විද්‍යා අංශයපාඩම් අංකය - පාඩමේ නම

පාඩම් අංකය – පාඩමේ නම

 

මානව සැකිල්ල

  1. මානව සැකිල්ලේ ප්‍රධාන කොටස් දෙක නම් කර ඊට අයත්වන අනුප්‍රධන කොටස් නම් කරන්න
    • ආක්ෂක සැකිල්ල : හිස් කබල , උරෝස්ථිය , කශේරුව පර්ශු
    • ගාත්‍රා සැකිල්ල : උරමේඛලා, ශ්‍රෝණි මේඛලා , ගාත්‍රා යුගල් දෙක

 

හිස් කබල

2.පහත නම් වලින් හදුන්වන්නේ කවරක්දැයි සදහන් කර ඒවායේ වැදගත්කම් දක්වන්න

  1. සීවනී
    • බොහෝ අස්ථි අතර පවතින අස්ථි භවනය වුනු චලනය කල නොහැකි සන්ධි
    • කපාලයට ආරක්ෂාව සපයයි
  2. රන්ද්‍ර
    • ඇතැම් කපාල අස්ථි අතර පවතින මෘදු පටලමය ප්‍රදේශ
    • අස්ථි සම්පීඩනය සදහා ඉඩසලසමින් ප්‍රසුතිය පහසු කරයි
  3. කෝටරක
    • නාස් කුහර සමග සම්බන්ධ වන හිස්කබලේ ඇතැම් අස්ථි තුල පවතින පක්ෂ්මධර ශ්ලේෂ්මල පටලයෙන් ආස්තරණය වුණු වාතය පිරි කුහර
    • කටහඩ අනුනාද කිරීම
    • හිස්කබලේ බර අඩු කිරීම

3. කපාල ප්‍රදේශයේ කෘත්‍යන් දක්වන්න

      • මොලය ආවරණය හා ආරක්ෂාව
      • අභ්‍යන්තර කන , මැද කන, ආඝ්‍රාණ අවයව , ඇස් ආරක්ෂා කරයි
      • අස්ථිමය අක්ෂි කුප , අස්ථි පේශි වලට සන්ධාන පෘෂ්ඨ සැපයීම මගින් චලනයට ආධාර කිරීම

4. මානව කපාල ධාරිතාව කොපමණද?

      • 1.5 l

5. මිනිසාගේ හිස් කබල අස්ථි කීයකින් සමන්විතද?

        • 22

6. රන්ධ්‍ර අස්ථි මගින් ප්‍රතිස්ථාපනය වන වයස කුමක්ද?

          • වයස අවුරුදු 1-2

7. කෝටරක පවතින අස්ථි වන්නේ

            • කීලාස්ථිය
            • ජිද්‍රාස්ථිය
            • ඌර්ධව හනුක අස්ථිය
            • ලලාට අස්ථිය

8. අපර කපාල සන්ධාන අග්‍ර යුගල පිහිටීම හා වැදගත්කම/කෘත්‍

              • මහා ජිද්‍රය දෙපස පිහිටන සුමට රවුම් ගැටුති යුගලයයි
              • පළමු කශේරුකාව වන ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වීමෙන් හිස ඉහල පහල චලනයට ආධාර කරයි .

9. පහත ව්‍යුහ වල කෘත්‍යන්/වැදගත්කම් සදහන් කරන්න

ව්‍යුහය

කෘත්‍යය /වැදගත්කම

  • සීවනි
  • කපාලයට ආරක්ෂාව සපයයි
  • මහාජිද්‍රය
  • ශුෂුම්නාවට මාර්ගය සලසයි
  • රන්ධ්‍ර
  • අස්ථි සම්පීඩනය සදහා ඉඩසලසමින් ප්‍රසුතිය පහසු කරයි
  • කෝටරක
  • කටහඩ අනුනාද කිරීම
  • හිස්කබලේ බර අඩු කිරීම
  • ඌර්ධව හනුක අස්ථිය
  • දත් සවිවීමට අවශ්‍ය කූප සදා ඇත
  • අධෝහනුක අස්ථිය
  • දත් සවිවීමට අවශ්‍ය කූප සාදා ඇත
  • යුගවක්‍රය
  • අධෝහනුව චලනය කිරීමට අවශ්‍ය පේශි සන්ධානයට සන්ධාන මුහුණත්/පෘෂ්ඨ සපයනු ලැබේ
  • සන්ධා අග්‍ර ප්‍රසරය
  • ශංඛක අස්ථිය සමග සන්ධානය වීමෙන් ශංඛක අධෝහනුක සන්ධිය සාදයි
  • තුන්ඩාකාර ප්‍රසරය
  • පේශි හා බන්ධනී සන්ධානයට පෘෂ්ඨ සපයයි
  • යුග ප්‍රසරය
  • ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සාදයි
  • චුචුකාකාර ප්‍රසරය
  • පේශි සන්ධානයට මුහුණත සපයයි
  • කීලාභ ප්‍රසරය
  • පේශි සන්ධානයට මුහුණත සපයයි
    •  
    1. 10. මුඛ කුහරය හා නාස් මාර්ගය වෙන් කරන්නේ කවරකින්ද ? 
  1.  
      • අස්ථිමය දැඩි තල්ල
      • කටිලේජමය මෘදු තල්ල
      •  

11.වත්‍ර අස්ති නාස් මාර්ගයේ ඉහල ප්‍රදේශය සෑදීමට දායක වන්නේ කෙසේද?

  • ඇතැම් වක්ත්‍ර අස්ථි නාස් කුහරයේ අපර කොටසේ බිත්ති සාදමින්     

12. ඌර්ධව හනුක අස්ථිය හා අධෝහනුක අස්ථිය අතර පවතින වෙනස්කම් හා සමානකම් දක්වන්න

    • සමානකම්
      1. වක්ත්‍ර අස්ථි වීම
      2. දත් සවිවීමට අවශ්‍ය කූප සාදා ඇත
    • වෙනස්කම්

ඌර්ධව හනුක අස්ථිය

අධෝහනුක අස්ථිය

    • කපාලයට සම්බන්ධය
    • කපාලයට සම්බන්ධ නැත
    • චලනය කල නොහැකිය
    • චලනය කල හැකිය

    13. යුග වක්‍රය ගොඩ නැගෙන්නේ කෙසේද?
    • වක්ත්‍ර අස්ථියක් වන යුග අස්ථියේ කොටසක් හා ශංඛක අස්ථියේ කොටසක් සම්බන්ද වීමෙන්

14. අධෝහනුක අස්ථියේ ප්‍රසර දෙක මොනවාද ?

    • සන්ධා අග්‍ර ප්‍රසරය
    • තුන්ඩාකාර ප්‍රසරය

15. ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වීමෙන් අසව් සන්ධිය සැදීමට දායක වන්නේ කවරක්ද?

      • කපාලය පත්ලේ අපර කපාල අස්ථි වලට සම්බන්ධව ඇති අපර කපාල සන්ධාන අග්‍ර යුගල

16. ශංඛක අස්ථියේ ඇති ප්‍රසර 3 මොනවාද?

        • යුග ප්‍රසරය : ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සාදයි
        • චුචුකාකාර ප්‍රසරය : පේශි සන්ධානයට මුහුණත සාදයි
        • කීළාභ ප්‍රසරය : පේශි සන්ධානයට මුහුණත සාදයි

කශේරුව

  • හිස් කබලේ අපර කපාල අස්ථියේ සිට පහලට දිවෙන ව්‍යුහයකි
  • ශක්තිමත් සුනම්‍ය දණ්ඩකි
  • රේඛියව සැකසුන අස්ථි 26ක්
  • ඉන් 24ක් එකිනෙකින් වෙන්වුණු තනි කශේරුකා
  • ත්‍රිකාස්ථිය : එකිනෙකට බද්ධ වන කශේරුකා 5ක්
  • අනුත්‍රිකාස්ථිය: එකිනෙකට බද්ධ වන කශේරුකා 4 ක්

  • කශේරුවේ නිශ්චිත ප්‍රදේශ 4යි
    • ගෛවී පෙදෙස
    • උරස් පෙදෙස
    • කටී පෙදෙස
    • ත්‍රිකාස්ථික පෙදෙස හා අනුත්‍රිකාස්ථික පෙදෙස

ප්‍රාථමික වක්‍රය

  • භ්රුණ අවධියේදී කශේරුවට ඇති තනි වක්‍රයයි
  • පුර්වව අවතල වක්‍රතාවක්
  • ද්වීතියීක වක්‍ර හටගැනීමෙන් පසු කශේරුවේ උරස් හා ත්‍රිකාස්ථික ප්‍රදේශ වල පමණක් ප්‍රථමික වක්‍ර ඉතිරිවේ .

කශේරුවේ වක්‍ර 4

    1. ප්‍රාථමික වක්‍ර
      1. උරස් වක්‍රය
      2. ත්‍රිකාස්ථික වක්‍රය
    2. ද්වීතියීක වක්‍ර
      1. ගෛවී වක්‍රය
      2. කටී වක්‍රය

1 වන ද්විතියික වක්‍රය: (ගෛවී වක්‍රය )

  • ඉපදීමෙන් මාස 3 පමණ පසු හට ගනී
  • ළදරුවාට හිස එසවීමට උපකාරීවේ
  • ඉන්පසු හිස ඍජුව තබා ගැනීමට හැකිය

2 වන ද්විතියික වක්‍රය: ( කටී වක්‍රය )

  • ළදරුවාට මාස 7-8 පමණ විට ඇති වේ
  • තම දේහය ඍජුව තබා ගැනීමට /සිට ගැනීමට හැකිවේ

දර්ශීය කශේරුකාවක ව්‍යුහය

  • දර්ශීය කශේරුකා ලෙස කටී කශේරුකා සලකනු ලබයි

  • පේශි සන්ධානයට අවශ්‍ය පෘෂ්ඨ සපයයි

කශේරුකා වක්‍රය

දේහය

  • කශේරුකාවක ඇති විශාලතම පැතලි පුළුල් ප්‍රදේශය
  • කශේරුකා ජිද්‍රය වටා පිහිටමින් එය ආවරණය කරයි

තීරයක් ප්‍රසර: කශේරුකා වක්‍රයෙන් දෙපසට හටගන්නා ප්‍රසරයි

කණ්ටක ප්‍රසරය: අපර දෙසට හටගන්නා ප්‍රසරයයි

ප්‍රසර: පේශි සන්ධානයට අවශ්‍ය පෘෂ්ඨ සපයයි

අන්තර් කශේරුක මඩල

  • කශේරුකා දේහ දෙකක් අතර පවතින සවිමත් කටිලේජමය ඵලකයක්
  • එමනිසා යාබද කශේරුකා දේහය සමග ඍජුව එක මත එක සන්ධානය නොවේ

Spine Anatomy - USC Spine Center - Los Angeles

  • එක මත එක පිහිටන කශේරුක ජිද්‍ර එක්ව ගත කල කශේරුක නාලය සාදයි
  • ඒ තුලින් ශුශුම්නාව ගමන් කරයි
  • එක් එක් කශේරුකාවක දේහයේ පැතලි පෘෂ්ඨය, යාබද කශේරුකාවේ එයට අදාළ පෘෂ්ඨය සමග ස්ථානගත වේ
  • කශේරුකා එක මත එක ඇසිරී පවතී

ගෛවී කශේරුකා

  • Superior aspect of typical cervical vertebra Diagram | Quizlet ඉහලින්ම පිහිටන කශේරුකා 7යි
  • කුඩාම කශේරුකා වර්ගයයි. කුඩාම කශේරුකා දේහයක් ඇත
  • කණ්ටක ප්‍රසරය ද්විභින්නය
  • තීරයක් ප්‍රසර වල දෙපසින් කුඩා ජිද්‍ර යුගලක් ඇත .ඒවා තුලින් කශේරුකධමනි ගමන් කරයි

Map Quiz: Atlas(C1) partes (atlas - quiromasaje - osteopatia) පළමු ගෛවී කශේරුකාව ඇට්ලස් කශේරුකාවයි

  • ඉතා කෙටි තීරයක් ප්‍රසර යුගලක් ඇත
  • විශාල කශේරුක ජිද්‍රය ශුෂුම්නාවේ විශාලිත පූර්ව ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ සලසයි
  • අස්ථිමය වළල්ලක් බදුය
  • නිශ්චිත කශේරුකා දේහයක් හෝ කණ්ටක ප්‍රසරයක් නැත .
  • කශේරුකාවේ පිහිටන පැතලි සන්ධාන පෘෂ්ට යුගලය මත
  • හිස්කබලේ අපර කපාල සන්ධාන මුහුණත් සමග සන්ධානය වෙමින්
  • හිස උස් පහත කිරීමට ඉඩ සලසයි

දෙවන ගෛවී කශේරුකාව අක්ෂ කශේරුකාවයි

  • දේහයට සම්බන්ධ දන්තාකාර ප්‍රසරය නැමැති උත්තරව විහිදෙන ප්‍රසරයක් ඇත
  • කුඩා කශේරුකා දේහයක් ඇත

Cervical Vertebrae Images, Stock Photos & Vectors | Shutterstock

  • දන්තාකාර ප්‍රසරය ඊට ඉහලින් ඇති ඇට්ලස් කශේරුකාවට සන්ධානය වෙයි
  • හිස් කබල හා දන්තාකාර ප්‍රසරය ඇට්ලස් කශේරුකාව මත භ්‍රමණය වීම මගින් හිස දෙපැත්තට හැරවීමට ඉඩ සලසයි

උරස් කශේරුකා

  • ගෛවී කශේරුකා වලට වඩා විශාලය
  • ශරීරයේ බර වැඩි ප්‍රමාණයක් දරා සිටියි .
  • කශේරුකා දේහයේ හා තීරයක් ප්‍රසර වල පර්ශු සදහා සන්ධාන මුහුණත් ඇත

කටී කශේරුකා

  • විශාලම කශේරුකා ය
    • විශාලම කශේරුකා දේහය
    • විශාලම කණ්ටක ප්‍රසරය :- දේහයේ පිටුපස ප්‍රදේශයේ පේශි සන්ධානයට මුහුණත් සපයයි

ත්‍රිකාස්ථිය හා අනූත්‍රිකාස්ථිය

  • එක් එක් පස ශ්‍රෝණි ජිද්‍ර නමැති ජිද්‍ර ශ්‍රේණියක් පිහිටා ඇත
    • ස්නායු වලට පිටවීමට ඉඩ සලසයි
  • 5 වන කටී කශේරුකාව ඉහල ප්‍රදේශයට සන්ධානය වෙයි

  • අනූත්‍රිකාස්ථියේ පළල් පාදස්ථ ප්‍රදේශය ත්‍රිකාස්ථියට බද්ධ වී ඇත
  • ශ්‍රෝණි මෙඛලාවේ ජඝන ඵලකාස්ථි

සමග දෙපසින් සන්ධානය වේ

අනූත්‍රිකාස්ථිය

  • අවසාන කශේරුකා 4ක් එකට හාවී සෑදුනු ත්‍රිකෝණාකාර කුඩා අස්ථියකි

ත්‍රිකාස්ථිය

  • අවශිෂ්ඨ කශේරුකා 5ක් එකට හාවී සෑදුනු ත්‍රිකෝණාකාර විශාල අස්ථියකි

17. මානව කශේරුවේ පොදු කෘත්‍ය සදහන් කරන්න

  • ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට ආධාර වීම
  • හිස් කබලට සන්ධාරණය සැපයීම හා පර්ශු හා මේඛලා වලට සන්ධාන පෘෂ්ඨ සැපයීම
  • ශුෂුම්නාව ආරක්ෂා කිරීම
  • කශේරුකා ජිද්‍ර මගින් ස්නායු රුධිර නාල හා වසානාල ගමන් කිරීමට අවකාශය සැලසීම
  • දේහ චලනවලදී නම්‍යශීලී බවක් සැපයීම
  • අන්තර් කශේරුකා මඩල කම්පන අවශෝෂක ලෙස ක්‍රියාකරමින් ශුශුම්නාව ආරක්ෂා කිරීම

මානව ගාත්‍රා සැකිල්ලේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

 

 

18. උර මේඛලාවේ වැදගත්කම සදහන් කරන්න

  • උරමෙඛලාව හරහා උත්තර ගාත්‍රය දේහයේ බදට සන්ධි මගින් සම්බන්ධවෙයි
  • උරමෙඛලාව මගින් උත්තර ගාත්‍රය ආක්ෂක සැකිල්ලට සම්බන්ධ කරයි

පූර්ව ගාත්‍රය

 

 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom