විද්‍යුත් කෝෂ
- විද්‍යුත් පරිපථයක් තුළින් දහරාවක් පවත්වා පවත්වා ගැනීමට එහි ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්ලවනය කරගත යුතුය.
- ඒ සඳහා යම් බාහිර ප්‍රභවයක් මගින් කාර්යය කළ යුතුය .
- විද්‍යුත් පරිපථයක දී මෙම කාර්යය කරනු ලබන්නේ කෝෂයක්, බැටරියක්, ඩයිනමෝවක් හෝ වෙනත් විද්‍යුත් ජනකයක් මඟිනි .
- මේ අනුව සංයුක්ත පරිපථයක දී කෝෂය ශක්තිය ජනනය කරන අතර පරිපථයෙ ප්‍රතිරෝධය මගින් ශක්තිය උත්සර්ජනය කරයි .
- මෙය කරනුයේ කෝෂයක ඇති විද්‍යුත් ගාමක බලය නැමති රාශිය මගිනි.
- කෝශයක පරිපථ සංකේතය පහත ආකාර වේ.

කෝෂයක විද්‍යුත් ගාමක බලය අර්ථ දැක්වීම
- ආරෝපණය කෝෂය තුළින් හා බාහිර පරිපථය තුලින් ගෙනයාමේදී කෝෂය වැය කරන කාර්යය ප්‍රමාණය කෝෂයේවිද්‍යුත් ගාමක බලය ලෙස අර්ථ දැක්වේ.
- විද්‍යුත්ගාමක බලයේ SI ඒකකය ද විභව අන්තරය ඒකකය වන වෝල්ට් වෙයි.
- එක් කෝෂයක් ඇති පරිපථයක සම්මත ධාරාව පවතින්නේ එම කෝෂය ධන අග්‍රය ඉවතට වේ .
- කෝෂයකින් සිදුකරන කාර්යය සඳහා සමීකරණයක් ලබා ගැනීම
- t කාලයකදී Q ආරෝපණයක් කෝෂය හා බාහිර පරිපථය තුලින් රැගෙන යාමේදී කෝෂය වැය කරන ශක්ති ප්‍රමාණය W නම්,

කෝෂයක ක්ෂමතාවය
- කෝෂයක් මගින් ශක්තිය ජනනය කිරීමේ සීඝ්‍රතාව කෝෂය ක්ෂමතාවය වේ.
- t කාලයේදී කෝෂය ජනනය කරන ශක්ති ප්‍රමාණය W යැයි ගනිමු.

කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය
- කෝෂයක් තුල ඇති සන්නායක කොටස්වල ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වේ කෝෂයක් සංකේත කිරීමේදී එහි අසල විද්‍යුත් ගාමක බලය හා අභ්‍යන්තර ප්‍රතිරෝධය සටහන් කරනු ලැබේ.
- කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් කෝෂ ජනනය කරන ශක්තියෙන් කොටසක් කෝෂය විසින්ම උත්සර්ජනය ද කරයි.
- මේ නිසා කෝෂයේ සඵල ක්ෂමතාවය = EI – I2R

කෝෂ සමීකරණය
- E = IR + Ir

- පරිපථයේ පවතින්නේ එක් කෝෂයක් නම් පමණක් පරිපථය පවතින ධාරාව එම කෝෂය ධන අග්‍රයෙන් ඉවතට වෙයි.
- නමුත් පරිපථයට කෝෂ කිහිපයක් ඇති ඇතිවිට ඇතැම් කෝෂවල සෘණ අග්‍රය ඉවතට වුවද ධාරාව පැවතිය හැක
- කෝෂයක අග්‍රයෙන් ඉවතට ධාරාව පවතින විට කෝෂ සමීකරණය E = V + Ir ලෙස ද.
- අග්‍රයෙන් ඉවතට ධාරාව ඇති කෝෂ සඳහා E = V – Ir ලෙසද සමීකරණය භාවිතා කළ යුතුය.
- පරිපථයක ප්‍රතිරෝධ හරහා විභව හා ධාරාව බෙදී යන ආකාරය.
- ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් අතර විභව අන්තරය බෙදීයන්නේ ප්‍රතිරෝධ අනුපාතයටයි.
- සමාන්තරගත ප්‍රතිරෝධයක ධාරාව බෙදීයන්නේ ප්‍රතිරෝධ අතර පරස්පර යේ අනුපාතයටයි.
- සම්බන්ධ කරන භාහිර ප්‍රතිරෝදයට එදිරිව ධාරාව වෙනස්වන ආකාරය

- සම්බන්ධ කරන භාහිර ප්‍රතිරෝදයට එදිරිව විභව අන්තරය වෙනස්වන ආකාරය


- සම්බන්ධ කරන භාහිර ප්‍රතිරෝදයට එදිරිව ක්ෂමතාව වෙනස්වන ආකාරය

- කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධයට සමාන වන අවස්තාවේදී උපරිම ක්ෂමතාවය කෝෂය මගින් ලබාදේ.

උදා:- පහත පරිපථයේ දැක්වෙන වෝල්ට් මීටරයේ පාඨාංකය 4V නම් පහත කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සොයන්න.
