No menu items!
ජීව විද්‍යාව03. ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය3.2.3- ප්‍රොටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය.

3.2.3- ප්‍රොටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය.

 

පාඩමේ සටහන Download කරගන්න.

1. ප්‍රොටිස්ටා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද?

  • බහුතරයක් ඒක සෛලිකය. ගණාවාසි හෝ බහු සෛලික විශේෂ ද දක්නට ලැබේ.
  • බහුවංශිකය. (එක් පූර්වජයෙකුට වඩා වැඩි ගණනකින් සම්භවය ලබා අත.)
  • කෘතීම වර්ගීකරණ කණ්ඩායමකි.
  • මිරිදිය, කරදිය, තෙත් පසේ වාසය කරයි. සමහරු සහජීවී ආකාර වේ.
  • ඒක සෛලික, ගණාවාසි හා බහු සෛලික වෙති.
  • සමහරු ප්‍රභා ස්වයංපෝෂී, සමහරු විෂමපෝෂී ද සමහරු මිශ්‍ර පෝෂී ද වෙති.
  • මිශ්‍ර පෝෂීන් ප්‍රභා ස්වයංපෝෂී හා ප්‍රභා විෂමපෝෂී පෝෂණ ක්‍රම දෙකම පෙන්නුම් කරයි.

 

2. Euglena, Paramecium, සහ Amoeba යන ජීවීන්ගේ වාසස්ථාන, සෛල ආකාර, සංචරණ ව්‍යුහ, පෝෂණ ආකාරය සහ සුවිශේෂි ලක්ෂණ පැහැදිලි කරන්න.

ලක්ෂණ

Euglena

Paramecium

Ameoba

වාසස්ථාන

  • කරදිය
  • මිරිදිය
  • මිරිදිය
  • ජලජ(මිරිදිය හා කරදිය)
  • නිදැලිවාසී

සෛල ආකාරය

  • ඒක සෛලික

සෛල බිත්තියක් නැත.

  • ඒක සෛලික

සෛල බිත්තියක් නැත.

  • ඒක සෛලික

සෛල බිත්තියක් නැත.

සංචරණ ව්‍යුහ

  • කශිකා එකක් හෝ දෙකක් ඇත
  • සෛල මතුපිට පූර්ණ වශයෙන්ම පක්ෂ්ම වලින් වැසී ඇත.
  • ව්‍යජපාද සාදයි.

පෝෂණ ආකාර

  • ප්‍රභා ස්වයංපෝෂී
  • සත්ත්ව සදෘශ්‍ය පෝෂණය
  • පරපෝෂී
  • සත්ත්ව සදෘශ්‍ය පෝෂණය

සුවිශේෂි ලක්ෂණ

  • අක්ෂි ලප ඇත.
  • සංකෝචක රික්තක ඇත.
  • ඡවිකාවක් ඇත.
  • දෙආකාරයක න්‍යෂ්ටි ඇත.
  1. ක්ෂුද්‍ර න්‍යෂ්ටිය
  2. මහා න්‍යෂ්ටිය
  • සංකොචක හා අහාර රික්තක ඇත.
  • මෞඛ ඇලියක් තිබේ.
  • අහාර හා සංකෝචක රික්තක තිබේ.

රූපය

 

3. Ulva, Gelidium, Sargassum, Diatoms හි වාසස්ථාන, සෛල අකාරය, සෛල බිත්ති ද්‍රව්‍ය, සංචිත අහාර හා බහිර පෙනුම පැහැදිලි කරන්න.

ලක්ෂණ

Ulva

Gelidium

Sargassum

Diatoms

වාසස්ථාන

  • කරදිය
  • කරදිය
  • කරදිය
  • මිරිදිය
  • කරදිය

සෛල ආකාරය

  • බහු සෛලික
  • බහු සෛලික
  • බහු සෛලික
  • ඒක සෛලික

සෛල බිත්ති ද්‍රව්‍ය

  • සෙලියුලෝස්
  • පෙක්ටීන්
  • සෙලියුලෝස්
  • ඒගාර්
  • සෙලියුලෝස්
  • ඇල්ජිනික් අම්ලය
  • සෙලියුලෝස්
  • පෙක්ටීන්
  • සිලිකා

වර්ණක

  • Ch- a
  • Ch- b
  • කැරොටීන්
  • සැන්තොෆීල්
  • Ch-a
  • Ch-d
  • කැරොටීන්
  • ෆයිකොඑරීතීන්
  • ෆයිකොසයනීන්
  • Ch-a
  • Ch-c
  • කැරොටීන්
  • ෆියුකොසැන්තීන්
  • Ch-a
  • Ch-c
  • කැරොටීන්
  • ෆියුකොසැන්තීන්

සංචිත ආහාර

  • පිෂ්ඨය
  • ප්ලොරිඩීයා පිෂ්ඨය
  • ලැමිනාරීන්
  • මැනිටෝල්
  • ක්‍රිසොලැමිනාරීන්

බාහිර පෙනුම

  • තලසාකා‍රයි
  • කොළ පැහැතියි
  • තලසාකාරයි
  • කොළ පැහැයට හුරු රතු වර්ණය ගනී
  • තලසාකාරයි
  • ඔලිව් කොළ පාටින් හෝ දුඹුරු පාටින් යුක්තයි
  • කවචයක් වැනිය.
  • රන්වන් දුඹුරු පැහැතියි

රූපය

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.