ජීව විද්‍යාව03. ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය3.2.4 - ප්ලාන්ටේ රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

3.2.4 – ප්ලාන්ටේ රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

 

පාඩමේ සටහන Download කරගන්න.

 

01.ප්ලාන්ටේ රාජධානිය අයත් වන්නේ කුමන අධිරාජධානියටද?

 

• ඉයුකැරියා

 

02.ප්ලාන්ටේ රාජධානිය පරිණාමය වී ඇතැයි සැලකෙන්නේ කුමන ජීවීන්ගෙන්ද?

 

• හරිත ඇල්ගී/chlorophyta

 

03.එසේ පරිණාමය වී ඇතැයි සැලකීමට හේතුවන ප්ලාන්ටේ රාජධානියේ ජීවීන් හා ඉහත ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා මොනවාද ?

 

• කණ්ඩායම් දෙකම ch-a,ch-b,කැරොටින් ,සැන්තොෆිල් වර්ණක දැරීම.

• කණ්ඩායම් දෙකම සෛල බිත්ති සංඝටකය ලෙස සෙලියුලෝස් දැරීම.

• කණ්ඩායම් දෙකම සංචිත ආහාරය ලෙස පිෂ්ටය දැරීම.

 

04.ප්ලාන්ටේ ජීවීන්ගේ දක්නට ලැබෙන නමුත් ඉහත ජීවීන්ගේ දක්නට නොලැබුනු ලක්ෂණ මොනවාද ?

 

  • පරාධීන කලලය
  • අග්‍රස්ථ දැරීම
  • බීජාණුධානි තුල නිපදවෙන බිත්තියකින් ආවරණය වූ බීජාණු තිබීම.

• බහුසෛලික ජණ්මානුධානි තිබීම…

05.ශාක ප්‍රධාන වශයෙන් බෙදා වෙන් කළ හැකි කාණ්ඩ දෙක මොනවා ද?

  • විශාල ශාක
  • සනාල ශාක

06.සනාල පටක රහිත ශාක/ විශාල ශාක වංශ හා ඒවාට උදාහරණ දෙන්න.

  • වංශය- බ්‍රයෝෆයිටා- පාසි – Pogonatum
  • වංශය – හෙපටොෆයිටා – Marchantia
  • වංශය – ඇන්තොසෙරෝෆයිටා – Anthoceros ( අං ශාක)

07.සනාල පටක දරන බීජ රහිත ශාක වංශ හා ඒවාට උදාහරණ දෙන්න.

  • වංශය – ලයිකොෆයිටා – Selaginella
  • වංශය – ටෙරෝෆයිටා – Nephrolepis

08.සනාල පටක දරන බීජ ශාකවල විවෘත බීජ ශාක වංශ හා ඒවාට උදාහරණ දෙන්න.

  • වංශය – සයිකැඩෝෆයිටා – Cycus
  • වංශය – කොනිෆෙරෝෆයිටා – Pinus
  • වංශය – නීටොෆයිටා – Gnetum

09.සනාල පටක දරන බීජ ශාකවල ආවෘත බීජ ශාක වංශය සදහන් කරන්න.

  • වංශය – ඇන්තොසෙරෝෆයිටා (සියලු ම සපුෂ්ප ශාක)

10.විනාල ශාක යන්නෙහි අරුත කුමක් ද?

  • විශ්ලේෂණය වූ සනාල පටක පද්ධතියක් නැති ශාක විනාල ශාක ලෙස හැඳින්වේ.

11.බ්‍රයෝෆයිටා වංශයට අයත් ශාක විශේෂයක් නම් කරන්න.

 

pogonatum

 

12.මෙම වංශයට අයත් ශාක වැඩෙන්නේ කුමන පරිසර වලද?

 

• තෙතමනය සහිත භෞමික පරිසර පද්ධතිවල

 

13.මෙම වංශයේ ශාකවල ජීවන චක්‍රයේ ප්‍රමුඛ වන්නේ කුමන ශාක පරම්පරාවද?

 

• ඒකගුණ ජන්මාණු ශාක පරම්පරාව.

 

14. _Pogonatumහි_ ජන්මාණු ශාකයේ ලක්ෂණ 5 සඳහන් කරන්න.

 

• ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන ස්වාධීන ශාකයකි.

• ජන්මාණු ශාකය ‘පත්‍ර’,’කඳ’ ,මූලාභ ලෙස විභේදිතයි.

• සනාල පටක රහිතයි.

• ද්විගෘහීයි.

• පුං ජන්මාණු ශාකයේ ශුක්‍රාණු නිපදවන ශුක්‍රාණුධානි/ඇන්තරිඩියා දරන අතර ජායා ජන්මාණු ශාකය අණ්ඩාණුධානි දරයි.

 

15.බ්‍රයෝෆයිටාහි ජීවීන් දක්වන්නේ කුමන ආකාරයේ සංසේචනයක්ද?

 

•අභ්‍යන්තර සංසේචනය

 

16.සංසේචනය සිදුවන්නේ කෙසේද?

 

• පුං ජන්මාණු ශාකය නිපදවන කෂිකාධර ශුක්‍රාණු සංසේචනයට තුනී ජල පටලයක් ඔස්සේ පීනා ගොස් ජායා ජන්මාණු ශාකයේ අණ්ඩාණුධානිය තුල ඇති අණ්ඩ සෛලය සමඟ සංසේචනය .

 

17.විකසනය වන බීජාණු ශාකයේ ලක්ෂණ මොනවාද ?

 

• ද්විගුණයි.

• බීජාණු ශාකය වැඩෙනුයේ ජායා ජන්මාණු ශාකය මතයි.දිගු කලක් නොපවතී.

• ළපටි අවධියේදී කොළ පැහැතියි..ප්‍රහාසංශ්ලේෂීය.

• එහෙත් ජලය හා ඛනිජ ජායා ජණ්මාණු ශාකයෙන් අවශෝෂණය කර ගනී.

• බීජාණු ශාකයේ වායව කොටස්වල පූටිකා වැනි අන්වීක්ෂීය සිදුරු ඇත.

 

18.බ්‍රයෝෆයිටාවන් නිපදවන බීජාණු කුමන ආකාරයේ ඒවාද?

 

• සම බීජාණුකයි.

Pogonatum

Marchantia

Anthoceros

 

19.සනාල ශාක යනු කුමක්ද?

 

• ශෛලම ප්ලෝයම ලෙස  විශේෂණය වූ සනාල පටක සහිත ශාක .

 

20.සනාල ශාක වල ලක්ෂණ සඳහන් කරන්න.

 

• බීජාණු ශාකය ප්‍රමුඛයි.ද්විගුණයි .

• ජන්මාණු ශාකය දුර්වලයි.සනාල ශාක පරිණාමිකව දියුණුවත්ම ජන්මාණු ශාකය දුර්වල වේ.

• සමබීජාණුක සිට විෂමබීජාණුක දක්වා දියුණු වේ.

• දියුණුම කාණ්ඩය පුෂ්ප නිපදවයි.

 

21.සනාල ශාක බීජ ඇති නැති බව අනුව කාණ්ඩ දෙක නම් කරන්න.

 

• බීජ රහිත සනාල ශාක.

• බීජ සහිත සනාල ශාක.

 

22.බීජ රහිත සනාල ශාක අයත් වංශ මොනවාද ?

 

• ලයිකොෆයිටා වංශය

• ටෙරෝෆයිටා වංශය .

 

23.බීජ ශාක හා වඩාත් මෑත කාලීන පොදු පූර්වජයෙකුගෙන් පරිණාමය වී ඇතැයි සැලකෙන්නේ ඉහත කුමන ශාක වංශයද?

 

• ටෙරෝෆයිටා වංශය

 

24.ෆොසිල මඟින් ලැබෙන සාක්ෂි අනුව පූර්වජ සනාල ශාකවල ලක්ෂණ මොනවාද?

 

• පූර්වජ සනාල ශාකවල මුල් නැත.

• ජන්මාණු ශාකය හා බීජාණු ශාකය විශාලත්වයෙන් සමාන විය.

 

25.බීජ රහිත සනාල ශාකවල වැදගත් ලක්ෂණ 4 සඳහන් කරන්න.

 

• ශෛලම හා ප්ලෝයම ඔස්සේ ද්‍රව්‍ය පරිවහනය

• මුල්වල පරිණාමය

• පත්‍රවල පරිණාමය

• බීජාණු පත්‍ර හා බීජාණුවල ප්‍රභේදනය.

 

26.බීජ රහිත සනාල ශාකවල ශෛලමයේ අඩංගු සෛල වර්ග මොනවාද?

 

•  වාහකාභ

• ශෛලමීය තන්තු

• ශෛලමීය මෘදුස්ථර

 

27.ලිග්නීන් වලින් ඝන වී ඇත්තේ ශෛලමයේ කුමන කොටස්ද?

 

• වාහාකාභ

• තන්තු

 

28.එසේ ලිග්නීන් තැන්පත් වීමෙන් ඇති වාසිය කුමක්ද ?

 

• සන්ධාරනයට දායක වේ.සන්ධාරනය නිසා උස යාමට ඉඩ ලැබේ.

 

29.ශාකයක් උසයෑම ශාකයකට වාසිදායක වන්නේ කෙසේද ?

 

• ප්‍රභාසංශ්ලේෂණයට වැඩි ආලෝකයක් ලබා ගැනීම හා බීජාණු ව්‍යාප්තියට පහසු වේ.

 

30.බීජ රහිත සනාල ශාකවල ප්ලෝයමයේ අඩංගු සෛල වර්ග මොනවාද ?

 

• පෙනේර සෛල

• ප්ලෝයමීය තන්තු

• ප්ලෝයමීය මෘදුස්ථර

 

31.මුල් යනු මොනවාද ?

 

• පසෙන් / උපස්තරයෙන් ජලය හා පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නා හා ප්‍රරෝහ පද්ධතිය උසින් වර්ධනය වීමට අවස්ථාව සලසමින් ශාක පසට සවිකර තබන අවයවය.

 

32.බ්‍රයෝෆයිටාහි තිබූ කුමන ව්‍යුහ සනාල ශාකවල මුල් මඟින් ප්‍රතිස්ථාපනය වී ඇත්ද?

 

• මූලාභ

 

33.ශාක පත්‍ර යනු කුමක්ද?

 

• ශාකවල ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන අවයවය.

 

34.ශාක පත්‍ර අකාර දෙක නම් කරන්න.

 

• ක්ෂුද්‍ර පත්‍ර

• මහා පත්‍ර

 

35.ක්ෂුද්‍ර පත්‍රවල ව්‍යුහය කෙසේද?

 

• ප්‍රමාණයෙන් කුඩායි.

• ශාඛනය නොවූ තනි නාරටියක් දරයි.

36.මහා පත්‍රවල ව්‍යුහය කෙසේද?

 

• ප්‍රමාණයෙන් විශාලය.

• පැතලි හැඩයක් ගනී.

• ශාඛනය වූ නාරටි ජාලයක් දරයි.

 

37.බීජාණු පත්‍ර යනු මොනවාද?

 

• බීජාණුධානි දරා සිටීමට විශේෂණය වූ පත්‍ර.

 

38.සමබීජාණුකතාව යනු කුමක්ද?

 

• එක් වර්ගයක බීජාණු නිපදවන එක් වර්ගයක බීජාණුධානි වලින් සමන්විත ශාක.

 

39.විෂමබීජාණුකතාව යනු කුමක්ද?

 

• ක්ෂුද්‍ර බීජාණු හා මහා බීජාණු ලෙස බීජාණු වර්ග දෙකක් නිපදවයි.ක්ෂුද්‍ර බීජාණුව පුං ජන්මාණු ශාකය බවටත් මහා බීජාණුව ජායා ජන්මාණු ශාකය බවටත් විකසනය වේ.

 

40.ලයිකොෆයිටාවන් හමුවන්නේ කුමන පරිසරවලද?

 

• භෞමිකවාසීයි.සමහර ශාක මත අපිශාක ලෙස වැඩෙයි.

 

41.මෙම වංශයේ ජීවීන්ගේ ජීවන චක්‍රයේ ප්‍රමුඛ වන්නේ කුමන ශාක පරම්පරාවද?

 

• ද්විගුණ බීජාණු ශාක පරම්පරාව.

 

42.ලයිකොෆයිටා වංශයට අයත් ශාක විශේෂ 2ක් සඳහන් කරන්න.

 

Lycopodium(ගදා පාසි)

Selaginella( ශුකි පාසි)

 

43.ලයිකොෆයිටා වංශයේ ජීවීන් නිපදවන බීජාණු කුමන ආකාරයේද?

 

• සමබීජාණුක මෙන්ම විෂමබීජාණුක ආකාරද ඇත.

• ගදා පාසි සියල්ල සමබීජාණුකයි.

• ශුකි පාසි සියල්ල විෂමබීජාණුකයි.

 

44.ලයිකොෆයිටාවන්හි බීජාණු ශාකයේ ලක්ෂණ සඳහන් කරන්න.

 

• ශාක දේහය මුල ,කඳ ,පත්‍ර ලෙස විභේදිතයි .

• කඳන් ඍජුව වැඩෙන සිරස් කඳන් හා පොළොව මත තිරස්ව වැඩෙන කඳන් දරයි.

• තිරස් කඳන් වලින් ද්විභාජී දෙබෙදුම් ලෙස බෙදෙන මුල් හට ගනී.

• මෙම ශාක සංකේතු දරයි.

 

45.සංකේතුව යනු කුමක්ද?

 

• බොහෝ ගදා පාසි හා ශුකි පාසිවල බීජාණු පත්‍ර එකතු වී සාදා ඇති ගදා හැඩැති ව්‍යුහ .

 

46.ලයිකොෆයිටාවන්හි ජන්මාණු ශාකයේ ලක්ෂණ සඳහන් කරන්න.

 

• සමහර විශේෂවල සිහින් ජන්මාණු ශාකය පස මත ජීවත් වෙයි.

• ප්‍රභාසංස්ලේෂක ය.

• අනෙක් විශේෂ පස යට ජීවත් වෙයි.

• සහජීවී දිලීර මඟින් පෝෂණය ලබයි.

• සංසේචනයට බාහිර ජලය අත්‍යවශ්‍යයි.

Selaginella

Lycopodium

 

47.ටෙරෝෆයිටා වංශයට අයත් ශාක විශේෂයක් නම් කරන්න.

 

Nephrolepis

 

48.ඉහත වංශයේ ජීවීන් හමුවන්නේ කුමන පරිසරවලද?

 

• භෞමික පරිසරවල බහුලයි.ජලජ මෙන්ම අපිශාක ලෙසද ඇත.

 

49.ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාක පරම්පරාව කුමක්ද?

 

• ද්විගුණ බීජාණු ශාක පරම්පරාව

 

50.බීජාණු ශාකයේ ලක්ෂණ මොනවාද ?

 

• මුල,කඳ,පත්‍ර ලෙස විභේදිතයි .

• බොහෝ බීජාණු ශාකවල කඳ භූගත.රයිසෝමයකි.

• රයිසෝමයේ කෙළවරින් ඉහලට පත්‍ර ඇතිවේ.

• පත්‍ර පක්ෂවත් සංයුක්ත පත්‍ර වේ.

• ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය පෙන්වයි.

• පත්‍ර පුටිකා දරයි.

• උච්චර්මයක් ඇත.

 

51.ටෙරෝෆයිටා වංශයේ ජීවීන් නිපදවන්නේ කුමන ආකාරයේ බීජාණුද?

 

• සියල්ල සමබීජාණුකයි.

 

52.ටෙරෝෆයිටාහි ජන්මාණු ශාකයේ ලක්ෂණ 5 ක් ලියන්න.

 

• කුඩායි.

• ද්විලිංගිකයි.

• ස්වයංපෝෂියි

• සංසේචනයට බාහිර ජලය අත්‍යවශ්‍යයි..

Nephrolepis

 

53.බීජ සහිත සනාල ශාක අයත් වංශය මොනවාද?

 

• සයිකැඩෝෆයිටා

• කොනිෆෙරෝෆයිටා

• නීටොෆයිටා

• ඇන්තොෆයිටා

 

54.බීජ විකසනය වීමේදී බීජ පරිණතියට පත් වීම සඳහා වැසුනු කුටියක් සහිත බව හෝ රහිත බව මත බීජ ශාක කාණ්ඩ 2 මොනවාද ?

 

• ආවෘත බීජක ශාක /නග්න බීජක ශාක

• අවෘත බීජක ශාක

 

55.විවෘත බීජක ශාක යනු මොනවාද?

 

• බීජ කුටීර තුළ වැසී නොපිහිටයි.පරිසරයට නිරාවරණය වී ඇත.

 

56.ආවෘත බීජක ශාක යනු මොනවාද ?

 

• බීජ ඩිම්බකෝෂ නැමති කුටීර තුළ අඩංගුය.බාහිර පරිසරයට නිරාවරණය වී නැත.

 

57.බීජ ශාකවල වැදගත් ලක්ෂණ 5 ක් සඳහන් කරන්න.

 

• බීජ නිෂ්පාදනය

• ක්ෂීන වූ ජන්මාණු ශාකය

• විෂමබීජාණුකතාව

• ඩිම්බ හා අණ්ඩ නිපදවීම

• පරාග හා ශුක්‍රාණු නිපදවීම.

 

58.බීජයක් යනු කුමක් ද ?

 

• ලිංගික ප්‍රජනනයේ දී නිපදවෙන කලලයක් හා භ්‍රූණපෝෂයක් සහිත බීජා වරණයකින් වට වූ ව්‍යාප්ති ඒකකයකි.

 

59.කලලයට ආහාර සැපයෙන්නේ කෙසේද?

 

• භ්‍රෑණපෝෂයේ සංචිත වී ඇති ආහාර මඟින්.

 

60.බීජ ශාකවල ජන්මාණු ශාකයේ ලක්ෂණ මොනවාද?

 

• • බොහෝ දුරට අන්වීක්ෂීය යි.

• භෞමික පරිසරයේ තනිව ජීවත්වීමට අනුවර්තනය නොදක්වයි.

• ඒවා බීජාණු ශාකයේ මහා බීජාණුධානි තුළ හා වෙනත් කොටස් තුළ පවතී .

 

61.ජන්මානු ශාකය බීජාණු ශාකය තුළ රැඳී පැවතීමට හේතුව කුමක්ද ?

 

• ජන්මානු ශාකය අහිතකර පරිසර තත්ත්ව වලින් /පරිසර ආතති වලින් ආරක්ෂා කරයි .

 

62.බීජානු ශාකයෙන් තෙත් ප්‍රජනක පටක මගින් සිදුකරන කෘත්‍ය කුමක්ද?

 

• ජන්මාණු ශාකය හිරු එළියෙන් වියළී යාම වළකී.

• UV විකිරණ වලට නිරාවරණය වීම වළකී .

• ජන්මාණු ශාකය ට ආරක්ෂාව හා පෝෂණය ද ලැබේ.

 

63.බීජ ශාක වල ජන්මාණු ශාකය “පරාධීන ජන්මාණු ශාකයක් “ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද ?

 

• බීජානු ශාකයෙන් පෝෂණය ලබා ගන්නා බැවින්.

 

64.ඩිම්බය යනු කුමක්ද?

 

•මහාබීජාණුධානිය ,මහාබීජාණුව,ආවරණ පටක සියල්ල එකට සැලකූ විට ඩිම්බය නම් වේ.

 

65.ඩිම්බාවරණය යනු කුමක්ද?

 

• මහාබීජාණුධානිය ආරක්ෂා කරනු ලබන බීජාණු ශාක පටක ස්ථරය.

 

66.එක් එක් ඩිම්බය තුළ ඇති මහාබීජාණුව ප්‍රරෝහණයෙන් ඇති වන්නේ කුමක්ද ?

 

• ජායා ජන්මාණු ශාකය

 

67.ජායා ජන්මාණු ශාකය තුළ අඩංගු වන්නේ මොනවාද ?

 

• අණ්ඩ සෛල(ජායා ජන්මාණු ) එකක් හෝ කීපයක් .

 

68.ක්ෂුද්‍ර බීජාණුව ප්‍රරෝහණයෙන් ඇති වන්නේ කුමක්ද?

 

• පරාග කණිකාවක් බවට විකසනය වේ.එම පරාග කණිකාව තවදුරටත් විකසනය වී ” පුං ජණ්මානු ශාකය ” බවට පත් වේ.

 

69.පරාග කණිකාවේ බිත්තිය ඝන වී ඇති පොලිසැකරයිඩය කුමක්ද?

 

• ස්පොරොපොලිනින්

 

70.පරාග කණිකාවේ බිත්තියේ එම බහුඅවයවිකය තැන්පත් වීමේ වාසිය කුමක්ද?

 

•පරාගණයේදී පරාග කණිකාව ආරක්ෂා කරයි.

.

 

71.දියුණු ශාකවල පරාග නාලය හරහා කුමක් සිදු කරයිද?

 

• ශුක්‍රාණු ජායා ජන්මාණු ශාකය තුළට යාමට ආධාර කරයි.

 

72.නොදියුණු බීජ ශාකවල එනම් සමහර විවෘත බීජක ශාකවල ශුක්‍රාණු කෂිකාධර වේ.මීට හේතුව කුමක්ද?

 

• ජලීය මාධ්‍යක් ඔස්සේ පිහිනා යාමට.

 

73.දියුණු ශාක වල බීජාණු කෂිකාධර නොවේ.මීට හේතුව කුමක්ද?

 

• පරාග නාලය ඔස්සේ ඍජුව සම්ප්‍රේෂණය වන නිසා චාලක හැකියාවක් අවශ්‍ය නොවේ.

 

74.විවෘත බීජක ශාක අයත් වංශ 3 නම් කරන්න.

 

• සයිකැඩෝෆයිටා

• කොනිෆෙරෝෆයිටා

• නීටොෆයිටා

 

75.Cycadophyta වංශයට අයත් ශාක විශේෂයක් නම් කරන්න.

 

Cycas

 

76.මෙම වංශයට අයත් ශාකවල ලක්ෂණ සඳහන් කරන්න.

 

• ද්විගුණ බීජාණු ශාක පරම්පරාව ප්‍රමුඛයි.

• විෂමබීජාණුකයි .

• තාල වර්ගයට අයත් ශාක පත්‍රවලට සමාන පෙනුමක් ඇති පත්‍ර ඇත.

• බීජ රහිත සනාල ශාක වලට සමාන ලෙස කෂිකාධර ශුක්‍රාණු ඇත.

Cycas ඩිම්බ

Cycas පුංකේතුව

 

77.කොනිෆෙරෝෆයිටා වංශයට අයත් ශාක සඳහා උදාහරණ දෙන්න.

 

• Pinus

• රෙඩ්වුඩ්

• සයිප්‍රස්

 

78.මෙම වංශයේ ශාකවල ලක්ෂණ සඳහන් කරන්න .

 

• භෞමික ශාක වේ.

• පුං කේතු හා ජායා කේතු එකම ශාකයේ ඇති වේ.එනම් ඒකගෘහී වේ.

• සංසේචනයට බාහිර ජලය අවශ්‍ය නැත.

Pinus

 

79.ශෛලම වාහිනී පිහිටන එකම විවෘත බීජක ශාක වංශය කුමක්ද?

 

• නීටොෆයිටා

 

80.නීටොෆයිටා වංශයට අයත් ශාකයක් සඳහා උදාහරණයක් දෙන්න.

 

Gnetum

 

81.නීටොෆයිටා වංශයට අයත් ශාකවල ලක්ෂණ 4 ක් සඳහන් කරන්න.

 

• සපුෂ්ප ශාකවල ස්වරූපයට බොහෝ දුරට සමානයි.පූර්වජයන් වේ.

• ශාක පත්‍රවල ස්වරූපය සපුෂ්ප ශාක පත්‍රවල ස්වරූපයට බොහෝ සමානයි

• මේවායේ බීජ ආවෘත බීජක ශාකවල ඵල වලට සමානයි .

• පඳුරු හෝ වැල් ලෙස වැඩෙන ශාකයකි.

Gnetum

 

82.ආවෘත බීජක ශාක අයත් ශාක වංශය සඳහන් කරන්න .

 

• ඇන්තොෆයිටා

 

83.ඇන්තොෆයිටා වංශයේ ශාක සතු ලක්ෂණ පහක් සඳහන් කරන්න .

 

• පුෂ්ප දැරීම

• රේණුවල ක්ෂුද්‍ර බීජාණු නිපදවයි .ඒවා පරාග කණිකා බවට විකසනය වේ .පරාග කණිකා තුළ තුළ පුං ජන්මාණු අඩංගු වේ .

• අණ්ඩප තුළ මහා බීජාණු නිපදවයි.ඒවා ප්‍රරෝහණය වී ජායා ජන්මාණු ශාකය ශාකය /කලල කෝෂය නිපදවයි .

• බීජ අණ්ඩප තුළ පිහිටයි .

• ඵල නිෂ්පාදනය .

 

84.ඵල නිෂ්පාදනය ඇන්තොෆයිටාවන්ට අනන්‍ය ලක්ෂණයක් ද ?

 

• ඔව්

 

85.දර්ශීය වශයෙන් ඵලය තුළ අඩංගු වන්නේ මොනවාද?

 

• සංසේචිත ඩිම්බය හා පුෂ්පයේ සමහර අප්‍රපතන කොටස් .

 

86.සංසේචනයෙන් පසු ඵලය බවට පත් වෙන්නේ කුමන කොටසද ?

 

• ඩිම්බකෝෂය

 

87.සංසේචනයෙන් පසු ඩිම්බ වලට කුමක් සිදු වේද ?

 

• බීජ බවට පත් වේ .

 

88.ඵලය මඟින් ඉටුවන කෘත්‍ය කුමක්ද ?

 

• සුප්ත බීජ ආරක්ෂා කරන අතර ව්‍යාප්තියට උපකාරී වේ .

 

89.කලලයේ පවතින බීජ පත්‍ර සංඛ්‍යාව පදනම් කරගෙන සපුෂ්ප ශාක කාණ්ඩ දෙක කුමක්ද ?

 

• ඒක බීජ පත්‍රී (monocotyledonae)

• ද්වි බීජ පත්‍රී ( dicotyledonae)

 

90.ඒක බීජ පත්‍රී ශාක සඳහා උදාහරණ දෙන්න .

 

• තෘණ

• වී

• පොල්

 

91.ඒක බීජ පත්‍රී ශාක වල ලක්ෂණ සඳහන් කරන්න .

 

• කලලය බීජ පත්‍ර එකක් දරයි .

•තන්තුමය මූල පද්ධතියක් ඇත.

• පත්‍ර වල සමාන්තර නාරටි වින්‍යාසයක් ඇත .

• පුෂ්පයේ පරිපුෂ්පය ඇත.

• පරාග කණිකාව එක් විවරයක් සහිතයි.

• කඳේ සනාල කලාප විසිරී ඇත.කැම්බියමක් නැත .

 

92.ද්විබීජ ප බීජ පත්‍රී ශාක සඳහා උදාහරණ දෙන්න .

 

• රෝස

• වද

• Cucurbita ශාක

 

93.ද්විබීජ පත්‍රී ශාක වල ලක්ෂණ සඳහන් කරන්න .

 

• කලලයට බීජ පත්‍ර දෙකක් ඇත .

• මුදුන් මූල පද්ධතියක් ඇත.

• පත්‍ර වල ජාලාභ නාරටි වින්‍යාසයක් ඇත .

• පුෂ්ප කොටස් චතුර් අංක හෝ පංචාංකයි.

• මණිය මුකුටය පැහැදිලිව වෙන් කර හඳුනා ගත හැක .

• පරාග කණිකාවට විවර තුනක් ඇත .

• කඳේ සනාල කලාප වලයාකාර ව සකස් වී ඇත .කැම්බියමක් ඇත.

Anthophyta

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet