12.03.08- ලවණ

ලවණ

  • අම්ල හා භෂ්ම රසායනිකව ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස H2O ට අමතරව සෑදෙන අනෙක් රසායනික විශේෂය ලවණ ලෙස හැඳින්වේ .
  • කිසියම් ලවණයක් ජලය සමඟ 3 ආකාරයකින් අන්තර් ක්‍රියා කළ හැක.
  1. ජලයෙහි දියවීම(ජලීකරණය)
  2. ජලය සමඟ රසායනිකව ප්‍රතික්‍රියා කිරීම(ජල විච්ඡේදනය)
  3. ජලය තුල තැන්පත් වීම (අවක්ෂේපනය)
  • ලවණ ප්‍රධාන කොටස් 4 ක් යටතේ අධ්‍යයනය කරයි.
  1. ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම  ලවණ    → උදාසීන ලවණ
  2. ප්‍රභල අම්ල – දුබල භෂ්ම ලවණ      → දුබල ආම්ලික ලවණ
  3. දුබල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ      → දුබල භාෂ්මික ලවණ
  4. දුබල අම්ල – දුබල භෂ්ම ලවණ       

     දුබල අම්ලයේ                   දුබල භෂ්මයේ

               Ka            =                  Kb                       →   උදාසීන ලවණ

               Ka            >                  Kb                       →   දුබල ආම්ලික ලවණ

               Ka            <                  Kb                       →   දුබල භාෂ්මික ලවණ

 

ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ

  • ප්‍රභල අම්ලයක් හා ප්‍රභල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම  ලවණ  සෑදේ.

{\mathrm{HCl}}_{(\mathrm{aq})}+{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

උදා: NaCl, Na2SO4, KBr, Ba(ClO4)2

  • NaCl ලවණය ජලය සමඟ අන්තර් ක්‍රියාව සලකමු.

{\mathrm{NaCl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Na}^+}_{(\mathrm{aq})}+{\mathrm{Cl}^-}_{(\mathrm{aq})}

  • ලවණය විඝටනයෙන් ජනිත වන කැටායනය හා ඇනායනය ජලය සමඟ අන්තර් ක්‍රියා නොකරයි.

\begin{array}{l}\mathrm{Na}_{(\mathrm{aq})\;}^++\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow\mathrm X\\\mathrm{Cl}_{(\mathrm{aq})\;}^-+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow\mathrm X\end{array}

 

  • ප්‍රභල අම්ල – ප්‍රභල භෂ්ම ලවණ ජලීකරනය වීමක් පමණක් සිදුවේ. මෙවැනි ලවණ අන්තර්ගත පද්ධතියක pH අගය අදාළ තත්ව යටතේදි උදාසීන ජලීය ද්‍රාවණයක pH අගයට සමාන වේ.

ප්‍රභල අම්ල –  දුබල භෂ්ම ලවණ

  • ප්‍රභල අම්ලයක් හා දුබල භෂ්මයක් එකිනෙක රසායනික ව ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ සෑදේ.

{\mathrm{HCl}}_{(\mathrm{aq})}+\;{\mathrm{NH}}_4{\mathrm{OH}}_{(\mathrm{aq})}\;\rightarrow\;{\mathrm{NH}}_4{\mathrm{Cl}}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

උදා:  NH4Cl,   (NH4)2SO4, CH3CH2NH3Cl

  • NH4Cl ජලීය ද්‍රාවණයක් තුළදී ජලය සමඟ ඇති කරන්නාවු රසායනික අන්තර්ක්‍රියාව

{\mathrm{NH}}_4{\mathrm{Cl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+\;{\mathrm{Cl}^-}_{(\mathrm{aq})}

  • ලවණයේ ප්‍රභල අම්ලයෙන් ලැබෙන කොටස වන Cl ජලය සමඟ ප්‍රතික්‍රියා නොකරයි.

{\mathrm{Cl}^-}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow\mathrm X

{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\rightleftharpoons\;{{\mathrm{NH}}_3}_{(\mathrm{aq})}\;\;\;+\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}

  • ලවණයේ දුබල භෂ්මයෙන් ලැබෙන කොටස වන NH4+  ඉහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි. මෙහිදී H3O+(aq) සෑදෙන නිසා පද්ධතිය ආම්ලික ස්වරූපයක් ගනී.
  • ඒ අනුව ප්‍රභල අම්ල –  දුබල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිත වන ඇනායනය ජලවිච්ඡේදනය නොවන අතර කැටායනය ජලවිච්ඡේදනය වී H3O+ නිදහස් කරන බැවින් පද්ධතිය දුබල ලෙස ආම්ලික වේ.

\mathrm P^{\mathrm{OH}}=\frac12\left({\mathrm P}_{{\mathrm K}_{\mathrm w}}+{\mathrm P}_{{\mathrm K}_{\mathrm b}}+\log_{10}\left[{\mathrm{NH}^+}_{(\mathrm{aq})}\right]\right)

ඉහත සමීකරණය මඟින් මෙවැනි ද්‍රාවණයක pOH ගණනය කළ හැක.

දුබල  අම්ල –  ප්‍රභල භෂ්ම ලවණ

  • දුබල අම්ලයක් හා ප්‍රභල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ සෑදේ .

{\mathrm{CH}}_3{\mathrm{COOH}}_{(\mathrm{aq})}+{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{CH}}_3\mathrm{COO}^-{\mathrm{Na}^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

උදා : CH3COONa+   ,     CH3COOK+ ,   NaF , KCN

{\mathrm{CH}}_3\mathrm{COO}^-{\mathrm{Na}^+}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{CH}}_3{\mathrm{COO}^-}_{(\mathrm{aq})}+{\mathrm{Na}^+}_{(\mathrm{aq})}

\begin{array}{l}{\mathrm{Na}^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\rightarrow\mathrm X\\{\mathrm{CH}}_3{\mathrm{COO}^-}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{CH}}_3{\mathrm{COOH}}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\end{array}

  • ඒ අනුව දුබල  අම්ල –  ප්‍රභල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිතවන කැටායනය ජලවිච්චේදනය නොවන අතර ඇනායනය ජලවිච්ඡේදනය වී OH¯(aq) නිදහස් කරන බැවින් පද්ධතිය දුබල ලෙස භාෂ්මික වේ.

\mathrm P^{\mathrm H}=\frac12\left({\mathrm P}_{{\mathrm K}_{\mathrm w}}+{\mathrm P}_{{\mathrm K}_{\mathrm a}}+\log_{10}\left[{\mathrm A^-}_{(\mathrm{aq})}\right]\right)

දුබල  අම්ල –  දුබල භෂ්ම ලවණ

  • දුබල අම්ලයක් හා දුබල භෂ්මයක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියවෙන් මෙම ලවණ  සෑදේ.

උදා: CH3COONH4 , NH4CN  , CH3CH2NH3+F

{\mathrm{CH}}_3\mathrm{COO}^-{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{CH}}_3{\mathrm{COO}^-}_{(\mathrm{aq})}+{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}

\begin{array}{l}{\mathrm{CH}}_3{\mathrm{COO}^-}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{\mathrm{CH}}_3{\mathrm{COOH}}_{(\mathrm{aq})}+{\mathrm{OH}^-}_{(\mathrm{aq})}\;\cdots\cdots\cdots\cdots(01)\\\;\;\;\;\;\;\;\;\;\;{\mathrm{NH}_4^+}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightleftharpoons{{\mathrm{NH}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})\;\;\;\;\;\;\;\;\;\;\;\;\;}\cdots\cdots\cdots\cdots(02)\end{array}

ඒ අනුව දුබල  අම්ල –  දුබල භෂ්ම ලවණ විඝටනයෙන් ජනිත වන කැටායනය හා ඇනායනය ජලවිච්ඡේදනය වේ.

ලැබෙන ජලීය ද්‍රාවණයේ ආම්ලික /භාෂ්මික / උදාසීන ස්වභාවය ලවණය සෑදීමට සහභාගි වන දුබල අම්ලයේ හා දුබල භෂ්මයේ ka හා kb අගය මත තීරණය වේ.

 

Ka > Kb   ——— දුබල ආම්ලික

Ka < Kb ———– දුබල භාෂ්මික

Ka  ~ Kb ———– උදාසීන

වැඩිදුර අධ්‍යනයට ,

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom