දවසට පාඩමක්33 දවස12.03.06-දුබල භෂ්ම

12.03.06-දුබල භෂ්ම

දුබල භෂ්ම

හැඳින්වීම

  • ජලීය ද්‍රාවණයකදී භාගිකව විඝටනය වී අදාළ ජලීය ද්‍රාවණයට OH¯අයන නිදහස් කරන්නාවු ස්වරූපයේ රසායනික ප්‍රභේද දුබල භෂ්ම  ලෙස අර්ථ දැක්වේ .B යන ඒක ආම්ලික දුබල භෂ්මය ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වී OH¯භාගික වශයෙන් නිදහස් කිරීමට අදාළ ප්‍රෝටෝන හුවමාරු සමතුලිතය පහත පරිදි නිරූපනය කල හැක.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

  • ඒ අනුව දුබල භෂ්මයක ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වූ දුබල භෂ්ම අණු හේතුවෙන් ජනිතවන නිදහස් අයන  මෙන්ම විඝටනය නොවූ දුබල භෂ්ම  අණු ද එකිනෙක සමඟ ගතික සමතුලිතතාවයක පවතිනු ඇත.

උදා:  (1) NH4OH ජලීය ද්‍රාවණයක් තුළ භාගික විඝටනය  හේතුවෙන් ඇතිවන සමතුලිතය සලකමු.

\begin{array}{l}{\mathrm{NH}}_4{\mathrm{OH}}_{(\mathrm{aq})}\rightleftharpoons{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\\{\mathrm{NH}}_4{\mathrm{OH}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\end{array}

 

(1) CH3NH2 විඝටනය හේතුවෙන් ඇතිවන සමතුලිතතාව සලකමු.

{\mathrm{CH}}_3{{\mathrm{NH}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{CH}}_3{\mathrm{NH}_3^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

 

භාෂ්මික විඝටන නියතය (Kb).

  • දුබල භෂ්ම දෙකක භාෂ්මික ප්‍රබලතා සංසන්දනයටත් යම් කිසි දුබල භෂ්මයක විඝටන ප්‍රතිශතය ප්‍රමාණාත්මකව දැක්වීමටත් භාෂ්මික  විඝටන නියතය භාවිතා කෙරේ.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

 

  • සමතුලිතතා නියමය යෙදීමෙන් ,
\begin{array}{rcl}{\text{K}}_\text{C}\;&=&\;\frac{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]}{\left[{\text{B}}_{\left(\text{aq}\right)}\right]\left[{\text{H}}_2{\text{O}}_{\left(\text{l}\right)}\right]}\\{\text{K}}_\text{C}\left[{\text{H}}_2{\text{O}}_{\left(\text{l}\right)}\right]\;&=&\;\frac{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]}{\left[{\text{B}}_{\left(\text{aq}\right)}\right]}\\&&\end{array}
  • ආරම්භක H2O(l)  සාන්ද්‍රණය සමඟ සැසඳිමේදි B  හි කුඩා භාගික ප්‍රමාණයක් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවට භාජනය වීම හේතුකොට ගෙන [H2O(l)]  තුළ සිදුවන අඩුවීම නොගිනිය යුතු තරම් කුඩා වනු ඇත.එවිට
\begin{array}{l}{\text{K}}_\text{C}\left[{\text{H}}_2{\text{O}}_{\left(\text{l}\right)}\right]{\text{ = K  =   නියතයක්  = K}}_\text{b}\\\\{\text{K}}_\text{b}\;=\;\;\frac{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]}{\left[{\text{B}}_{\left(\text{aq}\right)}\right]}\end{array}
  • Kb අගය වැඩිවත්ම සලකනු ලබන දුබල භාෂ්මික ප්‍රබලතාවය හා අයනීකරණ ප්‍රතිශතය වැඩිවන අතර ,Kb අගය අඩුවත්ම භාෂ්මික ප්‍රබලතාවය හා අයනීකරණ ප්‍රතිශතය අඩු වේ.


දුබල  භෂ්ම සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය

  • නියත උෂ්ණත්වයේදී කිසියම් දුබල භෂ්මයක විඝටන ප්‍රමාණය එහි සාන්ද්‍රණයේ වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.
{\mathrm\alpha}_{\;\;\;\;\;\;\;\;\;\;\;\mathrm\alpha}\;\;\;\;\;\;\;\;\;\;\frac1{\sqrt{\mathrm C}}\;\;\;\;\;

B(aq) යන ඒක භාෂ්මික දුබල අම්ලයේ මවුල n ප්රමාණයක් පරිමාව V dm3 වන ජලීය ද්‍රාවණයක් තුළ භාගික විඝටනයෙන් සමතුලිතව පවතින අවස්ථාවක් සලකමු . තවද මවුල n ප්‍රමාණය V පරිමාව තුළ ඇති විට දුබල භෂ්මයේ සාන්ද්‍රණය C mol dm-3 යැයි ද,දුබල භෂ්මයේ විඝටන නියතය Kb යයි ද, එහි විඝටන ප්‍රමාණය   𝛼 යැයිද සිතමු.(C=n/V)  

  B(aq) +          H2O(l) ⇌   BH+(aq) + OH¯(aq)
ආරම්භක මවුල n      –
වැයවන මවුල -n𝛼      +n𝛼 +n𝛼
සමතුලිත මවුල n- n𝛼      n𝛼 n𝛼
  n(1-𝛼)      n𝛼 n𝛼
[සමතුලිත] n(1-𝛼)/V      n𝛼/V n𝛼/V
  C(1-𝛼)      C𝛼 C𝛼

 

භාෂ්මික  විඝටන නියතය සැලකීමෙන්,

\begin{array}{l}{\text{K}}_{\mathrm b}\;=\;\frac{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]}{\left[{\text{B}}_{\left(\text{aq}\right)}\right]}\\{\text{K}}_{\mathrm b}\;=\;\frac{\left(\text{Cα}\right)\left(\text{Cα}\right)}{\mathrm C(1-\mathrm\alpha)}\\{\text{K}}_{\mathrm b}\;=\;\frac{\text{Cα}^2}{(1-\mathrm\alpha)}\\\end{array}
  • 𝛼 <<< 1  බැවින් 1-\alpha\approx\alpha යැයි සැලකිය හැක. එවිට,
\begin{array}{l}{\text{K}}_\text{b}=\text{Cα}^2\\\\\text{α}=\sqrt{\frac{{\text{K}}_\text{b}}{\text{C}}}\end{array}
  • උෂ්ණත්වය නියතව පවතින තාක් Kb නියත බැවින් √ Kb ද නියත අගයක් යැයි සැලකිය හැකි නිසා,මෙය ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යි.

\alpha_{\;\;\;\;\;\;\;\;\;\;\;\alpha}\;\;\;\;\;\;\;\;\;\;\frac1{\sqrt C}\;\;\;\;\;

        මෙය ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යි.

විශේෂ කරුණු

  • දුබල භෂ්ම ආශ්‍රිත ගැටළුවකදි අවශ්‍යතවය මත ව්‍යුත්පන්න කිරීමක් නැතිවද

 යන සමීකරණ යෙදිය හැක.

දුබල භෂ්ම ද්රාවණයක POH අගය

  • B යන ඒක භාෂ්මික දුබල භෂ්මය ජලීය ද්‍රාවණයක් තුළ විඝටනය වීමෙන් ඇතිවන ප්‍රෝටෝන හුවමාරු සමතුලිතය සලකමු.

{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}

  • භෂ්මයේ ආරම්භක සාන්ද්‍රණය C moldm-3 ද, භෂ්මයේ විඝටන ප්‍රමාණය 𝛼 යැයි ද සැලකූ විට, ඉහත සමතුලිතය සඳහා ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමය යෙදීමෙන්,
\begin{array}{l}{\text{K}}_{\mathrm b}=\text{Cα}^{2\;}\text{ }\\\text{α  }\;=\sqrt{\frac{{\text{K}}_{\mathrm b}}{\text{C}}}\;\;\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;\left(1\right)\end{array}
  • නමුත් ඔස්වල්ඩ්ගේ තනුකකරණ නියමයට අදාළ ඕනෑම සාධාරණ අවස්ථාවකදී භෂ්මය  විඝටනය හේතුකොට ගෙන ජනිත වන [OH¯(aq))] ප්‍රකාශනාත්මකව C𝛼 යැයි  සැලකිය හැක.

(1) න්

\begin{array}{l}\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]\;\;=\;\text{ Cα}\\\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]\;\;=\;\text{ C}\left(\sqrt{\frac{{\text{K}}_b}{\text{C}}}\right)\\\left[{\text{OH}^-}_{\left(\text{aq}\right)}\right]\;\;=\;\text{ }\sqrt{{\text{K}}_b\text{C}}\end{array}
  • pOH අගය ගණනය කිරීම සඳහා වන ලඝු ඝනක සමීකරනය සැලකූ විට,
\text{P}^\text{OH}\;=\;-\log_{10}\left(\frac{\sqrt{{\text{K}}_b\text{C}}\;\text{mol dm}^{-3}}{1\text{mol dm}^{-3}}\right)
  • මෙම සමීකරණය බොහෝ රචනාමය ගැටළු වලදී ව්‍යුත්පන්න කර භාවිත කළ යුතු නමුත් කෙටි ප්‍රශ්න වලදී ඍජුවම භාවිතා කළ හැක.


දුබල භෂ්ම වල විඝටනය සඳහා හෙන්ඩර්සන් සමීකරණය

\begin{array}{l}{\text{B}}_\text{(aq)}\text{ යන ඒක ආම්ලික දුබල භෂ්මය ජලීය ද්‍රාවණ‍යක් තුළ භාගික විඝටනයෙන් ඇති කරන ප්‍රෝටෝන හුවමාරු සමතුලිතය සලකමු.}\\{\text{B}}_{\left(\text{aq}\right)}{\text{  + H}}_2{\text{O}}_{\left(\text{l}\right)}\;\rightleftharpoons\;\text{BH}{\;^+}_{\left(\text{aq}\right)}+{\text{OH}^-}_{\left(\text{aq}\right)}\\\text{භාෂ්මික විඝටන නියතය සැලකීමෙන්,}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;{\text{K}}_b\text{ }=\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]\left[{\text{OH}^-}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\;\left(1\right)\\\text{(1)  හි දෙපසම -log 10  වලින් ගුණ කිරීමෙන්,}\\-\log{\text{K}}_b\text{ }=\;-\log_{10}\left\{\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]\left[{\text{OH}^-}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}\right\}\\-\log{\text{K}}_b\text{ }=\;-\log_{10}\left\{\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}+\log_{10}\left[{\text{OH}^-}_\text{aq}\right]\right\}\\-\log{\text{K}}_b\text{ }=\;-\log_{10}\left[{\text{OH}^-}_\text{aq}\right]\;+\;\left(-\log_{10}\left\{\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}\right\}\right)\\\text{P}^{{\text{K}}_b}\;=\;\text{P}^\text{OH}\;\;+\;\;+\;\left(-\log_{10}\left\{\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}\right\}\right)\\\text{P}^\text{OH}\;=\;\text{P}^{{\text{K}}_b}\;\;+\;\;+\;\left(-\log_{10}\left\{\frac{\left[{\text{BH}^+}_\text{aq}\right]}{\left[{\text{B}}_\text{aq}\right]}\right\}\right)\\\end{array}
  • මෙය දුබල භෂ්මයක විඝටනය සඳහා වන හෙන්ඩර්සන් සමීකරණය ලෙස හැඳින්වේ.
  • ඉහත ක්‍රම දෙකටම POH අගය ගණනය කළ හැක.

 

දුබල භෂ්මයක් අනුමාපනයේදි සමකතා ලක්ෂයේ POH අගය ගණනය කිරීම

  • ප්‍රභල භෂ්මයක්  විසින් සාදන ද්‍රාවණයක් උදාසීනකරණය කිරීමේදි සමකතා ලක්ෂයට අදාළව pH අගය ජලයේ විඝටනයෙන් ජනිතවන H+ හෝ OH¯ සාන්ද්‍රණයට අනුරූප වේ.
  • නමුත් දුබල භෂ්මයක්  උදාසීනකරණය වීමෙන් සමකතා ලක්ෂයට එළබීම වෙනස් මඟක් ගනී

උදා: 

B (aq) යන ඒක ආම්ලික  දුබල භෂ්මයේ සාම්පලයක් HCl මඟින් හරියටම උදාසීන කරනයෙන් සමකතා ලක්ෂයට එළබෙන අවස්ථාව සලකමු.

\begin{array}{l}{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+\mathrm{Cl}^-\\{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\end{array}    


ආම්ලික විඝටන නියතය සැලකීමෙන්

\begin{array}{l}{\text{K}}_{a\;}\text{=}\;\frac{\left[{\text{H}}_3{\text{O}^+}_{\left(\text{aq}\right)}\right]\left[{\text{B }}_{\left(\text{aq}\right)}\right]}{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]}\\\\\text{නමුත්   }\lbrack{\text{B}}_{\left(\text{aq}\right)}\rbrack=\lbrack{\text{H}}_3{\text{O}^{\begin{array}{l}\\+\end{array}}}_{\left(\text{aq}\right)}\rbrack\;\;\;\text{නිසා},\\{\text{K}}_{a\;\;}\text{=  }\frac{\left[{\text{H}}_3{\text{O}^+}_{\left(\text{aq}\right)}\right]^2}{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]}\xrightarrow{\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\text{ }\left(1\right)\\\\{\text{B (aq) දුබල භෂ්මයේ භාෂ්මික විඝටන නියතය K}}_\text{b}\text{ යැයි සලකා BH}^+{\text{ යනු B }}_\text{(aq) }\text{භෂ්මයෙහි සංයුග්මක අම්ලය නිසා,}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;{\text{K}}_{w\;}\;=\;{\text{K}}_{a\;\;\;}{\text{+  K}}_{b\;\;}\;\left(\;\;\;\;{\text{K}}_{w\;}\text{යනු ආම්ලික විඝටන නියතය වේ.}\right)\\(1)\;\text{න්,}\\\frac{{\text{K}}_{w\;}}{{\text{K}}_b}\;\text{= }\frac{\left[{\text{H}}_3{\text{O}^+}_{\left(\text{aq}\right)}\right]^2}{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]}\\\\\end{array}

\begin{array}{l}{\text{දෙපසම -log}}_\text{10}\text{ වලින් ගුණ කිරීම,}\\\\-\log_{10}\frac{{\text{K}}_{w\;}}{{\text{K}}_b}\;{\text{= -log}}_{10}\text{ }\frac{\left[{\text{H}}_3{\text{O}^+}_{\left(\text{aq}\right)}\right]^2}{\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]}\\{\text{-log}}_{10}{\text{K}}_{w\;}\text{ -}(-{\text{log}}_{10}\;{\text{K}}_b)\;=-2\;\log_{10}\left[{\text{H}}_3{\text{O}^+}_{\left(\text{aq}\right)}\right]\;-\;\left(-\log_{10}\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\right)\end{array}

\begin{array}{lcl}&&\text{P}^{{\text{K}}_{w\;}}\text{- P}^{{\text{K}}_b}\text{=  2P}^{\text{H}\;}\text{ + }\left(\log_{10}\text{ }\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\text{ }\right)\\&&\text{P}^{{\text{K}}_{w\;}}\text{=  P}^{\text{H}\;}\text{ +  P}^\text{OH}\\&&\text{P}^{{\text{K}}_{w\;}}\text{- P}^{{\text{K}}_b}\text{ = 2}\left(\text{P}^{{\text{K}}_w\;}\text{-P}^\text{OH}\right)\text{ + }\left(\log_{10\;}\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\text{ }\right)\\&&\text{P}^{{\text{K}}_{w\;}}\text{- P}^{{\text{K}}_b}\text{ - }\log_{10}\text{ }\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\text{  = 2P}^{{\text{K}}_w\;}\text{-2P}^\text{OH}\\&&2\text{P}^\text{OH}\text{ =  }2\text{P}^{{\text{K}}_w\;}\text{-  P}^{{\text{K}}_{w\;}}\text{+ P}^{{\text{K}}_b}\text{ + }\log_{10}\text{ }\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\\&&\text{P}^\text{OH}\text{ =  }\frac12\left\{\text{ P}^{{\text{K}}_w\;}\text{+ P}^{{\text{K}}_b}\text{ + }\log_{10\;}\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\text{ }\right\}\\&&\\&&\end{array}

 

\boxed{\text{P}^\text{OH}\text{  =  }\frac12\left\{\text{ P}^{{\text{K}}_{\mathrm w}\;}\text{+ P}^{{\text{K}}_{\mathrm b}}\text{ + log}\left[{\text{BH}^+}_{\left(\text{aq}\right)}\right]\right\}}

{\mathrm K}_{\mathrm a}\times{\mathrm K}_{\mathrm b}={\mathrm K}_{\mathrm w}

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet