ජීව විද්‍යාව03. ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය3.2.6 - ඇනිමාලියා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

3.2.6 – ඇනිමාලියා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

 

3.2.6 ඇනිමාලියා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

 

01.ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ 5 ක් දෙන්න.

 

 

  • සියල්ල බහුසෛලික ය.
  • විෂමපෝෂී සූන්‍යෂ්ටිකයෝ ය.
  • සෛල සංවිධානය වී පටක සෑදෙයි.
  • වැඩි දෙනෙක් ලිංගික ප්‍රජනනය සිදු කරති.
  • සමහරු අරීය සමමිතියද සමහරු ද්වීපාර්ශ්වික සමමිතියද පෙන්වති.

 

ඇනිමාලියා රාජධානියේ වර්ගීකරණය

02.නිඩාරියා වංශිකයන්ට (phylum Cnidaria) උදාහරණ 5 ක් දෙන්න.

 

  • මුහුදුමල
  • ලොඩියා
  • කොරල් බුහුබාවා
  • Obelia
  • Hydra

Obeliya sp

 

03.නිඩාරියා වංශිකයන් ජීවත්වන පරිසරය කුමක්ද ?

  • ජලජ පරිසරය (මිරිදිය වාසී විශේෂ කීපයක් ඇති අතර කරදිය වාසී විශේෂ බහුල වේ.)

04. සියලු නිඩාරියාවන් මහේක්ෂීය වේද?

  • නැත

 

 

05.නිඩාරියාවන්ගේ දේහය සැකසී ඇති ආකාරය දක්වන්න.

 

  • ද්විප්‍රස්තරික වේ.එනම් දේහ බිත්තිය ස්තර දෙකකින් සෑදී ඇති අතර බාහිරව බහිශ්චර්මය හා අභ්‍යන්තරිකව අන්තශ්චර්මය ඇත.එම ස්තර දෙක අතර , අසෛලිය මධ්‍යශ්ලේෂයක් ඇත.

(1) මුඛය

(2)ග්‍රාහිකා

(3)ආමාශ වාහිනී කුහරය/සීලෝමාන්ත්‍රය

(4)බහිශ්චර්මය/අපිචර්මය

(5)අන්තශ්චර්මය

(6)මධ්‍යශ්ලේෂය

 

06.නිඩාරියාවන්ගේ ආහාර ජීරණ පද්ධතිය ගැන පැහැදිලි කරන්න.

  • ආමාශ වාහිනී කුහරය නමැති මල්ලක් වැනි මධ්‍ය ජීරණ කුටීරයක් ඇති අතර එය අන්තශ්චර්මයෙන් ආස්තරණය වී ඇත.මෙය තනි සිදුරකින් (මුඛය) බාහිරයට විවෘත වේ.

07.නිඩාරියා වංශිකයන්ගේ දේහ ආකාර කීයද? ඒ මොනවාද? කෙටියෙන් හදුන්වන්න.

 

  • 2 යි.
  • බුහුබා – සිලින්ඩරාකාර දේහයක් දරන අතර ,අපමෞඛ කෙළවරින් උපස්ථරයකට ඇලී වාසය කරයි.මුඛය වටා ග්‍රාහිකා දරයි.
  • මෙඩුසා – මුඛය උදරීයව ඇති,පැතලි බුහුබාවන් වැනි නිදැලි වාසීන් වේ.

 

08.නිඩාරියා වංශිකයන්ගේ රූපීය ජීවන චක්‍රය පිළිබද පැහැදිලි කරන්න.

 

  • ඇතැම් නිඩාරියාවන් බුහුබා ආකාරයෙන් පමණක් ද,සමහරු මෙඩුසා ආකාරයෙන් පමණක් ද හමුවේ.
  • අනෙක් නිඩාරියාවන් තම ජීවන චක්‍රය තුළ මෙඩුසා හා බුහුබා යන දෙආකාරයෙන් ම පවතී.

Jelly fish ගේ ජීවන චක්‍රය

 

09.නිඩාරියා වංශිකයන්ට ආරක්ෂාවට හා ගොදුරු අල්ලා ගැනීමට ආධාර කරන උපාංග මොනවාද?

 

  • ග්‍රාහිකා
  • දංශක කෝෂ්ඨ ( දංශක සෛලවල විදිය හැකි තන්තුවක් ඇත.)

දංශක කෝෂ්ඨයක්

 

 

10. ප්ලැටිහැල්මින්තස් වංශයේ සත්ත්වයින්ට උදාහරණ 3 ක් දෙන්න.

 

  • Planaria
  • Taenia
  • Fasciola

(1) Planaria

(2) Fasciola

(3) Taenia

 

11.ප්ලැටිහැල්මින්තස් වංශිකයන් පොදුවේ හදුන්වන නම කුමක්ද?

  • පැතලි පණුවන්

 

12.ප්ලැටිහැල්මින්තස් වංශිකයන් ජීවත් වන්නේ කුමන පරිසර වලද?

  • කරදිය
  • මිරිදිය
  • තෙත භෞමික වාසස්ථාන වල

13. නිදැලිවාසීව ජීවත් වන ප්ලැටිහැල්මින්තස් වංශිකයෙක් නම් කරන්න.

  • Planaria

14. පරපෝෂී පැතලි පණුවන්ට උදාහරණ 2 ක් දෙන්න.

  • Fasciola_(පතැල්ලා)
  • Taenia(පටි පණුවා)

15.ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ගේ ලාක්ෂණික 4 ක් දක්වන්න.

 

  • ශරීරය පෘෂ්ඨෝදරීයව පැතලිය.
  • ඇතැමුන්ට සත්‍ය ඛණ්ඩනයක් නොමැති අතර ,පටි හැඩැති දේහ දරයි.
  • සමහර විශේෂ ” ඛණ්ඩිලනය ” ලෙස_ හදුන්වන දේහයේ බාහිරින් දැකිය හැකි විවිධ වයස් ‘ ජනක ඛණ්ඩ සාදයි.
  • බහිශ්චර්මය,අන්තශ්චර්මය හා මධ්‍යචර්මය යන ජනක ප්‍රස්තර තුනෙන්ම සැදි ත්‍රිප්‍රස්තරිකයන් වේ.
  • ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි නැත.
  • දේහ කුහර, පරිවහන ,ශ්වසන හා කංකාල පද්ධති නැත.වායු හුවමාරුව ශරීර බිත්තිය හරහා සරල විසරණය මගින් සිදුවේ.
  • කංකාල පටකය යනු ,

පෘෂ්ඨවංශීන්ගේ අන්තඃසැකිල්ල සෑදී ඇති පටකයයි .

  • නිදැලිවාසීන්ගේ සංවේදී ඉන්ද්‍රියයන් ඇත.හිසේ අක්ෂි ලප පිහිටයි.

නිදැලිවාසී Planaria වකුගේ අක්ෂි ලප(eyespots)

 

16.ප්ලැටිහැල්මින්තස් වංශිකයන් ගේ ස්නායු පද්ධතිය පිළිබඳ හදුන්වන්න.

 

  • මද වශයෙන් සංකීර්ණ ස්නායු හා සංවේදක පද්ධතියක් මුලින්ම හමු වන්නේ මොවුන්ගේය.පූර්ව ගැංග්ලියා යුගලක් සහ අන්වායාම ස්නායු රැහැන් දෙකක් මධ්‍ය ස්නායු පද්ධතියට අයත් වේ. ස්නායු වල අක්ෂි ලප ලෙස ක්‍රියා කරයි.මේවා ප්‍රතිබිම්බ නොසාදයි.

Planaria වකුගේ ස්නායු සැකැස්ම

 

17.ප්ලැටිහැල්මින්තස් ව‍ංශිකයන්ගේ බහිස්ස්‍රාවී පද්ධතිය පිළිබඳ දක්වන්න.

 

  • බහිස්ස්‍රාවය සදහා වෙන වෙනම අවයව මුලින්ම හමුවන්නේ මොවුන්ගේය.නයිට්‍රජනීය බහිස්ස්‍රාවී පද්ධතිය ප්‍රාක්වෘක්කිකා වලින් සමන්විත ය. සිලුබල්බ නම් පක්ෂ්මධර ව්‍යූහයක් සහිත නාලිකාජාලයක් මීට අයත් වේ. මේවා දේහයේ ආස්‍රැතික තුල්‍යතාව පවත්වා ගැනීමට භාවිතා කරයි.

සිළු බල්බ සහිත නාලිකාජාලය

 

18.ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ගේ ආහාර ජීරණ පද්ධතිය පිළිබඳ දක්වන්න.

  • මුඛය පමණක් සහිත , ගුදයක් රහිත අසම්පූර්ණ ආහාර ජීරණ පද්ධතියක් ඇත.ආහාර ජීරණය සදහා ශාඛනය වූ ආමාශවාහිනී කුහරයක් ඇත.ඇතැමුන්ට බිහිතලනය කළ හැකි ග්‍රසණිකාවක් ඇත.

ශාඛනය වූ ආහාර දාම සහිත ප්ලැටිහැල්මින්තස් වංශිකයන්

  • අමතර: පටිපණුවා ( Taenia) ට ආහාර මාර්ගයක් නැත.හේතුව මිනිසාගේ ආහාර මාර්ගය තුළ වෙසෙන බැවින් එහි ජීරණය වූ ආහාර තිබීමයි.

19.ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ට සංචරණය සදහා ආධාර වන ව්‍යූහ මොනවාද?

  • පක්ෂ්ම (නිදැලිවාසීන්ට ඇත.)

20.ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ගේ ප්‍රජනන ආකාර කීයද? ඒ මොනවාද ?

  • 2 යි.
  • එනම්,
  1. අලිංගික ප්‍රජනනය
  2. ලිංගික ප්‍රජනනය

21.ඇතැම් ප්ලැටිහැල්මින්තස් වංශිකයන් දක්වන අලිංගික ප්‍රජනන ආකාරය කුමක්ද?

 

  • කඩ කඩ වීම හා පුනර්වර්ධනය

Planaria වකුගේ කඩ කඩ වීම හා පුනර්වර්ධනය

 

22.ප්ලැටිහැල්මින්තස් වංශිකයන්ගේ ලිංගික ප්‍රජනනය පිළිබඳ දක්වන්න.

 

  • සියලුදෙනාම ද්විලිංගිකය, පටි පණුවා හැර අනෙක් සාමාජිකයන් පර සංසේචනය සිදු කරන අතර එය අභ්‍යන්තර සංසේචනයකි. පරපෝෂී ආකාර වල විවිධ කීට අවධි ඇත.නිදැලිවාසීන් කීට අවධි රහිතව විකසනය වේ.

වංශය – නෙමටෝඩා Phylum Nematoda

23. Phylum Nematoda ට අයත් වෙන සත්ත්වයන් 3 ක් දක්වන්න.

 

  • වට පණුවා
  • කොකු පණුවා
  • කිරි පණුවා

 

24.නෙමටෝඩාවන් ජීවත් වන වාසස්ථාන මොනවාද?

  • බහුතරය කරදියේ (නිදැලිවාසීව)
  • ටික දෙනෙක් මිරිදියේ හා තෙත පසේ
  • ඇතැමෙක් සතුන් හා ශාක තුළ (පරපෝෂීව)

25. නෙමටෝඩා වංශිකයන්ගේ ලාක්ෂණික ලක්ෂණ 9 ක් දෙන්න.

  • ද්විපාර්ශවික සමමිතිය දක්වයි.
  • ත්‍රිප්‍රස්තරික වේ.
  • ව්‍යාජ සීලෝමයක් ඇත.
  • දෙකෙළවරින් සිහින් වී යන සිලින්ඩරාකාර දේහයන් සහිතය.
  • අන්වීක්ෂීය මට්ටමේ සිට මහේක්ෂීය මට්ටම දක්වා දේහ ප්‍රමාණය වෙනස් වන සුළුය.
  • පැහැදිලි ශීර්ෂනයක් හෝ ඛණ්ඩනයක් නොපෙන්වයි.
  • දේහයේ පූර්ව කෙළවර සංවේදී පිටිකා ඇත.
  • දේහය දෘඪ උච්චර්මයකින් ආවරණය වී ඇත.
  • හැව හැලීම සිදු කරයි.

26.නෙමටෝඩාවන්ගේ දේහ පද්ධති පිළිබඳ දක්වන්න.

  • රුධිර සංසරණ හා ශ්වසන පද්ධති නැත. සරල විසරණයෙන් වායු හුවමාරුව සිදු කරයි.
  • ආහාර මාර්ගයක් ඇත.

27. නෙමටෝඩාවන් සංචරණය සිදුකරන්නේ කෙසේද?

  • විශේෂිත ස‍ංචරණ ව්‍යූහ නැත.දේහ බිත්තියේ අන්වායාම පේශි පමණක් ඇත.ඒවා සංචරණයට ආධාර කරයි.

28. නෙමටෝඩා වංශිකයන් දක්වන ප්‍රජනන ආකාරය කුමක්ද? පැහැදිලි කරන්න.

 

  • ලිංගික ප්‍රජනනය
  • අභ්‍යන්තර සංසේචනය සිදු වන අතර සියලු ජීවීන් ඒකලිංගික වේ.පිරිමි සතුන්ට සාපේක්ෂව ගැහැණු සතුන් ප්‍රමාණයෙන් විශාලය.

ගැහැණු හා පිරිමි නෙමටෝඩා පණුවන්

  • අමතර :-

නෙමටෝඩා ආසාදන,

 

 

වංශය – ඇනලීඩා (Phylum Annelida)

 

29. Phylum Annelida ට අයත් සත්ත්වයන් 3 ක් දක්වන්න.

 

  • ගැඩවිලා
  • කූඩැල්ලා
  • වැරහැලි පණුවා

කූඩැල්ලා

ගැඩවිලා

Nereis

 

30.ඇනිලීඩා වංශිකයන් ගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද ?

  • කරදිය,මිරිදිය හා තෙත් භෞමික පරිසරවල වාසය කරයි.
  • ඛණ්ඩනය වූ සිලින්ඩරාකාර දේහ දරයි.
  • ත්‍රිප්‍රස්තරික වේ.
  • මුලින්ම සත්‍ය සීලෝමය විකසනය විය.
  • ශීර්ෂණය පෙන්නුම් කරන මුල්ම සතුන් වේ.

31.ඇනිලීඩා වංශිකයන්ගේ ස්නායු පද්ධතිය පිළිබඳ දක්වන්න.

 

  • හොදින් වැඩුණු ස්නායු පද්ධතියක් ඇත. එය පෘෂ්ඨීය මස්තිෂ්ක *ගැංග්ලියමෙන් ,

උදරීය ස්නායු රැහැනකින් හා වලයාකාර සම්බන්ධක වලින් සමන්විත වේ.

ඇනලීඩාවකුගේ ස්නායු පද්ධතිය

ඇනලීඩාවකුගේ ස්නායු පද්ධතිය

 

32.ඇනිලීඩා වංශිකයන්ට පමණක් අනන්‍ය වූ උපාංග මොනවාද ?ඒවායින් ඇති ප්‍රයෝජන මොනවාද ?

 

  • මෙවුල -බාහිර සංසේචනයට වැදගත් වේ.
  • දැඩි කෙදි -සංචරණයට ආධාර වේ.
  • අංශපාදිකා – ශ්වසනයට හා සංචරණයට ආධාර කරයි.

වෙනත්:- බාහිර පරපෝෂී ආකාරවලට සංචරණයට හා අධිග්‍රහණයට

චූෂකර ආධාර වේ.

 

වංශය – මොලූස්කා (Phylum – Mollusca)

33. මොලූස්කා වංශයට අදාළ සතුන් සඳහා උදාහරණ දක්වන්න.

 

  • අටපියළ්ලා
  • අලි දත් කටුවා
  • කාවාටියා
  • හම්බෙල්ලා
  • මට්ටියා
  • ගොළුබෙල්ලා
  • බූවල්ලා
  • දැල්ලා

අටපියළ්ලා

බූවල්ලා

දැල්ලා

කාවාටියා

ගොළුබෙල්ලා

අලි දත් කටුවා

 

34. මෙම වංශයට අදාල සතුන්ගේ වාසස්ථාන මොනවාද?

  • බහුතරයක් කරදිය වාසීන් වේ.
  • සමහරුන් භෞමික හෝ මිරිදිය වාසීන් වේ.

35. මොවුන්ගේ දේහය පිළිබඳව කුමක් කිව හැකිද?

  • සමහරුන් ද්විපාර්ශවිකය සමමිතිකය. සමහරු අසමමිතිකයි.
  • මෘදු දේහධාරීන් වන අතර ආරක්ෂක බහිස් සැකිල්ලක් ලෙස කවච ශ්‍රාවය වෙයි.
  • සීලෝමික වන අතර දේහය ඛණ්ඩනය නොවේ.

36. මොවුන්ගේ දේහයේ ප්‍රධාන කොටස් මොනවාද?

 

  • දේහය ප්‍රධාන කොටස් 3කට බෙදයි.

  • පේශීමය පාද
  • අන්තරංග ගොනුව
  • ප්‍රාවරණය

 

37. මෙම කොටස් වල භාවිතයන් මොනවාද?

  • පේශීමය පාද සංචරණයට භාවිතා කරයි.
  • අන්තරංග ගොනුව මඟින් අභ්‍යන්තර අවයව ආරක්ෂා කරයි.
  • ප්‍රාවරණය මගින් පිට සැකිල්ල ශ්‍රාවය කරයි. එමෙන්ම ස්වසන වායු හුවමාරුවටද වැදගත් වේ.

38. මෙම සත්වයන්ගේ සැකිලි පද්ධතිය පිළිබඳව කුමක් කිව හැකිද?

 

  • සමහරුන්ට අභ්‍යන්තර සැකිලි ඇති අතර තවත් සමහරුන්ගේ බාහිර සැකිලි දක්නට ලැබේ. තවත් පිරිසකට සැකිල්ලක් නැත.
  • උදාහරණ ලෙස,
  1. දැල්ලාට අභ්‍යන්තර සැකිල්ලක් ඇත.
  2. ගොළුබෙල්ලාට බාහිර සැකිල්ලක් ඇත. (CaCO3 වලින් සෑදුනු).
  3. හංගොල්ලා වැනි සතුන්‍ට සැකිල්ලක් නැත.
  4. මොවුන්ගේ ආහාර මාර්ගය පිළිබඳව දක්වන්න.
  • ආහාර මාර්ගය සම්පූර්ණ වෙයි. එහෙනම් මුඛය හා ගුද විවරයේ පවතී.
  • සමහරුන්ට මුඛයේ රේත්‍රිකාව පවතී. රේත්‍රිකාව යනු කුඩා දත් සහිත කයිටිනිමය රිබන් ආකාරමය ව්‍යුහයකි. (ගොළුබෙල්ලාට රේත්‍රිකාව ඇත)
  • රේත්‍රිකාව මඟින් සුරාකෑම සිදුකරයි.

ආහාර ජීරන පද්ධතිය

රේත්‍රිකාව (radular)

 

39. මොවුන්ගේ බහිස්‍රාවී ව්‍යුහය කුමක්ද?

  • මොවුන් වෘක්කිකා මගින් බහිස්‍රාවය සිදුකරයි.

40. මොවුන්ගේ සංසරණ පද්ධතිය පිළිබඳ කුමක් කිවහැකිද?

 

  • මොවුන්ට විවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත.
  • එනම් අභ්‍යන්තර අවයව රුධිරයෙන් නැහැවෙමින් ඇත.

 

41. මොලුස්කාවන් අතරින් සංවෘත රුධිර සංසරණ පද්ධතියක් දරන්නේ කව්රුන්ද?

  • බූවල්ලා

42. මොවුන් ශ්වසනය සිදුකරන්නේ කෙසේද?

 

  • ශ්වසනය සඳහා ජලක්ලෝම. ප්‍රාවරණය යනාදිය යොදාගනී.

ජලක්ලෝම – Gills

 

43. මොවුන්ගේ ප්‍රජනනය පිළිබඳව කුමක් කිව හැකිද?

  • සියල්ලන් ඒකලිංගික ජීවීන් වේ.
  • අභ්‍යන්තර හෝ බාහිර සංසේචනය සිදුකරයි.
  • ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුළ ඇත.

44. මොවුන්ට කීට අවස්ථා පවතීද?

 

  • සමහරුන්ට පමණක් කීට අවස්ථා ඇත.

ගොළුබෙල්ලෙකුගේ දික්කඩක්

 

වංශය – ආත්‍රොපෝඩා ( Phylum – Arthropoda )

45. ආත්‍රොපෝඩා වංශයේ ජීවීන් සඳහා උදාහරණ දක්වන්න.

 

  • ගෝනුස්සා
  • හැකරැල්ලා
  • මයිටාවෝ
  • පත්තෑයා
  • කෘමීන්

සමනලයා

  • මකුළුවා
  • ඉස්සා
  • කකුළුවා

ගෝනුස්සා

හැකරැල්ලා

මකුළුවා

කකුළුවා

මදුරුවා

 

 

 

46. සත්ත්ව විශේෂ වැඩිම ප්‍රමාණයක් අයත් වන සත්ව වංශය කුමක්ද?

ආත්‍රොපෝඩා වංශය

 

47. මොවුන් ජීවත් වන වාසස්ථාන මොනවාද?

  • සෑම වාසස්ථානයකම(ජලය, වාතය, පස) ජීවත් වේ.

48. මෙම ජීවීන් ආත්‍රොපෝඩාවන් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • ආත්‍රොපෝඩා යන්නෙහි අදහස සන්ධි සහිත පාද ඇති යන්නයි.
  • එනම් මොවුන්ට සන්ධි සහිත පාද පවතී.

49.ආත්‍රොපෝඩාවන්ගේ ශරීරය ඛණ්ඩනය වේද?

  • ශරීරය ඛණ්ඩනය වී පවතී.

50. මොවුන්ගේ දේහය ලක්ෂණ මොනවාද?

 

  • පැහදිලි ශීර්ෂණයක් දැකගත හැකිය.
  • ඛණ්ඩනයක් වු දේහයේ ඛණ්ඩ කීපයක් එකතු වී ටැග්මීකරණය වී ඇත. මෙය ආත්‍රොපෝඩාවන්ට ලාක්ෂණික ලක්ෂණයකි.

සතුන්ගේ ටැග්මීකරණය පහත ආකාරයෙන් දැක්විය හැක.

 

51. මොවුන්ගේ සැකිලි පද්ධතිය පිළිබඳව කුමක් කිව හැකිද?

  • මොවුන්ට බාහිර සැකිල්ලක් පවතී.
  • එය කයිටිනීමය සැකිල්ලකි.
  • මෙම බහිස් සැකිල්ල නිසා මෙම ජීවීන් අඛණ්ඩව වර්ධනය නොවන අතර වරින් වර සැකිල්ල හැලීම සිදුකරයි.

52. ආත්‍රොපෝඩාවන්ගේ ස්නායු පද්ධතිය විස්තර කරන්න.

 

  • ආදි පෘෂ්ඨීය මොළයක් සහිතයි.
  • හොදින් විකසනය වූ උදරීය ස්නායු පද්ධතියක් පවතී.
  • මෙම ස්නායු පද්ධතියේ ස්නායු රැහැන් ඛණ්ඩනය වී පවතී.

 

53. ආත්‍රොපෝඩාවන් සතු සංවේදක ඉන්ද්‍රියන් මොනවාද?

  • සරල හෝ සං‍යුක්ත ඇස්
  • ස්පර්ශක
  • සංවේදී රෝම

54. සං‍යුක්ත ඇස් යනු මොනවාද?

 

  • Omatidia නම් අක්ෂිකා කිහිපයක් එකතු වී සෑදෙන විශාල ඇසකි.

 

55. මොවුන්ගේ රුධිර සංසරණ පද්ධතිය කිනම් ආකාරයේ එකක්ද?

  • විවෘත රුධිර සංසරණ පද්ධතියක්.

56. එම පද්ධතියේ ක්‍රියාකරිත්වය පහදන්න.

 

  • විවෘත රුධිර සංසරණ පද්ධතියක් යනු දේහය පුරා රුධිරය පරිවහනය කිරීමට කේශනාලිකා නොමැති සංසරණ පද්ධතියකි
  • එනම් මෙහිදී හෘදය මගින් ශරීර කුහරය (රුධිර හෙබ) තුළට රුධිරය පොම්ප කරනු ලබයි.
  • රුධිර හෙබ තුළ ඇති රුධිරයෙන් පටක නැහැවී ඇත. මෙහි රුධිර හෙබ ලෙස ක්‍රියා කරන්නේ සීලෝමයයි.
  • නැවත හෘදයට රුධිරය ඇතුළු වන්නේ හෘදයේ ඇති සිදුරු වලිනි.

 

57. මොවුන්ගේ ශ්වසන ආකාර දක්වන්න.

 

  • ජලජ ජීවීන් ජලක්ලෝම භාවිතා කරයි.
  • භෞමික ජීවීන් ශ්වාසනාල පද්ධතිය භාවිත කරයි. (මේවා කයිටීන් සහිත නාළ වේ)
  • ඇරැක්නීඩාවන් පත්පෙණහලු භාවිතා කරයි.

ස්වාසනාලිකා

පත් පෙනහළු

 

58. මෙම සතුන්ගේ බහිස්‍රාවී ඉන්ද්‍රියන් මොනවාද?

  • මැල්පිගීය නාලිකා
  • ක්‍රස්ටේශියාවන් (ඉස්සා) හරිත ග්‍රන්ථි යොදාගනී.

59. මොවුන්ගේ ප්‍රධාන බහිස්‍රාවි ද්‍රව්‍ය කුමක්ද?

 

  • යූරික් අම්ලය

මැල්පිගීය නාලිකා

 

60. මොවුන් ඒක ලිංගිකද? නැතිනම් ද්වී ලිංගිකද?

 

  • ඒක ලිංගිකයි.


 

 

61. මොවුන්ට කීට අවස්ථා පවතීද?

 

  • සමහරුන්ට කීට අවස්ථා ඇත. (සමනලයාගේ කීට අවස්ථාව දලඹුවා වේ)

සමනලයාගේ කීට අවස්ථාව

 

62. මොවුන්ගේ ආහාර මාර්ගය සම්පූර්ණද? අසම්පූර්ණද?

  • සම්පූර්ණ වේ. මුඛයක් හා ගුදයක් සහිතයි.

වංශය – එකයිනොඩමේටා ( Phylum – Echinodermata)

63. එකයිනොඩමේටා වංශයට අයත් වන ජීවීන් සඳහා උදාහරණ ලබාදෙන්න.

 

  • මුහුදු කැකිරි
  • මුහුදු ඉකිරියා
  • මුහුදු කාසි
  • මුහුදු තාරකාවා
  • භංගුර තාරකාවා
  • මුහුදු ලිලී

භංගුර තාරකාවා

පසැඟිල්ලා

මුහුදු ඉකිරි

මුහුදු කැකිරි

මුහුදු ලිලී

මුහුදු කාසි

 

64. මෙම වංශයට අයත් ජීවීන්ගේ වාසස්ථාන මොනවාද?

  • සියල්ලෝම කරදිය වාසීන් වේ.

65. මොවුන් ත්‍රිප්‍රස්තර ජීවීන්ද නැතිනම් ද්විප්‍රස්තර ජීවීන්ද?

  • මෙම වංශයේ සියලු ජීවීන් ත්‍රිප්‍රස්තර වේ.

66. මොවුන් සීලෝමිකද අසීලෝමිකද?

  • සීලෝමිකයි

67. මෙම වංශයේ පරිණත ජීවීන්ගේ ඛණ්ඩනය, ශීර්ෂණය හා සමමිතිය කෙසේද?

  • පරිණත ජීවීන් ඛණ්ඩනයක් නොදරයි.
  • ශීර්ෂණයක් නොදරයි.
  • පංච අරීය සමමිතියක් දරයි.

68. මොවුන්ගේ සෛලීය සැකිල්ල පිළිබඳව කුමක් කිව හැකිද?

  • ඵලක වලින් සමන්විත අන්තඃසැකිල්ලක් ඇති අතර එය තුනී අපිචර්මයකින් ආවරණය වේ.

69. මෙම ජීවීන් සතුව ඇති සංචරණයට හා භෝජනය සඳහා යොදාගන්නේ කුමක්ද?

 

  • නාල පාද යොදාගනී.

 

70. නාල පාද සම්බන්ධ වන්නේ මෙම ජීවීන්ගේ කුමන කොටසටද?

  • ජල වාහිනී පද්ධතියට

71. ජල වාහිනී පද්ධතියේ කාර්‍යය කුමක්ද?

 

  • මෙමගින් ජීවී දේහය පුරා ජලය ගමන් කරවයි.
  • ඒ සඳහා ජල වාහිනී පද්ධතිය හොඳින් ශාඛනය වී ඇත.

 

72. මොවුන්ගේ ආහාර ජීරණ පද්ධතිය පිළිබඳව කුමක් කිව හැකිද?

  • සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් ඇත.
  • මුඛය ජීවියාගේ යටි පැත්තේද, ගුදය ඉහළ පෘෂ්ඨයේ ද පවතී.

73. එකයිනොඩමේටා වංශයේ ජීවීන්ගේ සංසරණ පද්ධතිය පිළිබඳව කුමක් කිව හැකිද?

  • මොවුන්ගේ සංසරණ පද්ධතිය සංවෘත,හෘදයක්
    රහිත, ක්ෂීණ වූ පද්ධතියකි.

74. මොවුන්ගේ ලිංග එකට පවතීද? වෙන වෙනම පවතීද?

ලිංග වෙන වෙනම පවතී.

 

75. මෙම ජීවීන්ගේ සංසේචන ආකාරය කුමක්ද?

  • බාහිර සංසේචනය සිදුකරයි.

76. මෙම ජීවීන්ට කීට අවස්ථා පවතීද?

  • කීට අවස්ථා ඇති අතර එම අවස්ථාවේදී ද්විපාර්ශවික සමමිතියක් පෙන්නුම් කරනු ලබයි.

77. මොවුන්ගේ ස්නායු පද්ධතිය පිළිබඳව කුමක් කිව හැකිද?

 

  • ස්නායු වලයක් සහිත ස්නායු ජාලයක් ඇත.

 

78. මොවුන් ඩියුටෙරාස්ටෝමිකයන්ද? ප්‍රෝටොසොමිකයින්ද?

  • ඩියුටෙරාස්ටෝමිකයන් වේ.

79. ඩියුටෙරාස්ටෝමිකයන් හා ප්‍රෝටොසොමිකයින් වෙන්කර හඳුනාගන්නේ කෙසේද?

 

  • ඩියුටෙරාස්ටෝමිකයන් තම කළලරූපී වර්ධනයේදී මුඛයට පෙර ගුදය වර්ධනය කරගනී.
  • ප්‍රෝටොසොමිකයින් තම කළලරූපී වර්ධනයේදී ගුදයට පෙර මුඛය වර්ධනය කරගනී.

Development of Protostomes & Deuterostomes

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet