දවසට පාඩමක්67 දවස11.5 - විකිරණශීලීතාව

11.5 – විකිරණශීලීතාව

11.5 – විකිරණශීලීතාව

පාඩමේ සටහන Download කරගන්න.

\alphaඅංශු ({}_2^4\alpha)

  • ඇල්ෆා අංශුවක ප්‍රෝටෝන 2ක් හා නියුට්‍රෝන 2ක් ඇත. එනම් නියුක්ලියෝන 4ක් අන්තර්ගත වේ.ඒ අනුව ඇල්ෆා අංශුවක ආරෝපණය ප්‍රෝටෝන අංශු 2ක ආරෝපණයට සමාන වේ.

  • ඇල්ෆා අංශුව සොයා ගැනීමෙන් අනතුරුව එහි සම්මත ආරෝපණය ස්කන්ධයට දරන අනුපාතය සෙවීම සඳහා පරීක්ෂණ සිදු කළහ. මේ සඳහා විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර තුළ මෙම අංශු දක්වන උත්ක්‍රමණ යොදාගෙන ඇති අතර ඇල්ෆා අංශුවක සම්මත ආරෝපණය ද්වී ආරෝපිත හීලියම් න්‍යෂ්ටියක සම්මත ආරෝපණයට සමාන බව සොයාගෙන ඇත. පසුව ඇල්ෆා අංශුවක් යනු හීලියම් පරමාණුක න්‍යෂ්ටියක් බව 1909 දී අර්නස්ට් රදර්ෆර්ඩ් නම් විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලදී.
  • සාමාන්‍යයෙන් ඇල්ෆා අංශුවක වේගය ආලෝකයේ වේගයෙන් 6% ක් පමණ වේ.මෙලෙස අවකාශයේ ගමන් ගන්නා ඇල්ෆා අංශුවකට 6Mev පමණ චාලක ශක්තියක්ද පවතී. න්‍යෂ්ටික විකිරණ අතරින් වැඩිම ශක්තියක් පවතින්නේද මේවාට ය.
  • එසේම අනෙක් න්‍යෂ්ටික විකිරණ වලට සාපේක්ෂව ඇල්ෆා අංශුවකට සැලකිය යුතු ආරෝපණයක් පවතින නිසා ඒවාට වැඩි අයණීකරණ බලයක්ද පවතී. ඇල්ෆා අංශුවල වැඩි ආරෝපණයත් ඒවා සාපේක්ෂව සෙමින් චලනය වීමත් නිසා ඇල්ෆා අංශු වාතය තුළින් ගමන් කිරීමේදී වාත පරමාණු වැඩි වශයෙන් අයණීකරණයට ලක්වේ.
  • ඇල්ෆා අංශුවල සාපේක්ෂව වැඩි ස්කන්ධයක් ඇති නිසා ඒවාට පවතින්නේ අඩු විනිවිද යෑමේ හැකියාවකි. එබැවින් ඇල්ෆා අංශුවකට වාතය තුළ කෙටි දුරක් (5cm) ගමන් කළ හැකි අතර සාමාන්‍ය ඝනකමකින් (0.1mm) යුත් Al තහඩුවක් හරහා විනිවිද ගමන් කළ හැක.
  • මෙම අංශුවට ආරෝපණයක් පවතින නිසා විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර මඟින් අපගමනයට ලක්වේ.
  • \alphaඅංශු මගින් සම පිළිස්සීමට ලක් වේ.

බීටා අංශු ({}_{-1}^0\beta )

  • බීටා අංශු දෙවර්ගයක් පවතී. මේවා සෘණ බීටා හා ධන බීටා වේ. මේවා අධිවේගී ඉලෙක්ට්‍රෝන වේ. බීටා ධන අංශුවලට පොසිට්‍රෝන (positron) යැයි කියනු ලැබේ.
  • බීටා අංශු යනු අධිවේගී ඉලෙක්ට්‍රෝන නිසා මෙහි ,

  • ඒ අනුව බීටා අංශුවක පරමාණුක අංකය -1 ක්ද,ස්කන්ධ අංකය 0 ක්ද වන අතර බීටා අංශුවක් පරමාණුක අංකය හා ස්කන්ධ අංකය සමඟින් පහත පරිදි නිරූපණය කළ හැක.

{}_{-1}^0\beta,{}_{-1}^0e

  • බීටා අංශුවල චාලක ශක්තිය හා වේගය මාතෘ න්‍යෂ්ටිය මත රඳා පවතී. මෙම අංශු වල වේගය විශාල අගය පරාසයක් තුළ වෙනස් වන අතර උපරිම අගය නිදහස් අවකාශයේ ආ‌ලෝකයේ ප්‍රචාරණ වේගයෙන් 98% වේ. එසේම බීටා අංශුවල චාලක ශක්තිය 0.05Mev සිට 3.25Mev දක්වා වූ අගය පරාසයක ව්‍යාප්ත වේ.
  • බීටා අංශුවක් සෘණ ආරෝපිත නිසා විද්‍යුත් ක්ෂේත්‍ර තුළදී අපගමනයට ලක්වේ.එසේම චුම්භක ක්ෂේත්‍රයක් තුළට බීටා අංශුවක් ඇතුළු වූ පසු එය ඇල්ෆා අංශුවකට වඩා වැඩි අපගමනයක් පෙන්වයි.
  • ඇල්ෆා අංශුවකට සාපේක්ෂව බීටා අංශුවකට පවතින කුඩා ස්කන්ධය නිසා ඇල්ෆා අංශුවකට වඩා වැඩි විනිවිද යෑමේ හැකියාවක් බීටා අංශුවකට පවතියි.ඒ අනුව වාතය තුළ 5m පමණ දුරක් දක්වා බීටා අංශුවකට ගමන් කළ හැකි අතර 1mm ට වඩා අඩු ඝනකමක් ඇති Al තහඩුවක් තුලින් ද බීටා අංශුවලට විනිවිද ගමන් කල හැකිය.
  • වායු අයනීකරණය කිරීමේ හැකියාව අඩුය.

ගැමා කිරණ ({}_0^0\gamma)

  • ගැමා කිරණ යනු අධික සංඛ්‍යාතයකින් යුත් විද්‍යුත් චුම්බක තරංග වේ. මේවා වාතය හා රික්තයෙදී ආලෝකයේ වේගයෙන් ගමන් කරයි.
  • මේවාට ආරෝපණයක් නොමැති අතර ස්කන්ධයක්ද නොමැති බැවින් විනිවිද යෑමේ හැකියාව ඉතා ප්‍රබල වෙයි.
  • වායූන් අයනීකරණය කිරීමේ හැකියාව ඇල්ෆා හා බීටා අංශූන්ට සාපේක්ෂව දුර්වල වෙයි.
  • ඇල්ෆා හා බීටා විකිරණ පිට කිරීමෙන් පසු පරමාණු න්‍යෂ්ටි අධිකව අස්ථායීව පවතී. ඒවායේ ස්ථායීතාවය උදෙසා ශක්තිය පිට කරයි. එම පිට කරන ශක්තිය ගැමා ෆෝටෝනයක (E = hf) ශක්තියට සමාන වේ නම් ගැමා කිරණ ද පිට කරනු ලබයි.

  • \gamma කිරණ සංඛ්‍යාතය 5 × 1022 – 3 × 1018 Hz පරාසයේ පිහිටි විද්‍යුත් චුම්භක තරංග වෙයි.
  • ඡායාරූප පටල මත බලපෑම් ඇති කරයි.
  • යම් පෘෂ්ඨයක් මත පතිත වූ විට ඒ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන ගලවා ගැනීමට හැකියාව ඇත.
  • \gammaකිරණ ‌ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය (rest mass) ශුන්‍ය වේ.

α-විමෝචනය (α-ක්ෂය වීම)

  • \alpha අංශුවක් විමෝචනය වීමෙන් දුහිතෘ න්‍යෂ්ටියේ ස්කන්ධ අංකය හතරකින් අඩුවන අතර පරමාණුක අංකය දෙකකින් අඩු වේ.
  • එක් මූලද්‍රව්‍යයක් ක්ෂය වීමෙන් වෙනත් මූලද්‍රව්‍යයන් ඇති වීම තත්ත්වාන්තරකරණය (transmutation) නම් වේ.
  • \alpha විමෝචනය න්‍යෂ්ටික සමීකරණයක් ලෙස පහත දැක්වෙන ආකාරයට ලිවිය හැකිය.

Text, letterDescription automatically generated

  • \alphaවිමෝචනය දැක්වෙන ‌පොදු සමීකරණය

  • මෙයින් කියවෙන්නේ ස්කන්ධ අංකය A සහ පරමාණුක ක්‍රමාංකය Z වන X නැමැති න්‍යෂ්ටිය හීලියම් න්‍යෂ්ටියක් ශක්තිය නිකුත් කිරීමෙන් පසුව ස්කන්ධ අංකය A-4 සහ පරමාණුක ක්‍රමාංකය Z-2 වන Y නමැති න්‍යෂ්ටිය බවට පරිවර්තනය වන බවයි.

\betaවිමෝචනය

  • සමහර විකිරණශීල න්‍යෂ්ටි වඩා ස්ථායි අවස්ථාවකට පත් වීම සදහා ඉලෙක්ට්‍රෝන හෝ පොසිට්‍රෝන විමෝචනය කරයි. මෙය \beta විමෝචනය වීම ලෙස හැදින්වේ.
  • පොසිට්‍රෝනයක් යනු ආරෝපණයෙන් හැර අන් සෑම ලක්ෂණයකින්ම ඉලෙක්ට්‍රෝන හා සමාන වූ අංශුවකි. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට විශාලත්වයෙන් සමාන වූ ධන (+) ආරෝපණයක් එයට ඇත.
  • පොසිට්‍රෝනය යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති අංශුව ලෙස සැලකේ.
  • න්‍යෂ්ටිය තුළ අඩංගු නියුට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණනට වඩා වැඩි අවස්ථාවල දී \beta^- විමෝචනය සිදු වේ.
  • ඉලෙක්ට්‍රෝනයක් විමෝචනය වීමේ ක්‍රියාවලිය β විමෝචනයක් ලෙස හැදින්වේ. මෙහි දී ස්කන්ධ ක්‍රමාංකය නොවෙනස් වී පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වේ.

උදාහරණ කිහිපයක් :-

  • Text, letterDescription automatically generated
  • ඉහත දැක්වූ විමෝචන වලදී  βඅංශුවකට අමතරව ප්‍රතිනියුට්‍රිනෝව නමැති අංශුවක්ද නිකුත් වෙයි.
  • ශක්ති සංස්ථිතියට අනුකූලව පැවතීම සදහා βවිමෝචනයේ දී ප්‍රතිනියුට්‍රිනෝව නම් වූ අංශුවක් ද විමෝචනය වීම අවශ්‍ය කෙරේ.
  • ප්‍රතිනියුට්‍රිනෝව යනු ස්කන්ධය නොගිණිය හැකි තරම් වූ අනාරෝපිත මූලිකාංශුවකි.
  • න්‍යෂ්ටිය තුළ වැඩි නියුට්‍රෝන සංඛ්‍යාවක් (N > Z) ඇති අවස්ථාවක නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයකට හා ඉලෙක්ට්‍රෝනයකට පරිවර්තනය වේ. මෙහි දී ප්‍රෝටෝනය න්‍යෂ්ටිය තුළ රැදෙන අතර, ඉලෙක්ට්‍රෝනයත් ප්‍රතිනියුට්‍රිනෝවත් අධික වේගයෙන් න්‍යෂ්ටියෙන් බැහැර වේ.

ඉලෙක්ට්‍රෝනයේ ප්‍රති අංශුව වන පොසිට්‍රෝනයක් ({}_1^0\beta) විමෝචනය

\nu_eයනු නියුට්‍රිනෝවක් ලෙස හැදින්වේ.

ඉහත ක්ෂය වීමේ පොදු ආකාරය පහත දැක්වේ.

DiagramDescription automatically generatedβ ක්ෂය වීමේ දී නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයකට පරිවර්තනය වේ.

β+ ක්ෂය වීමේ දී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයකට පරිවර්තනය වේ.

\gammaවිමෝචනය

  • සාමාන්‍යයෙන් විකිරණශීල න්‍යෂ්ටියක් ක්ෂය වීමේ දී  \alpha අංශු හෝ \betaඅංශු විමෝචනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන දුහිතෘ න්‍යෂ්ටිය සැකැඹුණු අවස්ථාවකට පත් වේ.
  • මේ දුහිතෘ න්‍යෂ්ටිය \gamma කිරණ විමෝචනය කර අඩු ශක්ති අවස්ථාවකට හෝ භූමි අවස්ථාවකට හෝ පත් වේ. මෙහි දී ඒ න්‍යෂ්ටිය අයත් මූලද්‍රව්‍යය වෙනස් නොවේ.
  • මේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පහත සදහන් ආකාරයට සමීකරණ මගින් නිරූපණය කළ හැකිය.

A picture containing text, clockDescription automatically generated

  • මෙහි * මගින් නිරූපනය කරන්නේ C (කාබන්) න්‍යෂ්ටිය සැකැඹුණු අවස්ථාවක පවතින බවයි. පසුව මේ සැකැඹුණු C න්‍යෂ්ටිය ගැමා කිරණයක් නිකුත් කර භූමි අවස්ථාවට පත්වේ.

  • සමහර අවස්ථාවල දී ගැමා කිරණ නිකුත් වී භූමි අවස්ථාවට පත් වීම පියවර දෙකකින් සිදු වේ.

  • මෙහි දී පළමුව Co න්‍යෂ්ටිය බීටා කිරණයක් නිකුත් කර සැකැඹුණු අවස්ථාවක පවතින Ni න්‍යෂ්ටියක් බවට පත් වෙයි. ඉන්පසු එය භූමි අවස්ථාවට පත් වන්නේ පහත රූපයේ ආකාරයට ගැමා කිරණ දෙකක් නිකුත් කිරීම මගිනි.

DiagramDescription automatically generated

විකිරණශීලී පෘථක්කරණ (ක්ෂය) නියමය

  • විකිරණශිලී මූලද්‍රව්‍යක යම් මොහොතක ක්ෂය වන සීඝ්‍රතාවය එම මොහොතේ පවතින විකිරණශීලී පරමාණු ගණනට අනුලෝමව සමානුපාතික වේ.

\triangle t කාලයකදී ක්ෂය වන පරමාණු ගණන =\triangle N

ක්ෂය වීමේ සීඝ්‍රතාවය =\frac{\triangle N}{\triangle t}

එම නිසා ක්ෂය නියමයට අනුව,

මෙහි – ලකුණෙහි භෞතික අර්ථය නම් කාලය සමග විකිරණශීලී පරමාණු ගණන අඩුවන බවයි.

\lambdaහි ඒකක = s-1(තත්පරයට)

= min-1(මිනිත්තුවට)

= day-1(දිනයට)

= Y-1(වර්ෂයට)

සටහන :- \frac{\triangle N}{\triangle t}= –\lambdaN මෙම සමීකරණය අනුකලනයෙන් විසදීමෙන් පහත සමීකරණය ලබාගෙන ඇත.

ආරම්භයේ දී න්‍යෂ්ටි N0 ගණනක් සහිත මූලද්‍රව්‍ය සාම්පලයක් t කාලයක් පෘථක්කරණයට භාජනය වූ පසු ඉතිරිව පවතින න්‍යෂ්ටි ගණන N නම්,

N = N0 . e– λt

විකිරණශීලී පෘථක්කරණ නියමය පිළිබද වැඩිදුර විස්තර අධ්‍යනය සඳහා පහත Youtube link එක භාවිතා කරන්න.

අර්ධ ආයු කාලය(T1/2)

  • කිසියම් විකිරණශීලී නියදියක යම් මොහොතක පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාව හරි අඩක් දක්වා අඩු වීමට ගතවන කාලය අර්ධ ආයු කාලය ලෙස හැදින්වේ.

අර්ධ ආයු කාලය හා ක්ෂය නියතය අතර සම්බන්ධය

කාලය සමඟ විකිරණශීලී පරමාණු ගණන විචලනය වන අයුරු

 

විකිරණශීලී මූලද්‍රව්‍යයක සක්‍රීයතාවය(A)

  • කිසියම් විකිරණශීලී මූලද්‍රව්‍යක යම් මොහොතක ක්ෂය වීමේ සීඝ්‍රතාව හෙවත් පෘථක්කරණ සීඝ්‍රතාව සක්‍රීයතාව ලෙස හැදින්වේ.
  • දෙන ලද අවස්ථාවක ඇති න්‍යෂ්ටි සංඛ්‍යාව N නම්,

  • මෙහි සෘණ ලකුණක් යොදා ඇත්තේ එය අඩු වීමක් නිසයි.

A = A0. e λt

A0 = ආරම්භක සීඝ්‍රතාවය

A හි ඒකක = Bq(බෙකරල්)

  • සක්‍රීයතාව මැනීමට කියුරි (Ci) ඒකකය ද භාවිත වේ.

1 Ci = 3.7 × 10 10 Bq

විකිරණශීලීතාවයේ යෙදීම්

  • වෛද්‍ය විද්‍යාව, පුරා විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර වලදී විකිරණශීලීතාවය යොදාගනී.
  • විකිරණශීලී චිකිත්සාව වෛද්‍ය විද්‍යාවේදී විකිරණශීලීතාවය යොදාගන්නා ප්‍රයෝජනවත් ක්‍රියාවලියකි.
  • එහිදී විකිරණ මගින් ඉක්මනින් වර්ධනය වන පිළිකා සෛල විනාශකල හැක.
  • බෙල්ලේ තයිරොයීඩ් ග්‍රන්ථියෙහි පවතින පිළිකාවලට ප්‍රතිකාර කිරීමේදී විකිරණශීලී අයඩීන් සමස්ථානික

රෝගියාගේ රුධිරයට එන්නත් කරනු ලබයි.

  • මීට අමතරව සැත්කම් උපකරණ ආදී ද්‍රව්‍ය ජීවානුහරණය කිරීම සඳහාද ගැමා කිරණ යොදා ගනී.
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී ශාක මගින් වඩා හොදින් වැඩිපුර අවශෝෂණය කරනු ලබන පොහොර විශේෂය

පරීක්ෂා කිරීම සදහා විකිරණශීලී පොස්පරස් සමස්ථානිකය යොදා පොහොර වර්ග නිෂ්පාදනය කරයි.

  • කොබොල්ට් වැනි විකිරණශීලී ප්‍රභවයකින් ලබාගන්නා ගැමා කිරණ යොදා ගනිමින් දිලීර වලට හා කෘමීන්ට ඔරොත්තු දෙන ශාක ප්‍රභේද තැනිය හැක.
  • පොළොව තුල වළලා ඇති ජල නළ වල අවහිර ඇති ස්ථාන හදුනාගැනීමටද විකිරණශීලීතාවය යොදා ගනී.
  • ජලාශ වල ජල පරිමා මැන ගැනීම සඳහාද විකිරණශීලීතාව යොදා ගනී.
  • විකිරණශීලීතාවය ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයේදීද යොදාගනී.
  • ලෝහ කර්මාන්තයේදී ලෝහ තහඩුවල ඝනකම පරීක්ෂා කිරීමට ද විකිරණශීලීතාවය යොදා ගනී.

විකිරණශීලී කාල නිර්ණය හෙවත් කාබන් දිනැයුම

  • පුරා විද්‍යා කටයුතු වලදී දිරා ගිය සත්ත්ව කොටස් හා ශාක කොටස්(පොසිල) යොදා ගනිමින් සත්ත්වයින් සහ ශාක ජීවත්ව පැවති කාල සීමාව නීර්ණය කිරීම සදහා කාබන් දිනැයුම් යොදා ගනියි.
  • කාබන් වල සමස්ථානික කිහිපයක් පවතින අතර 98.89% ක් {}_6^{12}C සමස්ථානිකයද, 1.11% ක් {}_6^{13}C සමස්ථානිකයද වේ. තවද කාබන් වල {}_6^{14}C සමස්ථානිකයද ඉතාම සුළු ප්‍රමාණයක්ද පවතින අතර එය විකිරණශීලී වෙයි. පෘථිවියෙහි ඉහල වායුගෝලයේ පවතින වායූ අණු සූර්යයාගෙන් පැමිණෙන අන්තරීක්ෂ කිරණ සමග ප්‍රතික්‍රියාවෙන් නියුට්‍රෝන නිපදවෙන අතර එම නියුට්‍රෝන වායූ ගෝලයේ ඇති නයිට්‍රජන් සමග සංඝට්ටනය වීමෙන් පහත දැක්වෙන පරිදි කාබන් වල මෙම විකිරණශීලී සමස්ථානිකය තැනෙයි.

  • මෙම සමස්ථානිකය අවුරුදු 5730 ක අර්ධ ආයූ කාලයක් සහිතව බීටා අංශු විමෝචනය කරමින් පහත පරිදි ක්ෂය වෙයි.

  • {}_6^{12}C  සමස්ථානිකය තැනීම සහ ක්ෂයවීම දීර්ඝ කාලයක් තිස්සේ සමතුලිතව පවතින අතර එනිසා වායුගෝලයෙහි පවතින{}_6^{14}C සමස්ථානික ප්‍රමාණය,{}_6^{12}C  සමස්ථානික ප්‍රමාණය ට දරන අනුපාතය නියත වේ.
  • මිය ගිය ජීවී කොටසක අන්තර්ගත{}_6^{14}C සමස්ථානික ප්‍රමාණය, ජීවි කොටසක අඩංගු නිශ්චිත{}_6^{14}C ප්‍රමාණය සමග සැසදීමෙන් එම මිය ගිය ජීවී කොටස ජීවයක් සහිතව පවතින්නට ඇත්තේ කොපමණ කලකට ඉහත දැයි ගණනය කළ හැක.

විකිරණයේ සෞඛ්‍යමය අවදානම

අවශෝෂණ මාත්‍රාව

යම් ද්‍රව්‍යයක් මත ඒකක ස්කන්ධයක තැම්පත් වන විකිරණ ශක්තිය අවශෝෂණ මාත්‍රාව ලෙස හැදින්වේ.

SI ඒකකය = Gy (ග්‍රේ)

1 Gy අර්ථ දැක්වීම

ඕනෑම අවශෝෂක ද්‍රව්‍යයක 1kg කට 1J ක ශක්තියක් ලබා දීමට අවශ්‍ය විකිරණ ප්‍රමාණය 1Gy ලෙස හැදින්වේ.

සඵල මාත්‍රාව

විකිරණ අවශෝෂණය වීම නිසා යම් පටකයකට හෝ ඉන්ද්‍රියකට සිදු වන ජීව විද්‍යාත්මක හානිය හෙවත් සෞඛ්‍යමය අවදානම තීරණය වන්නේ සඵල මාත්‍රාව මගිනි.

SI ඒකකය = Sv (සීවට්ස්)

විකිරණයේ සඵල මාත්‍රාව =Q සාධකය × විකිරණය අවශෝෂණය කළ මාත්‍රාව

Q සාධකය හෙවත් RBE (Relative biological effectiveness)සාධකය විකිරණයේ ස්වභාවය මත රදා පවතින්නකි.

විද්‍යාගාරයක් තුල විකිරණශීලි ප්‍රභව පරිහරණය කරන විට පිළිපැදිය යුතු ආරක්ෂක පූර්වෝපායන්

  • විකිරණශීලි ප්‍රභව කිසිවක් අතින් ඇල්ලීම සිදු නොකල යුතු වන අතර කිසි විටෙකත් ශරීරයේ ස්පර්ශ වීමට ඉඩ නොතැබිය යුතුය. විකිරණශීලි ප්‍රභව පරිහරණයේදී අනිවාර්යයෙන්ම ඩැහි අඩු භාවිතා කල යුතුය.
  • සෑම විටම විකිරණශීලි ප්‍රභව වලට හැකි තරම් ඈතින් සිටිය යුතු වන අතර විකිරණශීලි ප්‍රභව අසල රැදෙන කාලය හැකි තරම් අවම කල යුතුය.
  • ඒ ප්‍රභව නම් කොට ආරක්ෂක සේප්පු (ඊයම්, කොන්ක්‍රීට්) තුළ ගබඩා කළ යුතුය.
  • විකිරණශීලි ප්‍රභව කිසිවිටෙක ඇසට හෝ නාසයට කිට්ටු නොකල යුතුය.
  • වගකියයුතු පුද්ගලයෙකු නොමැති කිසි විටකදී විකිරණශීලි ප්‍රභව ආශ්‍රිත පරීක්ෂණ වල නියැලීම නොකල යුතුය.
  • විද්‍යාගාර තුල ආහාර ගැනීම නොකල යුතුය.
  • පරීක්ෂණ අවසානයේදී විද්‍යාගාරයෙන් බැහැර යාමට පෙර සබන් ගා හොදින් අත් සේදිය යුතුය.
  • මුද්‍රා තබා නැති විකිරණ ප්‍රභව භාවිතා කරන විට රබර් අත් වැසුම් භාවිතා කල යුතුය.
  • පරීක්ෂණ සිදු කිරීමෙන් පසු අපද්‍රව්‍ය නියමිත පරිදි ක්‍රමවත් ලෙස බැහැර කල යුතුය.

ගයිගර් මලර් ඝණකය

  • කැතෝඩය – මෙහි කැතෝඩය ලෙස ඇති බටය ලෝහ හෝ ඇතුලත මිනිරන් රිදී වැනි සන්නායක ද්‍රව්‍යයක් ආලේප කල වීදුරු සිලින්ඩරයකින් සමන්විත වෙයි.
  • ඇනෝඩය – සිලින්ඩරයේ අක්ෂයේ පිහිටි සිහින් ටංග්ස්ටන් ලෝහ කම්බියකින් සමන්විතය.
  • නලය තුල ඇති වායුව සහ පීඩනය – නලය තුල ඇති වායුව ක්ලෝරීන් හෝ බ්‍රෝමීන් වාෂ්ප මිශ්‍ර ආගන් වායුවෙන් පුරවා ඇත.බටය තුල පීඩනය 10Hgmm පමණ වන අතර 90% ඇත්තේ ආගන් වායුවයි.ලෝහ සිලින්ඩරය භූගත කර ඇති අතර ලෝහ කම්බිය (+) විභවයක පවත්වා ගත යුතුය.

බටය ඉදිරියේ තුනී මයිකා කවුලුවක් ඇති අතර විකිරණ ඇතුළු වීමට සලස්වන්නේ එය හරහාය.

  • වීදුරු පබළුවේ වැදගත්කම – ඇනෝඩය ලෙස ඇති කම්බියේ කෙලවර ඇතිවන ඉහළ විද්‍යුත් ක්ෂේත්‍රය නිසා එම කෙලවර සහ කැතෝඩය අතර ඇතිවිය හැකි විද්‍යුත් පුළිගු නැවැත්වීමට වීදුරු පබලුව වැදගත් වෙයි.
  • ගයිගර් මලර් බටය තුල සිදුවන ක්‍රියාව – විකිරකයක් මයිකා කවුලුවෙන් බටය තුලට ඇතුලු වූ විට එමගින් ආගන් පරමාණු අයනීකරණය වී ඉලෙක්ට්‍රෝන හා (+) ආරෝපිත ආගන් අයන ඇති වේ. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වේගයෙන් ධන විභවයක පවතින ඇනෝඩය කරා ලගාවන අතර ස්කන්ධයෙන් වැඩි ආගන් අයන සෙමෙන් කැතෝඩය වෙත ගමන් කරයි. උස් විභවයක පවතින කම්බිය සමීපයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව ඉහල අගයක පවතී. ඒ නිසා කම්බියට සමීප වන ඉලෙක්ට්‍රෝන වැඩි වැඩියෙන් ත්වරණය වීම නිසා ඒවායේ වේගය වැඩි වේ. එබැවින් මෙම අධිවේගී ඉලෙක්ට්‍රෝන වායූ අණුවල ගැටීම නිසා තවත් වායූ පරමාණු අයනීකරණය වෙයි.
  • ඉහත ආකාරයට නිපදවෙන ඉලෙක්‌ට්‍රෝන මගින් තව තවත් වායූ පරමාණු අයනීකරණය වී ඉතා විශාල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් නිපදවයි. මෙසේ සෑදෙන ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ඕඝය (Avalance) ලෙස හැදින්වේ.
  • මෙම ඇනෝඩය කම්බිය කරා පැමිණි විට එමගින් විද්‍යුත් ධාරා ස්පන්ධයක් බාහිර පරිපථයට ලබා දෙයි. මෙම ඉලෙක්ට්‍රෝන ඕඝ ක්‍රියාවලිය නිසා ඉලෙක්ට්‍රෝන 108 ක තරම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් වරකට ඇනෝඩ කම්බිය හරහා සමීප වෙයි. මේ නිසා ගයිගර් බටය තුළට ඇතුළු වන එක් විකිරණශීලි අංශුවකට හෝ ෆෝටෝනයකට වුවද මැනිය හැකි තරම් ධාරා ස්පන්ධයක් ඇනෝඩය හරහා ලබා දීමේ හැකියාව ඇත.
  • බාහිර පරිපථයේ ඇති R ප්‍රතිරෝධයේ අගය 10MΩ පමණ වේ. ඇනෝඩයෙන් ඇතිවන විද්‍යුත් ස්පන්දනය මගින් R හරහා 1V වෝල්ටීයතා ස්පන්ධකයක් ඇති කෙරේ. එය වර්ධනය කොට පරිමාපක ගණකයකට(sealer counter) හෝ සීග්‍රතා මානයකට(rate meter) යැවීමෙන් ගයිගර් ඝණකයට විකිරණ අංශු හෝ ෆෝටෝන ඇතුලු වීමේ සීඝ්‍රතාව සටහන් කර ගත හැකි වේ.

ගයිගර් මලර් ඝණකයෙන් කල පරීක්ෂණ

  • විකිරණශීලිතාවයේ අහඹු (random) ස්වභාව අධ්‍යනය කිරීමට
  • විවිධ ද්‍රව්‍ය මගින් විමෝචනය කරන විකිරණ සීඝ්‍රතා අධ්‍යනය කිරීමට.
  • විවිධ විකිරණ නොයෙක් ද්‍රව්‍යයන් තුල අවශෝෂණය වීම හා විනිවිද යෑමේ ගුණ පරීක්ෂා කිරීමට.
  • විකිරණ පැතිරයාම අන්වේෂණය.

විකිරණශීලීතාව පිළිබද වැඩිදුර විස්තර පහත you tube link එකෙන් ලබාගන්න.

 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet