No menu items!
භෞතික විද්‍යාව03. දෝලන හා තරංග03.09.02 - ප්‍රිස්ම හා චල අන්වීක්ෂය

03.09.02 – ප්‍රිස්ම හා චල අන්වීක්ෂය

03.09.02 – ප්රිස්ම හා චල අන්වීක්ෂය 

චල අණ්වීක්ෂය භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම

  • සුදු කඩදාසියක ලයිකොපෝඩියම් කුඩු ස්වල්පයක් තබා චල අන්වීක්ෂයෙන් එය නාභිගත කර, M1 පිහිටුම ලබාගන්න.
  • ඉන්පසු එම ලයිකොපෝඩියම් කුඩු වීදුරු කුට්ටිය තබා වීදුරු තුළින් පෙනෙන එහි ප්‍රතිවිම්බය නාභිගත කර M2 මිනුම ගන්න.
  • ඉන්පසු වීදුරු කුට්ටිය මත ලයිකොපෝඩියම් කුඩු තබා එය නාභිගත කර M3 ලබාගන්න.
  • පහත පරිදි ගණනයෙන් වීදුරුවල වර්තනාංකය ලැබේ.

අවධි කෝණය

  • ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ගමන් කිරීමේදී වර්තිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ යන අවස්ථාවේ දී, අනුරූප පතන කෝණය අවධි කෝණය යි.

නිරපේක්ෂ අවධි කෝණය

  • යම්කිසි මාධ්‍යයක සිට වාතයට හෝ රික්තයකට ආලෝකය ගමන් කිරීමේදී, වර්තිත කිරණය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ යන අවස්ථාවේ දී අනුරූප පතන කෝණය එම මාධ්‍යයේ නිරපේක්ෂ අවධි කෝණය යි.
  • වර්තනාංකය සාපේක්ෂව අඩු ද්‍රව්‍ය සදහා අවධි කෝණයට ඇත්තේ විශාල අගයකි.

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය

  • ආලෝක කිරණයක් ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යකට ගමන් කිරීමේදී පතන කෝණය, අනුරූප අවධි කෝණයට වඩා විශාල වූ විට එම කිරණ එම මාධ්‍යයටම ආපසු පරාවර්තනය වීම “පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය” නම් වේ.
  • මෙය පරාවර්තන නියමයන්ට එක ව සිදු වේ.

    මෙහිදී සාමාන්‍ය පරාවර්තනයකදී මෙන් දෙවන මාධ්‍යයට ශක්තිය උරා ගැනීමක් සිදු නොවන නිසා ශක්ති හානිය අවම වේ.

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් ඇති වීමට තිබිය යුතු අවශ්‍යතා

  1. ආලෝක කිරණය ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යකට ගමන් කළ යුතුය.
  2. පතන කෝණය අනුරූප අවධි කෝණයට වඩා විශාල විය යුතුය.

ප්‍රායෝගික යෙදීම්

    • ප්‍රකාශ තන්තු රැහැන් වල භාවිතය
    • දුරදක්න (Binocular)
    • දුරේක්ෂ (Telescope) හා පරීක්ෂය (Periscope)

ප්‍රිස්ම

  • වස්තුවෙන් නිකුත්වන ආලෝක කිරණ ප්‍රිස්මයේ පළමු පාදයෙන් වර්තනය වී I1 ප්‍රතිබිම්බය සාදයි.
  • එම ප්‍රතිබිම්බය දෙවන පෘෂ්ඨය සඳහා අතාත්වික වස්තුවක් ලෙස ක්‍රියකර අවසාන ප්‍රතිබිම්බය I2 ලබාදෙයි.
  • ප්‍රිස්ම වර්තනයේදී පතන සහ නිර්ගමන මුහුණත් අතර කෝණය ප්‍රිස්ම කෝණය වේ.
  • ප්‍රිස්ම වර්තනයේදී පතන කිරණ, වර්තන කිරණය සහ නිර්ගත කිරණය යන සියල්ල එකම ජ්‍යාමිතික තලයේ පවතියි.
  • ප්‍රිස්මය ගහනතර මාධ්‍යයක් නම් A හා D සඳහා ඉහත සමීකරණය වලංගු වේ.

ප්‍රිස්ම වල විශේෂ අවස්ථා

  1. පතන කෝණය ශුන්‍ය විට
  • ප්‍රිස්මයක එක් පාදයකට ලම්බකව වැටෙන ආලෝක කිරණයක් අනිත් පාදයෙන් වාතයට නිර්ගත වීම සඳහා ප්‍රිස්ම කෝණයට තිබිය හැකි උපරිම අගය A=Cවේ.
  • සාමාන්‍ය වීදුරුවල අවධි කෝණය C=420 එබැවින් 2C=840වෙයි. A>2C නම් ප්‍රිස්මයක එක පාදයකින් වර්තනය වන ඕනෑම පතන කිරණයක් අනෙක් පාදයෙන් වාතයට නිර්ගත නොවේ.

ප්‍රිස්මයක් සඳහා පතන කෝණය සෘණ වීම

පූර්ණ පරාවර්තිත ප්‍රිස්ම

ප්‍රිස්මයකින් උඩුකුරු යටිකුරු ප්‍රතිබිම්බ ලබා ගැනීම

  • ආංශික පරාවර්තනයේදී අදාළ කිරණ සටහන් දික්කළ විට 2A කෝණය ලැබේ.
 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.