දවසට පාඩමක්32 දවස12.03.04-ප්‍රභල අම්ල හා ප්‍රභල භෂ්ම

12.03.04-ප්‍රභල අම්ල හා ප්‍රභල භෂ්ම

ප්‍රභල අම්ල

  • ජලීය ද්‍රාවණයක දී සම්පූර්ණයෙන් විඝටනයෙන්  H+ අයන නිදහස් කරන්නා වු ස්වරූපයේ රසායනික ප්‍රභේද ප්‍රභල අම්ල ලෙස හැඳින්වේ.

උදා:   HCl(aq) → H+(aq) + Cl(aq)

 H2SO4(aq)→ 2H+(aq) + SO42-(aq)

  • ඒ අනුව ප්‍රභල අම්ලයක ජලීය ද්‍රාවණයක්  තුළ එම අම්ලය විඝටනයෙන් ජනිතවන අයන පමණක් පවතින අතර විඝටනය නොවූ අම්ල අණු පවති යැයි අපේක්ෂා කළ නොහැක.
  • තවද ප්‍රභල අම්ලයක ජලීය ද්‍රාවණයක් තුළ අම්ලයේ විඝටනය හේතුවෙන් ජනිතවන [H+(aq)] විඝටන සමීකරණයෙහි ස්ටොයිකියෝමිතික සංගුණකය ඇසුරෙන් ඍජුවම ගණනය කළ හැක.
  • මෙම කොටසේදි අප විසින් අධ්‍යයනය කරනුයේ ප්‍රභල අම්ලයක් අන්තර්ගත ජලීය ද්‍රාවණයක pH අගය ගණනය කිරීම සඳහා එම ද්‍රාවණයේ සමස්ථ [H+(aq)] සෙවීම පිණිස අනුගමනය කරනු ලබන රසායනික සිද්ධාන්තයයි.
  • අම්ලයේ විඝටනයෙන් ජනිත වන [H+(aq)] ජලයේ විඝටනයෙන් ජනිතවන [H+(aq)] මෙන් 10 ගුණයකට වඩා වැඩි අවස්ථාවේදි ජලයේ විඝටනය නොසලකා හැර අම්ලයේ විඝටනයෙන් ලැබෙන [H+(aq)] සමස්ථ [H+(aq)] ලෙස සලකා ඊට අදාළව pH  ගණනය කෙරේ.
  • අම්ලයේ විඝටනයෙන් ජනිතවන [H+(aq)] ,ජලයේ විඝටනයෙන් ජනිතවන [H+(aq)] න් 1/10 කට වඩා අඩුනම් අම්ලයේ විඝටනය නොසලකා හැර ජලයේ විඝටනයට අදාළව ලැබෙන [H+(aq)] සමස්ථ [H+(aq)] ලෙස සලකා ඊට අදාළව pH අගය ගණනය කෙරේ.
  • අම්ලයේ විඝටනයෙන් ජනිතවන [H+(aq)] ඉහත පරාසයන්හි අතරමැදි පරාසයේ ඇතිවිට අම්ලයේ හා ජලයේ විඝටනයෙන් ලැබෙන [H+(aq)] වල මුළු එකතුව සමස්ත [H+(aq)] ලෙස සලකා ඊට අදාළව pH අගය ගණනය කෙරේ.

ප්‍රභල භෂ්ම

  • ජලීය ද්‍රාවණයක දී සම්පූර්ණයෙන් විඝටනයෙන් OH¯අයන නිදහස් කරන්නවු ස්වරූපයේ රසායනික ප්‍රභේද ප්‍රභල භෂ්ම  ලෙස හැඳින්වේ.

උදා:   NaOH(aq)    →   Na+(aq) + OH¯(aq)

         Ba(OH)2(aq)     →    Ba2+(aq) + 2OH¯(aq)

  • ඒ අනුව ප්‍රභල භෂ්මයක ජලීය ද්‍රාවණයක්  තුළ එම භෂ්මය විඝටනයෙන් ජනිතවන අයන පමණක් පවතින අතර විඝටනය නොවූ භෂ්ම අණු පවති යැයි අපේක්ෂා කළ නොහැක.
  • තවද ප්‍රභල භෂ්මයක  ජලීය ද්‍රාවණයක් තුළ භෂ්මයේ විඝටනය හේතුවෙන් ජනිතවන [OH¯(aq)] විඝටන සමීකරණයෙහි ස්ටොයිකියෝමිතික සංගුණකය ඇසුරෙන් ඍජුවම ගණනය කළ හැක.
  • මෙම කොටසේදි අප විසින් අධ්‍යයනය කරනුයේ ප්‍රභල භෂ්මයක් අන්තර්ගත ජලීය ද්‍රාවණයක pOH අගය ගණනය කිරීම සඳහා එම ද්‍රාවණයේ සමස්ථ[OH¯(aq)]  සෙවීම පිණිස අනුගමනය කරනු ලබන රසායනික සිද්ධාන්තයයි.
  • භෂ්මය  විඝටනයෙන් ජනිත වන [OH¯(aq)] ජලයේ විඝටනයෙන් ජනිතවන [OH¯(aq)] මෙන් 10 ගුණයකට වඩා වැඩි අවස්ථාවේදි ජලයේ විඝටනය නොසලකා හැර භෂ්මය විඝටනයෙන් ලැබෙන [OH¯(aq)] සමස්ථ [OH¯(aq)] ලෙස සලකා ඊට අදාළව pOH ගණනය කෙරේ.
  • භෂ්මයේ විඝටනයෙන් ජනිතවන [OH¯(aq)] ,ජලයේ විඝටනයෙන් ජනිතවන [OH¯(aq)] න් 1/10 කට වඩා අඩුනම් භෂ්මයේ විඝටනය නොසලකා හැර ජලයේ විඝටනයට අදාළව ලැබෙන [OH¯(aq)] සමස්ථ [OH¯(aq)] ලෙස සලකා ඊට අදාළව pOH අගය ගණනය කෙරේ .
  • භෂ්මයේ විඝටනයෙන් ජනිතවන [OH¯(aq)] ඉහත පරාසයන්හි අතරමැදි පරාසයේ ඇතිවිට භෂ්මයේ හා ජලයේ විඝටනයෙන් ලැබෙන [OH¯(aq)] වල මුළු එකතුව සමස්ත [OH¯(aq)] ලෙස සලකා ඊට අදාළව pOH අගය ගණනය කෙරේ.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet