07.01.00 – කාබනික රසායන විද්‍යාව හැදින්වීම

0
309
  • ස්වභාවිකව පවතින හෝ කෘතිමව සංස්ලේෂණය කරනු ලබන C  මූලද්‍රව්‍ය අන්තර්ගත සජීවී පද්ධති හා බැඳුණු සංයෝග කාබනික සංයෝග ලෙස හැඳින්වේ.
  • කාබනික සංයෝග රාශියක් ඇති වීමට දායක වන C  සතු විශේෂ ගුණාංග කිහිපයකි.
    • C පරමාණු දෙකක් අතර ප්‍රබල ඒක බන්ධන, ද්විත්ව බන්ධන හා ත්‍රිත්ව බන්ධන සෑදිය හැකි වීම.
    • C අයත් හතරවන කාණ්ඩයේ පවතින සිලිකන් වලට සාපේක්ෂව C සාදන බන්ධන, වඩා ඉහළ බන්ධන ශක්ති වලින් යුක්ත වන බව නිරීක්ෂණයය වීම. (අදාල තොරතුරු පහත් වගුවේ දැක්වේ.)
    • කාබන් පරමාණු දහස් ගණනකින් යුත් දාම හා විවිධ ප්‍රමාණයේ චක්‍ර සෑදිය හැකි වීම.
    • පරමාණුවකට සහසංයුජ බන්ධන හතරක් සෑදිය හැකි වීම.

2.කාබනික සංයෝගවල වල විවිධත්වය

  • සමහර කාබනික සංයෝගවල C හා H පමණක් සංඝටක මූලද්‍රව්‍ය ලෙස අඩංගු වේ. ඒවා හයිඩ්‍රොකාබන ලෙස හැඳින්වේ.
  • ව්‍යුහය පදනම් කරගෙන හයිඩ්‍රොකාබන ඇලිෆැටික හා ඇරෝමැටික ලෙස මූලික වර්ග දෙකකට බෙදේ.
  • විවෘත කාබන් දාම වලින් පමණක් සමන්විත හයිඩ්‍රොකාබන කුලකය අචක්‍රීය ඇලිෆැටික හයිඩ්‍රොකාබන නම් වේ.
  • ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින වශයෙන් ඇලිෆැටික හයිඩ්‍රොකාබන සංයෝග වර්ග කරනු ලැබේ.
  • චක්‍රීයව විස්ථානගත වූ 𝜋 ඉලෙක්ට්‍රෝන වලාවක් සාදමින් ස්ථායි වී ඇති චක්‍රිය කාබනික සංයෝග ඇරෝමැටික සංයෝග වශයෙන් හැඳින්වේ.
    • C6H6 අණුක සූත්‍රයෙන් දැක්වෙන බෙන්සීන් ඇරොමැටික හයිඩ්‍රොකාබන සංයෝග කුලකයේ සරලම සංයෝගය වේ.
  • ඇලිෆැටික හයිඩ්‍රොකාබන වල H  පරමාණුවක් වෙනුවට හැලජන පරමාණුවක් බැඳුණු විට ඒවා ඇල්කිල් හේලයිඩ ලෙස හදුන්වනු ලැබේ.
  • බෙන්සීන් වලයේ H පරමාණුවක් වෙනුවට හැලජන පරමාණුවක් බැඳුණු විට ඒවා ඇරිල් හේලයිඩ ලෙස හදුන්වනු ලැබේ.
  • බොහෝ කාබනික සංයෝග වල කාබන් දාමයට නයිට්‍රජන්,  ඔක්සිජන් වැනි විෂම පරමාණු සම්බන්ධ වීමේදී කාබන් හා සම්බන්ධ වූ පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනස හේතුවෙන් එම පරමාණු කාණ්ඩය විසින් සංයෝගයට ලාක්ෂණික වූ ප්‍රතික්‍රියාකාරීත්වයක් ලබාදේ. එවැනි පරමාණු කාණ්ඩයක් ක්‍රියාකාරී කාණ්ඩයක් ලෙස හැඳින්වේ. සංයෝග අණුවක පවතින ක්‍රියාකාරී කාණ්ඩ අනුව ඒවා වර්ග කරනු ලැබේ.
  • සුලභ ක්‍රියාකාරී කාණ්ඩ හා ඒවාට අනුරූප සදෘශ ශ්‍රේණි නාම පහත දැක්වේ.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.