No menu items!
ජීව විද්‍යාව09. ක්ෂුද්‍ර ජීව විද්‍යාව9.5.1. දුෂිත ආහාර මගින් වැලදෙන රෝග නිරාවරණය සදහා දායක වෙයි

9.5.1. දුෂිත ආහාර මගින් වැලදෙන රෝග නිරාවරණය සදහා දායක වෙයි

 පාඩමේ සටහන Download කරගන්න.

ආහාර ක්ෂුද්‍රජිවීන් මගින් නරක් වීම

  1. ආහාර නරක් වීම යනු ?
  • ආහාර වල ක්ෂුද්‍ර ජිවින් වර්ධනය වීම නිසා ඒ ආහාර වල භෞතික, රසායනික හා ජිිව විද්‍යාත්මක ව්‍යුහ වෙනස් වී පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වීම.

 

2. ආහාර නරක් විමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමට ක්ෂුද්‍ර ජීවීන් ශ්‍රාවය කරන බහිඃසෛලිය එන්සයිම මොනවාද?

  • ඇමයිලේස්
  • පෙක්ටිනේස්
  • සෙලියුලේස්
  • ප්‍රෝටියේස්
  • ලයිපේස්

 

ආහාර නරක් වීමේ දි සිදුවන භෞතික හා රසායනික විපර්යාස

3. ආහාරයේ සිදුවන රසායනික විපර්යාස මොනවාද?

  • පුතිභවනය
  • පැසිම
  • මුඩුවීම

 

4. ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල, ඇමීන, ඇමෝනියා, හයිඩ්‍රජන් සල්ෆයිඩ් ( H2S) බවට පත් කරන ක්ෂුද්‍ර ජිවියා හා එන්සයිමය කුමක්ද?

  • ප්‍රෝටියෝලිටික ක්ෂුද්‍රජිවියා
  • ප්‍රෝටියෝලිටික එන්සයිමය

 

5. පැසිමේ දි සරල කාබෝහයිඩ්‍රේට බවට පත් කරන්නේ ?

  • ක්ෂුද්‍ර ජිවින් ශ්‍රාවය කරන ඇමයිලේස්

 

6. සැකරොලිටික ක්ෂුද්‍ර ජිවියා මගින් ශ්‍රාවය කරන එන්සයිම මගින් සරල කාබෝහයිඩ්‍රේට කුමන ඒ්වා ලෙස පරිවර්තනය වේද?

  • සරල කාබෝහයිඩ්‍රේට කාබෝහයිඩ්‍රේට ආහාරමය අම්ල+ මධ්‍යාසර+ වායු වර්ග (CO2)

 

7. මුඩු වීමට දායක වන ක්ෂුද්‍ර ජිවි වර්ගය කුමක්ද?

  • ලිපෝලිටික ක්ෂුද්‍රජිවින්

 

8. ආහාර වල සිදුවන භෞතික විපර්යාස මොනවාද?

  • ආහාර මෘදු වීම
  • වර්ණීභවනය
  • නුල් වැනි ස්වාභාවය (Ropiness)
  • සෙවල හා මැලියම් සෑදීම (පොලිසැකරයිඩ)
  • විෂ එකතු වීම

 

ආහාර නරක් විමට බලපාන සාධක

9. ආහාර නරක් වීමට බලපාන බාහිර සාධක මොනවාද?

  • ගබඩා කිරිමේ උෂ්ණත්වය
  • පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව (RH)
  • පරිසරයේ වායුවල පැවැත්ම හා සාන්ද්‍රණය

 

10. ආහාර නරක් වීමට බලපාන අභ්‍යන්තර සාධක මොනවාද?

  • pH අගය
  • තෙතමනය ප්‍රමාණය
  • පෝෂක ප්‍රමාණය
  • ජීව විද්‍යාත්මක ව්‍යුහය

 

11. පුස් හා යීස්ට් වලට වර්ධනය විය හැකි pH පරාසය කුමක්ද?

  • pH 2- pH 10

 

12. බැක්ටිරියාවන් වර්ධනය වන pH පරාසය කුමක්ද?

  • pH 5- pH 7

 

13. ලුණු හා සීනි අඩංගු ආහාර (ජලය ප්‍රමාණය ඉතා අඩු) නරක් වීමට ලක් කරනුයේ කුමන බැක්ටීරියාවන්ද?

  • ලවණකාමි බැක්ටිරියා
  • ආශුතකාමි/ ශුෂ්කකාමි පුස්/ යීස්ට්

 

14. ආහාර මගින් මිනිසාට පැතිරෙන ව්‍යාධිජනක වන්නේ?

  • උණසන්නිපාතය
  • අතිිසාරය
  • කොලරාව
  • ආහාර විෂ විිම
  • බොටියුලිනියාව
  • ඇෆ්ලටොක්සින්

 

15. උණසන්නිපාතය සදහා දායක වන බැක්ටීරියාව වන්නේ?

  • Salmonella typhi

 

16. Clostridium botulinum බැක්ටීරියා විෂ මගින් මිනිසාට ඇති කරන රෝගය කුමක්ද?

  • බොටියුලිනියාව

 

17. ආහාර විෂ වීම සදහා දායක වන බැක්ටීරියාව වන්නේ?

  • Staphylococcus aureus
  • Salmonella typhi

 

18. මිනිසාට අතිසාරය වැලදිමට දායක වන බැක්ටීරියාව වනුයේ?

  • Shigella

 

19. Aspergillus flavus බැක්ටීරියාව මගින් මිනිසාට සෑදෙන රෝගය වන්නේ කුමක්ද?

  • ඇෆ්ලටොක්සින්

 

20. මිනිසාට කොලරාව සෑදිමට දායක වන බැක්ටීරියාව වන්නේ ?

  • Vibrio cholerae

 

ආහාර නරක් වීම මානව සෞඛ්‍යයට ඇති කරන බලපැම්

21. ආහාර මගින් වැලදෙන ආසාදන මොනවාද?

  • උණසන්නිපාතය
  • අතීසාරය
  • කොලරාව

 

22. ආහාර විෂවිමෙන් ඇති වන රෝග මොනවාද?

  • ආහාර විෂවීම –Staphylococcus aureus
  • බොටියුලිනියාව – Clostridium botulinum
  • ඇෆ්ලටොක්සින් -Produced by Fungi Aspergillus flavus

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.