03.09.05 – කාච

0
4573

වක්‍ර පෘෂ්ඨ දෙකකින් මායිම් වූ ප්‍රදේශයක් කාචයක් ලෙස හැඳින්වේ.

කාච වර්ගීකරණය : –

කිරණ වල අභිසාරි අපසාරි බව කරුණු තුනක් මත රඳා පවතී.

  1. කාචයේ හැඩය
  2. කාචයේ තනා ඇති මාධ්‍යයේ වර්තනාංකය
  3. කාචය තබා ඇති මාධ්‍යයේ වර්තනාංකය

තනා ඇති මාධ්‍යයේ වර්තනාංකය, කාචය තබා ඇති මාධ්‍යයේ වර්තනාංකයට වඩා වැඩිනම් උත්තල කාච අභිසාරි ලෙසද, අවතල කාච අපසාරී ලෙසද ක්‍රියා කරයි.

කාචය තනා ඇති මාධ්‍යයේ වර්තනාංකය, කාචය තබා ඇති මාධ්‍යයේ වර්තනාංකයට වඩා අඩු නම් උත්තල කාච අපසාරී ලෙසද, අවතල කාච අභිසාරී ලෙසද ක්‍රියා කරයි.

කාචයක නාභිය : –

  • ප්‍රධාන අක්ෂයට ආසන්නව හා සමාන්තරව පැමිණෙන කිරණ වර්තනයෙන් පසු හමුවන හෝ හමුවන්නා සේ පෙනෙන ලක්ෂය නාභිය ලෙස හැඳින්වෙයි.

නාභි තලය : –

ප්‍රධාන අක්ෂයට සමාන්තර නැති එහෙත් එකිනෙකට සමාන්තර කිරණ වර්තනයෙන් පසු හමුවන හෝ හමුවන්නා සේ පෙනෙන ලක්ෂ්‍ය අඩංගු තලය නාභි තලය ලෙස හැඳින්වේ

උත්තල කාච සඳහා කිරණ සටහන් : –

1) P හා f  අතර : –

  1. ප්‍රතිබිම්බය උඩුකුරුයි.
  2. තාත්විකයි.
  3. විශාලිතයි.

2) f  මත : –

  1. අතාත්විකයි
  2. විශාලිතයි
  3. අනන්තයේ ප්‍රතිබිම්බය සෑදෙයි

3) f  හා  2f  අතර : –

  1. ප්‍රතිබිම්බය තාත්විකයි.
  2. යටිකුරුයි
  3. විශාලිතයි.

4) 2f  මත : –

  1. ප්‍රතිබිම්බය තාත්විකයි.
  2. යටිකුරුයි.
  3. වස්තුවේ ප්‍රමාණයමයි.

5) 2f  ට ඈතින් : –

  1. ප්‍රතිබිම්බය තාත්විකයි.
  2. යටිකුරුයි.
  3. කුඩාය.

අවතල කාච සඳහා කිරණ සටහන් : –

1) P  හා  f  අතර : –

  1. ප්‍රතිබිම්බය කුඩාය
  2. අතාත්විකයි.
  3. උඩුකුරුයි.

2) f  මත :

  1. ප්‍රතිබිම්බය කුඩාය
  2. අතාත්විකයි.
  3. උඩුකුරුයි.

2) f  හා  2f  අතර :

  1. ප්‍රතිබිම්බය කුඩාය.
  2. අතාත්විකයි.
  3. උඩුකුරුයි.

කාච සමීකරණය : –

ලකුණු සම්මුතිය : –

  1. සියලුම මිනුම් ප්‍රකාශ කේන්ද්‍රයේ සිට මනිනු ලබයි.
  2. ආලෝකය ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව කරනු ලබන මිනුම් (+) වන අතර ආලෝකය ගමන් කරන දිශාවට සිදු කරන මිනුම් (-) වේ.
  3. උත්තල කාචයක නාභි දුර (-) වන අතර, අවතල කාචයක නාභිදුර (+) වේ.

ලකුණු සම්මුතිය ආදේශය,

ඒකක → D →ඩයොප්ටර් (f මීටර්වලින් ආදේශ කළ යුතුය.)
  • කාච යුගලයේ එකම වර්ගයේ නම් සංයුක්තය ද එම වර්ගයේම වන අතර සංරචක කාචවල නාභි දුර ට වඩා අඩු නාභි දුරක් දරයි.
  • සංයුක්තය උත්තල හා අවතලවලින් සෑදී ඇති විට කුඩා නාභිදුර සහිත කාචයේ වර්ගය සංයුක්තයට අදාළ වේ. තවද සංයුක්තයේ නාභි දුර සංරචක කාචවල නාභි දුරට වඩා විශාල වේ.
  • සමාන නාභි දුරක් සහිත උත්තල හා අවතල කාච 2 ක් ඇති විට එම සංයුක්තය වර්තන තහඩුවක් ලෙස ක්‍රියා කරයි.

(නාභි දුර අඩු කාච වඩා ප්‍රබල වේ.)

සංයුක්ත කාච සමීකරණය : –

  • නාභි දුර f1 හා f2 වන තුනී කාච දෙකක් එකිනෙකට ස්පර්ශව තබා ඇති විට සංයුක්තයේ නාභි දුර f නම්,
  • මෙම සමීකරණ වලංගු වන්නේ කාච තුනී හා එකිනෙකට ස්පර්ශ ඇති විට ය.
  • මෙහිදීද ලකුණු ආදේශ කළ යුතුය.

රේඛීය විශාලනය : –

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.