රසායන විද්‍යාවදවසට පාඩමක්03.05.01 - සෝදිසි ක්‍රමයෙන් රසායනික සමීකරණ තුලනය කිරීම

03.05.01 – සෝදිසි ක්‍රමයෙන් රසායනික සමීකරණ තුලනය කිරීම

ප්‍රතික්‍රියක – ප්‍රතික්‍රියාවක් ආරම්භයෙදී ඊට සහභාගී වන රසායනික ද්‍රව්‍ය

ඵල – රසායනික ප්‍රතික්‍රියාවකදී සෑදෙන ද්‍රව්‍ය

  • රසායනික ප්‍රතික්‍රියාවක් පහත ආකාරයට රසායනික සමීකරණයකින් දැක්විය හැක.

\underset{\text{ප්‍රතික්‍රියක}}{{\mathrm C}_{(\mathrm s)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}}\;\rightarrow\underset{\text{ඵල}}{{\mathrm{CO}}_{2(\mathrm g)}}

  • රසායනික ප්‍රතික්‍රියාවකදී නව පරමාණු ඇති වීම හෝ තිබෙන පරමාණු විනාශ වීම සිදු නොවේ. (ස්කන්ධ සංස්ථිතික වේ,)
  • තුලිත සමීකරණයකදී ප්‍රතික්‍රියක වල ඇති සියලු පරමාණු ඵල වලද අඩංගු විය හැක.
  • එලෙස ප්‍රතික්‍රියක හා ඵල තුලිතව ඇති රසායනික ප්‍රතික්‍රියාවක් “තුලිත රසායනික ප්‍රතික්‍රියාවක්’’ලෙස හැඳින්වේ.

රසායනික ප්‍රතික්‍රියාවක් තුලනය කිරීමේ නීතී

  1. ප්‍රතික්‍රියක පැත්තෙහි පරමාණු සංඛ්‍යා , ඵල පැත්තෙහි ඇති ඒ ඒ පරමාණු සංඛ්‍යා වලට සමාන විය යුතුයි.
  2. දෙන ලද රසායනික සමීකරණයක් තුලනය කිරීම සඳහා කිසි විටෙකත් ප්‍රතික්‍රියකවල හා ඵලවල සූත්‍ර වෙනස් නොකළ යුතුයි.
  3. නව තුලිත සමීකරණයක් ලැබෙන පරිදි , තුලිත රසායනික සමීකරණයක සියලු කොටස් ගුණ කළ හැකිය. බෙදිය හැකිය.
  4. හොදම (පිළිගත්) තුලිත සමීකරණය වන්නේ කුඩාම පූර්ණ සංඛ්‍යා ඇතුළත් වන සමීකරණයයි. මෙම පූර්ණ සංඛ්‍යා වලට තුලිත සමීකරණයේ ‘සංගුණක’ යැයි කියනු ලැබේ. මෙම සංගුණක සංඛ්‍යා තුලිත සමීකරණයේ ස්ටොයිකියෝමිතික අංක ලෙස ප්‍රකාශ වේ.

සෝදිසි ක්‍රමයෙන් රසායනික ප්‍රතික්‍රියාවක් තුලනය කිරීම

පියවර 1 :

ප්‍රතික්‍රියක, ඵල හා ඒවයේ භෞතික තත්ව හදුනා ගන්න. උචිත සූත්‍ර හා තුලනය නොවූ සමීකරණය ලියන්න.

පියවර 2 :

අවම ස්ථාන සංඛ්‍යාවක දිස්වන මූලද්‍රව්‍යය වලින් ආරම්භ කරමින් , සෝදිසි ක්‍රමයට සමීකරණය තුලනය කරන්න. ප්‍රතික්‍රියක පැත්තේ හා ඵල පැත්තේ පරමාණු තුලනය කිරීමට අවශ්‍ය සංගුණක නිර්ණය කරනු පිණිස මෙය ඒ ඒ මූලද්‍රව්‍ය විෂයෙහි අඛණ්ඩව සිදු කරන්න.

පියවර 3 :

ර්‍ර්තලය දෙපැත්තේ ඇති පරමාණු /අයන තුලනය වන පරිදි සංගුණක යොදන්න. යොදන ලද සංගුණක සමීකරණය තුලනය කිරීම සඳහා අවශ්‍ය කුඩාතම පූර්ණ සංඛ්‍යා දැයි පරීක්ෂා කරන්න.

  • සරල රසායනික ප්‍රතික්‍රියාවක් තුලනය කිරීමට සොදිසි ක්‍රමය භාවිතා කරයි. පහත උදාහරණ මගින් සොදිසි ක්‍රමය භාවිතයෙන් සමීකරණයක් තුලනය කරන ආකාරය අවබෝධ කර ගත හැක.

නිදසුන් :

  1. සල්ෆියුරික් අම්ලය හා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH(aq)) ප්‍රතික්‍රියා කර පොටෑසියම් සල්ෆේට් සහ ජලය සෑදේ.

පියවර 1 :

\begin{array}{l}\text{ ප්‍රතික්‍රියක}\;-\;{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;\mathrm{හා}\;{\mathrm{KOH}}_{(\mathrm{aq})}\\\text{ ඵල}\;-\;{\mathrm K}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;\mathrm{හා}\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\\\begin{array}{rcl}\text{අසමතුලිත සමීකරණය }-\;{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+\;{\mathrm{KOH}}_{(\mathrm{aq})}\;&\rightarrow&{\mathrm K}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}\end{array}

පියවර 2 :

ඵල පැත්තේ ඇති K පරමාණු සංඛ්‍යාව යොදා ගනිමින් රසායනික සමීකරණය තුලනය කිරීම.

ඵල පැත්තේ ඇති මුළු පොටෑසියම් පරමාණු ගණන 2ක් බැවින් ප්‍රතික්‍රියක පැත්තේද K පරමාණු 2ක් තිබිය යුතුයි.

\begin{array}{rcl}{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+2\;{\mathrm{KOH}}_{(\mathrm{aq})}\;&\rightarrow&{\mathrm K}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

පියවර 3 :

ඊතලය දෙපස අනෙක් පරමාණුද තුලනය කළ විට ලැබෙන සමීකරණය

\begin{array}{rcl}{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+2\;{\mathrm{KOH}}_{(\mathrm{aq})}\;&\rightarrow&{\mathrm K}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

නිදසුන් :

2. නයිට්‍රජන් හා හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කර ඇමෝනියා සෑදීම.

පියවර 1 :

\begin{array}{l}\text{ ප්‍රතික්‍රියක}\;-\text{ නයිට්‍රජන්  }({\mathrm N}_{2(\mathrm g)})\;\text{හා හයිඩ්‍රජන }({\mathrm H}_{2(\mathrm g)})\\\text{ ඵල}\;-\;{\mathrm{NH}}_{3(\mathrm g)}\\\begin{array}{rcl}\text{අසමතුලිත රසායනික සමීකරණය}\;-\;{\mathrm N}_2\;+\;{\mathrm H}_2\;&\rightarrow&\;{\mathrm{NH}}_3\end{array}\end{array}

පියවර 2.

ඵල පැත්තේ ඇති නයිට්‍රජන් පරමාණු සංඛ්‍යාව භාවිතා කරමින් රසායනික සමීකරණය තුලනය කිරීම.(ඵල පැත්තේ නයිට්‍රජන් පරමාණු 2ක් ඇත. ) ඒ අනුව රසායනික සමීකරණය මෙසේ වෙයි.

\begin{array}{rcl}{\mathrm N}_2\;+\;{\mathrm H}_2\;&\rightarrow&\;{\mathrm{NH}}_{3\;}\end{array}

පියවර 3

සංගුණක භාවිතයට ගනිමින් ඊතලය දෙපස ඇති පරමාණු අයන තුලනය කිරීම.

\begin{array}{rcl}{\mathrm N}_{2(\mathrm g)}\;+\;3{\mathrm H}_{2(\mathrm g)}\;&\rightarrow&\;2{\mathrm{NH}}_{3\;(\mathrm g)}\end{array}

නිදසුන් :

3. එතේන් වැඩිපුර O2 සමග දහනයෙන් H2O හා CO2(g) සෑදීම.

පියවර 1

\begin{array}{l}\text{ ප්‍රතික්‍රියක}\;-\;{\mathrm C}_2{\mathrm H}_6\;,\;{\mathrm O}_2\;\;\\\text{ ඵල}\;-\;{\mathrm{CO}}_2\;,\;{\mathrm H}_2\mathrm O\\\begin{array}{rcl}\text{අසමතුලිත ප්‍රතික්‍රියාව}\;-\;{\mathrm C}_2{\mathrm H}_6\;+\;{\mathrm O}_2&\rightarrow&\;{\mathrm H}_2\mathrm O+{\mathrm{CO}}_2\end{array}\end{array}

පියවර 2

ප්‍රතික්‍රියක පැත්තේ ඇති C හා H පරමාණු සංඛ්‍යා භාවිතයෙන් සමීකරණය තුලනය කිරීම.ප්‍රතික්‍රියක පැත්තේ C පරමාණු 2ක් ඇති නිසා ඵල පැත්තේ C පරමාණු ගණනද 2ක් විය යුතුය. එම නිසා CO2 ඉදිරියේ ඇති සංගුණකය 2ක් වේ. ප්‍රතික්‍රියක පැත්තේ H පරමාණු 6 ක් ඇති නිසා H2O ඉදිරියේ සංගුණකය 3 විය යුතුය.

\begin{array}{rcl}{\mathrm C}_2{\mathrm H}_6\;+\;{\mathrm O}_2&\rightarrow&3\;{\mathrm H}_2\mathrm O+2{\mathrm{CO}}_2\end{array}

පියවර 3

සංගුණක භාවිතයෙන් ඊතලය දෙපස ඇති පරමාණු /අයන සංඛ්‍යා තුලනය කිරීම. ඵල පැත්තේ O පරමාණු 7 ක් ඇති නිසා ප්‍රතික්‍රියක පැත්තේ O2 ඉදිරියෙන් සංගුණකය\begin{array}{rcl}&&\frac72\end{array} විය යුතුය.

\begin{array}{rcl}{\mathrm C}_2{\mathrm H}_{6(\mathrm g)}\;+\;\frac72{\mathrm O}_{2(\mathrm g)}&\rightarrow&3\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+2{\mathrm{CO}}_{2(\mathrm g)}\end{array}

හොදම තුලිත සමීකරණය පූර්ණ සංඛ්‍යාවලින් සමන්විත යුතු බැවින් ඉහත සමීකරණයේ ප්‍රතික්‍රියක හා ඵල වල සියලුම සංගුණක 2න් ගුණ කරයි. අවස්ථා සංකේතද ඇතුළත් කළ තුලිත රසායනික සමීකරණය පහත දැක්වේ.

\begin{array}{rcl}2{\mathrm C}_2{\mathrm H}_{6(\mathrm g)}\;+\;7{\mathrm O}_{2(\mathrm g)}&\rightarrow&6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+4{\mathrm{CO}}_{2(\mathrm g)}\end{array}

තුලිත සමීකරණ වලින් ලබා ගත හැකි තොරතුරු

  1. ප්‍රතික්‍රියාවකදී එකිනෙක සමග ප්‍රතික්‍රියාකරන ප්‍රතික්‍රියක මවුල ප්‍රමාණය.
  2. සෑදෙන ඵල මවුල ප්‍රමාණය
  3. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකට සහභාගී වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා ( ඉදිරි කොටස් වලදී රෙඩොක්ස් ප්‍රතික්‍රියා සාකච්ඡා කරනු ලබයි. )

ස්ටොයිකියෝමිතිය

  • තුලිත රසායනික සමීකරණයකින් දැක්වෙන ප්‍රතික්‍රියක අතර හෝ ඵල අතර හෝ ප්‍රතික්‍රියක, ඵල අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක මවුල අනුපාතය ස්ටොයිකියෝමිතිය ලෙස හදුන්වයි.
  • ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යා හා සෑදෙන ඵල මවුල සංඛ්‍යා ඒවා වල ස්ටොයිකියෝමිතික සංගුණක වලට අනුලෝමව සමානුපාතික වේ.

උදාහරණ :

  1. \begin{array}{rcl}3\mathrm{Ba}(\mathrm{OH})_{2(\mathrm{aq})}\;+\;2{\mathrm H}_3{\mathrm{PO}}_{4(\mathrm{aq})}\;&\rightarrow&{\mathrm{Ba}}_3({\mathrm{PO}}_4)_{2(\mathrm{aq})}\;+\;6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\end{array}

මෙම සමීකරණයට අනුව,

Ba(OH)2 හා H3PO4 අතර ස්ටොයිකියෝමිතිය = 3 : 2

Ba3(PO4)2 හා H2O අතර ස්ටොයිකියෝමිතිය = 1 : 6

Ba(OH)2 හා Ba3(PO4)2 අතර ස්ටොයිකියෝමිතිය = 3 : 1

Ba(OH)2 හා H2O අතර ස්ටොයිකියෝමිතිය = 1 : 2

H3PO4 හා Ba3(PO4)2 අතර ස්ටොයිකියෝමිතිය = 2 : 1

H3PO4 හා H2O අතර ස්ටොයිකියෝමිතිය = 1 : 3

 

2. Ba(OH)2 ද්‍රාවණ 25 cm3 සම්පූර්ණයෙන්ම උදාසීන කිරීම සඳහා 0.1 mol dm-3 HNO3 ද්‍රාවණයකින් 30 cm3 ක් වැයවේ. ආරම්භක භෂ්ම ද්‍රාවණයේ Ba(OH )2 සාන්ද්‍රණය ගණනය කරන්න

\begin{array}{rcl}\mathrm{Ba}(\mathrm{OH})_2\;+\;2{\mathrm{HNO}}_{3{(\mathrm{aq})}}\;&\rightarrow&\mathrm{Ba}({\mathrm{NO}}_3)_{2(\mathrm{aq})}\;+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\end{array}

ස්ටොයිකියෝමිතියෙන් 1 : 2

 
 
 
 
 
 
 
 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom