විද්‍යා අංශයජීව විද්‍යාව5.8.1 - ජීවීන්ගේ ප්‍රජනන රටා විමසා බලයි.

5.8.1 – ජීවීන්ගේ ප්‍රජනන රටා විමසා බලයි.

 

ජීවීන්ගේ ප්‍රජනන රටා

 

1.අලිංගික ප්‍රජනනයේ වාසි මොනවාද?

  • වඩාත් සාර්ථක ප්‍රවේණි දර්ශය විශිෂ්ට ලෙස ව්‍යාප්ත කළ හැක .
  • ශීඝ්‍ර ගුණනය සිදුවීම.

 

2.අලිංගික ප්‍රජනනයේ අවාසි මොනවාද?

  • ජීවියෙකුගේ අහිතකර විකෘතියක් ඇත්නම් එය ගහනයේ සියලු ජීවීන්ට මාරාන්තික ලෙස බලපායි.

 

3.අලිංගික ප්‍රජනනය වඩාත් වාසි වාසිදායක වන්නේ කුමන තත්ත්ව යටතේද?

  • ස්ථායි පරිසර හිතකාමි තත්ත්ව යටතේදීය.

 

4.ලිංගික ප්‍රජනනයේ වාසි මොනවාද?

  • වෙනස් වන පරිසරයට ඔරොත්තු දෙන විශේෂ බිහිවීම.
  • ප්‍රජනකව සාර්ථක විශේෂ බිහිවීම.
  • වාසිදායක ජාන සංයෝජනය නිසා අනුවර්තනය වේගවත් වෙයි.
  • ජාන මිශ්‍ර වීම නිසා අහිතකර ජාන ගහනයෙන් ඉවත් වී විශේෂයේ පැවැත්ම හොඳින් තහවුරු වෙයි.

 

5.ලිංගික ප්‍රජනනයෙන් වෙනස් වූ ජාන දර්ශ බිහිවීමට උපකාරී වන ක්‍රියාවලිය කුමක්ද?

  • ඌනන ප්‍රතිසංයෝජනය

 

 

 

මානව පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

 

6.පුරුෂ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන අභ්‍යන්තර ව්‍යුහ මොනවාද?

  • වෘෂණ [ගොනැඩ]
  • අතිරේක ග්‍රන්ථි
  • අපිවෘෂණ
  • ප්‍රණාල

 

7.පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිර ව්‍යුහ මොනවාද?

  • වෘෂණ කෝෂ
  • ශිෂ්ණය

 

8.පහත කොටස්වල ප්‍රධාන කෘත්‍ය සඳහන් කරන්න.

  • වෘෂණ –

      • ශුක්‍රාණු හා ප්‍රජනක හෝමෝන නිපදවීම.
 

 

  • අපිවෘෂණ –

      • පරිණත ශුක්‍රාණු සංචිත කර තබාගැනීම.
 

 

  • අතිරේක ග්‍රන්ථි – 

      • ශුක්‍රාණු චලනයට අවශ්‍ය තරල ස්‍රාවය.
 
  •  
  • ප්‍රණාල – 
        • පරිණත ශුක්‍රාණු හා ග්‍රන්ථිමය ස්‍රාව පරිවහනය.

     

    9.පහත රූපයේ කොටස් නම් කරන්න.

     

    1 – මූත්‍රාශය

    2 – ශුක්‍ර නාලය

    3 – මූත්‍ර මාර්ගය

    4 – ශිෂ්ණය

    5 – වෘෂණය

    6 – වෘෂණකෝෂය

    7 – අපිවෘෂණය

    8 – ගුද මාර්ගය

    9 – පුරස්ථඃ ග්‍රන්ථිය

    10 – විසර්ජක ප්‍රණාලය

    11 – ශුක්‍ර ආශයිකාව

     

    10.පුරුෂ ප්‍රජනක පද්ධතියේ යුගලමය නොවන ලෙස පිහිටි කොටස් මොනවාද?

    • පුරස්ථඃ ග්‍රන්ථි
    • මූත්‍ර මාර්ගය
    • ශිෂ්ණය
    • වෘෂණ කෝෂය

     

    11.ප්‍රජනක පද්ධතියේ යුගලමය කොටස් මොනවාද?

    • වෘෂණ
    • අපිවෘෂණ
    • කූපර් ග්‍රන්ථි
    • ශුක්‍ර ආශයිකා
    • ශුක්‍ර නාල
    • විසර්ජක ප්‍රණාල

     

     

    12.වෘෂණ කෝෂයක් තුල පිහිටි කොටස් මොනවාද?

    • වෘෂණ
    • අපිවෘෂණ
    • ශුක්‍ර රජ්ජුවේ කොටසක්

     

    13.වෘෂණ, වෘෂණ කෝෂ තුළ පැවතීමෙන් අත්කරගන්නා වාසිය කුමක්ද?

    • දේහ උෂ්ණත්වයේ පවතිනවාට වඩා සෙල්සියස් අංශක 2 කින් පමණ අඩු උෂ්ණත්වයක වෘෂණ පවත්වා ගැනීම මගින්,
    • ශුක්‍රාණු ජනනය ඉතා හොඳින් සිදු කිරීම.

     

    14.වෘෂණ තුළ අඩු තත්ත්වයක් පවත්වා ගැනීමට ඇති ව්‍යූහමය අනුවර්තන මොනවාද?

    • ශරීරයෙන් පිටතට පිහිටිීම.
    • වෘෂණ කෝෂ තුනී ආවරණයකින් වැසී තිබීම .

     

    15.ශුක්‍රධර නාලිකා තුල පිහිටි විශේෂ ආධාරක සෛල ආකාරය කුමක්ද?

    • සටෝලී සෛල

     

    16.එම සෛල මගින් ඉටුකරන කෘත්‍ය මොනවාද?

    1. ශුක්‍රාණු ජනනයේ විවිධ අවස්ථාවල ඇති සෛලවලට සවිවීමට පෘෂ්ඨයක් හා ඒවාට පෝෂණය සැපයීම.
    2. ඉන්හිබීන් හෝමෝනය ශ්‍රාවය කිරීම.

     

    17.ශුක්‍රධර නාලිකා අතර පිහිටි සම්බන්ධක පටකයේ ඇති විශේෂිත සෛල ආකාරය කුමක්ද?

    • ලේඩිග් [අන්තරාල] සෛල

     

    18.එම සෛලවල කෘත්‍ය කුමක්ද?

    • ටෙස්ටොස්ටෙරෝන් හා අනෙකුත් ඇන්ඩ්‍රොජන් ස්‍රාවය කිරීම.

     

    19.අපිවෘෂණ සම්භවය වන්නේ කුමකින්ද?

    • වෘෂණවල එකතු වී ඇති ශුක්‍රධර නාලිකා වලින්

     

    20.අපිවෘෂණය තුළ ගමන් කිරීමට ශුක්‍රාණුවකට කොපමණ කලක් ගත වේද?

    • සති තුනක්

     

    21.අපිවෘෂණයේ කෘත්‍ය කුමක්ද?

    • ශුක්‍රාණු පරිණත වී සචල වීම මෙහිදී සිදුවේ.
    • විසර්ජන අවස්ථාව දක්වා පරිණත ශුක්‍රාණු ගබඩා කිරීම.

     

    22.ශුක්‍ර නාලය, ශුක්‍ර ආශයිකාවල සිට එන නාල සමග එක්වී වී තැනෙන ව්‍යුහය කුමක්ද?

    • විසර්ජක ප්‍රණාලය

     

    23.මූත්‍ර මාර්ගයේ කෘත්‍ය කුමක්ද?

    • මූත්‍ර බහිස්‍රාවය.
    • ශුක්‍ර තරලයේ ඇති ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක මාර්ගයට පරිවහනය.

     

     

    ශුක්‍රාණු ජනනය

    24.ශුක්‍රාණු ජනනය යනු කුමක්ද?

    • යෞවනෝදයෙන් පසුව වෘෂණ තුළ පිහිටි ශුක්‍ර නාලිකාවල අඛණ්ඩව පුංජන්මාණු ඇති කිරීමේ ක්‍රියාවලියයි.

     

    25.ශුක්‍රාණු ජනනය සිදු වෙන ස්ථානය කුමක්ද?

    • වෘෂණයේ ශුක්‍රධර නාලිකා තුළ

     

    26.ශුක්‍රාණු මාතෘ සෙෙලයකින් පරිණත ශුක්‍රාණු  සෙෙල නිපදවීමට ගතවන කාලය කොපමණද?

    • සති හතයි .

     

    27.ශුක්‍රාණු ජනනයේදී වැදගත් වෙන සෛල විභාජන ක්‍රමය හෝ ක්‍රම මොනවාද?

    • ඌනන විභාජනය
    • අනූනන විභාජනය

     

    28.ශුක්‍රාණු ජනනයේ ප්‍රධාන පියවර මොනවාද?

     

     

    Spermatogenesis Development Humen Sperm Cell Cycle Stock Illustration  1558404947

     

    spermatogenesis | Description & Process | Britannica

     

    29.කලල අවස්ථාවේදී වෘෂණවල ශුක්‍රධර නාලිකාවල සිදුවන්නේ කුමන ක්‍රියාවලියක් ද ?

    • මූලික ජන්මාණු සෛල අනූනනය හා විභේදනය වී මූලික ශුක්‍රාණු සෛල සෑදීම.

     

    30.ශුක්‍රාණු ජනනයේ පරිණත වෘෂණ වල සිදුවන මුල්ම ක්‍රියාවලිය කුමක්ද?

    • ද්විගුණ මූලික ශුක්‍රාණු සෛල අනූනනයෙන් ශුක්‍රාණු මාතෘ සෛල නිපදවීම.

     

    31.ඉහත ක්‍රියාවලියේදී සෑදූ සෛල පිහිටන්නේ කිනම් ස්ථානයක ද ?

    • වෘෂණවල ශුක්‍රධර නාලිකාවල පර්යන්තයේ සටෝලී සෛලවලට සම්බන්ධ වී පවතියි.

     

    32.ශුක්‍රාණු ජනනයේදී අනුනනය අවසානයේ සෑදෙන සෛල වර්ගය කුමක්ද?

    • ප්‍රාථමික ශුක්‍රාණු සෛල

     

    33.රූපය ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    • ඉහත රූපය හඳුනා ගන්න.

        • ශුක්‍රධර නාලිකාවක හරස්කඩක කොටසක්.

     

    • එහි කොටස් නම්කරන්න.

    1 – ප්‍රාක්ශුක්‍රය

    2 – ද්විතීයික ශුක්‍රාණු සෛල

    3 – ප්‍රාථමික ශක්‍රාණු සෛල

    4 -සටෝලී සෛල න්‍යෂ්ටිය

    5 – ශුක්‍රාණු මාතෘ සෛලය

     

     

    34.මානව ශුක්‍රාණුවක ප්‍රධාන කොටස් කීයද? ඒ මොනවාද?

    • තුනයි

     

      1. හිස
      2. මධ්‍ය කොටස [දේහය]
      3. වලිගය

     

    35.හිසෙහි අඩංගු ව්‍යුහ මොනවාද? ඒවායේ කෘත්‍ය ද ලියන්න.

    • ඒකගුණ න්‍යෂ්ඨිය – පීතෘ ප්‍රවේණික ද්‍රව්‍ය දරා සිටීම.
    • අග්‍ර දේහය – ඩිම්බයේ පිටත පටලය සිදුරු කර ඇතුළු වීම සඳහා ශුක්‍රාණුවට ආධාර කරන ජලවිච්ඡේදක එන්සයිම වන ට්‍රිප්සීන් හා හයලුරොනිඩේස් අඩංගුවීම.
    • කේන්ද්‍රිකා – වලිගයේ ඇති දිගු කෂිකාව නිපදවීම.

     

    36.මධ්‍ය කොටසේ අඩංගු ව්‍යුහ මොනවාද? කෘත්‍යයද ලියන්න.

    • මයිටොකොන්ඩ්‍රියා – වලිගය චලනයට අවශ්‍ය ATP අවශ්‍යතාවය සැපයීම.

     

    37.ශුක්‍රාණු වලිගයේ සැකැස්ම කෙබඳුද ?

    • ක්ෂුද්‍ර නාළිකා 9+2 සැකැස්ම සහිත,
    • දිගු කෂිකාවක් සහිතය.

     

    38.වලිගයේ ප්‍රධාන කෘත්‍ය කුමක්ද?

    • ශුක්‍රාණුවකට ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ දිගේ ඩිම්බය කරා පිහිනා යාමට ඇති හැකියාව ලබාදීම .

     

    39.මානව ශුක්‍රාණුවක පහත කොටස් නම් කරන්න.

     

    1 – හිස

    2 – මධ්‍ය කොටස

    3 – වලිගය

    4 – න්‍යෂ්ටිය

    5 – අග්‍ර දේහය

    6 – මයිටොකොන්ඩ්‍රියා

    7 – ගෙල

    8 – කේන්ද්‍රදේහය

    9 – කෂිකාව

     

    Cartoon depiction of a sperm showing: (i) the head, containing the... |  Download Scientific Diagram

     

    40.ශුක්‍රාණුවක ජීවිත කාලය කොපමණනද?

    • විසර්ජනයෙන් පසු පැය 48-72 පමණ

     

    41.පුරුෂ ප්‍රජනක පද්ධතියේ අතිරේක ග්‍රන්ථිවල පොදු කෘත්‍ය කුමක්ද?

    • ශුක්‍රාණුවල පැවැත්මට හා චලනයට අවශ්‍ය තරලය නිපදවීම.

     

    42.පුරුෂ ප්‍රජනක පද්ධතියේ අතිරේක ග්‍රන්ථි හා පිහිටීමත් එහි ස්‍රාවයන් හි අඩංගු ද්‍රව්‍ය ලයිස්තුගත කරන්න.

    ග්‍රන්ථිය

    පිහිටීම

    තනි/යුගලමය

    ස්‍රාවී ද්‍රව්‍ය

    කෘත්‍ය

    1.ශුක්‍ර ආශයිකා

    ශ්‍රෝණි කුහරයේ මුත්‍රාශයට අපරව

    යුගලමය

    • ශ්ලේෂ්මලය
    • ෆ්‍රක්ටෝස්
    • කැටිකාරක එන්සයිම
    • ඇස්කෝබික් අම්ලය
    • ස්ථානීය යාමක [prostaglandin]
    • යෝනි මාර්ගයේ දී එහි ඇති ආම්ලික පරිසරය තුළදී ශුක්‍රාණු ආරක්ෂා කිරීම.[ශුක්‍ර තරලය භාෂ්මික වීම නිසා]
    • ෆ්‍රක්ටෝස් මගින් ශුක්‍රානුවේ ශක්තිය ප්‍රධාන වශයෙන් සැපයීම.
    • ශුක්‍ර තරලයේ 60% පමණ සෑදීම.

    2.පුරස්ථි ග්‍රන්ථිය

    මුත්‍රාශයට පහළින්

    තනි

    • කැටි කාරක එන්සයිම
    • ප්‍රති කැටිකාරක එන්සයිම
    • ශුක්‍රාණු පෝෂණය කරන එන්සයිම
    • ශුක්‍ර තරලයේ 30% පමණ සෑදීම.

    3.බල්බොයුරේත්‍රල ග්‍රන්ථි [කූපර් ග්‍රන්ථි]

    පුරස්ථි ග්‍රන්ථියට පහළින්, මුත්‍ර මාර්ගය ඔස්සේ දෙපස

    යුගලමය

    • පැහැදිලි ක්ෂාරිය ශ්ලේෂ්මලය
    • මුත්‍ර මාර්ගයේ ඉතිරි වන ආම්ලික මුත්‍රා උදාසීන කිරීම.
    • මුත්‍ර මාර්ග ආස්තරණය ස්නේහනය කිරීම.

     

     

    පුරුෂ ප්‍රජනක පද්ධතියේ හෝමෝනමය පාලනය

    43.පහත හෝමෝනවල ශුක්‍රාණු ජනනයේදී කෘත්‍ය ලියන්න.

    • FSH

        • සටෝලී සෛල මගින් වර්ධනය වන ශුක්‍රානු වල පෝෂණය උත්තේජනය කිරීම.
        • සටෝලී සෛල ඉන්හිබීන් ස්‍රාවයට උත්තේජනය කිරීම .
        • ශුක්‍රානු ජනනය උත්තේජනය කිරීම.

     

    • LH

        • ලේඩිග් සෛල මගින් ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම හා අනෙකුත් හෝමෝන නිපදවීම උත්තේජනය කරන අතර ඒවා මගින් ශුක්‍රාණු නිපදවීම දිරි ගන්වයි.

     

    • ටෙස්ටොස්ටෙරෝන්

        • ශුක්‍රාණු ජනනය දිරිගන්වයි.
        • හයිපොතැලමස හා පූර්ව පිටියුටරිය මත බලපාමින් රුධිරයේ GnRH, FSH, LH මට්ටම් නිශේධනය කරයි.

     

    • ඉන්හිබීන්

        • පූර්ව පිටියුටරිය මත බලපාමින් FSH ස්‍රාව අඩුකරයි.

     

    44.වෘෂණයේ ශ්‍රාවී හෝමෝන මොනවාද?

    • ටෙස්ටොස්ටෙරෝන්
    • ඉන්හිබීන්

     

    45.ටෙස්ටොස්ටෙරෝන් හා අනෙකුත් ඇන්ඩ්‍රොජන් සාමාන්‍ය මට්ටමේ තබා ගන්නා ආකාරය ලියන්න.

    • හයිපොතැලමස මගින් GnRH ස්‍රාවය වේ.
    • එමගින් පුර්ව පිටියුටරියෙන් FSH, LH ස්‍රාව උත්තේජනය වේ.
    • LH මගින් ලේඩිග් සෛල ටෙස්ටොස්ටෙරෝන් හා අනෙකුත් ඇන්ඩ්‍රොජන් නිපදවීමට හා ස්‍රාවයට උත්තේජනය කරයි.
    • ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි වූ විට එමගින්ම,
    • සෘණ ප්‍රතිපෝෂී යන්ත්‍රණය මගින්,
    • සෘජුවම පුර්ව පිටියුටරිය මත හා හයිපොතැලමස මත බලපා GnRH, FSH, LH ස්‍රාවය නිශේධනය කරයි.
    • එවිට LH ස්‍රාවය නිෂේධනය වීමෙන් ලේඩිග් සෛල වලින් ටෙස්ටොස්ටෙරෝන් ස්‍රාවය නිශේධනය වේ.

     

    46.පුරුෂ ප්‍රජනක පද්ධතියේ අවයව වල පරිණත ක්‍රියාකාරීත්වය වේගවත් කරන පිටියුටරි හෝමෝන මොනවාද?

    • FSH
    • LH

     

    47.ඉහත හෝමෝන වල කෘත්‍ය කුමක්ද?

    • පුරුෂ ප්‍රජනක අවයව වල පරිණත ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම.
    • ප්‍රජනක අවයව විකසනය, වර්ධනය, පරිණතිය හා දේහයේ ප්‍රජනන ක්‍රියාවලිය යාමනය.

     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     

     

    ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

    Back
    WhatsApp Chat - LearnSteer EduTalk 🔥
    Telegram Channel - LearnSteer EduTalk 🔥
    Send us a private message.
    LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
    hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom