No menu items!

06.02.04.ii – 16 කාණ්ඩය (S)

 

S – සල්ෆර් – 1s22s22p63s23p4

 

 

  • සල්ෆර් භෞතික ගුණ වලින් පැහැදිලි ව වෙනස් වන බහුරූපී ආකාර කිහිපයකින් පවතී. ස්ථටිකරූපී S  පවතින්නේ S8 අණු වශයෙනි.

 

  • සල්ෆර් ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිහාරකයක් ලෙසද හැසිරේ.

 

S වල ඔක්සිකාරක ගුණ

  • S වල 0 ඔක්සිකරණ අවස්ථාව -2 ඔක්සිකරණ අවස්ථාව ලබා ගනී.

\begin{array}{l}2\mathrm e+{\mathrm H}_2\mathrm O\rightarrow{\mathrm H}_2+\mathrm S^{2¯\;}\;\\{\mathrm{Mg}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\xrightarrow\triangle{\mathrm{MgS}}_{(\mathrm s)}\;\;\\{\mathrm{Fe}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\xrightarrow\triangle{\mathrm{FeS}}_{(\mathrm s)}\;\end{array}

S වල ඔක්සිහාරක ගුණ

  • S ගේ -2 ඔක්සිකරණ අවස්ථාව 0 හෝ + ඔක්සිකරණ අවස්ථාව දක්වා ගමන් කරයි.

\begin{array}{l}{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm O}_2}_{(\mathrm g)}\;\rightarrow\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\;\;\\{\mathrm S}_{(\mathrm s)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\\{\mathrm S}_{(\mathrm s)}+\text{සා.}\;{{\mathrm{HNO}}_3}_{(\mathrm{aq})}\xrightarrow\triangle{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

 

S අඩංගු සංයෝග

 

H2S – හයිඩ්‍රජන් සල්ෆයිඩ්

 

 

  • නරක් වූ බිත්තර ගඳකින් යුත් අවර්ණ, විෂ සහිත, ආම්ලික වායුවකි.
  • ජලයේ දියවී දුබල ආම්ලික ද්‍රාවණයක් සාදයි .
  • ද්‍රවාංක සහ තාපාංක ජලයට වඩා අඩුය. මෙයට හේතුව ජල අණු අතර පවතින බන්ධන වලට වඩා මෙම අණු අතර ඇති වන ද්විධ්‍රැව  ආකර්ෂණ බල දුබල වීමයි.
  • ලෝහ සල්ෆයිඩ අම්ල හා ප්‍රතික්‍රියාවෙන් H2S නිපදවයි.
  • H2S ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක් හා අම්ලයක් ලෙස හැසිරේ.

 

H2S වල ඔක්සිකාරක ගුණ 

 

  • H2S වල H  +1 ඔක්සිකරණ අවස්ථාව 0 ඔක්සිකරණ තත්ත්වයට පත්වේ.

2\mathrm e+{\mathrm H}_2\mathrm S\;\rightarrow\;{\mathrm H}_2+\;\mathrm S^{2-}\;

  • ලෝහ H2S සමඟ රත් කලවිට ලෝහ සල්ෆයිඩ හෝ බයිසල්ෆයිඩය සෑදී H2 වායුව නිපදවයි.

\begin{array}{l}{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+2{\mathrm{Na}}_{(\mathrm s)}\;\xrightarrow\triangle\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\;\\2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+2{\mathrm{Na}}_{(\mathrm s)}\xrightarrow\triangle2{\mathrm{NaHS}}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\;\\{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+{\mathrm{Cu}}_{(\mathrm s)}\xrightarrow\triangle\;{\mathrm{CuS}}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}\;\end{array}

 

H2S වල ඔක්සිහාරක ගුණ

 

  • H2S හි S හි -2 ඔක්සිකරණ අවස්ථාව 0 හෝ ධන ඔක්සිකරණ අවස්ථාව දක්වා ගමන් කරයි.
  1. ආම්ලික KMnO4 සමඟ ප්‍රතික්‍රියාව,
    • KMnO4 දම් පැහැති ආම්ලික ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට දම් පැහැය අවර්ණ වී ලා කහ පැහැති කලිල S ද්‍රාවණයක් ලැබේ.

5{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}+2{{\mathrm{KMnO}}_4}_{(\mathrm{aq})}\rightarrow2{{\mathrm{MnSO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+5{\mathrm S}_{(\mathrm s)}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

2. ආම්ලික K2Cr2O7 සමඟ ප්‍රතික්‍රියාව

      • තැඹිලි පැහැති ආම්ලික K2Cr2O7 ද්‍රාවණයකට බුබුලනය කලවිට තැඹිලි පැහැති ද්‍රාවණය කොළ පැහැති පැහැදිලි ද්‍රාවණයකට හැරේ.

3{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+4{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{\mathrm{Cr}}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Cr}}_2{{\left({\mathrm{SO}}_4\right)}_3}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+3{\mathrm S}_{(\mathrm s)}\;+7{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

3. ආම්ලික Na2AsO4 (සෝඩියම් ආසනේට්) සමඟ ප්‍රතික්‍රියාව

      • Na2AsO4 දුබල ඔක්සිකාරකයකි. එබැවින් මෙය අම්ල කිරීමට HCl භාවිත කළ හැක. නමුත් KMnO4 හා K2Cr2O7 ප්‍රබල ඔක්සිකාරකයක් නිසා ආම්ලික කිරීමට HCl භාවිත කළ නොහැක.
      • සිසිල් තනුක අවස්ථාවේ, HCl වලින්  ආම්ලික කරන ලද Na2AsO4  ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට ලා කහ පැහැති කලිලයක් සහ කොළ පැහැති අවක්ෂේපයක් සෑදෙයි.

2{\mathrm{Na}}_2{{\mathrm{AsO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm{HCl}}_{(\mathrm{aq})}+6{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}+{\mathrm{As}}_2{{\mathrm S}_3}_{(\mathrm s)}+4{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

      • උණු සාන්ද්‍ර අවස්ථාවේ ,සාමාන්‍ය කාණ්ඩ හුවමාරුවකදී මෙන්  තැඹිලි පැහැති As2S5 සෑදෙයි .

2{{\mathrm{NaAsO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm{HCl}}_{(\mathrm{aq})}+6{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm{As}}_2{{\mathrm S}_5}_{(\mathrm s)}+4{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

4. ආම්ලික FeCl3(ෆෙරික් ක්ලෝරයිඩ්) සමඟ ප්‍රතික්‍රියාව

      • කහ  පැහැති Fe3+ ද්‍රාවණයකට H2S බුබුලනය කලවිට ලා කහ පැහණ ද්‍රාවණයකින් මුළු දියරයම වැසී යයි. මෙම අවක්ෂේපය පෙරා ගත් විට ලා කොල  පැහැති Fe2+ ද්‍රාවණයක් ඉතිරි වේ.

2{{\mathrm{FeCl}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{FeCl}}_2}_{(\mathrm{aq})}+{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\;\;

      • H2S Cu සමඟද මෙසේ ක්‍රියා කර CuCl(s) සුදු අවක්ෂේපය නිපදවයි. නමුත් Cu2+, S2- සමඟ කළු පැහැතු CuS සාදන නිසා සුදු පැහැයක් නිරීක්ෂණය කිරීමට නොහැකි වේ.

5. හැලජන සමඟ ප්‍රතික්‍රියාව

      • ජලීය හැලජන ද්‍රාවණයකට H2S බුබුලනය කළ විට හයිඩ්‍රජන් හේලයිඩ සහ ලා කහ පැහැති S කලිලය සෑදෙයි.

\begin{array}{l}{{\mathrm{Cl}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;\;\;\\{{\mathrm{Br}}_2}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm{HBr}}_{(\mathrm{aq})}\end{array} 

      • මෙහිදී හැලජන S වලින් හැලජනය ඉලෙක්ට්‍රෝන ලබා ගනියි. එම නිසා කාණ්ඩයේ පහළට යත්ම මෙම ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අඩුවේ.

6. සාන්ද්‍ර HNO3 සමඟ ප්‍රතික්‍රියාව

      • HNO3 ද්‍රාවණයකට H2S වායුව බුබුලනය කළ විටදී ලා කහ පැහැති S කලිලය ඇතිවී දුඹුරු පැහැති NO2 වායුව හටගනී.

\text{සා. }2{{\mathrm{HNO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{NO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

      • මෙහිදී රත් කිරීමට ලක් කළහොත් H2S, SO2 හෝ H2SO4 දක්වාම ඔක්සිකරණය වේ .

7. සාන්ද්‍ර H2SO4 සමඟ ප්‍රතික්‍රියාව

      • සාන්ද්‍ර H2SO4 ද්‍රාවණයකට H2S බුබුලනය කළ විටදී SO2 හා S කලිලය ලැබේ .

\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}

8. SO2 සමඟ ප්‍රතික්‍රියාව

      • SO2 ජලීය ද්‍රාවණයට H2S බුබුලනය කළ විට ලා කහ පැහැති S කලිලය හා H2O හටගනී.

{{\mathrm{SO}}_2}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}\;+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

H2S වල ආම්ලික ගුණ

 

  • H2S දුබල ද්විප්‍රෝටික (2H+ පිටකරන) අම්ලයක් වේ. එය පහත ආකාරයට භාගික විඝටනයන් 2කට ලක්වේ.

\begin{array}{l}{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}\;\leftrightharpoons\;{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm{HS}¯_{(\mathrm{aq})}\;\\\mathrm{HS}¯_{(\mathrm{aq})}\;\leftrightharpoons{\mathrm H^+}_{(\mathrm{aq})}+\mathrm S2¯_{(\mathrm{aq})\;}\end{array}

  • ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර H2 පිට කරයි.

{\mathrm H}_2{\mathrm S}_{(\mathrm{aq})}+{\mathrm{Na}}_{(\mathrm s)}\rightarrow{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm H}_2}_{(\mathrm g)}

  • ක්ෂාර සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි.

\begin{array}{l}\;{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)\;}+\;\text{සා.}\;2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow\;{\mathrm{Na}}_2{\mathrm S}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\;\;\\\text{වැඩිපුර}\;{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+\;\text{ත.}\;{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{NaHS}}_{(\mathrm{aq})}\;+\mathrm H2{\mathrm O}_{(\mathrm l)}\end{array}

 

SO2 – සල්ෆර් ඩයොක්සයිඩ

 

 

  • අවර්ණ, කටුක ගන්ධයක් ඇති ජලයේ හොඳින් ද්‍රාව්‍ය වන ආම්ලික වායුවකි. ඔක්සිහාරකයක් හා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක.

 

SO2 සෑදෙන ක්‍රම

\begin{array}{l}\text{ත.}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\\mathrm{Cu}+2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{CuSO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{SO}_3^{2¯}}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2\mathrm{Cl}¯_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm S}_2{\mathrm O_3^{2¯}}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm S}_{(\mathrm s)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+2\mathrm{Cl}¯_{(\mathrm{aq})}\\2{\mathrm{CaS}}_{(\mathrm s)}+3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{CaO}}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+3{{\mathrm O}_2}_{(\mathrm g)}\rightarrow2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}\end{array}

 

 

 ඔක්සිකාරකයක් ලෙස

 

  • SO2 ප්‍රධාන වශයෙන් ක්‍රියාකරන්නේ ඔක්සිහාරකයක් ලෙසයි ඇතැම්විට ඔක්සිකාරකයක් ලෙස ද ක්‍රියා කරයි.  මෙහිදී SO2 ,S හෝ S බවට ඔක්සිහරණය වේ.

\begin{array}{l}2{\mathrm{Mg}}_{(\mathrm s)}\;+\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{MgO}}_{(\mathrm s)}+{\mathrm S}_{(\mathrm s)}\;\;\;\\\text{වැඩිපුර}\;3{\mathrm{Mg}}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow2{\mathrm{MgO}}_{(\mathrm s)}+{\mathrm{MgS}}_{(\mathrm s)}\\{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}\rightarrow3{\mathrm S}_{(\mathrm s)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

ඔක්සිහාරකයක් ලෙස

2{\mathrm H}_2\mathrm O+{\mathrm{SO}}_2\rightarrow\mathrm{SO}_4^{2¯\;}+2\mathrm e+4\mathrm H^+

 

  1. ආම්ලික KMnO4 සමඟ ප්‍රතික්‍රියාව
    • දම් පැහැති ආම්ලික KMnO4 ද්‍රාවණයකට SO2 බුබුලනය කළ විට දී දම් පැහැය අවර්ණ වී පැහැදිලි ද්‍රාවණයක් ලැබේ.

2{{\mathrm{KMnO}}_4}_{(\mathrm{aq})}+5{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow2{{\mathrm{MnSO}}_4}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}

2. ආම්ලික K2Cr2O7 සමඟ ප්‍රතික්‍රියාව

    • ආම්ලික K2Cr2O7 ජලීය ද්‍රාවණයකට SO2 බුබුලනය කළ විටදී තැඹිලි පැහැති ද්‍රාවණය කොළ පැහැති පැහැදිලි  ද්‍රාවණයකට හැරේ.

{\mathrm K}_2{\mathrm{Cr}}_2{{\mathrm O}_7}_{(\mathrm{aq})}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}+3{{\mathrm{SO}}_2}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Cr}}_2{{\left({\mathrm{SO}}_4\right)}_3}_{(\mathrm{aq})}+{\mathrm K}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

    • මේ නිසා ආම්ලික K2Cr2O7 පෙඟවූ පෙරහන් කඩදාසියකට SO2 වායුව යැවූ විට පෙරහන් කඩදාසිය පැහැදිලි කොළ පාටකට හැරේ.

3. හැලජන සමඟ ප්‍රතික්‍රියාව

    • සියලුම හැලජන වල ජලීය ද්‍රාවණ වල SO2 බුබුලනය කළ විටදී ද්‍රාවණය H2SO4  හා හයිඩ්‍රජන් හේලයිඩ මිශ්‍රණයක් සාදයි.

\begin{array}{l}2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{{\mathrm{Cl}}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\\2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}+{{\mathrm{Br}}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HBr}}_{(\mathrm{aq})}\\2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}+{{\mathrm I}_2}_{(\mathrm g)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm{HI}}_{(\mathrm{aq})}\end{array}

4. ආම්ලික FeCl3(ෆෙරික් ක්ලෝරයිඩ්) සමඟ ප්‍රතික්‍රියාදී කහ පැහැති ද්‍රාවණය කොළ පැහැයට හැරේ.

\begin{array}{l}2{{\mathrm{FeCl}}_3}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{{\mathrm{FeCl}}_2}_{(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}\\{\mathrm H}_2{{\mathrm O}_2}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\end{array}

5. ජලය ඇති විට SO2 හෝ H2SO3 (සල්ෆියුරස් අම්ලය) විරංජකයක් ලෙස ක්‍රියා කරයි. ලොම්, සේද , පිදුරු ආදිය    විරංජනය කිරීමට SO2 යොදා ගනියි. 

\begin{array}{l}{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H^+}_{(\mathrm{aq})}\;+\;2\mathrm e\\\mathrm X+2\mathrm e+2{\mathrm H^+}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{XH}}_2}_{(\mathrm s)}\end{array}

    • මෙහි X මඟින් වර්ණයට හේතුවන රසායනිකය අදහස් වේ.

{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+\mathrm X\rightarrow{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm{XH}}_2}_{(\mathrm s)}

    • SO2 හි විරංජන ක්‍රියාව තාවකාලික වේ. විරංජනය කළ ද්‍රව්‍ය වාතයට නිරාවරණය කළ විට වායු ගෝලීය O මගින් එහි මුල් වර්ණයට ඔක්සිකරණය කෙරේ.

 

අම්ලයක් ලෙස

 

  • භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.

2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

  • එහෙත් SO2  වැඩිපුර වූයේ නම් බයිසල්ෆේඩය ලැබේ.

{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+\text{වැඩිපුර}\;{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\rightarrow{{\mathrm{NaHSO}}_3}_{(\mathrm{aq})}

සල්ෆර් වල ඔක්සො අම්ල

 

 

 

H2SO3 – සල්ෆියුරස් අම්ලය

 

 

  • දුබල ද්විප්‍රෝටික අම්ලයකි.
  • SO2 ජලයේ දියවී H2SO3 සාදයි. ජලීය මාධ්‍යයේදී H2SO3  විඝටනය මෙසේයි.
\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;+{\mathrm{HSO}}_3¯_{(\mathrm{aq})}\\{\mathrm{HSO}}_3¯_{(\mathrm{aq})}+\mathrm H2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_3\mathrm O^+(\mathrm{aq})+\mathrm{SO}_3^2¯_{(\mathrm{aq})}\end{array}
  • මෙම අම්ලය H2SO4 ට වඩා දුබල වේ.
  • භෂ්ම සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.

\begin{array}{l}2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{NaOH}}_{(\mathrm{aq})}\;+\mathrm{වැඩිපුර}\;{\mathrm H}_2{{\mathrm{SO}}_3}_{(\mathrm{aq})\;}\rightarrow{{\mathrm{NaHSO}}_3}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

H2S2O3 – තයෝසල්ෆේට් අම්ලය

 

 

  • දුබල අම්ලයකි.
  • ජලීය ද්‍රාවණ වල දී S අඩංගු මිශ්‍රණයක් බවට H2S2O3 අම්ලය වියෝජනය විය හැක.

{\mathrm H}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

  • H2S2O3 අම්ලයේ ලවණයද ඔක්සිකරණය මෙන්ම ඔක්සිහරණය වෙමින් S හා SO2 ලබා දෙයි.

{\mathrm{Na}}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}+{\mathrm{HCl}}_{(\mathrm{aq})}\rightarrow{\mathrm S}_{(\mathrm s)}+{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

  • S2O32-(තයෝසල්ෆේට) අයනයට ඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කළ හැක.

{{\mathrm I}_2}_{(\mathrm g)}+2{\mathrm{Na}}_2{\mathrm S}_2{{\mathrm O}_3}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm{NaI}}_{(\mathrm{aq})}+{\mathrm{Na}}_2{\mathrm S}_4{{\mathrm O}_6}_{(\mathrm{aq})\;}

 

H2SO4 – සල්ෆියුරික් අම්ලය

 

 

  • ප්‍රබල ද්විප්‍රෝටික අම්ලයකි.
  • සංශුද්ධ H2SO4 දුස්ස්‍රාවී ද්‍රවයකි.
  • SO3 ජලය සමඟ ප්‍රතික්‍රියා කර H2SO4 සාදයි. ජලීය මාධ්‍යයේදී H2SO4 මෙසේ අයනීකරණය වේ.

\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\rightarrow{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm{HSO}}_4¯_{(\mathrm{aq})}\\{\mathrm{HSO}}_4¯_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\leftrightharpoons\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})\;}+{\mathrm{SO}_4^{2¯}}_{(\mathrm{aq})}\;\left({\mathrm{Ka}}_2=1\;\mathrm x\;10^{-2}\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}\right)\end{array}

  • H2SO3 ට වසා H2SO4 ප්‍රබල අම්ලයක් වීමට ප්‍රධාන හේතු දෙකකි.
  • H2SO3 හා H2SO4 වල දී S පරමාණුවේ ඔක්සිකරණ අංකය පිලිවලින් +4 හා +6 වේ. S පරමාණුවේ ඔක්සිකරණ අංකය වැඩිවනවිට විද්‍යුත් ඍණතාවය වැඩිවේ. එවිට H-O බන්ධන දුර්වල වන හෙයින් H2SO4 වලට H+ අයනයක් ඉවත් කිරීමේ හැකියාව වැඩිය.
  • H+ අයනයක් ඉවත් වූ විට ලැබෙන HSO4¯ ඇනායනයේ ස්ථායිතාව HSO3¯ ඇනායනයේ ස්ථායිතාව ට වඩා වැඩිය. එම ස්ථායීතාව සඳහා ඇනායන සම්ප්‍රයුක්ත ව්‍යුහයන් බලපායි, එම සම්ප්‍රයුක්ත ව්‍යුහයන් පහත දැක්වේ.

 

H2SO4 හි ඔක්සිකාරක ගුණ 

 

  1. තනුක H2SO4 අම්ලය විද්‍යුත් රසායනික ශ්‍රේණිය H ට ඉහලින් පිහිටි ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර H2 මුදාහැරේ. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔක්සිකාරක ලෙස ක්‍රියා කරන්නේ H3O+ අයනයයි.

\begin{array}{l}{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\rightarrow2{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}+{\mathrm{SO}_4^{2¯}}_{(\mathrm{aq})}\\{\mathrm{Mg}}_{(\mathrm s)}+2{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\rightarrow{\mathrm{Mg}^{2+}}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+\;{{\mathrm H}_2}_{(\mathrm g)}\\\mathrm{Mg}(\mathrm s)+\text{ත. }{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\rightarrow{{\mathrm{MgSO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm H}_2}_{(\mathrm g)}\end{array}

  • සිසිල් සාන්ද්‍ර H2SO4 සමඟද විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉතා ඉහලින්ම වූ සක්‍රීය ලෝහ ඉහත ආකාරයටම ප්‍රතික්‍රියා කරයි

2{\mathrm{Na}}_{(\mathrm s)}+{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})\;}\rightarrow{\mathrm{Na}}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+{{\mathrm H}_2}_{(\mathrm g)}

  • උණු සාන්ද්‍ර H2SO4 ලෝහ සමඟ ප්‍රතික්‍රියා කර සල්ෆේටයද (SO42-), SO2 ද සාදයි. විද්‍යුත් රසායනික ශ්‍රේණියේ ඉහලට යත්ම H2S සෑදීමටද ඉඩකඩක් ඇත.

 

 

 

  1. අලෝහ සමඟ ප්‍රතික්‍රියාව
    • උණු සාන්ද්‍ර H2SO4 අම්ලය මගින් C, S වැනි අලෝහ ඒවායේ ඔක්සයිඩය හෝ ඔක්සො අම්ල බවට ඔක්සිකරණය කරවයි. එහිදී H2SO4 අම්ලය SO2 බවට ඔක්සිහරණය වේ.

\begin{array}{l}{\mathrm C}_{(\mathrm s)}+\text{සා. }2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\;\xrightarrow\triangle2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{{\mathrm{CO}}_2}_{(\mathrm g)}+2{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\\\mathrm S(\mathrm s)\;+\;\text{සා. }2{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle3{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)\;}\\{\mathrm P}_4(\mathrm s)\;+\;\text{සා.}\;10{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle\;4{\mathrm H}_3{{\mathrm{PO}}_4}_{(\mathrm{aq})}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+10{{\mathrm{SO}}_2}_{(\mathrm g)}\end{array}

 

 

 

  1. සංයෝග සමඟ ඔක්සිකරණය
    • H2SO4 හේලයිඩ සමඟ ප්‍රතික්‍රියා කර SO2 සාදයි. HI(හයිඩ්‍රජන් අයඩයිඩ්) සමඟ ප්‍රතික්‍රියාවේ දී  H2S දක්වාම ඔක්සිහරණය වේ .

\begin{array}{l}2{\mathrm{HBr}}_{(\mathrm g)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle{{\mathrm{SO}}_2}_{(\mathrm g)}+{{\mathrm{Br}}_2}_{(\mathrm g)}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\8{\mathrm{HI}}_{(\mathrm g)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\;\xrightarrow\triangle{\mathrm H}_2{\mathrm S}_{(\mathrm g)}+4{{\mathrm I}_2}_{(\mathrm g)}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm{NaI}}_{(\mathrm s)}+\text{සා.}\;{\mathrm H}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}\xrightarrow\triangle{\mathrm{HI}}_{(\mathrm g)}+{{\mathrm{NaHSO}}_4}_{(\mathrm{aq})}\end{array}

 

 

 

  1. H2SO4 හි විජලකාරක ගුණය
    • සා. H2SO4 අම්ලය H2O කෙරෙහි අධික ලැදියාවක් දක්වන හෙයින් එයට සංයෝගවලින් ජලය ඇද ගැනීමේ හැකියාවක් ඇත.

{\mathrm H}_2{\mathrm{SO}}_4+{\mathrm H}_2\mathrm O\rightarrow{\mathrm H}_2{\mathrm{SO}}_4.{\mathrm H}_2\mathrm O

    • ග්ලූකෝස්(C6H12O6) හෝ සුක්‍රෝස්(C12H22O11) යන කාබෝහයිඩ්‍රේට සමඟ සමඟ ප්‍රතික්‍රියා කර කළු පැහැති කාබන් ඉතුරු කරයි.

\begin{array}{l}{\mathrm C}_6{\mathrm H}_{12}{{\mathrm O}_6}_{(\mathrm s)}\xrightarrow{{\mathrm H}_2{\mathrm{SO}}_4}6{\mathrm C}_{(\mathrm s)}+6{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\{\mathrm C}_2{\mathrm H}_5{\mathrm{OH}}_{(\mathrm l)}\xrightarrow{{\mathrm H}_2{\mathrm{SO}}_4}{\mathrm C}_2{{\mathrm H}_4}_{(\mathrm g)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

වැඩිදුර අධ්‍යනයට , 

 

 

 

 

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.