සංයුග්මක අම්ල හා සංයුග්මක භෂ්ම
- කිසියම් අම්ලයක් විසින් H+ ප්‍රදානය කළ විට ලැබෙන රසායනික විශේෂය අදාළ අම්ලයේ සංයුග්මක භෂ්මය ලෙසත්, කිසියම් භෂ්මයක් විසින් H+ ප්‍රතිග්‍රහණය කළ විට ලැබෙන රසායනික විශේෂය අදාළ භෂ්මයේ සංයුග්මක අම්ලය ලෙසත් සැලකේ.
\begin{array}{l}{\mathrm{HA}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm A^-}_{(\mathrm{aq})}\\\;\uparrow\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\uparrow\\\text{අම්ලය}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\text{සංයුග්මක භෂ්මය}\end{array}
\begin{array}{l}B_{(aq)}+H_2O_{(l)}\rightleftharpoons B{H^+}_{(aq)}+O{H^-}_{(aq)}\\\;\uparrow\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\uparrow\\\text{භෂ්මය}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\text{සංයුග්මක අම්ලය}\end{array}
- ආම්ලික විඝටන නියතය Ka වන දුබල අම්ලයක සංයුග්මක භෂ්මයෙහි භාෂ්මික විඝටන නියතය Kb යැයිද, භාෂ්මික විඝටන නියතය Kb වන දුබල භෂ්මයක සංයුග්මක අම්ලයේ ආම්ලික විඝටන නියතය Ka යැයිද ගත හැක.
- මෙය ගැටළු වලදී භාවිත කළ හැක.
උදා:
(1) ආම්ලික විඝටන නියතය Ka වන HA ඒක භාෂ්මික දුබල අම්ලයක සංයුග්මක භෂ්මය වන A¯හි භාෂ්මික විඝටන නියතය Kb යැයි සිතමු .
{\mathrm{HA}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\overset{{\mathrm K}_{\mathrm a}}\rightleftharpoons{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm A^-}_{(\mathrm{aq})}
ආම්ලික විඝටන නියතය සැලකීමෙන්,
{\mathrm K}_{\mathrm a}=\frac{\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm A^-}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm{HA}}_{(\mathrm{aq})}\right]}\;\cdots\cdots\cdots\cdots\cdots\;(01)
HA හි සංයුග්මක භෂ්මය වන A¯ වල ජලවිච්ඡේදන ක්‍රියාවලිය පහත පරිදි වේ.
{\mathrm A^-}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\overset{{\mathrm K}_{\mathrm b}}\rightleftharpoons{\mathrm{HA}}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}
{\mathrm K}_{\mathrm b}=\frac{\left[{\mathrm{HA}}_{\left(\mathrm{aq}\right)}\right]\left[{\mathrm{OH}^-}_{\left(\mathrm{aq}\right)}\right]}{\left[{\mathrm A^-}_{\left(\mathrm{aq}\right)}\right]}\;\cdots\cdots\cdots\cdots\cdots\;(02)
\begin{array}{l}(01)\times(02)\\{\mathrm K}_{\mathrm a}\times{\mathrm K}_{\mathrm b}=\frac{\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm A^-}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm{HA}}_{(\mathrm{aq})}\right]}\times\frac{\left[{\mathrm{HA}}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm A^-}_{(\mathrm{aq})}\right]}\\{\mathrm K}_{\mathrm a}\times{\mathrm K}_{\mathrm b}=\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;{\mathrm K}_{\mathrm w}\;=\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\\{\mathrm K}_{\mathrm a}\times{\mathrm K}_{\mathrm b}={\mathrm K}_{\mathrm w}\;\;\;\;\;\;\;\end{array}
උදා:
භාෂ්මික විඝටන නියතය Kb වන B ඒක භාෂ්මික දුබල භෂ්මයක සංයුග්මක අම්ලය වන BH+ හි ආම්ලික විඝටන නියතය Ka යැයි සිතමු .
{\mathrm B}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\overset{{\mathrm K}_{\mathrm b}}\rightleftharpoons{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}
භාෂ්මික විඝටන නියතය සැලකීමෙන් ,
\begin{array}{l}{\mathrm K}_{\mathrm b}=\frac{\left[{\mathrm{BH}^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm B}_{(\mathrm{aq})}\right]}\;\cdots\cdots\cdots\cdots\;(01)\\\\\\\end{array}
B හි සංයුග්මක අම්ලය වන BH+වල ජලවිච්ඡේදන ක්‍රියාවලිය පහත පරිදි වේ.
{\mathrm{BH}^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\overset{{\mathrm K}_{\mathrm a}}\rightleftharpoons{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm B}_{(\mathrm{aq})}
{\mathrm K}_{\mathrm a}=\frac{\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm B}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm{BH}^+}_{(\mathrm{aq})}\right]}\;\cdots\cdots\cdots\cdots\cdots\cdots\;(02)
\begin{array}{l}(01)\times(02)\\{\mathrm K}_{\mathrm b}\times{\mathrm K}_{\mathrm a}=\frac{\left[{\mathrm{BH}^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm B}_{(\mathrm{aq})}\right]}\times\frac{\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\left[{\mathrm B}_{(\mathrm{aq})}\right]}{\left[{\mathrm{BH}^+}_{(\mathrm{aq})}\right]}\\{\mathrm K}_{\mathrm b}\times{\mathrm K}_{\mathrm a}=\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;{\mathrm K}_{\mathrm w}=\left[{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\right]\left[{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\right]\\{\mathrm K}_{\mathrm b}\times{\mathrm K}_{\mathrm a}={\mathrm K}_{\mathrm w}\end{array}
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.