විද්‍යා අංශයජීව විද්‍යාව5.6.4 - ස්නායු පද්ධතියට සිදුවන හානි හා සුලබ ආබාධ තත්ත්ව ගවේෂණය කරයි.

5.6.4 – ස්නායු පද්ධතියට සිදුවන හානි හා සුලබ ආබාධ තත්ත්ව ගවේෂණය කරයි.

 

1. ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධ වන්නේ මොනවාද?

    • හීනෝන්මාදය
    • විශාදය
    • ඇල්ශයිමර් රෝගය
    • පාකින්සන් රෝගය

 

2. හීනෝන්මාදය ලෙස හඳුන්වන රෝගී තත්ත්වය කෙටියෙන් පහන්න.

    • සැබෑ තත්ත්ව වලට වඩා විකෘති සංජානනයෙන් යුතු ලාක්ෂණික මනෝ ව්‍යාධික කථාංගයන්ගෙන් යුතු බරපතල මානසික බාධාකාරී තත්වයකි.

 

3. හීනෝන්මාද රෝග තත්වයේ ලක්ෂණ වන්නේ,

    • රෝගීන්ට තමන්ට පමණක් ඇසෙන කටහඬවල් අත්දකිනු ලැබීම.
    • අන් අය තමන්ට හිංසා කිරීමට සැලසුම් කරන බව සිතීම.

Schizophrenia: Meaning, Symptoms, Types and Treatment

 

4. හීනෝන්මාදය මගින් බලපෑම් සිදුකරන්නේ කුමන ස්නායුක මාර්ග වලටද?

    • ස්නායු සම්ප්‍රේෂකය ලෙස ඩොපමයින් භාවිත කරන ස්නායු මාර්ග වලට.

 

5. විශාදය සඳහා බලපානු ලබන සාධක වන්නේ?

    • ස්නායු සම්ප්‍රේෂක මට්ටම් වල වෙනස් වීම ප්‍රවේණිය, මනෝවිද්‍යාත්මක, සමාජීය, පාරිසරික වැනි සාධක වල සංකීර්ණ සාධක රාශියක්.

 

6. විශාදයෙන් පෙලෙන රෝගීන්ගේ ස්වභාවය කෙටියෙන් දක්වන්න.

    • දොම්නසට පත් ස්වභාවයෙන් යුතු වීම මෙන්ම නිදාගැනීමේ, ආහාර රුචියේ, ශක්ති මට්ටම් වල අසාමාන්‍යතා පෙන්නුම් කිරීම.
    • සමහර අවස්ථා වලදී යම් කාලයක දී විනෝදාත්මක වූ කාර්‍යයන් තවදුරටත් සතුටුදායක නොවීම.
    • සමහර තත්ත්වයන් ඔවුන්ගේ මනෝභාවය අතිශයින් වෙනස් කිරීමට හේතු වීම.

Depression symptoms info-graphic concept Vector Image

 

7. විශාදය සුව කිරීමේ ප්‍රතිකාර ක්‍රම වන්නේ?

    • මොළයේ සමහර ස්නායු සම්ප්‍රේෂක වල ක්‍රියාකාරීත්වය වැඩිකිරීමට සිදුකරන ඵලදායී ප්‍රතිකාර ක්‍රම මගින්.

 

8. ඇල්ශයිමර් රෝගය කෙටියෙන් හඳුන්වන්න.

    • මතකය නැතිවීම හා මානසික ව්‍යාකූලතාව ලාක්ෂණික වූ බරපතල මානසික පිරිහීමකි.

 

9. ඇල්ශයිමර් රෝගයට හේතු වන්නේ කුමක්ද?

    • මස්තිෂ්ක බාහිකයේ නියුරෝන වල සිදුවන ප්‍රගාමී හා අප්‍රතිවර්තී හායනය නිසා මානසික ක්‍රියාකාරීත්වයේ පරිහානියක් සිදුවීම.

 

10. ඇල්ශයිමර් රෝගය ඇතිවීමට බලපෑ හැකි හේතු සාධක වන්නේ?

    • වයස්ගත වීම
    • ප්‍රවේණික සාධක.

 

11. ඇල්ශයිමර් රෝගයේ ලක්ෂණ වන්නේ?

    • තමා විසින් ආහාර ගැනීමට, ස්නානය කිරීමට, ඇඳ පැලඳ ගැනීමට නොහැකි තත්වයක් ක්‍රමයෙන් වර්ධනය වීම.
    • මිනිසුන් හඳුනාගැනීමේ හැකියාව ක්‍රමයෙන් පරිහානි වී ඉතා සමීප පවුලේ සාමාජිකයන් පවා හඳුනාගැනිමට හැකියාව නැතිවීම.

Determining Alzheimer's Symptoms | Urgent Team - Family of Urgent Care and  Walk-in Centers

 

12. පාකින්සන්ස් රෝගය ලෙස හඳුන්වන්නේ?

    • පේශි චලන වල සමායෝජනය හා පාලනය නැතිවී යාම සිදු කරන ප්‍රගාමී චාලක ආබාධ තත්ත්වයකි.

 

13. පාකින්සන්ස් රෝගයේ ලක්ෂණ වන්නේ?

    • චලන වල ප්‍රමාද බව.
    • චලන ආරම්භ කිරීමට ඇති අපහසු බව.
    • දුර්වල සමබර බව.
    • වෙනස් නොවන පේශි තානය නිසා මුහුණින් හැඟීම් ප්‍රකාශ කල නොහැකි වීම.
    • කථන ගැටළු ඇතිවීම. (අත්, අත් ඇඟිලි වල හා හිසෙහි සැලීම් ඇතිවීම)

Free Vector | Parkinson disease symptoms infographic

 

14. පාකින්සන්ස් රෝගය සඳහා හේතු වන්නේ,

    • ඩොපමයින් ස්නායු සම්ප්‍රේෂක නිදහස් කරන නියුරෝන වල ක්‍රමික හායනය.

 

15. පාකින්සන්ස් රෝගය ඇතිවීම සඳහා බලපෑ හැකි හැකි හේතු සාධක වන්නේ?

    • වයස්ගත වීම
    • ප්‍රවේණික සාධක

 

16. පාකින්සන්ස් රෝගය සුව කිරීම හා ප්‍රතිකාර කිරීම සම්බන්ධව අදහස් දක්වන්න,

    • රෝගයට ප්‍රතිකාර කල හැක නමුත් සුව කළ නොහැකි වේ.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom