ද?

    • කාබෝහයිඩ්‍රේට්

 

16. මෙහි ප්‍රධාන මුලද්‍රව්‍ය සංයුතිය කෙසේද?

    • කාබන්
    • හයිඩ්‍රජන්
    • ඔක්සිජන්

 

17. කබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සුත්‍රය කුමක්ද?

    • Cx(H2O)y

 

18. මොනොසැකරයිඩ වල පොදු ලක්ෂණ මොනවාද?

    • පොදු අණුක සුත්‍රය (CH2O)n වේ.
    • C පරමාණු සංඛ්‍යාව 3-7 දක්වා වෙනස් වේ.
    • ඔක්සිහාරක සීනි වේ.
    • ජල ද්‍රාව්‍ය වේ
    • ස්ඵටික ආකාරයෙන් පවතී.

 

19. කාබන් පරමාණු සංඛ්‍යාව අනුව උදාහරණ සහිතව මොනොසැකරයිඩ වර්ග නම් කරන්න.

    • 3C – ට්‍රයෝස – ග්ලිසරැල්ඩිහයිඩ්
    • 4C – ටෙට්‍රෝස – එරිත්‍රෝස්
    • 5C – පෙන්ටෝස් – රයිබෝස්, ඩිඔක්සිරයිබෝස්, රිබියුලොස්
    • 6C – හෙක්සෝස් – ග්ලුකෝස්, ෆ්රක්ටෝස්, ගැලැක්ටෝස්

 

20. කාබොනිල් කාණ්ඩයේ වර්ගය අනුව මොනොසැකරයිඩ වර්ග දෙක මොනවාද?

    • ඇල්ඩෝස – ග්ලුකෝස්, ගැලැක්ටෝස්
    • කීටෝස් – ෆ්රක්ටෝස්

 

21. මොනොසැකරයිඩ වළලු ආකාරයෙන් පවතින්නේ කුමන මාධ්‍යන් වලද?

    • ජලීය මාධ්‍යදී.

 

22. ඩයිසැකරයිඩ සෑදෙන ආකාරය සදහන් කරන්න.

    • යාබද මොනොසැකරයිඩ අනු දෙකක් අතර ජල අණුවක් පිට වන සංඝණන ප්‍රතික්‍රියාවක් සිදු වෙමින් ඇති වන ග්ලයිකොසිඩික් බන්දනයකින් බැඳීමෙන් ඩයිසැකරයිඩයක් සෑදේ.

 

23. ඩයිසැකරයිඩ වල ලක්ෂණ මොනවාද?

    • පැණිරස වේ
    • ජල ද්‍රාව්‍ය වේ.
    • මෝල්ටෝස් සහ ලැක්ටෝස් ඔක්සිහාරක සීනි වන අතර සුක්‍රෝස් නිර්ඔක්සිහාරක සීනි වේ.

 

24. ඩයිසැකරයිඩ වලට උදාහරණ සහ ඒවා සෑදීමට දායක වන මොනොසැකරයිඩ සදහන් කරන්න.

    • මෝල්ටෝස් – ග්ලුකෝස් + ග්ලුකෝස්
    • සුක්‍රෝස් – ග්ලුකෝස් + ෆ්රක්ටෝස්
    • ලැක්ටෝස් – ග්ලුකෝස් + ගැලැක්ටෝස්

 

25. පොලිසැකරයිඩ යනු මොනවාද?

    • මොනොසැකරයිඩ උප ඒකක විශාල ප්‍රමාණයක් බහුඅවයවීකරණය වීමෙන් සැදුණු මහා අණු සහ ජෛව බහු අවයවික වන අණු වේ.

 

26. පොලිසැකරයිඩ වල ලක්ෂණ මොනවාද?

    • ස්ඵටිකීකරණය නොවේ
    • පැණි රස නොවේ. සීනි ලෙස නොසලකයි.
    • ජලයේ අද්‍රාව්‍ය වේ.

 

27. කෘත්‍ය අනුව පොලිසැකරයිඩ වර්ග දෙක මොනවාද? උදාහරණ දක්වන්න.

    • සංචිත පොලිසැකරයිඩ : පිෂ්ටය, ග්ලයිකොජන්
    • ව්‍යුහමය පොලිසැකරයිඩ : සෙලියුලෝස්, හෙමිස‍ෙලියුලෝස්, පෙක්ටීන්

 

28. පොලිසැකරයිඩ නිර්මාණය වී ඇති ආකාරය අනුව වර්ග දෙකකි. උදාහරණ සහිතව දක්වන්න.

    • රේඛීය ආකාර : සෙලියුලෝස්, ඇමයිලෝස්
    • ශාඛනය වූ ආකාර : ග්ලයිකොජන්, ඇමයිලෝපෙක්ටීන්, හෙමිසේලියුලෝස්

 

29. ප්‍රධාන පොලිසැකරයිඩ වර්ග, ඒවායේ තැනුම් ඒකකය හා කෘත්‍ය සදහන් කරන්න.

පොලිසැකරයිඩය

තැනුම් ඒකකය

කෘත්‍ය

පිෂ්ටය

ග්ලුකෝස්

ශාකවල සංචිත කෘත්‍ය

ග්ලයිකොජන්

ග්ලුකෝස්

සත්වයන් හා දිලීර තුල සංචිත කෘත්‍ය

සෙලියුලෝස්

ග්ලුකෝස්

සෛල බිත්තියේ සංඝටකයකි

ඉනියුලින්

ෆ්රක්ටෝස්

ඩේලියා ආකන්ධ වල සංචිත කෘත්‍ය

පෙක්ටීන්

ගැලැක්ටොයුරොනික්

ශාක සෛල බිත්තියේ මධ්‍ය සුස්තරයේ සංඝටකයකි

හෙමිස‍ෙලියුලෝස්

පෙන්ටෝස්

ශාක සෛල බිත්තිවල සංඝටකයකි

කයිටින් (නයිට්‍රජන් අඩංගු වේ )

ග්ලුකොසැමින්

දිලීර සෛල බිත්ති සහ ආත්‍රොපෝඩා පිට සැකිල්ලේ සංඝටකයකි.

 

 

30. මොනොසැකරයිඩ වල කෘත්‍ය මොනවාද?

    • ශක්ති ප්‍රභවයක් ලෙස
    • ඩයිසැකරයිඩ සහ පොලිසැකරයිඩ වල තැනුම් ඒකක ලෙස
    • නියුක්ලියෝටයිඩ වල සංඝටකයක් ලෙස

 

31. ඩයිසැකරයිඩ වල කෘත්‍ය මොනවාද?

    • කිරිවල සංචිත සීනි ලෙස – ලැක්ටෝස්
    • ෆ්ලෝයම තුල පරිවහනයට – සුක්‍රෝස්
    • උක් ශාකයේ සංචිත සීනි ලෙස – සුක්‍රෝස්

 

32. පොලිසැකරයිඩ වල කෘත්‍ය මොනවාද?

    •  
    • සංචිත කෘත්‍ය
        • ශාක හා හරිත ඇල්ගී තුල පිෂ්ටය, ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලුකෝස් ගබඩා කරයි.
        • සත්වයින් සහ දිලීර තුල ග්ලයිකොජන්, ශක්ති ප්‍රභවයක් ලෙස ග්ලුකෝස් ගබඩා කරයි.
        • ඩේලියා ආකන්ද තුල ඉනියුලින්, ශක්ති ප්‍රභවයක් ලෙස ෆ්රක්ටෝස් ගබඩා කරයි.
    • ව්‍යුහමය කෘත්‍ය
        • ශාක හා හරිත ඇල්ගී සෛල බිත්තියේ සෙලියුලෝස්
        • ශාක පටක වල මධ්‍ය සුස්තරයේ පෙක්ටීන්
        • ශාක සෛල බිත්තියේ හෙමිසේලියුලෝස්
        • ප්‍රාග්න්‍යෂ්ටික සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන්
        • දිලීර සෛල බිත්තියේ සහ ආත්‍රොපෝඩා පිට සැකිල්ලේ කයිටින්.

 

 

ලිපිඩ

33. ලිපිඩ වල ලක්ෂණ මොනවාද?

    • ජල භීතික වේ.
    • විවිධාකාර කාණ්ඩයකි.
    • විශාල ජෛවීය අණු වන නමුත් බහුඅවයවික හෝ මහා අණු ලෙස නොසලකයි.
    • C, H, O වලින් සෑදී ඇති අතර H:O අනුපාතය 2:1 නොවේ. සාපේක්ෂව හයිඩ්‍රජන් වැඩියෙන් ඇත.

 

34. මේදයේ තැනුම් ඒකක මොනවාද?

    • මේද අම්ල හා ග්ලිසරෝල්

 

35. මේද අණුවක් සැදීමේදී මේද අම්ල හා ග්ලිසරෝල් අතර ඇති වන බන්ධන වර්ගය කුමක්ද?

    • එස්ටර බන්ධන

 

36. මේද අණුවක් සෑදෙන ආකාරය විස්තර කරන්න.

    • ග්ලිසරෝල් C පරමාණු 3ක්‌ අඩංගු වන ඇල්කොහොල් කාණ්ඩයේ අණුවකි. මේද අම්ල යනු එක් කෙළවරක කාබොක්සිල් කාණ්ඩයක් සහිත දිග කාබන් සැකිල්ලක් ඇති හයිඩ්‍රෝකාබන දාම වේ.
    • ග්ලිසරෝල් අණුවේ ඇති එක් එක් හයිඩ්‍රෝක්‌සිල් කාණ්ඩයට, මේද අම්ලය බැගින් එස්ටර බන්ධන මගින් බැඳීමෙන් මේද අණුවක් හෙවත් ට්‍රයිඒසයිල්ග්ලිසරෝල් සෑදේ.

 

37. සංතෘප්ත මේද හා අසංතෘප්ත මේද හදුන්වන්න.උදාහරණ දක්වන්න.

 a). සංතෘප්ත මේද

      • ද්විත්ව බන්ධන එකක් වත් නැති හයිඩ්‍රෝකාබන් සහිත සංතෘප්ත මේද අම්ල වලින් සෑදුණු මේද සංතෘප්ත මේද වේ.
      • සාමාන්‍යයෙන් මේවා කාමර උෂ්ණත්වයේ දී ඝන ලෙස පවතී. උදා : බටර්

   b). අසංතෘප්ත මේද

      • ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් ඇති හයිඩ්‍රෝකාබන සහිත අසංතෘප්ත මේද අම්ල වලින් සෑදුණු මේද අසංතෘප්ත මේද වේ.
      • කාමර උෂ්ණත්වයේදී බොහෝ විට ද්‍රව තත්වයේ පවතී.
      • උදා : එළවළු තෙල්
      • ද්විත්ව බන්ධනයේ ස්වභාවය අනුව සිස් හා ට්‍රාන්ස් ලෙස දෙආකාර වේ.

 

38. ධමනි බිත්ති ඝන වීමේ (Atherosclerosis) රෝග තත්වය සදහා හේතු වන්නේ කුමන මේද වර්ග අධි පරිභෝජනයද?

  •  
    • සංතෘප්ත මේද
    • ට්‍රාන්ස් අසංතෘප්ත මේද

 

39. සෛල පටල වල ප්‍රධාන සංඝටකයක් වන ලිපිඩ වර්ගය කුමක්ද?

    • පොස්පොලිපිඩ

 

40. පොස්පොලිපිඩ අණුවක් සෑදී ඇත්තේ කුමන අණු වලින්ද?

  •  
    • ග්ලිසරෝල් අණුවක්
    • මේද අම්ල අණු 2ක්‌
    • පොස්පේට් කාණ්ඩයක්

 

41. ලිපිඩ වල කෘත්‍ය මොනවාද?

    • ආහාර වල ශක්ති ප්‍රභවයක් ලෙස සංචිත කිරීම. (මේද සහ තෙල්)
    • ප්ලාස්ම පටලයේ තරලමය ස්වභාවය පවත්වා ගනී (පොස්පොලිපිඩ සහ කොලෙස්ටරෝල්)
    • දේහය තුල පරිවහනය වන සංඥා අණු ලෙස ක්‍රියා කරයි. (හෝමෝන)
    • සත්ත්ව සෛල පටලයේ සංඝටකයක් ලෙස (කොලෙස්ටරෝල්)
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet