රසායන විද්‍යාවදවසට පාඩමක්03.02.00 - අකාබනික සංයෝග වල නාමකරණය

03.02.00 – අකාබනික සංයෝග වල නාමකරණය

  • විධිමත් ආකාරයට සංයෝග නම් කිරීමේ දී නාමකරණය සඳහා වූ IUPAC (ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සංගමය) නිර්දේශ අනුගමනය ‍කෙරේ.
  • නාමකරණය ආධාරයෙන් රසායනික සංයෝග වෙන් වෙන් ද්‍රව්‍ය ලෙස පහසුවෙන් හඳුනාගත හැක.
  • IUPAC නාම වලට අතිරේකව ඇතැම් සංයෝග සඳහා සුළු නාමය ද තවමත් බොහෝ විට භාවිතයට ගැනේ.

ඒක පරමාණුක අයන වලින් ව්‍යුත්පන්න අයනික සංයෝග වල නාම

  • ඒක පරමාණුක කැටායන සඳහා වෙනස් නොකරන ලද නාමය ලියනු ලබයි.

කැටායනය

නම

H+

hydrogen

Li+

lithium

Na+

sodium

K+

potassium

Rb+

rubidium

Cs+

cesium

Mg2+

magnesium

Ca2+

calcium

Sr2+

strontium

Ba2+

barium

Al3+

aluminium

Sb3+

antimony

Bi3+

bismuth

Sc3+

scandium

Zn2+

zinc

Ag+

silver

Cd2+

cadmium

  • ඒක පරමාණුක ඇනායන සඳහා -ide ප්‍රත්‍යය එක් කිරීමෙන් නවීකරණය කරන ලද නාමය ලියනු ලබයි.

ඇනායනය

නම

H

hydride

N3-

nitride

P3-

phosphide

O2-

oxide

S2-

sulfide (sulphide)

F

fluoride

Cl

chloride

Br

bromide

I

iodide

  • එක් වර්ගයක කැටායන පමණක් සාදන්නා වූ මූලද්‍රව්‍යයක් සහිත අයනික සංයෝග වල නාම ලිවීම සඳහා නීති
  1. සැමවිටම කැටායනයේ නාමය පළමුවෙන් සඳහන් කළ යුතුය.
  2. කැටායනයේ නාමය වන්නේ එම මූලද්‍රව්‍යයේ නාමයයි.
  3. ඇනායනයේ නාමය වන්නේ -ide ප්‍රත්‍යය එක් කරන ලද අදාළ මූලද්‍රව්‍යයේ නමෙන් කොටසකි.
  4. කැටායන නාමය හා ඇනායන නාමය අතර පරතරයක් තැබිය යුතුයි.

උදාහරණ∶-

NaCl – sodium chloride

MgO – magnesium oxide

Na2O – sodium oxide

MgS – magnesium sulfide

CsBr – cesium bromide

එක් වර්ගයකට වැඩි කැටායන සාදන මූලද්‍රව්‍ය වලින් ව්‍යුත්පන්න අයනික සංයෝග වල නාම

  • විචල්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන ලෝහ, කැටායන වර්ග එකකට වඩා වැඩි ගණනක් සාදයි.
  • සුළු නාම වලදී,
    • ඉහළ ආරෝපණයක් (ඉහළ ඔක්සිකරණ අවස්ථාවක්) ඇති කැටායන සඳහා – ඉක් ප්‍රත්‍යය ද
    • පහළ ආරෝපණයක් (පහළ ඔක්සිකරණ අවස්ථාවක්) ඇති කැටායන සඳහා – අස් ප්‍රත්‍යය ද යෙදේ.
  • ක්‍රමානුකූල (IUPAC) නාමකරණයේ දී,
    •  ලෝහ අයනයේ ඔක්සිකරණ අවස්ථාවට අනුව ලෝහයේ ආරෝපණය, ලෝහයේ නාමයට පසුව වරහන් තුළ රෝම ඉලක්කමෙන් දක්වනු ලැබේ.

කැටායනය

සුළු නාමය

ක්‍රමානුකූල නාමය (IUPAC) නාමය

Fe2+

ෆෙරස්

iron(II)

Fe3+

ෆෙරික්

iron(III)

Cu+

කියුප්‍රස්

copper(I)

Cu2+

කියුප්‍රික්

copper(II)

Co2+

කොබොල්ටස්

cobalt(II)

Co3+

කොබොල්ටික්

cobalt(III)

Sn2+

ස්ටැනස්

tin(II)

Sn4+

ස්ටැනික්

tin(IV)

Pb2+

ප්ලම්බස්

lead(II)

Pb4+

ප්ලම්බික්

lead(IV)

 

ම’කියුරස්

mercury(I)

Hg2+

ම’කියුරික්

mercury(II)

  • විචල්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන මූලද්‍රව්‍ය වලින් සැදි අයනික සංයෝග වල IUPAC නම ලිවීම සඳහා නීති
  1. සැමවිටම කැටායන නාමය මුලින් ලිවිය යුතුයි.
  2. කැටායන නාමය ලෙස යොදනු ලබන්නේ මූලද්‍රව්‍ය නාමයයි. කැටායන නාමයට පසු කැටායනයේ ඔක්සිකරණ අවස්ථාව (ආරෝපණය) කැපිටල් රෝම ඉලක්කමෙන් වරහන් තුළ දක්වයි.
  3. ඇනායන නාමය වන්නේ -ide ප්‍රත්‍යය අගට එකතු කරන ලද මූලද්‍රව්‍යයේ නාමයේ කොටසකි.
  4. කැටායන නාමය හා ඇනායන නාමය අතර පරතරයක් තැබිය යුතුයි.

උදාහරණ;

සංයෝගය

සුළු නාමය

IUPAC නාමය

FeS

ෆෙරස් සල්ෆයිඩ්

iron(II) sulfide**

Fe2S3

ෆෙරික් සල්ෆයිඩ්

iron(III) sulfide

CoCl2

කොබොල්ටස් ක්ලෝරයිඩ්

cobalt(II) chloride

PbS

ප්ලම්බස් සල්ෆයිඩ්

lead(II) sulfide

CuCl

කියුප්‍රස් ක්ලෝරයිඩ්

copper(I) chloride

CuCl2

කියුප්‍රික් ක්ලෝරයිඩ්

copper(II) chloride

 

**වැදගත්,

sulfide හා sulphide යන දෙකම නිවැරදී සහ පිළිගැනේ. කෙසේ වුවද නාමකරණයේ දී sulfide පමණක් පිළිගැනේ.

සරල සහසංයුජ සංයෝගවල නාම

  • සරල සහසංයුජ සංයෝග නාමකරණයේ දී ධන ඔක්සිකරණ අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යයේ නම පළමුවෙන් ද ඍණ ඔක්සිකරණ අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යය පසුව ද ලිවිය යුතු ය.
  • සරල සහසංයුජ සංයෝග වල නාම ලිවීම සඳහා නීති.
  1. නාමයේ පළමු කොටසින් විද්‍යුත් ඍණතාවය අඩු මූලද්‍රව්‍යය නියෝජනය වන අතර නාමයේ දෙවන කොටසින් විද්‍යුත් ඍණතාවය වැඩි මූලද්‍රව්‍යය දැක්වේ.
  2. නාමයේ පළමු කොටස හා දෙවන කොටස අතර පරතරයක් තබනු ලැබේ.
  3. ඉහළම විද්‍යුත් ඍණතාවයෙන් යුත් මූලද්‍රව්‍යය නාමයට -ide ප්‍රත්‍යය එකතු කෙරේ.
  4. සංයෝගයක ඇති එකම වර්ගයට අයත් පරමාණු සංඛ්‍යාව දැක්වීම පිණිස උපසර්ග භාවිතා කෙරේ. ඒ ඒ පරමාණු සංඛ්‍යාවට අදාළව පහත උපසර්ග යොදා ගනී.

1 – mono  5 – penta

2 – di        6 – hexa

3 – tri       7 – hepta

4 – tetra   8 – octa

සටහන – කෙසේ වුව ද පළමු කොටසට අයත් මූලද්‍රව්‍ය සඳහා ‘mono’ උපසර්ගය භාවිතා නොකෙරේ.

5. ඉංග්‍රීසි උපසර්ගය ‘a’ හෝ ‘o’ අකුරින් අවසන් වන විට හා දෙවන මූලද්‍රව්‍ය නාමය ‘a’ හෝ ‘o’ අකුරෙන් ආරම්භ වන අවස්ථාවල දි උච්චාරණ පහසුව සඳහා උපසර්ගයේ අවසානයට ඇති ස්වරය ලොප් කරයි.

උදාහරණ :-

mono + oxide = monoxide

penta + oxide = pentoxide

tetra + oxide = tetroxide

උදාහරණ ∶-

CO = carbon monoxide

CO2 = carbon dioxid

SO2 = sulfur dioxide

SO3 = sulfur trioxide

NO2 = nitrogen dioxide

N2O3 = dinitrogen trioxide

N2O5 = dinitrogen pentoxide

P4O6 = tetraphosphorus hexoxide

H2O = dihydrogen monoxide

OF2 = oxygen difluoride

බහු පරමාණුක අයන නාමකරණය

  • බහු පරමාණුක කැටායන වලට වඩා බහු පරමාණුක ඇනායන සුලභය.
  • බහු පරමාණුක අයන නම් කිරීම සඳහා නීති
      • බහු පරමාණුක කැටායන -ium ප්‍රත්‍යයෙන් කෙළවර වේ.
      • බහු පරමාණුක ඇනායන -ide , -ite , සහ -ate යන ප්‍රත්‍යයෙන් කෙළවර වේ.

අයනය

නාමය

අයනය

නාමය

NH4+

ammonium

ClO3

chlorate

H3O+

hydronium

MnO42

manganate

CN‾

cyanide

MnO4

permanganate

HS‾

hydrogen sulfide

CrO42

chromate

O₂2

peroxide

Cr2O72

dichromate

O₂‾

superoxide

C2O42

oxalate

SO₃2

sulfite

CO32

carbonate

NO2

nitrite

HCO32

hydrogen carbonate

ClO2

chlorite

S2O32

thiosulfate

HSO3

hydrogen sulfite

S4O62

tetrathionate

SO42

sulfate

PO43

phosphate

HSO4

hydrogen sulfate

HPO42

hydrogen phosphate

AlO2

aluminate

H2PO4

dihydrogen phosphate

ZnO22

zincate

OH‾

hydroxide

NO3

nitrate

   

සටහන∶-

SCN‾ යනු ඔක්සො ඇනයනයක් නොවේ. නමුත් එහි නම ද ‘-ate’ ප්‍රත්‍යයෙන් අවසන් වේ.

SCN‾ = thiocyanate

  • බහු පරමාණුක අයන සහිත සංයෝග නම් කිරීම.
  • KCIO3 සලකමු

කැටායන කොටසේ නාමය = potassium

ඇනායන කොටසේ නාමය = chlorate

සංයෝගයේ නාමය = potassium chlorate

  • (NH4)2Cr2O7 සලකමු

කැටායන කොටසේ නාමය = ammonium

ඇනායන කොටසේ නාමය = dichromate

සංයෝගයේ නාමය = ammonium dichromate

උදාහරණ ∶-

K2Cr2O7 = potassium dichromate

Na2CrO4 = sodium chromate

KH2PO4 = potassium dihydrogen phosphate

NaHCO3 = potassium hydrogen carbonate

KMnO4 = potassium permanganate

FeSO4 = iron(II) sulfate

FeC2O4 = iron(II) oxalate

Na2SO3 = sodium sulfite

LiNO3 = lithium nitrate

NH4CL = ammonium chloride

අකාබනික අම්ල නාමකරණය

  • ජලීය මාධ්‍යයේ අයනීකරණය වන ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත්තා වූත්, ඔක්සිජන් රහිත ඇනායනයකින් යුක්ත වූත්, සංයෝග නම් කිරීමේ දී, -hydro උපසර්ගය භාවිතා වේ.
  • ඉන්පසු -ic ප්‍රත්‍යය යෙදීමෙන් විකරණය කරන ලද අනෙක් අලෝහ කාණ්ඩයේ නාමය ලියනු ලැබේ.
  • සම්පූර්ණ නාමය ලිවීමේ දී අගට acid යන පදය එකතු කෙරේ.

උදාහරණ∶-

HCl – hydrochloric acid

HBr – hydrobromic acid

HI – hydroiodic acid

HCN – hydrocyanic acid

H2S – hydrosulfuric acid

ඔක්සො අම්ල

  • ජලීය ද්‍රාවණයේ අයනීකරණය වන ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇති හා ඔක්සිජන් සහිත ඇනායනයකින් යුත් සංයෝග වලට ඔක්සො අම්ල යැයි කියනු ලැබේ.
  • ඇනායන සමඟ -ate ප්‍රත්‍යයෙන් කෙළවර වන විට අම්ලය සඳහා වන ප්‍රත්‍යය -ic වේ.

උදාහරණ ∶- H2SO4 ,

මෙහි ඇනායනය = SO42- = sulfate

නාමය = sulfuric acid

  • ඇනායන නාමය -ite ප්‍රත්‍යයෙන් කෙළවර වන විට අම්ලය සඳහා වන ප්‍රත්‍යය -ous වේ.

උදාහරණ ∶- H2SO3

මෙහි ඇනායනය = SO32- = sulfite

නාමය = sulfurous acid

එකම මධ්‍ය පරමාණුවෙන් යුත් විවිධ ඔක්සො ඇනායනය නම් කිරීම.

  • ඔක්සො ඇනායනයක් හෙවත් ඔක්සි ඇනායනයක් යනු AxOyz- යන සූත්‍රයෙන් යුත් අයනයකි. මෙහි A වලින් යම් මූලද්‍රව්‍යයක් ද O වලින් ඔක්සිජන් පරමාණුවක් ද නිරූපණය වේ.
  • විවිධ ඔක්සිජන් පරමාණු සංඛ්‍යා අඩංගු ඔක්සො ඇනායන ශ්‍රේණියක් සාමාන්‍යයෙන් පහත පරිදි නම් කෙරේ.
  • ඉහළ ඔක්සිජන් පරමාණු සංඛ්‍යාවක් අඩංගු ඇනායන සඳහා per- උපසර්ගය ද
  • පහළ ඔක්සිජන් පරමාණු සංඛ්‍යාවක් අඩංගු ඇනායන සඳහා hypo- උපසර්ගය ද භාවිත වේ.

උදාහරණ ∶-

ඇනායනය

Cl හි ඔක්සිකරණ අංකය

නාමය

ClO‾

+1

hypochlorite

ClO2

+3

chlorite

ClO3

+5

chlorate

ClO4

+7

perchlorate

මේ ඔක්සො ඇනායනයන, ඔක්සො අම්ල හා ලවණ ලෙස පවතී.

Cl හි ඔක්සිකරණ අවස්ථාව

අම්ලයේ සූත්‍රය

අම්ලයේ නාමය

ලවණයේ සූත්‍රය

ලවණයේ නාමය

+1

HClO

hypochlorus acid

NaClO

sodium hypochlorite

+3

HClO2

Chlorus acid

NaClO2

sodium chlorite

+5

HClO3

Chloric acid

NaClO3

sodium chlorate

+7

HClO4

Perchloric acid

NaClO4

sodium perchlorate

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom