ජීව විද්‍යාව03. ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය3.2.2 - බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

3.2.2 – බැක්ටීරියා අධිරාජධානියේ ජීවීන්ගේ විවිධත්වය ගවේෂණය කරයි.

බැක්ටීරියා අධිරාජධානිය

බැක්ටීරියාවන්,

    • ප්‍රාග් න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරයි.
    • ප්‍රතිජීවක සඳහා සංවේදී වේ. (ප්‍රතිජීවක හමුවේ වර්ධනය නිශේධනය වේ)
    • 100 0 C ට වඩා වැඩි උෂ්ණත්ව වලදී වර්ධනය නිශේධනය වේ.

2. බැක්ටීරියා අධිජාරධානියේ ව්‍යුහීය ලක්ෂණ මොනවාද?

  • ඒකසෛලිකය.
  • ගණාවාසීය.
  • සූත්‍රිකාමයය.
  • බහුතරය මයික්‍රොමීටර් 0.5 සිට මයික්‍රොමීටර් 5 තරමින් යුතුවේ.
  • බොහෝ අයගේ සෛල බිත්තිවල පෙප්ටිඩෝග්ලයිකෑන් සංඝටකයක් ලෙස පවතී.
  • වැඩි දෙනකුගේ සෛල බිත්තිය ඇලෙනසුළු පොලිසැකරයිඩ ස්තරයකින් හෝ ප්‍රෝටීන ප්‍රාවරයකින් ආවරණය වී ඇත.
  • පටල ලිපිඩ ශාඛනය නොවූ හයිඩ්‍රොකාබන් දාම දරයි.
  • බොහෝ දෙනෙක් චලනය සඳහා කශිකා දරයි.

 

3. සෛල බිත්තියේ පෙප්ටිඩෝග්ලයිකෑන් පවතින ප්‍රමාණය අනුව බැක්ටීරියා වර්ග කරන ආකාරයන්

  • ග්‍රෑම් ධන (Gram positive)
  • ග්‍රෑම් ඍණ (Gram negative)

 

4. බැක්ටීරියා කෂිකාව සූන්‍යෂ්ටික කෂිකාවෙන් වෙනස් වන්නේ

  • ප්ලාස්ම පටලයකින් ආවරණය නොවී තිබීම. (බහිශ්සෛලීය ව්‍යුහයක් ලෙස පවතී)
  • ක්ෂුද්‍රනාලිකා 9+2 ව්‍යුහය නොදැරීම.

 

5. බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන් දරන විවිධ පරිවෘත්තීය ආකාර වන්නේ

  • අනිවාර්ය ස්වායු
  • අනිවාර්ය නිර්වායු
  • වෛකල්පික නිර්වායු

 

6. බැක්ටීරියා රාජධානියේ ජීවීන් පෙන්වන ප්‍රජනන ආකාර වන්නේ

  • ද්වීඛණ්ඩනය (අලිංගික ප්‍රජනනයේදී)
  • සංයුග්මනය (ලිංගික ප්‍රජනනයේදී)

ද්වීඛණ්ඩණය

 

7. සයනොබැක්ටීරියාවන්ගේ ප්‍රධාන ලාක්ෂණික ලක්ෂණ දක්වන්න.

  • ප්‍රාග්න්‍යෂ්ටිකයෝ ය.
  • ප්‍රභාසංස්ලේෂකයෝ ය.
  • බහුතරය ඒකසෛලික හා කේවල වන අතර ඔක්සිජන් නිපදවයි.
  • ඇනැමුන් නානු කොපුවකින් වට වූ සූත්‍රිකා හෝ ඝණාවාස සාදයි.
  • සමහරුන්ට වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව ඇත.

 

8. බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන්ගේ ජාන සංයුතිය පිළිබඳව විස්තර කරන්න.

  • DNA සමග බැඳුණු හිස්ටෝන් ප්‍රෝටීන නැත
  • චක්‍රාකාර වර්ණදේහ ඇත
  • ඉතා කලාතුරකින් ජානවල ඉන්ටෝන දක්නට ඇත

 

9. බැක්ටීරියා රාජධානියට අයත් ජීවීන්ගේ ප්‍රෝටීන සංස්ලේෂණ ක්‍රියාවලිය පිළිබඳව කරුණු පහදන්න.

  • ආරම්භක ඇමයිනෝ අම්ලය වන්නේ ෆෝමයිල් මෙතියොනීන්.
  • RNA පොලිමරේස වර්ග එකකි.

 

10. බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ට උදාහරණ මොනවාද?

  • බැක්ටීරියා
  • සයනොබැක්ටීරියා
  • Nostoc
  • Anabaena
  • Escherichia coli
  • Salmonella typhi

 

(E. coli)

(Anabeana)

 

ආකියා අධිරාජධානිය

11. ආකිබැක්ටීරියාවන්ගේ ව්‍යුහීය හා කෘත්‍යමය ලක්ෂණ විස්තර කරන්න.

  • ප්‍රාග්න්‍යෂ්ටික සෛලීය සංවිධානයක් දරයි.
  • සෛල බිත්ති ප්‍රෝටීන හා පොලිසැකරයිඩ වලින් සෑදී ඇත.
  • සෛල පටල වල ලිපිඩ ශාඛනය වූ හයිඩ්‍රොකාබන් දාම දරයි. (සමහර හයිග්‍රොකාබන් දාම)

 

12. ආකි බැක්ටීරියාවන් පිළිබඳව කෙටි විස්තරයක් දෙන්න.

  • ආන්තික ලවණකාමී හා ආන්තික තාපකාමී ජීවීන් අයත්ය.
  • මධ්‍යස්ථ පරිසර වලද ඇතැම් ආකිබැක්ටීරියාවෝ ජීවත් වෙති.

උදා:- මීතේන් ජනක බැක්ටීරියා

  • සමහර විශේෂ ගවයන්, වේයන් හා වෙනත් ශාකභක්ශකයන්ගේ ආහාර මාර්ග තුළ නිර්වායු තත්ත්ව යටතේ වාසය කරයි.
  • ප්‍රතිජීවක සඳහා සංවේදී නැත.
  • 100 0C ට වඩා වැඩි උෂ්ණත්ව වලදී සමහර විශේෂ වර්ධනය වේ.
  • ආකිබැක්ටීරියාවන්ගේ ජාන සංයුතිය ගත්විට,
    1. ඇතැම් විශේෂ වල DNA සමඟ බැඳුණු හිස්ටෝන ප්‍රෝටීන ඇත.
    2. චක්‍රාකාර වර්ණදේහ ඇත.
    3. ඇතැම් ජානවල ඉන්ට්‍රෝන ඇත.
  • ආකිබැක්ටීරියාන්ගේ ප්‍රෝටීන සංස්ලේෂණ ක්‍රියාවලියේදී,
    1. අරම්භක ඇමයිනෝ අම්ලය ලෙස මෙතියොනීන් ක්‍රියා කරයි.
    2. RNA පොලිමරේස ආකාර කිහිපයකි.

උදා:-

        1. Methanococcus
        2. Halobacteria
        3. Thermococcus

 

( Methanococcus )

 

( Halobacteria )

( Thermococcus )

 

යුකැරියා අධිරාජධානිය

13. යුකැරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ ව්‍යුහීය ලක්ෂණ දක්වන්න.

  • සූන්‍යෂ්ටික වේ.
  • බහුතරය බහුසෛලිකය.
  • සෛල බිත්ති සංඝටක ලෙස,
    1. සෙලියුලෝස්
    2. හෙමිසෙලියුලෝස්
    3. පෙක්ටීන්
    4. කයිටීන් ඇත.
  • පටල ලිපිඩ වල ශාඛනය නොවූ හයිඩ්‍රොකාබන් දාම දරයි.

 

14. යුකැරියා අධිරාජධානියට අයත් ජීවීන් පිළිබඳ පහදන්න.

  • විවිධ පෝෂණ ආකාර දක්වයි.
  • බහුතරය ස්වායු ජීවීන් වේ.
  • බොහෝ දෙනෙක් ලිංගික ප්‍රජනනය පෙන්වයි. (සමහර ප්‍රොටිස්ටාවන් අලිංගික ප්‍රජනනය පමණි)
  • ප්‍රතිජීවක සඳහා සංවේදී නොවේ.
  • 100 0 C ට ඉහළ උෂ්ණත්ව වලදී වර්ධනය නිෂේධනය වේ.

 

15. යුකැරියා රාජධානියට අයත් ජීවින්ගේ ප්‍රෝටීන සංස්ලේෂණය පිළිබඳව විස්තර දක්වන්න.

  • ආරම්භක ඇමයිනෝ අම්ලය වන්නේ මෙතියොනින්.
  • RNA පොලිමරේස ආකාර කිහිපයකි.

 

16. යුකැරියා අධිරාජධානියට අයත් ජීවීන්ගේ ජාන සංයුතිය පිළිබඳව කරුණු දක්වන්න.

  • DNA සමඟ බැදුනු හිස්ටෝන ප්‍රෝටීන ඇත.
  • චක්‍රාකාර වර්ණදේහ නැත.
  • බොහෝ ජාන වල ඉන්ට්‍රෝන ඇත.

 

17. ඉයුකැරියා අධිරාජධානියට අයත් රාජධානි මොනවාද?

    • ප්‍රොටිස්ටා
    • දිලීර
    • ශාක
    • සතුන්

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet