No menu items!

12.03.06-දුබල භෂ්ම

දුබල භෂ්ම

හැඳින්වීම

  • ජලීය ද්‍රාවණයකදී භාගිකව විඝටනය වී අදාළ ජලීය ද්‍රාවණයට OH¯අයන නිදහස් කරන්නාවු ස්වරූපයේ රසායනික ප්‍රභේද දුබල භෂ්ම  ලෙස අර්ථ දැක්වේ .B යන ඒක ආම්ලික දුබල භෂ්මය ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වී OH¯භාගික වශයෙන් නිදහස් කිරීමට අදාළ ප්‍රෝටෝන හුවමාරු සමතුලිතය පහත පරිදි නිරූපනය කල හැක.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

  • ඒ අනුව දුබල භෂ්මයක ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වූ දුබල භෂ්ම අණු හේතුවෙන් ජනිතවන නිදහස් අයන  මෙන්ම විඝටනය නොවූ දුබල භෂ්ම  අණු ද එකිනෙක සමඟ ගතික සමතුලිතතාවයක පවතිනු ඇත.

උදා:  (1) NH4OH ජලීය ද්‍රාවණයක් තුළ භාගික විඝටනය  හේතුවෙන් ඇතිවන සමතුලිතය සලකමු.

\begin{array}{l}{\mathrm{NH}}_4{\mathrm{OH}}_{(\mathrm{aq})}\rightleftharpoons{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\\{\mathrm{NH}}_4{\mathrm{OH}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\end{array}

 

(1) CH3NH2 විඝටනය හේතුවෙන් ඇතිවන සමතුලිතතාව සලකමු.

{\mathrm{CH}}_3{{\mathrm{NH}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{CH}}_3{\mathrm{NH}_3^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

 

භාෂ්මික විඝටන නියතය (Kb).

  • දුබල භෂ්ම දෙකක භාෂ්මික ප්‍රබලතා සංසන්දනයටත් යම් කිසි දුබල භෂ්මයක විඝටන ප්‍රතිශතය ප්‍රමාණාත්මකව දැක්වීමටත් භාෂ්මික  විඝටන නියතය භාවිතා කෙරේ.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

 

  • සමතුලිතතා නියමය යෙදීමෙන් ,
  • ආරම්භක H2O(l)  සාන්ද්‍රණය සමඟ සැසඳිමේදි B  හි කුඩා භාගික ප්‍රමාණයක් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවට භාජනය වීම හේතුකොට ගෙන [H2O(l)]  තුළ සිදුවන අඩුවීම නොගිනිය යුතු තරම් කුඩා වනු ඇත.එවිට
  • Kb අගය වැඩිවත්ම සලකනු ලබන දුබල භාෂ්මික ප්‍රබලතාවය හා අයනීකරණ ප්‍රතිශතය වැඩිවන අතර ,Kb අගය අඩුවත්ම භාෂ්මික ප්‍රබලතාවය හා අයනීකරණ ප්‍රතිශතය අඩු වේ.


දුබල  භෂ්ම සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය

  • නියත උෂ්ණත්වයේදී කිසියම් දුබල භෂ්මයක විඝටන ප්‍රමාණය එහි සාන්ද්‍රණයේ වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

B(aq) යන ඒක භාෂ්මික දුබල අම්ලයේ මවුල n ප්රමාණයක් පරිමාව V dm3 වන ජලීය ද්‍රාවණයක් තුළ භාගික විඝටනයෙන් සමතුලිතව පවතින අවස්ථාවක් සලකමු . තවද මවුල n ප්‍රමාණය V පරිමාව තුළ ඇති විට දුබල භෂ්මයේ සාන්ද්‍රණය C mol dm-3 යැයි ද,දුබල භෂ්මයේ විඝටන නියතය Kb යයි ද, එහි විඝටන ප්‍රමාණය   𝛼 යැයිද සිතමු.(C=n/V)  

  B(aq) +          H2O(l) ⇌   BH+(aq) + OH¯(aq)
ආරම්භක මවුල n      –
වැයවන මවුල -n𝛼      +n𝛼 +n𝛼
සමතුලිත මවුල n- n𝛼      n𝛼 n𝛼
  n(1-𝛼)      n𝛼 n𝛼
[සමතුලිත] n(1-𝛼)/V      n𝛼/V n𝛼/V
  C(1-𝛼)      C𝛼 C𝛼

 

භාෂ්මික  විඝටන නියතය සැලකීමෙන්,

  • 𝛼 <<< 1  බැවින් 1-\alpha\approx\alpha යැයි සැලකිය හැක. එවිට,
  • උෂ්ණත්වය නියතව පවතින තාක් Kb නියත බැවින් √ Kb ද නියත අගයක් යැයි සැලකිය හැකි නිසා,මෙය ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යි.

\alpha_{\;\;\;\;\;\;\;\;\;\;\;\alpha}\;\;\;\;\;\;\;\;\;\;\frac1{\sqrt C}\;\;\;\;\;

        මෙය ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යි.

විශේෂ කරුණු

  • දුබල භෂ්ම ආශ්‍රිත ගැටළුවකදි අවශ්‍යතවය මත ව්‍යුත්පන්න කිරීමක් නැතිවද

 යන සමීකරණ යෙදිය හැක.

දුබල භෂ්ම ද්රාවණයක POH අගය

  • B යන ඒක භාෂ්මික දුබල භෂ්මය ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වීමෙන් ඇතිවන ප්‍රෝටෝන හුවමාරු සමතුලිතය සලකමු.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

  • භෂ්මයේ ආරම්භක සාන්ද්‍රණය C moldm-3 ද, භෂ්මයේ විඝටන ප්‍රමාණය 𝛼 යැයි ද සැලකූ විට, ඉහත සමතුලිතය සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යෙදීමෙන්,
  • නමුත් ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමයට අදාළ ඕනෑම සාධාරණ අවස්ථාවකදී භෂ්මය  විඝටනය හේතුකොට ගෙන ජනිත වන [OH¯(aq))] ප්‍රකාශනාත්මකව C𝛼 යැයි  සැලකිය හැක.

(1) න්

  • pOH අගය ගණනය කිරීම සඳහා වන ලඝු ඝනක සමීකරනය සැලකූ විට,
  • මෙම සමීකරණය බොහෝ රචනාමය ගැටළු වලදී ව්‍යුත්පන්න කර භාවිත කළ යුතු නමුත් කෙටි ප්‍රශ්න වලදී ඍජුවම භාවිතා කළ හැක.


දුබල භෂ්ම වල විඝටනය සඳහා හෙන්ඩර්සන් සමීකරණය

  • ඉහත ක්‍රම දෙකටම POH අගය ගණනය කළ හැක.

 

දුබල භෂ්මයක් අනුමාපනයේදි සමකතා ලක්ෂයේ POH අගය ගණනය කිරීම

  • ප්‍රභල භෂ්මයක්  විසින් සාදන ද්‍රාවණයක් උදාසීනකරණය කිරීමේදි සමකතා ලක්ෂයට අදාළව pH අගය ජලයේ විඝටනයෙන් ජනිතවන H+ හෝ OH¯ සාන්ද්‍රණයට අනුරූප වේ.
  • නමුත් දුබල භෂ්මයක්  උදාසීනකරණය වීමෙන් සමකතා ලක්ෂයට එළබීම වෙනස් මඟක් ගනී

උදා: 

B (aq) යන ඒක ආම්ලික  දුබල භෂ්මයේ සාම්පලයක් HCl මඟින් හරියටම උදාසීන කරනයෙන් සමකතා ලක්ෂයට එළබෙන අවස්ථාව සලකමු.

\begin{array}{l}{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+\mathrm{Cl}^-\\{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\end{array}    


ආම්ලික විඝටන නියතය සැලකීමෙන්

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.