දවසට පාඩමක්31 දවස12.03.02 - ජලයේ අයනීකරණය

12.03.02 – ජලයේ අයනීකරණය

ජලය අයනීකරණය

  • මේ දක්වා අප විසින් කරන ලද අධ්‍යයනයන්හි සංශුද්ධ ජලය අයන(H+, OH) බවට විඝටනය විමක් සඳහන් කර නොමැත.
  • H2O අණුවක වන O-H බන්ධන විෂම විච්ඡේදන විඝටනයට භාජනය වී ජනිත වන ජලීය H+ හා ජලීය OH¯ අයන හේතුවෙන් ජලයට විද්‍යුත් සන්නායකයකතාවයක් පවති.
  • සංශුද්ධ ජලයේ ඉතාම අඩු ප්‍රමාණයකින් භාගිකව සිදුවන්නාවු මෙම සංසිද්ධිය ජලීය අයණීකරණය වේ.

{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm{OH}¯_{(\mathrm{aq})};\triangle\mathrm H>0

ජලයේ අයනික ගුණිතය

  • සංශුද්ධ ජලයෙහි අයණීකරණ ක්‍රියාවලිය සලකමු.

\begin{array}{l}{\mathrm H}_2\mathrm O\;_{(\mathrm l)}\;\rightleftharpoons\;{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm{OH}¯_{(\mathrm{aq})}\;\\2{\mathrm H}_2\mathrm O\;_{(\mathrm l)}\rightleftharpoons{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+\mathrm{OH}¯_{(\mathrm{aq})}\end{array}

  • සමතුලිතතා නියමය යෙදීමෙන්

{\mathrm K}_{\mathrm c}=\frac{\left[{\mathrm H^+}_{(\mathrm{aq})}\right]\left[\mathrm{OH}¯_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\right]}

{\mathrm K}_{\mathrm c}\left[{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\right]=\left[{\mathrm H^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]

  • ජලයේ අයණීකරන ප්‍රතිශතය අනුව සම්මත උෂ්ණත්වයේදී H+හා OHවල සාන්ද්‍රණය 10-7 mol dm-3   කට ආසන්න ඉතා කුඩා අගයක් බව සොයාගෙන ඇත. මෙම දත්ත වලට අනුව අයණීකරණය හේතුවෙන් H2O (l)  හි සිදුවන සාන්ද්‍රණ අඩුවීම නොගෙනිය යුතු තරම් කුඩා බවත් , එනයින් සමස්ත ක්‍රියාවලිය පුරාම [H2O(l)] නියතව පවතින බවත් පැහැදිලිය.

{\mathrm K}_{\mathrm c}\times\left[{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\right]={\mathrm K}_{\mathrm w}

යැයි සැලකූ විට ජලයේ අයනික ගුණිතය

\begin{array}{l}{\mathrm K}_{\mathrm w}=\left[{\mathrm H^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\\{\mathrm K}_{\mathrm w}=\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\end{array}

25°C  යන සම්මත උෂ්ණත්වයේදී සංශුද්ධ ජලය අයනීකරණයෙන් ජනිතවන

\begin{array}{l}\left[{\mathrm H^+}_{(\mathrm{aq})}\right]=\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]=1\times10^{-7\;}\mathrm{mol}\;\mathrm{dm}^{-3}\\\end{array}

වන බව සොයාගෙන ඇත.

\begin{array}{rcl}{\mathrm K}_{\mathrm w}&=&\left[{\mathrm H^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\\&=&\left(1\times10^{-7\;}\mathrm{mol}\;\mathrm{dm}^{-3}\right)\left(1\times10^{-7\;}\mathrm{mol}\;\mathrm{dm}^{-3}\right)\\&=&1\times10^{-14\;}\mathrm{mol}^{2\;}\mathrm{dm}^{-6}\\&&\end{array}

Kw හි සංඛ්‍යාත්මක අගය උෂ්ණත්වයත් සමග විචලනය

 

 

Kw

 

T> 25°C

Kw > 1×10-14 mol2dm-6

T= 25°C

Kw = 1×10-14 mol2dm-6

T< 25°C

Kw < 1×10-14 mol2dm-6

ආම්ලික/භාෂ්මික/ උදාසීන ජලීය ද්‍රාවණ

ආම්ලික [ H+(aq) ]     >    [ OH¯(aq)]
භාෂ්මික [ H+(aq) ]     <   [ OH¯(aq)]
උදාසීන [ H+(aq) ]     =   [ OH¯(aq)]

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet