No menu items!
රසායන විද්‍යාව03. රසායනික ගණනය03.03.01 - පරමාණුක ස්කන්ධය හා ඇවගාඩ්රෝ නියතය

03.03.01 – පරමාණුක ස්කන්ධය හා ඇවගාඩ්රෝ නියතය

පරමාණුක ස්කන්ධ ඒකකය

පරමාණු ඉතා කුඩා බැවින් ඒවායේ ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා ස්කන්ධයේ සාමාන්‍ය ඒකක වන ග්රෑම් (g) හා කිලෝග්රෑම් ආදිය නුසුදුසු විය. එම නිසා පරමාණුවල ස්කන්ධය ප්‍රකාශ කිරීම හඳුන්වා දුන් වඩා කුඩා ස්කන්ධ ඒකකය, ‘පරමාණුක ස්කන්ධ ඒකකය’ (u) ලෙස නම් කෙරුණි.

12C සමස්ථානික කාබන් පරමාණුවක ස්කන්ධයෙන් 1/12 ක්, පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස හැඳින්වේ.

\begin{array}{l}\mathrm{පරමාණුක}\;\mathrm{ස්කන්ධ}\;\mathrm{ඒකකය}\;=\;^{12}\mathrm C\;\mathrm{සමස්ථානික}\;\mathrm{පරමාණුවේ}\;\mathrm{ස්කන්ධය}\;\mathrm x\;\frac1{12}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;1.66\;\mathrm x\;10\;^{-24}\;\mathrm g\end{array}

පරමාණුක ස්කන්ධය

රසායනික මූලද්‍රව්‍යක මවුල එකක ස්කන්ධය, පරමාණුක ස්කන්ධ ඒකකවලින් ප්‍රකාශ කළ විට ලැබෙන්නේ එම මූලද්‍රව්‍යයේ ‘පරමාණුක ස්කන්ධය’යි.

උදා :-

14C හි පරමාණුක ස්කන්ධය = 14 x u = 14u

12C හි පරමාණුක ස්කන්ධය = 12 x u = 12u

ඇතැම් මූලද්‍රව්‍යවල සමස්ථානික ඇත. උදාහරණයක් ලෙස 12C, 13C, 14C යනු කාබන්වල සමස්ථානික 3 කි. මෙවැනි අවස්ථාවල පරමාණුක ස්කන්ධය ලෙස සාමාන්‍යයෙන් භාවිතා වන්නේ මූලද්‍රව්‍යයේ මධ්‍යන්‍ය පරමාණුක ස්කන්ධයයි.

මූලද්‍රව්‍යවල මධ්‍යන්‍යය පරමාණුක ස්කන්ධය ගණනය කිරීම

කාබන් හා ක්ලෝරීන් දර්ශීය මූලද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් කර ඇති පහත ගණනය කිරීම පරිදි, ඕනෑම සමස්ථානික සහිත පරමාණුවක මධ්‍යන්‍යය පරමාණුක ස්කන්ධය ගණනය කළ හැක.

උදා :-

ස්වභාවික කාබන්වල මධ්‍යන්‍ය පරමාණුක ස්කන්ධය ගණනය කිරීම.

කාබන් නියැදියක සමස්ථානිකවල ස්කන්ධ ප්‍රතිශතය 12C – 98.89%, 13C – 1.11% වන අතර 14C හි ප්‍රමාණය නොසැලකිය යුතු තරම් වේ.

පියවර 01

\begin{array}{rcl}\mathrm{ස්වභාවික}\;\mathrm{කාබන්වල}\;\mathrm{පරමාණු}\;100\;\mathrm ක\;\mathrm{ස්කන්ධය}\;&=&\;\lbrack\;(98.89\;\mathrm x\;12\mathrm u)\;+\;(1.11\;\mathrm x\;13\mathrm u)\;\rbrack\;\;\;\;\\&=&\;1201.11\mathrm u\end{array}

පියවර 02

\begin{array}{l}\mathrm{ස්වභාවික}\;\mathrm{කාබන්}\;\mathrm{පරමාණුවක}\;\mathrm{මධ්}‍\mathrm{යන්}‍\mathrm ය\;\mathrm{පරමාණුක}\;\mathrm{ස්කන්ධය}\;\;=\frac{1201.11\mathrm u}{100}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=12.01\mathrm u\end{array}

ගැටලුව 1

ක්ලෝරීන් නියැදියක සමස්ථානිකවල ස්කන්ධ ප්‍රතිශතය 35Cl – 75.77% හා 37Cl – 24.23% වේ. ක්ලෝරීන්වල මධ්‍යන්‍යය පරමාණුක ස්කන්ධය ගණනය කරන්න.

(සැ.යු. 34.97 ~ 35 හා 36.97 ~ 37 ලෙස සලකා පරමාණුක ස්කන්ධ අගයන් යොදාගන්න.)

ගැටලුව 2

ඔක්සිජන් නියැදියක සමස්ථානිකවල ස්කන්ධ ප්‍රතිශතය 16O – 99.759%, 17O – 0.037% හා 18O – 0.204% වේ. ඔක්සිජන්වල මධ්‍යන්‍යය පරමාණුක ස්කන්ධය ගණනය කරන්න.

සාපේක්ෂ පරමාණුක ස්කන්ධය

යම් පරමාණුවක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂ මිනුම් කළ විට ලැබෙන අගය එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි.

සාපේක්ෂ පරමාණුක ස්කන්ධය =\frac{\mathrm{යම්}\;\mathrm{පරමාණුවක}\;\mathrm{ස්කන්ධය}\;}{\mathrm{පරමාණුක}\;\mathrm{ස්කන්ධ}\;\mathrm{ඒකකය}}

උදා :

13 C සමස්ථානික පරමාණුව සලකමු.

\begin{array}{rcl}{}^{13}\mathrm{Cසමස්ථානිකයේසාපේක්ෂපරමාණුකස්කන්ධය}&=&\frac{13\mathrm u\;}{\mathrm u}\\&=&13\end{array}

(සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නොමැත.)

ඇවගාඩ්රෝ නියතය (NA)

ඕනෑම පරමාණු හෝ අණු මවුල එකක ඇති පරමාණු හෝ අණු සංඛ්‍යාව ආවගාඩ්රෝ සංඛ්‍යාව නම් වේ. මෙය නියතයකි.

\begin{array}{rcl}&&\boxed{\mathrm{ඇවගාඩ්රෝ}\;\mathrm{නියතය}\;({\mathrm N}_{\mathrm A})\;=\;6.022\;\mathrm X\;10^{23}\;\mathrm{mol}^{-1}}\end{array}

උදා:-

12 C  1 mol ක පරමාණු 6.022 X 1023 ක් ඇත.

C6H12O6 1 mol ක C6H12O6 අණු 6.022 X 1023 ක් ඇත.

පරමාණු සංඛ්‍යාව ගණනය කිරීමට අදාළ ව පරමාණුක ස්කන්ධ ඒකකය (u) හා ග්රෑම් අතර සම්බන්ධතාවය ප්‍රකාශ කිරීම

1u = 1.66 x 10-24 g

6.022 x 1023 ~ 1g

උදා :-

12 C පරමාණු 6.022 X 1023 ක ස්කන්ධය 12g නම්, 12 C පරමාණු 1 ක ස්කන්ධය u ඇසුරෙන් ප්‍රකාශ කරන්න.

පරමාණු 6.022 x 1023 ක ස්කන්ධය = 12g

පරමාණු 1 ක ස්කන්ධය (ග්රෑම්වලින්) =\frac{12\mathrm g}{6.022\mathrm x10^{23}}

  • පරමාණු 1 ක ස්කන්ධය u වලින් සෙවීමට 1.66 x 10 -24 g න් බෙදන්න.
\begin{array}{l}\mathrm{පරමාණු}\;1\;\mathrm ක\;\mathrm{ස්කන්ධය}\;(\mathrm u\;\mathrm{වලින්})\;=\;\frac{12\mathrm g}{6.022\;\times\;10^{23}}\;\times\;\frac1{1.66\;\times\;10^{-24}\mathrm g}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\;\frac{12}{0.99965}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\simeq\;12\;\mathrm g\;\end{array}

 

 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.