පාඩමේ සටහන Download කරගන්න.
මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය
1.මානව ආහාර මාර්ග නාළය යනු කුමක්ද?
- සත්ව සදෘශ පෝෂණයේ පියවර සම්පුර්ණ කළ හැකි බාහිර පරිසරයට සම්බන්ධ දිගු නාළයක් වේ.
2.ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් මොනවාද?
- මුඛ කුහරය
- ග්‍රසනිකාව
- අන්නස්‍රෝතය
- ආමාශය
- කුඩා අන්ත්‍රය
- මහා අන්ත්‍රය
- ගුද මාර්ගය හා ගුදය
3.ආහාර මාර්ගය ආශ්‍රිත ග්‍රන්ථි මොනවාද?
- ඛේට ග්‍රන්ථි
- අක්මාව
- අග්න්‍යාශය
4.ආහාර මාර්ග පද්ධතිය ඇද කොටස් නම් කරන්න.
5.මුඛ කුහරයේ කොටස් මොනවාද?
6.මුඛ කුහරය තුළ සිදු වන සත්ත්ව සදෘශ්‍ය පෝෂණයේ මූලික පියවර මොනවාද ?
7.මුඛය තුළ සිදු වන්නේ කවර ජීර්ණයක්ද?
- රසායනික හා යාන්ත්‍රික ( ආකාර 2 ම)
8.මුඛය තුළ ඇති දත් ආකාර 4 මොනවාද?
- කෘන්තක
- රදනක
- පුරස්චාර්වක
- චාර්වක
9.දත්වල කෘත්‍ය කුමක්ද?
- ආහාර කැපීම පොඩි කිරීම හා ඇඹරීම මගින් ආහාර ගිලීම පහසු කිරීම, ආහාර ජීර්ණය සදහා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කිරීම.
10.ඛේටය මුඛයට නිදහස් වන්නේ කෙසේද?
- මුඛ කුහරයට ආහාර ඇතුලු වීමේද ස්නායු ප්‍රතීකයක් මගින්
- ආහාරය දැකීම හා ආහාරයේ ගන්ධය ආදී උත්තේජන මගින්
11.ඛේටයේ අඩංගු වන ද්‍රව්‍ය මොනවාද?
-
- ජලය
- ස්වාරක්ෂක ද්‍රව්‍ය
- ඇමයිලේස්
- ක්ෂුද්‍ර ජීවී සංඝටක
- ශ්ලේෂ්මලය
12.ශ්ලේෂ්මලයේ අඩංගු ද්‍රව්‍ය මොනවාද?
- ලවන
- සෛල
- ලිහිසි ග්ලයිකෝප්‍රෝටිනයක් වන මියුසින්
13.ඛේටයේ අඩංගු සංඝටක වල කෘත්‍ය මොනවාද?
- ඛේට ඇමයිලේස් – පොලිසැකරයිඩවල (උදා: පිෂඨය) රසායනික ජීරණයයි. පොලිසැකරයිඩ කුඩා පොලිසැකරයිඩ හා ඩයිසැකරයිඩ (මෝල්ටෝස්) බවට පත් කරයි.
- ජලය – රසායනික ජීරණය සඳහා ආහාර ද්‍රාවීකරණය හා ජලීය මාධ්‍යයක් සපයයි. රස ප්‍රතිග්‍රහණයට ආධාර සපයයි.
- ශ්ලේෂ්මල – ආහාර ස්නේහනය මඟින් ආහාර ගිලීම පහසු කරයි. මුඛය පිරිසිදු කිරීම හා මුඛ ආස්තරණය සීරීම් වලින් ආරක්ෂා කරයි.
- ප්‍රතික්ෂුද්‍රජීවී ද්‍රව්‍ය – ඉමියුනෝග්ලොබියුලීන් හා ලයිසොසයිම් වැනි ද්‍රව්‍ය: මුඛයට ඇතුළු වන බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කර ආරක්ෂාව සපයනු ලබයි.
- ස්වාරක්ෂක කාර්යය – අම්ල උදාසීනිකරණය මඟින් දත් දිරා යෑම වළකයි.
14.දිවෙහි කෘත්‍ය කුමක්ද?
- ආහාරය ඛේටය සමඟ මිශ්‍ර කිරීමට උදවු කරමින්
- ආහාර ගුලි සාදමින්
- ගිලීම පහසු කිරීම.
- ආහාර මුඛ කුහරයේ අපර කොටසට හා ග්‍රසනිකාවට තල්ලු කිරීමට උදවු කරයි.
15.ශ්වසන පද්ධතියට හා ආහාර මාර්ගයට පොදු කොටස කුමක්ද?
16.උරස් කුහරය තුළ හමුවන ආහාර මාර්ග පද්ධතියට අයත් එම කොටස කුමක්ද?
17.අන්නස්‍රෝතය සැදීමට දායක වන පේශි මොනවාද?
- ඉහළ කොටස් සැදීමට කංකාල පේශි දායක වන අතර ඉතිරි කොටස් සදහා සිනිදු පේශි දායක වේ.
18.අන්නස්‍රෝතයේ කංකාල පේශි වල කෘත්‍ය කුමක්ද?
- ගිලීමේ ක්‍රියාවලින්ට දායක වේ.
19.අන්නස්‍රෝතයේ සිනිදු පේශි වල කෘත්‍ය කුමක්ද?
- ක්‍රමාකුංචන ක්‍රියාවලියට දායක වේ.
20.ක්‍රමාකුංචනය යනු කුමක්ද?
- අන්නස්‍රෝතයේ සිනිදු පේශි වල දායකත්වයෙන් මාරුවෙන් මාරුවට තරංගාකාරව සිදුවෙන රිද්මයානුකුල සංකෝචන හා ඉහිල් වීමේ ක්‍රියාවලිය.
21.ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ස්වභාවය විස්තර කරන්න.
- ආමාශයේ අභ්‍යන්තර පෘෂ්ඨය ඉතා විශාල වශයෙන් නැමී ඇති අතර ඒවා තුළ කුහර දක්නට ලැබේ.
- මෙම කුහර ආමාශයික ග්‍රන්ථි වෙත යොමු වී ඇත .
- මෙහි බිත්තිය විශාල වශයෙන් ඇදෙන සුළුය.
22.ආමාශයික ග්‍රන්ථි තුළ ඇති සෛල වර්ග මොනවාද?
- ශ්ලේෂ්මල සෛල
- පාර්ශවික සෛල
- ප්‍රධාන සෛල
23.අන්නස්‍රෝතය හා ආමාශය අතර ඇති වක්‍ර පිධානය කුමක්ද?
24.ආමාශය හා ක්ෂුද්‍ර අන්ත්‍රය අතර ඇති වක්‍ර පිධානය කුමක්ද?
25.වක්‍ර පිධානයේ ව්‍යුහමය ලක්ෂණයක් මෙන්ම කෘත්‍යමය ලක්ෂණයක් සදහන් කරන්න.
- වෘත්තාකාර සිනිදු පේශි වලින් සැදී ඇති අතර අවයව හරහා ද්‍රව්‍ය ගමන් කිරීම යාමනය කරයි.
26.ආමාශයික ග්‍රන්ථි තුළ ඇති සෛල වර්ග මගින් ස්‍රාවය කරන ස්‍රාවයන් මොනවාද?
- ශ්ලේෂ්මල සෛල – ශ්ලේෂ්මලය
- ප්‍රධාන සෛල – පෙප්සිනෝජන්
- පාර්ශ්වික සෛල – H+, Cl–
27.HCl කෘත්‍ය කුමක්ද?
- පෙප්සිනොජන් පෙප්සින් බවට පත් කරයි.
28.පෙප්සින් වල කෘත්‍ය කුමක්ද?
- සක්‍රිය වූ පෙප්සින් මගින් ඉතිරි පෙප්සිනෝජන් පෙප්සින් බවට පත් කිරීමට උදව් කරයි.
- පෙප්සින් මගින් ආමාශයේ ප්‍රෝටීන්වල රසායනික ජීර්ණය ආරම්භ කිරීම.
29.ආමාශයේ මත්ගෑමේ ක්‍රියාවලිය යනු කුමක්ද?
- පේශි ඉහිල් වීමේ හා සංකෝචනය වීමේ ශ්‍රේණියක් වන අතර එය මගින් ආහාර ආමාශයික යුෂ සමග මිශ්‍ර කිරීම මගින් ආහාරයේ රසායනික ජීර්ණය පහසු කරවන ක්‍රියාවලියකි.
30.ආමලසය යනු කුමක්ද?
- ආමාශයේදී ආහාර ආමාශයික යුෂ සමඟ මිශ්‍ර වී සෑදෙන අර්ධව ජීර්ණය වූ අර්ධ ඝන ආම්ලික ආහාර ස්කන්ධය.
31.ආමාශයික ආස්තරණයේ HCl හා පෙප්සින් මගින් ජීර්ණය වීමෙන් ආරක්ෂා වීමට ඇති අනුවර්තන මොනවාද?
- එන්සයිම ආමාශ කුහරයට අක්‍රිය ලෙස ස්‍රාවය වීම.
- ආමාශයික ග්‍රන්ථි ශ්ලේෂ්මලය ස්‍රාවය කිරීම මගින් ආමාශයික ආස්තරණයේ ජීර්ණය වැළැක්වීම.
- දින 3කට වරක් නව අපිච්ඡද ස්තරයක් එකතු කිරීම මඟින් හානි වූ සෛල ප්‍රතිස්ථාපනය.
32.ආමාශයේ කෘත්‍යන් මොනවාද?
- ආමාශ බිත්තියේ ඇති අතිසංවලිත හා ඇදෙනසුළු ස්වභාවය නිසා තාවකාලික ආහාර ගබඩාවක් ලෙස ක්‍රියා කරයි.
- ආමාශයේ සිදුවන මත්ගෑමේ ක්‍රියාවලිය මගින් ආහාරයේ යාන්ත්‍රික ජීර්ණය
- ආමාශයික යුෂ නිපදවීම හා පෙප්සීන් මඟින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ බවට පත්කර ප්‍රෝටීනවල රසායනික ජීර්ණය ඇරඹීම.
- ජලය, මද්‍යසාර, සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරයි.
- විශිෂ්ට නොවන ආරක්ෂාව – ක්ෂුද්‍ර ජීවින් විනාශ කරයි.
- ආලාර වක්‍ර පිධානය මගින් ආහාර කුඩා ප්‍රමාණ වලින් විදිමින් ක්ෂුද්‍රාන්තයට ආහාර තල්ලු කරයි.
- ආමාශයේ ජීර්ණ ක්‍රියාවලිය යාමනය කරන ගැස්ට්‍රින් හෝමෝනය ස්‍රාවය කරයි.
33.ආහාර මාර්ගයේ දීර්ඝතම අවයවය කුමක්ද?
34.කුඩා අන්ත්‍රයේ කොටස් 3 නම් කරන්න.
- ග්‍රහනිය – මුල
- ශුන්‍යාන්ත්‍රය – මැද
- ශේෂාන්ත්‍රකය – අවසානය
35.කුඩා අන්ත්‍රයේ ජීර්ණයේ වැඩි කොටසක් අවසන් වන්නේ කවර කොටසකදී ද?
36.කුඩා අන්ත්‍රයේ පෝෂණ අවශෝෂණය වන්නේ කොහෙදි ද?
- ශුන්‍යාන්ත්‍රය හා ශේෂාන්ත්‍රකය
37.කුඩා අන්ත්‍රය ආහාර අවශෝෂණයට හැඩ ගැසී ඇත්තේ කෙසේද?
- කුඩා අන්ත්‍රයේ ඇති ස්ථිර වෘත්තාකාර නැමුම් හා අංගුලිකා මඟින් ක්ෂේත්‍ර ඵලය වැඩි කරගැනීම.
මෙම වැඩසටහන ඉතාමත් සාර්තක වඩසටහනක්.ජීව විද්‍යා 05 ඒකකයට අදාල 5.1/5.2/5.3/5.4/5.5/5.6/5.7/5.8/5.9
upload in progress please wait 😎😎😎