No menu items!
සංයුක්ත ගණිතයInfinite Thinkingපුංචි අභියෝගයක්!

පුංචි අභියෝගයක්!

අධිවේගී මාර්ගයක මිනිත්තු 30ක් තුළ කාරයක් දැකීමේ සම්භාවිතාව 0.95ක් වේ. එම මාර්ගයෙහි මිනිත්තු 10ක් තුළ කාරයක් දැක ගැනීමට හැකිවන සම්භාවිතාව සොයන්න.
(කාරයක් දැකීම = අවම වශයෙන් එක් කාරයක් හෝ දැකීම)

මිනිත්තු 10ක් තුළ කාරයක් දැක ගැනීමට හැකිවන සම්භාවිතාව p යැයි ගනිමු. දැන් අප ඉහත සඳහන් මිනිත්තු 30 මිනිත්තු 10 කොටස් වලට වෙන් කරමු

A = මිනිත්තු 10ක් තුළ කාරයක් නොදැකීම
P(A)=p

\begin{array}{rcl}P(මුල්\;මිනිත්තු\;20\;තුළ\;කාරයක්\;නොදැකීම)\;&=&P\left(A_1\bigcap A_2\right)\\&=&P\left(A\right)\times P\left(A\right)\\&=&p\times p\\&=&p^2\end{array}

\begin{array}{rcl}P(\;මිනිත්තු\;30\;තුළ\;කාරයක්\;නොදැකීම)&=&P\left[\left(A_1\bigcap A_2\right)\bigcap A_3\right]\\&=&P\left(A_1\bigcap A_2\right)\times P\left(A\right)\\&=&p^2\times p\\&=&p^3\end{array}

එක් එක් මිනිත්තු 10 කොටස් වලදී කාරයක් නොදැකීමේ සම්භාවිතා එකිනෙකින් ස්වායත්ත නිසා ඉහත පරිදි එකිනෙකෙහි ගුණිතයට සමාන කළ හැක.

\begin{array}{rcl}P(\;මිනිත්තු\;30\;තුළ\;කාරයක්\;දැකීම)\;&=&\;1\;-\;P(\;මිනිත්තු\;30\;තුළ\;කාරයක්\;නොදැකීම)\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;0.95\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;1\;-\;P(\;මිනිත්තු\;30\;තුළ\;කාරයක්\;නොදැකීම)\end{array}

\begin{array}{rcl}P(\;මිනිත්තු\;30\;තුළ\;කාරයක්\;නොදැකීම)\;&=&\;1\;–\;0.95\;=\;0.05\\p^3&=&0.05\\p&=&\sqrt[3]{0.05}\\&=&0.368\end{array}

p = P( මිනිත්තු 10ක් තුළ කාරයක් නොදැකීම) = 0.368

\begin{array}{rcl}P(\;මිනිත්තු\;10ක්\;තුළ\;කාරයක්\;දැකීම)\;&=&\;1\;-\;P(\;මිනිත්තු\;10ක්\;තුළ\;කාරයක්\;නොදැකීම)\\&=&1-0.368\\&=&0.632\end{array}

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.