විද්‍යා අංශයජීව විද්‍යාව3.2.5 - දිලීර/ ෆන්ගී රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

3.2.5 – දිලීර/ ෆන්ගී රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

 

  1. දිලීර රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ 5 ක් දක්වන්න.

    • සූන්‍යෂ්ටික වේ.
    • සෛල බිත්තිය ශක්තිමත්, නම්‍යශීලී පොලිසැකරයිඩයක් වන කයිටීන් වලින් සෑදී ඇත. (කයිටීන් වල ඒකාවයවිකය ග්ලූකොසැමීන් වේ.)
    • අවශෝෂක, විෂමපෝෂීන් වේ. (සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙලන බහිස්සෛලීය එන්සයිම ස්‍රාවය කරයි.)
    • විවිධ විශේෂ වියෝජකයන්, පරපෝෂීන් හා අනෝන්‍යාධාරක සංගම් ලෙස ජීවත් වේ.
    • සුළු සංඛ්‍යාවක් ඒක සෛලික වන අතර අනෙක් විශේෂ බහු සෛලික සූත්‍රිකා නිපදවයි.

 

2. දිලීර සූත්‍රිකා වර්ග කීයද? ඒ මොනවාද?

    • 2 යි
    • සාවාර දිලීර සූත්‍රිකා (ආවාර සහිත)
    • නිරාවාර දිලීර සූත්‍රිකා (ආවාර රහිත)

(1)සාවාර/ ආවාර සහිත දිලීර සූත්‍රිකාවක්

(2) නිරාවාර/ ආවාර රහිත දිලීර සූත්‍රිකාවක්

 

3. හරස් ආවාර සහිත දිලීර සූත්‍රිකාවල, ආවාර වල සිදුරු පිහිටයි. ඊට හේතුව කුමක්ද?

  •  
    • මයිටොකොන්ඩ්‍රියා, රයිබොසෝම, න්‍යෂ්ටි වැනි ඉන්ද්‍රියිකාවල චලනයට ඉඩ සැලසීමට.

හරස් ආවාර අතර සිදුරු දැක්වෙන සටහනක්

 

4. ආවාර රහිත දිලීර සූත්‍රිකා සංසෛලික දිලීර නම් වේ. ඊට හේතුව කුමක්ද?

    • සෛල වෙන් නොවී තිබීම හා ඒවායේ න්‍යෂ්ටි රාශියක් සහිත වීම.

 

5. දිලීර සූත්‍රිකා මගින් සාදන දිලීර සූත්‍රිකා ජාලය හදුන්වන නම කුමක්ද?

    • මයිසීලියම

මයිසීලියමක ආකෘතිය

මයිසීලියම

 

6. ඇතැම් දිලීර ශෝෂක දරයි. ඊට හේතුව කුමක්ද?

    • විනිවිදීමට හා ශාක හා දිලීර අතර ද්‍රව්‍ය හුවමාරුවට හෝ ද්‍රව්‍ය අවශෝෂණයට. (දිලීරක මූල හා උසස් ශාක අතර ඇති අනෝන්‍යාධාරක සංගමයේදී මෙය වැදගත් වේ. දිලීරක මූල ශාකයට පොස්පේට් අවශෝෂණය කර ගැනීමට උපකාරීවේ.)

 

7. දිලීර පෙන්වන ප්‍රජනන ආකාර මොනවාද ?

    • ලිංගික ප්‍රජනනය
    • අලිංගික ප්‍රජනනය

 

8. Phylum Chytridiomycota ට අයත් දිලීර වලට උදාහරණ 2 ක් දෙන්න.

  •  
    • Chytridium හා Allomyces

Chytridium

Allomyces

 

9. Phylum Chytridiomycota හි ලාක්ෂණික ලක්ෂණ 6 ක් දෙන්න.

    • ජලජ හෝ භෞමික වේ.
    • ඇතැම් ආකාර මෘතෝපජීවී හා අනෙක් ආකාර පරපෝෂී වේ. (මෘතෝපජීවීන් යනු මළ ශාක හා සත්ත්ව සුන්බුන් මතට බහිස්සෛලීය එන්සයිම ස්‍රාවය කර, එහි වූ සංකීර්ණ කාබනික සංයෝග, සරල තත්ත්වයට බිඳ හෙලා අවශෝෂණය කරනු ලබන ජීවීන් වේ.)
    • ඒකසෛලික හෝ බහු සෛලික වේ. බහු සෛලික වූ විට සංසෛලික වේ.
    • කශිකාධර චල බීජාණු නිපදවයි. (ජන්මාණුද කශිකාධර වේ)
    • සෛල බිත්ති කයිටීනමය වේ.
    • සමහර දිලීර සූත්‍රිකා ගණාවාස සාදන අතර, සමහරු ගෝලාකාර තනි සෛල ලෙස පවතී.
    • උදා: Allomyces

Phylum Chytridiomycota හි ජීවන චක්‍රයක්

 

10. Phylum Zygomycota ට අයත් දිලීර වලට උදාහරණ 2 ක් දෙන්න.

    • Mucor
    • Rhizopus

     Rhizopus

     Mucor

 

11. Phylum Zygomycota හි ලාක්ෂණික ලක්ෂණ 3 ක් දෙන්න.

  •  
    • බොහෝ ජීවීන් මෘතෝපජීවීන් වන අතර සමහරු පරපෝෂී හෝ සහභෝජී වේ.
    • දිලීර ජාලය සංසෛලික හා නිරාවාර වේ. (ප්‍රජනක සෛල සෑදෙන ස්ථාන වල පමණක් ආවාර ඇති වේ.)
    • ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනනය ද දක්වයි.

    (1) ලිංගික ප්‍රජනනය

    (2) අලිංගික ප්‍රජනනය

 

12. Phylum Zygomycota හි අලිංගික ප්‍රජනනයේ ලක්ෂණ මොනවාද?

    • ප්‍රවේණිකව සමාන ඒකගුණ බීජාණු නිපදවේ.
    • බීජාණු, බීජාණුධානි තුළ අන්තර්ජන්‍යව නිපදවේ.
    • අචල බීජාණු නිපදවේ.

 

13. Phylum Zygomycota හි ලිංගික ප්‍රජනනයේදී නිපදවෙන සංයෝගාණුවේ ලක්ෂණ මොනවාද?

  •  
    • න්‍යෂ්ටියෝගය හා ප්ලාස්මයෝගය මගින් සෑදෙන දෘඪ ව්‍යූහයකි.
    • අහිතකර පරිසර තත්ත්වයන්ට ප්‍රතිරෝධී වේ.
    • බහුන්‍යෂ්ටික ව්‍යූහයකි.
    • අහිතකර කාලගුණික තත්ත්ව වලදී පරිවෘත්තීය වශයෙන් නිෂ්ක්‍රීය වේ.
    • හිතකර පරිසර තත්ත්ව වලදී, ප්‍රවේණිකව වෙනස්, ඒකගුණ බීජාණු නිපදවයි.

 

14. Phylum Ascomycota ට අයත් වන දිලීර සදහා උදාහරණ දෙන්න.

  •  
    • Aspergillus
    • Saccharomyces
    • Penicillium

Saccharomyces

Penicillium

Aspergillus

 

15. Phylum Ascomycota හි ලක්ෂණ 5 ක් දෙන්න.

    • කරදිය, මිරිදිය හෝ භෞමික ව වාසය කරයි.
    • පරපෝෂී හෝ සහජීවී වේ.
    • බොහෝ ආකාර වියෝජකයෝ වේ.
    • ඒක සෛලික හෝ බහුසෛලික සූත්‍රිකාකාර වේ. (සාවාර සූත්‍රිකා ඇත)
    • ලිංගික මෙන්ම අලිංගික ප්‍රජනනය සිදු කරයි.

 

16. Phylum Ascomycota හි අලිංගික ප්‍රජනනයේ ලක්ෂණ මොනවාද?

  •  
    • ඇතැම් දිලීර අංකුරණය මගින් අලිංගික ප්‍රජනනය කරයි.
    • උදා: Saccharomyces

Saccharomyces හි අංකුරණය

    • ඇතැම් දිලීර විශේෂිත දිලීර සූත්‍රිකා වර්ගයක් වන කොනීඩිධර කෙළවර කොනීඩියා නිපදවයි. (කොනීඩියා යනු දාම හෝ පොකුරු ලෙස ඇතිවෙන බහිර්ජන්‍ය බීජාණු වේ.)

 

17. Phylum Ascomycota හි ලිංගික ප්‍රජනනයේ ලක්ෂණ මොනවාද?

  •  
    • ලිංගිකව විභේදිත ජන්මාණුධානි හාවී, මඩියක් වැනි ව්‍යූහයක් වන අස්කස සාදයි.
    • සාමාන්‍යයෙන් අස්කස තුළ අස්ක බීජාණු 8 ක් පවතී.
    • බොහෝ අස්කොමයිකෝටාවන් ලිංගික ප්‍රජනනයේදී, අස්කස සහිත අස්කඵල නිපදවයි.
    • (අස්කඵලයක් යනු අස්කස වඳ සූත්‍රිකාවලින් වටවී සාදන බීජාණුකරයකි.)
    • (බීජාණුකරයක් යනු බීජාණු අඩංගු ව්‍යූහ එක් වී සාදන ව්‍යූහයකි.)

(1) Phylum Ascomycota හි ලිංගික ප්‍රජනනය

(2) Phylum Ascomycota හි අලිංගික ප්‍රජනනය

Aspergillus හි ලිංගික ප්‍රජනනය

 

18. Phylum Basidiomycota ට අයත් දිලීර වර්ග 3 ක් දෙන්න.

    • Agaricus
    • බෝල හතු
    • රාක්ක හතු

රාක්ක හතු

Agaricus

බෝල හතු

 

19. Phylum Basidiomycota හි ලක්ෂණ 4 ක් දෙන්න.

    • භෞමික වේ.
    • ප්‍රධාන වශයෙන් වියෝජකයන් වන අතර සමහරු සහජීවී වේ.
    • ආවාර සහිත සූත්‍රිකාමය, ද්වීන්‍යෂ්ටික දිලීර ජාලය ජීවන චක්‍රයේ ප්‍රමුඛ වේ.
    • ලිංගික ප්‍රජනනය මෙන්ම අලිංගික ප්‍රජනනය ද දක්වයි.

 

20. Basidiomycota වංශයේ අලිංගික ප්‍රජනනය පිළිබඳ දක්වන්න.

    • Agaricus අලිංගික බීජාණු නොසාදයි.
    • කඩ කඩ වීම මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි.
    • වංශයේ වෙනත් විශේෂ අලිංගික බීජාණු නිපදවයි.

 

21. Basidiomycota වංශයේ ලිංගික ප්‍රජනනය පිළිබඳ දක්වන්න.

  •  
    • බැසීඩිඵල යන ඵලාවරණ නිපදවයි.
    • බැසිඩිඵලය යනු, ද්වීන්‍යෂ්ටික දිලීර සූත්‍රිකා වලින් නිපදවන බීජාණුකරය කි.
    • බැසිඩි ඵලයේ තැලි මත බැසිඩි බීජාණු නිපදවයි.
    • බැසිඩි බීජාණු බහිර්ජන්‍ය වේ.

Agaricus හි ලිංගික ප්‍රජනනය

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet