සංයුක්ත ගණිතයInfinite Thinkingඅවස්ථාවට අනුරූප වේලාවන් මොනවාද?

අවස්ථාවට අනුරූප වේලාවන් මොනවාද?

පෙර පාඩමපුංචි අභියෝගයක්!
මීලග පාඩම

නිවැරදිව වේලාව පෙන්වන ඔරලෝසුවක, මිනිත්තු කටුව හරියටම මිනිත්තු සලකුණකට එක එල්ලේද, පැය කටුව එයට මිනිත්තු දෙකක් ඈතින්ද පිහිටයි. මෙම අවස්ථාවට අනුරූප වේලාවන් මොනවාද?

මෙහිදී පළමුව අවබෝධ කර ගත යුතු වන්නේ පැය කටුව මිනිත්තු සලකුණක් එක එල්ලේ පිහිටන අවස්ථා ඇත්තේ කිහිපයක් පමණක් බවයි.පැයක් තුළදී පැය කටුව මිනිත්තු සලකුණු 5 ක් හරහා ගමන් කරයි.එම නිසා පැය කටුව සෑම මිනිත්තු 12 කට වරක් මිනිත්තු සලකුණක් මත පිහිටයි.එනම් එම පැයේ 0, 12, 24, 36, 48 යන මිනිත්තුවල දීය.

 මීළඟට අපි මෙම එක් එක් අවස්ථාවලදී මිනිත්තු කටුව පිහිටන ස්ථානය බලමු.
00 මිනිත්තුව සලකමු.

කිසියම් පැයක 00 මිනිත්තු වේදී මිනිත්තු කටුව 12 ඉලක්කම මත ඇත. ඊට මිනිත්තු සලකුණු දෙකක් ඈතින් පැය කටුව තිබිය නොහැක .
12 වන මිනිත්තුව සලකමු.

කිසියම් පැයක 12 වන මිනිත්තුවේදී මිනිත්තු කටුව 2 ඉලක්කමට මිනිත්තු සලකුණු දෙකක් ඈතින් පිහිටයි. එම නිසා 02.12 අවස්ථාව සලකා බලමු. නමුත් මෙහිදී පැය කටුව හා මිනිත්තු කටුව අතර පරතරය එක් මිනිත්තු සලකුණක් බව පෙනී  යයි.
24 වන මිනිත්තුව සලකමු.

24 වන මිනිත්තුවේදී මිනිත්තු කටුව 4 ඉලක්කම පසු කර ඇති නිසා 04.24 සලකමු.
එවිට කටු දෙක අතර පරතරය මිනිත්තු සලකුණු 2කි. එම නිසා එම අවස්ථාව ගැළපේ.
36 වන මිනිත්තුව සලකමු.

36වන මිනිත්තුවේදී මිනිත්තු කටුව 7 ඉලක්කම පසු කර ඇති නිසා 07.36 සලකමු. එවිටද කටු දෙක අතර පරතරය මිනිත්තු සලකුණු 2ක් වේ. එම නිසා එම අවස්ථාව ගැළපේ.
48 වන මිනිත්තුව සලකමු.

48 වන මිනිත්තුවේදී මිනිත්තු කටුව 9වන සලකුණ පසුකර ඇති නිසා 09.48 සලකමු.
එවිට කටු දෙක අතර පරතරය මිනිත්තු සලකුණු 1කි.

එබැවින් ගැළපෙන අවස්ථා වනුයේ 04.24 හා 07.36 යන වේලාවන්‍ ය.

පෙර පාඩමපුංචි අභියෝගයක්!
මීලග පාඩම

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet