No menu items!
සංයුක්ත ගණිතයInfinite Thinkingඔබටත් පුළුවන්ද?

ඔබටත් පුළුවන්ද?

එක්තරා සිසුන් කණ්ඩායමක් පාසල් විද්‍යාගාරයේ විශේෂිත තත්ත්ව සහිත කුටීරයක බැක්ටීරියා නියැදියක වර්ධනය නිරීක්ෂණය කිරීමට ක්‍රියාකාරකමක් සැලසුම් කළා.

මෙය මිනිත්තු 9 ක් තුළ සිදු කළ යුතු පරීක්ෂණයක්.නමුත් ගැටලුව වුණේ ගුරුතුමිය සිසුන්ට වේලාව මැන ගැනීමට සපයා තිබුණේ මිනිත්තු 4 හා මිනිත්තු 7 වැලි ඔරලෝසු දෙකක් පමණයි

වෙනත් කිසිදු වේලාව මැන ගැනීමේ උපකරණයක් සපයා තිබුණේ නැහැ .ඔවුන්ට මෙම ඔරලෝසු දෙකෙන් පමණක්  පරීක්ෂණය මිනිත්තු 9 න් කිරීමට හැකි වේවිද ?

ඊට ක්‍රමයක් යෝජනා කරන්න ඔබටත් පුළුවන් ද?

මෙය බැලූ බැල්මට කළ නොහැක්කක් බව ඔබට පෙනෙන්නට පුළුවන්.නමුත් තර්කානුකූලව සිතා බැලුවොත් මෙය ඉතා පහසු ගැටලුවක්.

එය පහත අයුරින් විසදමු

කාලය (මිනිත්තු)ක්‍රියාව
0වැලි ඔරලෝසු දෙකම හරවන්න
4මිනිත්තු 4 වැලි ඔරලෝසුව හරවන්න
7මිනිත්තු 7 වැලි ඔරලෝසුව හරවන්න
8මිනිත්තු 7 වැලි ඔරලෝසුව නැවත හරවන්න
9බැක්ටීරියා නියැදිය පිටතට ගන්න

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.