විද්‍යා අංශයජීව විද්‍යාව5.2.1 - සතුන්ගේ විෂමපෝෂි පෝෂණ ක්‍රමය ගවේෂණය කරයි

5.2.1 – සතුන්ගේ විෂමපෝෂි පෝෂණ ක්‍රමය ගවේෂණය කරයි

 

සතුන්ගේ පෝෂණය

1. සත්ත්ව පෝෂණය යනු,

    • දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිතා වන ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලියයි.

 

2. විෂමපෝෂි පෝෂණ ක්‍රියාවලිය යනු,

    • අනෙකුත් ජීවීන් අධිග්‍රහණයෙන් හෝ අනෙකුත් ජීවීන්ගෙන් ව්‍යුත්පන්න වූ ද්‍රව්‍ය මගින් කාබනික ආහාර අණු ලබාගැනීමයි.

 

3. විෂමපෝෂි පෝෂණ ආකාර 02

    1. සත්ත්ව සදෘශපෝෂණය.
    2. සහජීවනය.

 

සත්ත්ව සදෘශ පෝෂණය

4. සත්ත්ව සදෘශපෝෂණයේ පියවර

      1. අධිග්‍රහණය.
      2. ජීර්ණය.
      3. අවශෝෂණය.
      4. ස්වීකරණය.
      5. පහ කිරීම.

Stages of Digestion | BioNinja

Nutrition In Amoeba - Process Of Holozoic Mode Of Nutrition

 

5. සත්ත්ව සදෘශ පෝෂණයේදී මුලිකව සිදුවන්නේ,

    • ආහාර මාර්ගයට ආහාර අධිග්‍රහණය කිරීම.

 

WordList - Translation of the word ingestion

 

6. ජීර්ණය යනු,

    • ප්ලාස්ම පටලය හරහා ජීවීන්ගේ සෛල තුලට ඇතුලු වීමට තරම් ප්‍රමාණවත් කුඩා ආකාරයට ආහාර බිද හෙලීම වේ.

 

7. ආහාර ජීර්ණයේ ආකාර 02,

      1. යාන්ත්‍රික ජීර්ණය.
      2. රසායනික ජීර්ණය.

Pin on Chapter 25: The Digestive System

 

8. යාන්ත්‍රික ජීර්ණයේදී සිදුවන්නේ,

    • ආහාර කුඩා කොටස් වලට බිඳ දැමීම මගින් කාර්යක්ෂමව රසායනික ජීර්ණය සඳහා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කරයි.

 

9. රසායනික ජීර්ණයේදී සිදුවන්නේ,

    • එන්සයිම මගින් විශාල අණු වල ඇති බන්ධන බිඳ දමමින් කුඩා අණු බවට බිඳ හෙලීම.

 

10. අවශෝෂණයේදී සිදුවන්නේ,

    • සත්ත්වයින්ගේ සෛල මගින් කුඩා අණු ලබාගැනීමයි.

 

11. ස්වීකරණය යනු,

    • ශරීරයේ විවිධ කෘත්‍ය සඳහා අවශෝෂණය කරන ලද පෝෂක ප්‍රයෝජ්‍යකරණය කිරීමේ ක්‍රියාවලිය වේ.

 

12. පහ කිරීම යනු,

    • ජීර්ණය නොවූ ද්‍රව්‍ය ආහාර මාර්ගයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ.

 

සතුන්ගේ පෝෂණ යාන්ත්‍රණ

13. පෙරා බුදින්නන් යන්න හඳුන්වන්න.

    • අල්ලා ගැනීම,උගුල් වැනි විවිධ යාන්ත්‍රණ මගින් අවට ජලීය මාධ්‍යයෙන් අවලම්භිත ආහාර අංශු පෙරා ගන්නා සත්ත්වයින් ය.

 

14. පෙරා බුදින්නන් සඳහා උදාහරණයක් ලබා දෙන්න.

    • කාවාටියින් සහ මට්ටියන්ගේ ජලක්ලෝම මගින් ආහාර අංශු භෝජනය කරයි

Filter feeding | Shanice

 

15. තරල බුදින්නන් යන්න හඳුන්වන්න.

    • ජීවී ධාරකයාගෙන් පෝෂක වලින් සරු තරලය හොඳින් අනුවර්තිත මුඛ කොටස් භාවිතා කරමින් උරා බොන සත්ත්වයින් ය.

 

16. තරල බුදින්නන් සඳහා උදාහරණ ලබාදෙන්න.

    • මදුරුවා-මිනිසාගේ රුධිරය උරා බීම.
    • කූඩිත්තා-ශාක වල ප්ලෝයම යුශය උරා බීම.
    • මී මැස්සා හා ගුමන කුරුල්ලා- පුෂ්ප වලින් පැණි උරා බීම.

Phloem – translocation experiments Activity 1 – Experiment using  radioactive 14C

 

17. උපස්තර බුදින්නන් යන්න හඳුන්වන්න.

    • ආහාර ප්‍රභවය මත හෝ ආහාර ප්‍රභවය තුල සිටිමින් ආහාරය අනුභව කරන සතුන් වේ.

 

18. උපස්තර බුදින්නන් සඳහා උදාහරණ දෙකක් සදහන් කරන්න.

    • කොළකන දලඹුවා-ශාක පත්‍ර හෝ මෘදු පටක අනුභව කරයි.
    • ඉහද පණුවා-සත්ත්ව මලකුණු තුලට හාරයි.

 

19. තොග බුදින්නන් යන්න හඳුන්වන්න.

    • ආහාර ඉරීම හෝ ගොදුරු ග්‍රහණය කිරීමට හනු,දත්,ග්‍රාහික,නඛර,විෂ දළ වැනි විවිධ අනුවර්තක මගින් සාපේක්ෂව විශාල ආහාර කොටස් අනුභව කරන සත්ත්වයින් වේ.

 

20. තොග බුදීම යන භෝජන යාන්ත්‍රණය දක්වන ජීවියෙකු ඇසුරින් උදාහරණයක් දක්වන්න.

    • මිනිසා ඇතුලු බොහෝ සතුන්.

Biology (b) _ Ch41

 

සහජීවනය

21. සහජීවනය යන්න හඳුන්වන්න.

    • එකිනෙකට සමීපව ජීවත් වෙන වෙනස් විශේෂ දෙකකට අයත් වන ජීවීන් අතර ඇති පාරිසරික සම්බන්ධතාවයකි.

 

22. සහජීවනයේ ආකාර 03 මොනවාද?

    • අන්‍යෝන්‍යාධාරය
    • පරපෝෂීතාවය
    • සහභෝජීත්වය

 

23. අන්‍යෝන්‍යාධාරය යන්න හඳුන්වන්න.

    • වෙනස් විශේෂ දෙකකට අයත් ජීවීන් දෙදෙනෙකු අතර පවතින ජීවීන් දෙදෙනාටම වාසි සැලසෙන සමීප පාරිසරික සබඳතාවයකි.

 

24. අන්‍යෝන්‍යාධාරයට උදාහරණයක් වන්නේ,

    • රෝමාන්ථකයන්ගේ සහ වේයන්ගේ සිටින සෙලියුලෝස් ජීර්ණය කරන ක්ෂුද්‍ර ජීවීන්.

 

25. පරපෝෂීතාව යනු,

    • වෙනස් ජීවී විශේෂ වලට අයත් ජීවීන් දෙදෙනෙකු අතර ඇති එක් ජීවියෙකුට (පරපෝෂිතයාට) වාසි සැලසෙන අනෙක් ජීවියාට (ධාරකයාට) හානි සිදුවන සමීප පාරිසරික සබඳතාවය වේ.

 

26. පරපෝෂීතාවයට උදාහරණ වන්නේ,

    • පටිපණුවා සහ මිනිසා
    • උකුණා සහ මිනිසා

 

27. සහභෝජීත්වය යනු,

    • වෙනස් ජීවී විශේෂ වලට අයත් ජීවීන් දෙදෙනෙකු අතර පවතින එක් ජීවියෙකුට වාසි සැලසෙන අනෙක් ජීවියාට බලපෑමක් සිදුනොවන සමීප පාරිසරික සබඳතාව වේ.

 

28. සහභෝජීත්වයට උදාහරණ වන්නේ,

    • තල්මසාට සවි වී සිටින බෙලි ඇණයා
    • ඛණ්ඩාවාරකයා.

symbiosis types | Symbiotic relationships activities, Biology lessons,  Symbiosis examples

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom