No menu items!
ජීව විද්‍යාව09. ක්ෂුද්‍ර ජීව විද්‍යාව9.4.1 පානීය ජල සැපයුම හා අපජලය කළමනාකරණය සඳහා ක්ෂුද්‍ර ජීවී විද්‍යාත්මක සංකල්ප...

9.4.1 පානීය ජල සැපයුම හා අපජලය කළමනාකරණය සඳහා ක්ෂුද්‍ර ජීවී විද්‍යාත්මක සංකල්ප හා මූලධර්ම භාවිතය.

 

පානීය ජලය දූෂණය වන මාර්ග.

  1. පානීය ජලය දූෂණය වියහැකි ආකාර සඳහන් කරන්න.
    • රසායනික දූෂක
    • ආසාදක රෝගකාරක ජීවීන්

 

2. ජලය මඟින් රෝග සම්ප්‍රේෂණය වන්නේ කෙසේද?

    • ව්‍යාධිජනකයන් අඩංගු මිනිස් හා සත්ත්ව මළ ද්‍රව්‍ය වලින් අපවිත්‍ර වූ ජලය පානය කර අධිග්‍රාහකයෙන්

 

3. ජලයේ අපද්‍රව්‍ය අධික ලෙස එක්රැස් වීම නිසා ඇතිවන තත්ත්ව මොනවාද?

    • සුපෝෂණය
    • සයනොබැක්ටීරියා හා ඇල්ගී විශාල වශයෙන් වර්ධනය.

 

4. ඇල්ගී අතිගහනය යනු කුමක්ද?

    • සයනොබක්ටීරියා හා ඇල්ගී අධිකව වර්ධනය වීම.

 

ජලයේ ගුණාත්ව දර්ශකයක් ලෙස ක්ෂුද්‍ර ජීවීන්

5. ජල සැපයුම අපවිත්‍ර වියහැකි ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් කවුරුන් ද?

    • almonella spp
    • Shigella sp
    • Vibrio sp

Vibrio sp

Salmonella sp

 

6. පරීක්ෂණාගාරවල ජලය අපවිත්‍ර වී ඇත්දැයි හඳුනා ගැනීමට ජල සාම්පලවල සිටින ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් පදනම් කරගෙන පරීක්ෂණ සිදු නොකිරීමට හේතු මොනවාද?

    • පරීක්ෂණ සාම්පලවල එම ක්ෂුද්‍ර ජීවීන් අඩංගු නොවීම.
    • ඉතා කුඩා ප්‍රමාණවලින් අඩංගු වීම.
    • ක්ෂුද්‍ර ජීවීන් සඳහා පරීක්ෂණ කිරීමට හා එම ජීවීන් අනාවරණය ගැනීමට දීර්ඝ කාලයක් ගත වීම නිසා වසංගත තත්ත්වයක් වැළැක්වීම සඳහා ප්‍රමාදය වැඩිවීම.

 

7. බොහෝ රටවල ජලයේ ගුණත්වය පරීක්ෂා කිරීමට යොදාගන්නා ක්ෂුද්‍ර ජීවී විශේෂය කුමක්ද?

    • කෝලිෆෝම් බැක්ටීරියාව

 

8. කෝලිෆෝම් බැක්ටීරියාව යනු?

    • ස්වායු හෝ වෛකල්පිත නිර්වායු
    • ග්‍රෑම් ඍණ
    • අන්තඃබීජාණු නොසාදන
    • යෂ්ටි හැඩති
    • 35°C දී ලැක්ටෝස් ද්‍රව රෝපණ මාධ්‍යයේ පැසීමෙන් පැය 48ක් තුල වායු වර්ග නිපදවන ක්ෂුද්‍ර ජීවීන්ය.

 

9. කෝලිෆෝම් බැක්ටීරියාව ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවී ආකාරයක්ද?

    • නැත.

 

10. කෝලිෆෝම් බැක්ටීරියාව සිටින්නේ මිනිස් දේහයේ කුමන ප්‍රදේශයේ ද?

    • අන්ත්‍රයේ

 

11. ජලයේ කෝලිෆෝම් බැක්ටීරියාව අන්තර්ගත වීමෙන් අනාවරණය වන්නේ කුමක්ද?

  •  
    • ජලය මළද්‍රව්‍ය වලින් දූෂණය වී ඇති බව.

කෝලිෆෝම් බැක්ටීරියාව

 

ජලයෙන් බෝවන රෝග

12. ජලය මඟින් සම්ප්‍රේෂණය වන ව්‍යාධිජනකයන්ගෙන් ආන්ත්‍රික මාර්ගය ආසාදනය නිසා ඇතිවන වන රෝග මොනවාද?

    • උණසන්නිපාතය
    • පැරාටයිෆොයිඩ් උණ
    • කොළරාව
    • ගැස්ටරොඑන්ටරයිටිස්
    • අතීසාරය

 

13. මෙම ව්‍යාධිජනකයන් ආසාදනය කරන්නේ ශරීරයේ කුමන ප්‍රදේශයද?

    • ආන්ත්‍රික මාර්ගය

 

පානීය ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය

14. ජලය පිරිසිදු කිරීම යනු කුමක්ද?

    • ජීවානුහරණය නොව ජලය රෝගකාරක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර කිරීම.

 

15. පානීය ජලය පිරිසිදු කිරීමේ පිරියතක පියවර 3 මොනවාද?

    • අවසාදනය හා කැටිගැසීම
    • පෙරීම
    • විෂබීජනාශනය

 

16. පළමු පියවරේදී සිදුකරන්නේ කුමක්ද?

    • බොර සහිත ජලය රඳවන ටැංකි තුළ සැලකිය යුතු කාලයක් තැබීම.

 

17. අවසාධනය වැඩි කිරීමට එකතු කරන ද්‍රව්‍ය කුමක්ද?

    • ඇලම් (ඇලුමිනියම් පොටෑසියම් සල්ෆේට්)

 

18. මෙම පියවරේදී ජලයේ ඇති කුමන ද්‍රව්‍ය ඉවත් වේද?

    • බොහෝ ක්ෂුද්‍ර ජීවීන්
    • සියුම් අවලම්භබිත ද්‍රව්‍

 

19. දෙවන පියවරේදී සිදුකරන්නේ කුමක්ද?

    • සියුම් වැලි තට්ටුවක් තුළින් ජලය පෙරීමට සලස්වයි.

 

20. පෙරීමේදී ඉවත්වන ද්‍රව්‍ය මොනවාද?

    • අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන්
    • ප්‍රොටෝසෝවා කෝෂ්ඨ

 

21. මෙහිදී ක්ෂුද්‍ර ජීවීන්ට සිදුවන්නේ කුමක්ද?

    • පස් අංශු වල මතුපිටට අධිශෝෂණය වීම නිසා පස් අංශු අතර සිර වීම.

 

22. සමහර අවස්ථාවල ජල පිරිපහදුකාගාරවල විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට යොදන ද්‍රව්‍ය කුමක්ද?

    • සක්‍රීය කරන ලද කාබන්

 

23. විෂබීජනාශනය සඳහා බහුලව භාවිතා වන ක්‍රමය කුමක්ද?

    • ක්ලෝරිනීකෘත කිරීම.

 

24. එහිදී සිදු වන්නේ කුමක්ද?

    • ව්‍යාධිජනක බැක්ටීරියා මරා දැමීම.

 

25. විෂබීජනාශනය කරන තවත් ක්‍රමයක් නම් කරන්න.

    • ඕසෝන් මඟින්

 

26. එමඟින් විෂබීජනාශනය කරන්නේ කෙසේද?

    • ඔක්සිකරණයෙන් ක්ෂුද්‍ර ජීවීන් මරා දැමීම.

 

27. ඉහත ක්‍රම අතරින් විෂබීජනාශනයට වඩා සතුටුදායක පිළිගත් ක්‍රමය කුමක්ද?

    • ඕසෝන් මඟින් විෂබීජනාශනය.

 

28. ඊට හේතුව කුමක්ද?

    • එමඟින් සුළු ශේෂ බලපෑමක් පමණක් ඇතිවීම හා රසයක් ගන්ධයක් ඇති නොවීම.

 

පානීය ජල පිරිපහදුව

අපජලය කළමනාකරණය

29. කාර්මික අපජලය පිරිසිදු කිරීමේ ප්‍රධාන ආකාර දෙක කුමක්ද?

    • ප්‍රාථමික පිරියම් කිරීම
    • ද්විතීයික පිරියම් කිරීම

 

30. ප්‍රාථමික පිරියම් කිරීමේ පියවර සඳහන් කරන්න.

    • පාවෙන විශාල ද්‍රව්‍ය ඉවත් කිරීම.
    • වැලි ඉවත් කිරීම.
    • තෙල් සහ ග්‍රීස් ඉවත් කිරීම.
    • අවසාදක තටාක තුල ඝන ද්‍රව්‍ය තැන්පත් කිරීම.
    • රොන්බොර එකතු කර ඉවත් කිරීම.

 

31. ප්‍රාථමික පිරියම් කිරීම අවසානයේදී ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් ඉවත් වේද?

    • 25% – 35% අතර ප්‍රමාණයක්.

 

32. ද්විතීයික පිරියම් කිරීමේදී සිදුකරන්නේ කුමක්ද?

    • අපජලය වාතනය කිරීම.

 

33. ඉහත ක්‍රියාවලිය කිරීමේ අරමුණ කුමක්ද?

    • ස්වායු බැක්ටීරියාවන්ගේ වර්ධනයත්
    • සීඝ්‍ර ක්ෂුද්‍ර ජීවී ඔක්සිකරණයත් පහසු කිරීම.

 

34. ජලය වාතනය කිරීමට භාවිත වන ක්‍රම මොනවාද?

    • සක්‍රීය කළ බොර ක්‍රමය
    • කාන්දු පෙරහන් ක්‍රමය

 

35. සක්‍රීය කළ බොර ක්‍රමයේදී සිදුකරන්නේ කුමක්ද?

    • වේගවත් වාතනයක් යාන්ත්‍රිකව සිදු කිරීම.

 

36. කාන්දු පෙරහන් ක්‍රමයේදී ජලය වාතනය කරන්නේ කෙසේද?

    • පාෂාණමය ද්‍රව්‍ය තට්ටුවක් මත දූෂිත ජලය සෙමෙන් ඉසීමට සලස්වා
    • එය කාන්දු වීමට සැලැස්වීම.

 

37. මෙමඟින් සිදුවන්නේ කුමක්ද?

    • පාෂාණ තට්ටු මත ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වී ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඔක්සිකරණය.

 

38. ද්විතීයික පිරියම් කිරීමේදී ඓන්ද්‍රීය ද්‍රව්‍ය කොපමණ ප්‍රමාණයක් ඔක්සිකරණය කරයිද?

    • 75% -95% අතර ප්‍රමාණයක්

 

39. පිරියම් කිරීම අවසානයේදී ඉතිරි වන්නේ කුමක්ද?

    • රොන්බොර

 

40. එම ද්‍රව්‍යට සිදුකරන්නේ කුමක්ද?

    • නිර්වායු රොන්බොර ජීරකයක් වෙත යවා එහිදී නිර්වායුක වියෝජනයට ලක් කිරීම.

 

41. එම ක්‍රියාවලිය අවසානයේදී රොන්බොරවල අඩංගු ඓන්ද්‍රීය ද්‍රව්‍ය කුමක් බවට පත් කරයිද?

    • මීතේන්
    • කාබන්ඩයොක්සයිඩ්.

 

42. ජීර්ණය වූ රොන්බොරවලට කුමක් සිදු කරයිද?

    • පොහොර වශයෙන් යොදාගනී.

 

42. ස්වාභාවික ජලාශ වලට විශාල ලෙස අපජලය මුදාහැරීම නිසා සිදුවන අහිතකර බලපෑම් මොනවාද?

    • ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාප්තිය.
    • ජෛව හායනය වියහැකි ද්‍රව්‍ය හා ඒවා වියෝජනයෙන් ඇතිවන ඵල එක්රැස් වීමෙන් ජලය දූෂණය.
    • එසේ වියෝජනය වීමේදී ජලයේ අඩංගු ඔක්සිජන් විශාල ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගැනීම ජලජ ජීවීන්ට අහිතකර බලපෑමක් ඇති කරයි.
    • නිර්වායුක වියෝජනය නිසා දුර්ගන්ධයක් ඇතිවීම.

https://tecdragons.blogspot.com/2017/12/4_23.html?m=1

 

අප ජලය පිරියම් කිරීම

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.